NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

STRANGER THINGS SEASON 5: The link to Philadelphia Experiment of 1943 | ස්ට්‍රේන්ජර් තින්ග්ස් අවසානය කුප්‍රකට ෆිලඩෙල්ෆියා පර්යේෂණයට ඈදෙන හැටි


What is Philadelphia Experiment of 1943?

ෆිලඩෙල්ෆියා පරීක්ෂණය කියන්නේ 1943 දී ඇමරිකානු නාවික හමුදාව රහසිගතව කළා කියන මෙහෙයුමක්. මේකේ ප්‍රධාන අරමුණ වුණේ යූ.එස්.එස්. එල්ඩ්‍රිජ් කියන යුද නැව සතුරු රේඩාර් වලට අහුනොවන විදිහට 'අදෘශ්‍යමාන' කරන එක. සමහර වාර්තා වලට අනුව නම් මේ නැව ඇස් පනාපිටම අතුරුදන් වෙලා තියෙනවා. ඇල්බට් අයින්ස්ටයින්ගේ  Unified Field Theory කල්පිතයට අනුකූලව සිදුකලා කියන මේ පරීක්ෂණය අදටත් ලෝකයේ ප්‍රසිද්ධම කුමන්ත්‍රණ පුවතක් විදිහටයි සැලකෙන්නේ

වාර්තා වල හැටියට, මේ නැව කොළ පැහැති මීදුමකින් වැසී ගොස් තිබෙනවා. ඒ එක්කම ෆිලඩෙල්ෆියා වල තිබුණු නෞකාව ක්ෂණිකව සැතපුම් 200ක් ඈතින් පිහිටි නෝර්ෆොක්, වර්ජිනියා වරායට ටෙලිපෝර්ට් වී තිබෙනවා. එහේ හිටපු අයටත් මේක ටික වෙලාවකට පෙනිලා තියෙනවා. හැබැයි මේ අත්හදා බැලීම නිසා නැවේ හිටපු පිරිසට දරුණු විපාක වලට මුහුණ දෙන්න වුණා. වමනය සහ උමතු ගතිය වගේම, සමහරුන්ගේ ශරීර නැවේ කොටස් වලටම එකතු වෙලා අතිශය අවාසනාවන්ත විදිහට මියගොස් සිටි බවයි කියවෙන්නේ

Young Henry Creel and the Man with the Briefcase

"ස්ට්‍රේන්ජර් තින්ග්ස් (Stranger Things) අවසාන  'The Rightside Up' කථාංගයේ හෙන්රි ක්‍රීල්ගේ අතීතය ගැන අපූරු ආපසු හැරී බැලීමක් අපිට දකින්න ලැබෙනවා. එහිදී ළමා අවධියේ බාලදක්ෂයෙකු ලෙස හෙන්රි ක්‍රීල් නිවෙසට මදක් ඈතින් තිබූ ගුහා සංකීර්ණයක ඇවිදින්නට යාමේදී හමුවු බ්‍රීෆ් කේස් එකක් රැගත්, දැඩිලෙස තුවාලවූ පුද්ගලයෙකු හා සම්බන්ධ සිදුවීමක් පෙන්වනවා.

එම පුද්ගලයා විද්‍යාඥයෙකු ලෙස පෙනී සිටි රුසියානු ඔත්තුකරුවෙක් වූ ඔහු, නෙවාඩා ප්‍රාන්තයේ අතිශය රහසිගත හමුදා පර්යේෂණාගාරයකට අනුයුක්තව සේවකරමින්, කෙසේ හෝ එහි විද්‍යාගාරයකි අත්භූත පදාර්ථ කොටසක් සොරාගෙන තිබෙනවා. එහිදී ආරක්ෂක අංශවලින් වෙඩි තැබීමෙන් දැඩි ලෙස තුවාල වූ ඔහු කෙසේ හෝ හෙන්රි ක්‍රීල්ගේ නිවස අසල ගුහා සංකීර්ණයට පැමිණ සැඟවී සිටියදීයි මෙම හමුවීම සිදුවුනේ.

තුවාලවී සිහිවිකල්ව සිටින රුසියානු ඔත්තුකරුවා, දරුවෙකු වුවත්  හෙන්රි ගැන සැකසිතා ඔහුට වෙඩි තබන අතර හෙන්රි ඔහුට ගලකින් පහරදී මරා දමනවා.

මියගිය පුද්ගලයා සතුව තිබූ බ්‍රීෆ් කේස් එකේ ඇත්තේ මොනවාදැයි බැලීමට එය විවරකල හෙන් රිට එය තුල තිබූ, දිලිසෙන මැණික් කැටයක් මෙන් පෙනුන පදාර්ථ කුට්ටියක් දකින්නට ලැබෙනවා.

එය අතට ගත්විය එය හෙන්රිගේ අත තුලට කිඳාබැස ඔහුගේ සිරුරට එක්වන අතර හෙන්රි සතු අත්භූත චෛතිසික බලය ඔහුට ලැබෙන්නේ ඒ මගින් බව පෙන්වනවා.

Where did the exotic matter come from?

අවසන් කථාංගයේ, මෙම අත්භූත පදාර්තය මෙලොවට පැමිණෙන්නේ කෙසේදැයි පැහැදිලි නොකලත්, ස්ට්‍රේන්ජර් තින්ග්ස් නිර්මාතෲ ඩෆර් සොයුරන් එය විවිධ සම්මුඛ සාකච්ඡාවලදී පැහැදිලි කර තිබෙනවා.

එම විස්තරයට අනුව ඇමරිකන් විද්‍යාඥයින්ට මෙම අත්භූත පදාර්තය ලැබෙන්නේ ෆිලඩෙල්ෆියා පරීක්ෂණයේ අතුරුපලයක් විධියට.

එම පරීක්ෂණය අතර තුර ඩයිමෙන්ෂන් X නම් අත්භූත ග්‍රහලෝකයේ සිටින මයින්ඩ්-ෆ්ලේයර් නමින් හඳුන්වන විශාල චෛතිසික බලයක් සහිත ජීවියෙකුගේ සිරුරේ කොටසක්  ෆිලඩෙල්ෆියා පර්යේෂණයේදී සිදුවන මාන පැලුමකදී (dimensional rift) USS එල්ඩ්‍රිජ් නෞකාවේ පාරභූත වෙනවා.

එය නෙවාඩාවේ පර්යේෂණාගාරයකට ගෙන ගොස් පර්යේෂණ සිදුකරද්දී එහි රහසින් සේවය කල රුසියානු ඔත්තුකරුවෙක් එය සොරාගෙන රුසියාවට පලායන්නට උත්සහ කරන අතරතුරයි දෛවෝපගත ලෙස හෙන්රි ක්‍රීල්ට හමුවෙන්නේ.

ඩයිමෙන්ෂන් X හි සිටින මයින්ඩ් ෆ්ලේයර් හා චෛතිසිකව සම්බන්ධ වන හෙන්රි ක්‍රීල්, මයින්ඩ් ෆ්ලේයර්ගේ බලපෑමට යටත්ව ක්‍රමයෙන් සිය බලය උපයෝගීකර ගෙන සිදුකරන වෛරී ක්‍රීයා අතරතුර සිය පවුලම මරාදැමීමෙන් පසුයි ඔහු ආචාර්ය බ්‍රෙනර්ගේ පර්යේෂණා ගාරයට ගෙන යන්නේ.

Brenner and Philadelphia Experiment

ඩෆර් සොයුරන්ගේ පසුබිම් පැහැදිලි කිරීම්වලට අනුව ආචාර්ය බ්‍රෙනර්ගේ පියා ෆිලඩෙල්ෆියා පර්යේෂණයේ විශාල භූමිකාවක් කල විද්‍යාඥයෙක්. පියාගේ අඩිපාරේ යමින් අධිමානසික බලයක් ඇති දරුවන් බිහිකරමින් ඔහු ඩයිමෙන්ෂන් X මානය හා එයට එලෙවන් විසින් පිටුවහල් කල හෙන්රි ක්‍රීල් සොයාමින් සිටින අතරවාරයේදී සිදුවන සිදුවීම් වලින් ස්ට්‍රේන්ජර් තින්ග්ස් පලවෙනි දිගහැරුම (Season 01) ඇරඹෙන්නේ




Comments