NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

MILITARY TECH: China’s New J-35 Stealth Fighter Is Getting So Many Upgrades It Will Now Fly Until 2050


Shenyang ගුවන්යානා නිෂ්පාදන සමාගම සිය J 35 Stealth ප්‍රහාරක යානයේ  මාදිලි දෙකක් වන, ගොඩබිම පදනම් කරගත් J-35A සහ ගුවන්යානා ප්‍රවාහන නෞකා සඳහා වන J-35B යානාවල පියාසර පරීක්ෂණ සාර්ථකව අවසන් කර තිබෙන බව චීනයෙන් වාර්තා වෙනවා. J-35B යානය 'ෆූජියෑන්' (Fujian) නෞකාවේ ඇති විද්‍යුත් චුම්බක ත්වරණ පද්ධතිය (Electromagnetic Catapults) සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද රෝද සඳහා චීන නාවික හමුදාවේ තාක්ෂණික කමිටුවලින් අනුමැතිය ලබාගෙන තිබෙනවා. මේ අනුව J-35 යානා 2050 වන තෙක්ම චීන හමුදාවලට සේවය සපයනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

චීන ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලිය හැකි බහුවිධ ප්‍රහාරක යානයක් ලෙස J-35 යානය විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව නාවික හමුදා සේවයේ පවතින J-15T මාදිලිය මෙන්ම, චීන ගුවන් හමුදාව සතු පැරණි Chengdu J-10C යානා ද ඉදිරියේදී මෙම නව යානය මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය.

Comments