NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

MILITARY TECH: How Iran blocked StarLink! | ඉරානය ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවය අවහිර කලේ කොහොමද?

 


2026 ජනවාරි මුල් භාගයේ සිට ඉරානය පුරා ඇරඹුණු දැවැන්ත විරෝධතා සහ පූර්ණ අන්තර්ජාල විසන්ධිය හමුවේ, ස්ටාර්ලින්ක් (Starlink) සේවාව අවහිර කිරීමට ඉරානය පියවර ගෙන ඇත. ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉතා දියුණු මට්ටමේ විද්‍යුත් යුධ ක්‍රමවේද (Electronic Warfare Techniques) කිහිපයක එකතුවක් භාවිතා කරන බවට වාර්තා තිබෙනවා. 

අවහිර කිරීමට හෝ බාධා කිරීමට (jamming) අපහසු බවට ඊලෝන් මස්ක් පවා සහතික වී තිබුනු ස්ටාර්ලින්ක් සේවාව අවහිර කිරීමට ඉරාණය සමත්වීම ඇමරිකාවේ දැඩි විමතියට හේතුවී තිබෙනවා.

මේ සඳහා ඉරාණයට චීනයෙන් හෝ රුසියාවෙන් අධිතාක්ෂණික අවහිරකිරීමේ තාක්ෂණයන් (advanced jamming technology) ලැබී ඇති බවටයි පෙන්ටගනය සැක කරන්නේ.

ඉරානය ස්ටාර්ලින්ක් (Starlink) අවහිර කරන ප්‍රධාන ක්‍රමවේද

  1. GPS සංඥා අවහිර කිරීම සහ ව්‍යාජ සංඥා නිකුත් කිරීම : ස්ටාර්ලින්ක් පාරිභෝගික පර්යන්ත (Dish Terminals, ඒවායේ නිවැරදි පිහිටීම සහ දිශානතිය තීරණය කිරීම සඳහා GPS සංඥා භාවිතා කරනවා. ඉන්පසුව, එහි ඇති 'ෆේස්ඩ් ඇරේ' (Phased-array) ඇන්ටෙනාව මඟින් ඉලෙක්ට්‍රොනිකව සංඥා මෙහෙයවා, කිලෝමීටර් 550ක් පමණ උසින් ගමන් කරන Starlink Low Earth Orbit චන්ද්‍රිකා සමග සබඳතාවය ඇති කර ගන්නවා. ඉරාණය විසින් ඉතාමත් දැඩි ලෙස ඉරාණය පුරාම ජීපීඑස් සංඥා අවහිර කිරීම් හා වැරදි ස්ථාන පෙන්වන ජී.පී.එස් සංඥා නිකුත් කිරීම (GPS Spoofing) මගින් ස්ටාර් ලින්ක් ගොඩබිම් ටර්මිනල් වලට, ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා සමග ස්ථාවර සබඳතා ඇතිකර ගැනීම අපහසු කර තිබෙනවා. වාර්තා වන අන්දමට, මෙය ඉතා සාර්ථකවී ඇති අතර බලපෑමට ලක්වූ ප්‍රදේශවල ස්ටාර්ලින් අන්තර් ජාල  දත්ත පැකට් අහිමිවීමේ අනුපාතය (Packet loss rates) 30% සිට 80% දක්වා ඉතා ඉහළ මට්ටමක පවතින බව ඉරාණයෙන් වාර්තා වෙනවා.

  2. ස්ටාර්ලින්ක් සංඛ්‍යාත  අවහිර කිරීම් ("විද්‍යුත් පලිහ")

    චන්ද්‍රිකා සන්නිවේදන සංඛ්‍යාතයන්ට බාධා පැමිණවීම සඳහා ඉරානය විසින් යුධ හමුදා මට්ටමේ උසස් ජෑමර් (Jammers) පද්ධති යොදවා තිබෙනවා. 

    • Ku-band (12–18 GHz): චන්ද්‍රිකාවේ සිට පර්යන්තය වෙත දත්ත ගලා එන සංඛ්‍යාත පරාසය (Downlink) අවහිර කිරීම

    • Ka-band (26–40 GHz): පර්යන්තයේ සිට චන්ද්‍රිකාව වෙත දත්ත යොමු කරන සංඛ්‍යාත පරාසය (Uplink) අවහිර කිරීම

    මීට අමතරව, පද්ධති යාවත්කාලීන කිරීම් සහ දත්ත සමකාලීනකරණය (Synchronization) සඳහා භාවිත වන 'ටෙලිමෙට්‍රි' (Telemetry) සංඛ්‍යාත පරාසයන් ද මෙහිදී අවහිර කර තිබෙනවා.

    ඉරාණයේ ප්‍රධාන නගර වන ටෙහෙරානය ඇතුලු ජනාකීර්ණ නගර කේන්ද්‍ර කරගනිමින් මෙම active frequency jamming සිදුවෙනවා.

මෙම බාධා කිරීම්වලට (Jamming) ඔරොත්තු දීම සඳහා SpaceX සමාගම සිය පර්යන්ත (Terminals) වෙත නව මෘදුකාංග යාවත්කාලීන කිරීම් හඳුන්වා දී ඇතත්, ඉරානය විසින් ක්‍රියාත්මක කරන GPS සහ රේඩියෝ සංඛ්‍යාත (RF) බාධා කිරීම්වල එකතුව මේ දක්වා ඉතා සාර්ථක වී ඇති බව දැන ගන්නට තිබෙනවා.


Comments