ඇමරිකාවේ MIT විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් ගොඩනැගිල්ලක් මුද්‍රණය කල හැකි ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. මෙම තාක්ෂණය ගොඩනැගිලි සෑදීමේ විප්ලවීය වෙනසකට මගපාදනු ඇතැයි විචාරකයින් පවසනවා. කෙසේ වෙතත් ගොඩනැගිලි චීන සමාගම 2005සිට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතා කොට තිබෙනවා. එහෙත් සම්පූර්ණ ගොඩනැගිල්ලක් පාදමේ සිට නොනවත්වා ත්‍රිමාණ ලෙස මුද්‍රණය කිරීම මෙම එම්.අයි.ටී ත්‍රිමාණ ගොඩනැගිලි මුද්‍රණ යන්ත්‍රයේ විශේෂත්වයයි.
Digital Construction Platform ලෙස හඳුන්වන මෙම ත්‍රිමාණ මුද්‍රණ පද්ධතියේ නිර්මාපකයා හා ප්‍රධාන පර්යේෂකයා ලෙස කටයුතු කරන්නේ එම්.අයි.ටී විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු ශිෂ්‍යයෙකු වන ස්ටීවන් කීටින්. කීටින් පවසන අන්දමට මෙම පද්ධතියේ ඇති රොබෝ හස්තයට බිම සකස්කිරීම හා අවට පරිසරයේ ඇති පස් භාවිතා කරගෙන ගොඩනැගිල්ලක සැකිල්ල මුද්‍රණය කරන්න පුලුවන්.
රූපයේ පෙනෙන බුම්බුලාකාර (dome shape) හැඩැති ගොඩනැගිල්ල නිමවීමට මෙම මුද්‍රණය් යන්ත්‍රයට පැය 14ක් ගතවී තිබෙනවා. කීටින් පවසන අන්දමට ගොඩනැගිලි සෑදීමේ තාක්ෂණයේ මූලික වෙනස්කමක් වසර 100කින් වත් සිදුවී නෑ. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කලද අද ගොඩනැගිලි තනන්නේත් මීට වසර 100කට පෙර ගොඩනැගිලි සෑදූ ආකාරයටමයි. එහෙත් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයට මෙය වෙනස් කිරීමට හැකියි.
මෙම පද්ධතියේ අවසාන අරමුණ වන්නේ ඕනෑම පරිසරයක ස්වභාවිකව ඇති අයිස්, වැලි හෝ පස් වැනි අමුද්‍රව්‍ය යොදාගෙන ඉතා ඉක්මණින් අඩු වියදමකින් ගොඩනැගිලි තැනීමයි. ගොඩනැගිලි සෑදීමට ඉතා දුශ්කර ඇන්ටාර්ටිකාව වැනි ප්‍රදේශවල පමණක් නොව සඳ මත හෝ අඟහරු ලොව මත ගොඩනැගිල්ලක් තැනීමට මෙම පද්ධතිය ලෙහෙසියෙන් අනුවර්තනය කරගත හැකියි.
__________________________________________________________________________

Comments
Post a Comment