NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

SOCIAL MEDIA: Elon to release full source code of the X recommendation algorithm


X (Twitter) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක්, එම සමාජ මාධ්‍ය ජාලයේ අන්තර්ගතයන් නිර්දේශ කරන පද්ධතියේ (Recommendation algorithm) සම්පූර්ණ මූලාශ්‍ර කේත (Source code), 2026 ජනවාරි 17 වන දින ප්‍රසිද්ධියට පත් කරන බව මෑතකදී නිවේදනය කළා.

පරිශීලකයින්ගේ "For You" පෝෂකය තුළ දිස්වන ස්වාභාවික අන්තර්ගතයන් මෙන්ම වෙළඳ දැන්වීම් තීරණය කරනු ලබන මෙම ඇල්ගොරිතමයේ මූලික තර්කනය සහ ක්‍රියාකාරීත්වය මින් ඉදිරියට ඕනෑම අයෙකුට අධ්‍යයනය කළ හැකි වනු ඇතැයි ඊලෝන් පවසනවා.

යුරෝපා රටවල්වලින් X ප්ලැට්ෆෝමය හරහා විවිධ විශමාචාර හා වැරදි තොරතුරු පරිශීලකයින්ට යොමුවීමත්, ඒවා වැලැක්වීමට පියවර නොගැනීමත් පිලිබඳව චෝදනා කරමින් අති විශාල දඩ පැණවීම් මෙන්ම X ප්ලැට්ෆෝමය හා ග්‍රොක් AI (Grok AI) පද්ධතිය යුරෝපයේ තහනම් කිරීමට සාකච්ඡා කරන අතරතුරයි ඊලෝන් මෙම තීරණය ගත්තේ.

අනාවරණය කිරීමේ විෂය පථය: මෙම අනාවරණයට අන්තර්ගතයන් නිර්දේශ කිරීමේ ක්‍රියාවලියට අදාළ සෑම කේත පේළියක්ම ඇතුළත් වන අතර, ඒ හරහා පරිශීලක සහභාගීත්වය (Engagement), අදාළත්වය (Relevance) සහ අනෙකුත් මිනුම් දඬු මත පදනම්ව ඇල්ගොරිතමය මඟින් පෝස්ට් ඇගයීමට ලක් කරන, වර්ගීකරණය කරන සහ තෝරාගනු ලබන ආකාරය පිළිබඳව පූර්ණ විනිවිදභාවයක් ලබා දෙනවා.

අඛණ්ඩ යාවත්කාලීන කිරීම්: මූලික නිකුතුවෙන් පසුව, සෑම සති හතරකට වරක්ම යාවත්කාලීන කරන ලද ඇල්ගොරිතමය නැවත නිකුත් කිරීමට X සමාගම බලාපොරොත්තු වෙනවා. එහිදී සිදුවන ඕනෑම වෙනස්කමක් පැහැදිලි කෙරෙන සවිස්තරාත්මක ඉංජිනේරු සටහන් ද (Engineering notes) ඊට ඇතුළත් කරනු ඇත. පද්ධතිය පරිණාමය වන විට එහි අඛණ්ඩ විනිවිදභාවය පවත්වා ගැනීම මෙම පුනරාවර්තන ක්‍රියාවලියේ අරමුණයි.

Comments