ELECTRIC CAR TECHNOLOGY : Top Gear ෂෝ එකේ Richard Hammond අතින් කුඩුපට්ටම් වුනු සුපිරි ඉලෙක්ට්‍රික් කාරය
රිචර්ඩ් හැමන්ඩ් බී.බී.සී ටෙලිවිෂන් සේවාවේ ඉතාමත්ම ජනප්‍රිය මෝටර් රථ විශේෂාංගය වූ ටොප් ගියර් වැඩසටහන ඉදිරිපත්කල තිදෙනාගෙන් එක් අයෙකි. ජෙරමි ක්ලාර්ක්සන් හා ජේම්ස් මේ සමග වසර ගණනාවක් බී.බී.සී ටොප් ගියර් වැඩසටහන මෙහෙයවූ අතර එය බ්‍රිතාන්‍යයේ මෙන්ම වෙනත් රටවලත් ඉතාම ජනප්‍රිය මෝටර් රථ වැඩසටහනක් විය. පසුව ඇතිවූ අර්බුදයක් මත තිදෙනාම බී.බී.සියෙන් ඉවත්වූ අතර දැන් ඔවුන් තිදෙනා ඇමසන් ප්‍රයිම් ඩිජිටල් ටෙලිවිෂන් සේවාව වෙනුවෙන් "ද ග්‍රෑන්ඩ් ටුවර්" නම් මෝටර් රථ වැඩසටහනක් ඉදිරිපත් කරනවා.
විවිධ සුපිරි කාර් රථ අධිවේගයෙන් ධාවනය කරමින් ඒවායේ විවිධ හැකියාවන් සාකච්ඡාවට බඳුන් කරන ග්‍රෑන්ඩ් ටුවර් වැඩසටහන වෙනුවෙන් ඊයේ ස්විට්සර්ලන්තයේ සිදුකල රූ ගත කිරීමකදී රිචර්ඩ් හැමන්ඩ් පැදවූ රිමැක් කොන්සෙප්ට් වන් නම් අධිවෙගී සුපිරි ඉලෙක්ට්‍රික් කාරය පෙරලී ගිණිබත් වුනා. වාසනාවකට දණහිසේ බිඳිමක් හැරුණුවිට වෙනත් අණතුරක් නොවූ හැමන්ඩ් රථය ගිණිගැනීමට පෙර ඉන් ඉවතට පැමිණියා.
හැමන්ඩ් පැදවූ Rimac Concept One ඉලෙක්ට්‍රික් සුපිරි කාරය දැවී අලූවී ගොස් තිබූ අයුරු |
ග්‍රෑන්ඩ් ටුවර් නිෂ්පාදකයින් මාධ්‍ය වෙත පවසා සිටියේ හැමන්ඩ් කාරයෙන් එලියට පැනගැනීමට තව තත්පර කිහිපයක් ප්‍රමාදවූවානම් ගිණි ගන්නා රථයේ සිරවී බිහිසුණු මරණයකට ගොදුරුවීමට හැමන්ඩ්ට සිදුවනු ඇති බවයි.
ස්විටසර්ලන්තයේ ප්‍රතිකාර ලබන හැමන්ඩ් සිය බිඳුනු දණහිසේ X කිරණ ඡායාරූපය සමග |
Rimac Concept One
Rimac Concept One ඉලෙක්ට්‍රික් සුපිරි කාරය ක්‍රොඒෂියාවේ රිමැක් ඔටෝමොබිලි සමාගමේ නිෂ්පාදනයකි. දොර දෙකේ කූපේ මාදිලියේ රථයක් වන මෙය කිලෝමීටර් 500ක් එක ආරෝපණයකින් ධාවනය කල හැකි කිලෝවොට් 82ක Lithium Nickel Manganese Cobalt Oxide තාක්ෂණයේ බැටරියකින් සමන්විතය. රෝද හතරටම වෙන වෙනම මෝටර් 4ක් ඇති අතර එම රෝධ රථයේ ධාවනට අනුකුලව පරිගණක යන්ත්‍රයක් මගින් මෙහෙයවයි.
තත්පර 2.7කින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ලඟාකරගත හැකි කොන්සෙප්ට් වන් කාරයේ මිල ඩොලර් 980,000කි.
2011 ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් රථ ප්‍රදර්ශණයේදී ලොවට හඳුන්වාදුන් කොන්සෙප්ට් වන් කාරය 2015 වන තෙක්ම ලොව බලසම්පන්නම ඉලෙක්ට්‍රික් සුපිරි කාරය ලෙස කිරුළ දිනාගෙන සිටියේය. කොන්සෙප්ට් වන් රථයට අශ්වබල 1225ක ජවයක් උපදවිය හැකි අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 355කි. ඇලූමිනියම් හා කාබන් ෆයිබර් වලින් රථයේ චැසිය හා බඳ සකස්වී ඇත.
මෝටර් 4කින් රෝද හතරට වෙන වෙනම ජවය සැපයිය හැකි නිසා රථයේ පාලනය Torque Vectoring තාක්ෂණයෙන් සිදුවන අතර Traction Control, ABS ආදී තාක්ෂණයන් ගෙන් සමන්විතය. කැලිපර් 6, වෙන්ටිලේටඩ් ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් ඉදිරිපස රෝදවලටද කැලිපර් 4 ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් පසුපස රෝදවලටද ලබාදී ඇත.
__________________________________________________________________________

Comments
Post a Comment