ඊයේ (ජූනි 9) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සැම්සුන්ග් සමාගම සුපිරි ගේමිං මොනිටර් මාදිලි කිහිපයක් හඳුන්වා දුන්නා. මෙහි විශාලතම මොනිටරය අඟල් 49ක් දිග ඩබල් Hඪ් මොනිටරයයි. වක්‍රවූ තිරයක් (curved display) සමගින් එන මෙය QLED නම් අලුත්ම LED මොනිටර් තාක්ෂණයෙන් නිමැවූවක්.
දිග හා පලල 32:9 අනුපාතයෙන් නිමැවී ඇති මෙම මොනිටරයේ විබේධනය 3,840x1,080 වනවා. සැම්සුන්ග් පවසන අන්දමට මෙම මොනිටර් මාදිලිය වර්ණ බිලියන 1.07ක් පැහැදිලිව පෙන්විය හැකි තරමට තීව්‍රයි.
Quantum Dot LED (QLED) තාක්ෂණය සැම්සුන්ග් සමාගම විසින් 2017 වසරේදී CES ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේදී මුල්වරට හඳුන්වා දුන් අතර මෙහි වර්ණ තිව්‍රතාවය පික්සල් බිලියනයක වඩා වැඩිවනවා. අඟල් 55 සිට අඟල් 100 දක්වා අතිවිශාල LED රූපවාහිණී යන්ත්‍ර නිර්මාණය කිරීමට මෙම තාක්ෂණය ආධාරයෙන් හැකි බවයි සැම්සුන්ග් පවසන්නේ. QLED තාක්ෂණය මගින් දැනටමත් 5K Super Ultra High Definition (SUHD) විබේධනයේ (එනම් 1080p Full HD විබේධනය මෙන් 5ගුණයක විබේධනයක් ඇති ) රූපවාහිණී තිර නිෂ්පාදනය කොට තිබෙනවා.
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment