වෙහෙසකර වැඩ සතියකින් පසු සති අන්තයේ ටිකක් වැඩිපුර නිදා ගන්න, අලසව ඉන්න අපි කවුරුත් කැමතියි. වැඩට යන්න පාන්දර 5ටවත් නැගිටින අපි, සති අන්තෙ 7 වෙනකම් වත් නිදාගන්න ආස එක පුදුමයක් නෙමෙයි.
අපි විතරක් නෙමේ හැම රටකම එහෙමයි. සමහර දියුණු රටවල නීති දාලා තියෙනවා සති අන්තයේ උදේ 8-9 පහුවෙනකම් තණකොල කපන මැෂින් වගේ අහල පහල අයගේ නින්දට බාදා වෙන ශබ්ද එන වැඩ පටන් ගැනීම තහනම් කියලා. ඒ සතියම මහන්සිවෙලා වැඩකරන මිනිස්සුන්ට ටිකක් වැඩිපුර නිදාගන්න ඉඩ දෙන්න.
කොහොම වුනත් මිනිස්සුන්ගේ සති අන්ත දින චර්යාවන් හා ඒවා ඔවුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන පර්යේෂණ කරන විද්‍යාඥයෝ කියනවා, සති අන්තේ දින චර්යාව ඉතාමත් අලස ලෙස සකස්කරලා තියෙන අයගෙ සෞඛ්‍යයට ඒ හැසිරීම බාධාවක් කියලා. ඔවුන් කියන විධියට සති අන්තයේදීත්, සතියෙ දිනවල වගේම උදෙන් නැගිටලා ක්‍රියාශිලී වන අයගේ නිරෝගීභාවය වැඩියි.
සති අන්තය ප්‍රීතියෙන් ගත කරන්න අමාරුවෙන් හරි හදාගන්න ඕනෙ පුරුදු කිහිපයක්
(1) කරන්න අමාරුම දෙයක් - ඒත් සෙනසුරාදා, ඉරිදා වැඩිපුර නිදාගන්න එපා
සෙනසුරාදට, ඉරිදට වැඩිපුර නිදාගන්න එක, වෙහෙසකර සතීයේ දිනවල රාත්‍රියේ නින්ද හොඳින් නොලැබීමට හේතුවෙනවලු. ඒ, අපගේ ශරීරවල තියෙන ස්වභාවික ජීවන රිද්මය (circadian rhythm) සති අන්තයේ වැඩිපුර නිදාගැනීමෙන් අවුල්වෙන නිසාලු. එතකොට සතියේ දිනවල නින්දයන්න ගතවෙන වෙලා වැඩිවෙලා අවදිවෙන්න පරක්කු වෙන්න ඉඩතියෙනවලු. ඒනිසා සතිය, සති අන්තය බලන්නේ නැතුව, හැමදෑම එකම වෙලාවට නැගිටින්න පුරුදු වෙන්නලු. නැගිටලා ටිකක් එලියේ එහා මෙහා ඇවිදලා විවේකෙන් හිටියට කමක් නැ, වැඩට දුවන්න නැති නිසා.
(2) සෙනසුරාදා හා ඉරිදා දවස් දෙකේවත්, හොඳට දාඩිය දාන විදියට කඩිසරව ඇවිදීම, බයිසිකල් පැදීම වගේ ව්‍යායාමයක් අඩුම ගානේ විනාඩි 45කට වැඩියෙන් කරන්න
ව්‍යායාම කරන්න. අඩුම ගනනේ සති අන්තයේ වත් ව්‍යායාම කරන අය, අඩු වයසෙන්, බෝ නොවන රෝග වලින් මිය යාම, එම කිසිම ව්‍යායමයක් නොකරන අයට වඩා අඩුයිලු. ඒ නිසා ටිකක් දාඩිය දාන්න පැයක් වත් වේගෙන් ඇවිදින්නා. චැට් දදා ලැසි ගමනින් පැය ගාණක් ඇවිද්දත් එතරම් වැඩක් නැති බවත් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා.
(3) සමාජශීලී වෙලා සැහැල්ලුවෙන් ගත කරන්න - හැබැයි අධික ලෙස මත්පැන් පානය ඉතාමත් නරකයි
සති අන්තයේ සමාජශීලීව, මිතුරන් සමග විනෝදයෙන් ගත කරන අය ආයෙත් වැඩට යන්නේ, තනිවම සති අන්තය ගතකරපු අයට වඩා ප්‍රබෝධයෙන්, හොඳ මානසිකත්වයකින් කියලා. රැකියාවේ ප්‍රශ්ණ ගෙදර දොර ගැටලු අමතක කරලා සැහැල්ලුවෙන් හිතවත් අය සමග සිටීම මානසික සෞඛ්‍යයට ගොඩක් හිතකරයිලු.

Comments
Post a Comment