නේටෝ පුහුණු සැසියක් සඳහා F35 සුපිරි ස්ටෙල්ත් යානා දෙකක් බල්ගේරියාවට යැවීමට ඇමරිකන් ගුවන් හමුදාව කටයුතු කොට තිබේ. නේටෝ හමුදාවලට අලුත්ම ඇමරිකන් යානා පිලිබඳව දැනුමක් ලබාදීම සඳහා මෙලෙස යුරෝපීය රටවල පුහුණු සැසි සඳහා F35 යානා, නියමුවන් හා කාර්මිකයින් යැවීම සිදුවේ.
එමෙන්ම යුරෝපීය ගුවන්හමුදා යානා සමග ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය දැනුම හා සම්බන්ධීකරණ හැකියාවන් දියුණු කරගැනීමද තවත් එක් අරමුණකි.
මීට පෙර මෙම යානා බ්‍රිතාන්‍යයේ ලේක් හීත් ගුවන් කඳවුරේදී රාජකීය බ්‍රිතාන්‍ය ගුවන්හමුදාව සමග පුහුණුවීම් සිදුකල අතර, බල්ගේරියාවෙන් පසු එස්තෝනියාව බලා යනු ඇත. මෙම පුහුණු සැසි නේටෝ සංවිධානය හා යුරෝපීය ප්‍රජාවගේ අනුග්‍රහයෙන් සිදුවේ.
__________________________________________________________________________

Comments
Post a Comment