NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

BREAKING NEWS! Loud explosions heard in the capital of Venezuela


  1. US President Donald Trump has ordered strikes on sites inside Venezuela, including military facilities, US officials tell the BBC's US partner CBS News
  2. Explosions have been heard as smoke rises above the capital Caracas 
  3. Venezuela's government rejects and denounces US military aggression

වෙනිසියුලාවේ යුද හමුදා මධ්‍යස්ථාන ඇතුළු ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බීබීසී (BBC) පුවත් සේවයේ ඇමරිකානු සහකරු වන සීබීඑස් (CBS) පුවත් සේවය වෙත එරට නිලධාරීන් මේ බව තහවුරු කර තිබේ.

ප්‍රහාරයත් සමඟ වෙනිසියුලා අගනුවර වන කරකස් (Caracas) නගරයෙන් දැවැන්ත පිපිරුම් හඬවල් ඇසී ඇති අතර, නගරය පුරා දුම් වලාවන් මතුවන අයුරු දක්නට ලැබෙන බව වාර්තා වේ.

මෙම හමුදාමය ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින වෙනිසියුලා රජය, මෙය ඇමරිකාව විසින් සිදු කරන ලද අත්තනෝමතික ආක්‍රමණයක් ලෙස හඳුන්වමින් එය ප්‍රතික්ෂේප කර සිටියි.

ඇමරිකානු හමුදා ප්‍රහාරයත් සමඟ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolás Maduro) විසින් මුළු රට පුරාම බලපැවැත්වෙන පරිදි 'බාහිර කලබලකාරී හදිසි තත්ත්වයක්' (State of external commotion) ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අදාළ නියෝගයට ඔහු මේ වන විටත් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

එසේම, රටේ සියලුම ජාතික ආරක්ෂක සැලසුම් "සුදුසු වේලාවට සහ සුදුසු තත්ත්වයන් යටතේ" ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.

ඇමරිකාව විසින් එල්ල කරන ලද මෙම "අධිරාජ්‍යවාදී ප්‍රහාරය" හෙළා දකින ලෙසත්, රටේ සියලුම සමාජ හා දේශපාලන බලවේග වහාම ක්‍රියාත්මක වී ඊට එරෙහිව ජනතාව ඒකරාශී කරන ලෙසත් වෙනිසියුලා රජය නිල වශයෙන් ඉල්ලා සිටියි.

Comments