
සෙවුම් ප්‍රතිපල තමන්ට වාසි ආකාරයට වෙනස් කොට සිය ගූගල් ෂොපිං සේවාවේ භාණ්ඩ සෙවුම් ප්‍රතිපල වල ඉහලට ඔසවා පාරිභෝගිකයින්ට පාඩුවන ලෙස ක්‍රියාකලේ යයි යුරෝපා සංගමය ගූගල් සමාගමට ඩොලර් බිලියන 2.7ක මුදලක් දඩ ලෙස ගෙවන මෙන් නියෝග කරා.
සෙවුම් යන්ත්‍ර සේවාවේ ඒකාධිකාරී බලයක් ඇති ගූගල් මෙලෙස ක්‍රියා කිරීම යුරෝපා සංගමයේ සාධාරණ තරඟකාරීත්ව මූළධර්ම උල්ලංඝණය කිරීමක් බවයි පැවසෙන්නේ. තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවට ගූගල් සමාගම ප්‍රකාශකලා.
මීට පෙර යුරෝපා සංගමය මයික්‍රොසොෆ්ට්, ඉන්ටෙල්, ක්වල්කොම්, ඇපල් හා ෆේස්බුක් යන සමාගම්වලටද සාධාරණ තරඟකාරිත්ව මූළධර්ම උල්ලංඝණය කිරීමට දඩ ගසා තිබෙනවා.
__________________________________________________________________________

Comments
Post a Comment