NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : බෙන්තර කඩොලාන පරිසර පද්ධතියේ සවාරියක් යමු!




NOTE : THIS VIDEOS WAS SHOT BY ME IN APRIL 2017 - REPOSTED ON 25 JANUARY 2026

බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම ප්‍රදේශයෙනි. එහි හේකොක්‌ කඳුවැටියේ අඩි 2167 ක්‌ පමණ උසකින් බෙන්තර ගංගාවේ ආරම්භය සිදුවේ. එතැන් පටන් සැතපුම් 18 ක්‌ පුරා ගලාඑන නදිය අප ගංගා කිහිපයකට බෙදී ගලායයි.

බේරුවල, බෙන්තොට, හිනිදුම, නියාගම, ඇල්පිටිය, වලල්ලාවිට වැනි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස කිහිපයක්‌ ඇසුරේ නදිය ගලා බසී. අනෙකුත් ගංගා හා සන්සන්දනයේදී බෙන්තර ගඟ සුවිශේෂතා කිහිපයක්‌ දරයි. කඩොලාන ශාක ගොමුවලින් පොහොසත් වීමත්, අලංකාර දූපත් රැසකින් සමන්විත වීමත් ඒවා අතර වේ.

ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන කඩොලාන විශේෂ 23 ක්‌ අතරින් මල් කඩොල්, රත් කඩොල්, මහ කඩොල්, හීන් කඩොල් යන විශේෂ හතර මෙහිදී සුළභව හමුවේ. එසේම ජලජ කුරුල්ලන්ගෙන් හා කිඹුලන්ගෙන්ද බෙන්තර ගඟට අඩුවක්‌ නැත.

දෙද්දුවි විල නැතහොත් තෙත්බිම බෙන්තර ගඟට අයත් වේ. මෙහි විශාලත්වය අක්‌කර 500 ක්‌ පමණ වේ. ඒ ආශ්‍රිතව මිදෙල්ල දූව, බලිව දූව, රැපියෙල් දූව, සොහොන් දූව, අජපල දූව ලෙස දූපත් පහකි. මෙම දූපත් හා ගංගාවේ කඩොල් "උමං මාර්ග" සංචාරකයන්ට මෙහි අපූරු අත්දැකීම් ලබා දේ. ගඟ දෙපස වැඩෙන ගිං පොල්, කැරන්, කෙකටිය, මිදැල්ල, හාල්පන්, හීන්පන්, හම්බුපන්, වැට කෙයියා විශේෂ ගඟට සුන්දරත්වයක්‌ එකතු කරන අතර අනෙකුත් ජීවීන්ට වාසස්‌ථාන සපයයිs.

ලෝකයෙහි කඩොලාන විශේෂ 55 ක්‌ සොයාගෙන ඇත. ඉන් 29 ක්‌ ශ්‍රී ලංකාවේ කඩොලාන වපසරිය වන හෙක්‌ටයාර් 10000 - 12000 අතර වැඩෙති. මුළු භූමි ප්‍රමාණයෙන් අප රටේ කඩොලාන වැඩෙනුයේ 0.1% කට අඩු භූමි ප්‍රමාණයක වේ. එසේම පරිසර විද්‍යාඥයකු වන ටොම්ලින්සන් 1986 දී කළ විද්‍යාත්මක අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල වලට අනුව කඩොලාන ශාක ප්‍රජාව දළ වශයෙන් කුල 16-24 ක්‌ ලෙස ද ඒවායේ විශේෂ 54-75 ක්‌ අතර පවතින බවත් සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ කඩොලාන ගැන කතා කිරීමේදී ප්‍රදේශ කිහිපයක්‌ ප්‍රධාන වන අතර පුත්තලම, මීගමුව, බේරුවල, හම්බන්තොට, බලපිටිය වැනි ප්‍රදේශ ඒ අතර වේ. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ කල්පිටිය කලපුව ප්‍රධාන කඩොලාන වැඩෙන ප්‍රදේශයකි, කල්පිටිය කලපුව තුළ කඩොලාන වැඩීම අතර සත්‍ය කඩොලාන විශේෂ 15 ක්‌ දැකිය හැකිය. කඩු ඉකිලිය, හීන් කඩොල් හෙවත් ඇවරි කඩොල්, මණ්‌ඩ, මල් කඩොල්, පුංකණ්‌ඩ, තෙල කීරිය හෙවත් කීරිය, ඇටුන හෙවත් හෝ මැදිරිය, බෑරිය, මුහුදු වරා, මහ කඩොල්, කලු කඩොල්, ගල් කිරළ, කිරළ, මුට්‌ටි කඩොල් එම සත්‍ය කඩොල් විශේෂ වේ. මෙහි වැඩෙන කඩොල් ආශ්‍රිත ශාක විශේෂ 12 ක්‌ තිබේ. කැරන්කොකු, දොඹ, ගොඩකඳුරු, වල්ගුරේන්ඳ හෙවත් ගුරේන්ඳ, කලවැල්, වල් බෙලි, හීන් මිදි, ගංසූරිය එම විශේෂ ලෙස හඳුන්වාදිය හැකිය.

මීට අමතරව කඩොලාන ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 400 ක්‌ පමණ දිවි ගෙවති. තවත් බොහෝ අපෘශ්ඨවංශී විශේෂ ද සිය ජීවන චක්‍රය මුළුමනින්ම හෝ ඉන් කොටසක්‌ ආවරණය කර ගැනීම සඳහා කඩොලාන පරිසර පද්ධතිය මත යෑපේ. ඇතැම් මත්ස්‍ය වර්ග සිය සුහුඹුල් කාලය මුහුදේ ජීවත්වී ලාබාල අවධියේ පෝෂණය සඳහා කඩොලාන වනාන්තර වෙත පැමිණෙති. කඩොලාන ආශ්‍රිත ගංගා මෝය තුළ, නිම්න තුළ කුඩා කාබනික අංශු පතුලේ තැන්පත්වේ. ඒවා ජලජ ජීවීන්ගේ ආහාර බවට පත්ව ඇත. විශේෂයෙන් කුණිස්‌සෝ, ඉස්‌සෝ, බෙල්ලෝ හා කකුළුවෝ ඒ ආහාර ලබා වැඩී පසුව විශාල මත්ස්‍යයින්ගේ ගොදුරු බවට පත්වෙති. ජලජ ජීවීන්ගෙන් 60% ක්‌ පමණ ජීවිතයේ යම් අවස්‌ථාවක්‌ කඩොලාන වනාන්තර තුළ දිවි ගෙවති. අපගේ මිරිදිය ධීවර කර්මාන්තකරුවන්ට මෙම කඩොලාන විශාල සේවාවක්‌ ඉටුකිරීමට සමත් වන්නේ එලෙසිනි.

Comments