විශාල අවරපෙති ඇති සුළං බලාගාරවලට ඇති ප්‍රධානම විවේචනය වෙන්නේ ඒවා මගින් පරිසරය අසුන්දර කරන බවත්, පක්ෂීන් එම අවරපෙතිවලට ගැටී මිය යාමට ඇති ඉඩකඩ තිබීමත්. මේ ගැටලුවට පිලියමක් ප්‍රංශයේ නිව් වින්ඩ් නම් සමාගමක් සොයාගෙන තිබෙනවා.
මේ විසඳුම නම් ගසක කොළ මෙන් පෙනෙන කුඩා සුළං ටර්බයින ගණනාවක් ගසක් මෙන් දිස්වන අතුවල සවි කිරීමයි. මෙම මයික්‍රෝ සුලං ටර්බයින ඉතා කුඩා සුළඟකට පවා කරකැවෙන ලෙස නිර්මාණය කොට තිබෙනවා.
එක් ගසකින් කිලෝවොට් 3.1ක පමණ විදුලියක් ජනනය වන බව පර්යේෂණ වලින් පෙනී ගොස් තිබෙනවා. මෙය කුඩා ප්‍රමාණයක් වුවත් මෙවැනි ගස් විශාල ප්‍රමාණයකින් සෑහෙන විදුලියක් නිපදවිය හැකි අතර උද්‍යාන වැනි පොදු අවකාශ අවලස්සන වීමකින් තොරව මෙම ගස් සිටුවිය හැකියි.
සාමාන්‍ය ගසක උසට හා අතුපතර වටප්‍රමාණයට නිපදවා ඇති මෙම මෙම ගසක මයික්‍රෝ ටර්බයින 72ක් පමණ තිබෙනවා. උඩුකුරුව නිමවා ඇති මෙම ටර්බයින කර්කැවෙන විට කිසිදු ශබ්දයක් නැගෙන්නේ නෑ.
__________________________________________________________________________

Comments
Post a Comment