මෙම ගිවිසුම යටතේ, Apple සමාගම සිය කෘත්‍රිම බුද්ධි (AI) හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා Google හි 'Gemini' මාදිලි සහ ඊට අදාළ යටිතල පහසුකම් (Cloud computing infrastructure) භාවිතා කරනු ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වඩාත් දියුණු කරන ලද නව 'Siri' සහායක පද්ධතිය බලගැන්වීමයි.
වාර්තාවලට අනුව, Gemini මාදිලි භාවිතා කිරීමේ අවසරය ලබා ගැනීම සඳහා Apple සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ ආයෝජනයක් කිරීමට එකඟ වී තිබෙනවා.
එහිදී Google සමාගම මඟින් AI මාදිලි පමණක් නොව, එම පහසුකම් විශාල පරිශීලක පරාසයක් වෙත ලබා දීමට අවශ්‍ය වන සංකීර්ණ ගණනය කිරීම් සඳහා උපකාරී වන Cloud services ද සපයනු ලබනවා.
නවීකරණය කරන ලද සිරි (Siri) සහායක පද්ධතිය 2026 වසරේ අගභාගයේදී නිල වශයෙන් එළිදැක්වීමට අපේක්ෂිතය. එහි මූලික විශේෂාංග iOS සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහා නිකුත් කරනු ලබන මෘදුකාංග යාවත්කාලීන කිරීම් (Software updates) හරහා පරිශීලකයින් වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
Comments
Post a Comment