NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

MOTOR SPORTS : Land Rover Defender shines in the opening stage of 2026 Dakar Endurance Rally | 2026 ඩකාර් රැලියට ඩිෆෙන්ඩර් රථවලින් සුපිරි ආරම්භයක්

මෙවර FIA-FIM World Rally-Raid Championship (W2RC) ක්‍රීඩා පිටියේ උණුසුම වැඩිකරමින් ආරම්භ වූ 2026 ඩකාර් රැලියේ පළමු අදියරේදීම සිය අණසක පැතිරවීමට ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථ සමත් වුණා. එහිදී තම කාණ්ඩයේ මුල් ස්ථාන තුනම අත්පත් කරගනිමින් ඔවුන් මෙම තරඟ වාරය ආරම්භ කළේ කාගේත් අවධානය දිනාගනිමින්.

1978 වසරේ ආරම්භ වූ දා සිටම, ලොව දුෂ්කරම රැලිය ලෙස නමක් දිනාගැනීමට ඩකාර් රැලිය දැඩි වෙහෙසක් ගෙන තිබෙනවා. මුලින්ම ප්‍රංශයේ පැරිස් නුවර සිට සෙනගාලයේ ඩකාර් දක්වා පැවැත්වුණු මෙම off-road, endurance තරඟාවලිය, දැන් සෞදි අරාබි  රාජ්‍යය තුල පැවැත්වෙනවා.

මෙවර පැවැත්වෙන්නේ ඩකාර් රැලියේ 48 වන අදියරයි. කෙලින්ම සිරස් අතට ඉහළට තියෙන වැලි කඳු, මඩ ගොහොරු වගේම ටයර් කැපී යන රළු ගල් සහිත මාර්ග මෙවර තරඟයට ඇතුළත්. මේ සියල්ල මැදින් කිලෝමීටර් 8,000ක් ගෙවලා ජනවාරි 17 වෙනිදා වෙනකම් තරඟයේ රැඳී සිටින එක, මෝටර් රථවලට මෙන්ම ඒවායේ ධාවකයින්ටත් අතිවිශාල අභියෝගයක්.

මෙවර ඩකාර් රැලිය සඳහා ඩිෆෙන්ඩර් කණ්ඩායම ඉදිරිපත් වුණේ 'Stock Car' කාණ්ඩයෙන්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ෂෝරූම් එකෙන් මිලදී ගන්න තියෙන Defender වාහන මාදිලියක්ම තමයි තරඟයට ඉදිරිපත් කරලා තියෙන්නෙත්. 

FIA නීති අනුව මේවට කරන්න පුළුවන් වෙනස්කම් හරිම සීමිතයි. තරඟයට යොදාගන්න Defender Dakar D7X-R රථයේ තියෙන්නෙත් Defender OCTA මාදිලියේ එන 4.4-litre V8 එන්ජිමමයි. එහි ගියර් පද්ධතිය, බොඩි එක සහ චැසිය පවා සාමාන්‍ය වාහනයක වගෙමයි. වෙනස් වෙලා තියෙන්නේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය විශාල වශයෙන් වැඩි කිරීමත්, high endurance සස්පෙන්ෂන් පද්ධතියක් එකතු කිරීමත් අණතුරකදී රියදුරන් ආරක්ෂා කරන්න FIA නියාමන වලට අනුකූලව ඇතුලත් කරපු safety cage / roll cage එකත් විතරයි.

මෙවර ඩකාර් තරඟයට ඉදිරිපත් වුනු ඩිෆෙන්ඩර් කණ්ඩායමේ තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ ඇමරිකානු ජාතික කාන්තා මෝටර් රථ ධාවන ශූරී සේරා ප්‍රයිස් ඩිෆෙන්ඩර් කණ්ඩායමේ ප්‍රධාන ධාවකයෙකු ලෙස ඉදිරිපත් වීමයි.



Comments