ටොන් 65,000ක් බර, පවුම් බිලියන 3ක් වටින අතිනවීන F-35 ස්ටෙල්ත් යානා 40ක් හා හෙලිකොප්ටර් යානා ගෙනයා හැකි රාජකීය නාවික හමුදාවේ විශාලතම ගුවන්යානා ගෙනයන නෞකාව අද (ජූනි 26) දියත් කෙරුනා. එලිසබෙත් මහරැජිණියගේ අනුග්‍රහය නිසා ක්වීන් එලිසබෙත් යයි බෞතීස්ම කර ඇති මෙම විශාල නෞකාව බ්‍රිතාන්‍යයේ පාවෙන ගුවන් කඳවුර ලෙසත් විචාරකයින් හඳුන්වනවා.
දිගින් මීටර් 280ක් වන ක්වීන් එලිසබෙත් නෞකාව බරින් දෙවැනි වන්නේ ඇමරිකාවේ සද්දන්ත නිමිට්ස් ගුවන්යානා නෞකාවට පමණයි. නාවිකයින් හා නාවික ගුවන්බළකායේ නිළධාරීන් ඇතුලු 1600ක පිරිසක් ගෙනයා හැකි ක්වීන් එලිසබත් නෞකාව දින 45ක් සාගරයේ ගමන්කල හැකි ලෙසට ආහාරපාන තොග ගෙනයනවා.
පැයට කිලෝමීටර් 45ක උපරිම වේගයකින්, කිලෝමීටර් 19,000ක් ගමන්කල හැකි ක්වීන් එලිසබෙත් නෞකාව බලගැන්වෙන්නේ අතිවිශාල රෝල්ස් රොයිස් ට්‍රෙන්ට් ගෑස් ටර්බයින් දෙකකින්. මෙම එන්ජින් වලින් ජනනය වන බලය එකක් අඩි 22ක් විශාල හා ටොන් 33ක් බර පාජක දෙකක් වෙත යොමුකරනවා,
අතිනවීන රේඩාර්, ස්වයංක්‍රීය මැෂින් තුවක්කු හා මිසයිල වලින් සමන්විත මෙහි රේඩාර් පද්ධතියට සැතපුම් 200ක් ඈතින් ඇති කුඩා ඩ්‍රෝන යානා පවා හසුකරගත හැකි සියුම් රේඩාර් යන්ත්‍රවලින්ද සමන්විතය.
__________________________________________________________________________

Comments
Post a Comment