සෝනි සමාගම මෑතකදී ගොනුකල පේටන්ට් බලපත්‍ර ඉල්ලුමකට අනුව ඔවුන් සිවිකාචයක වීඩියෝ කැමරාවක් නිර්මාණය කිරීමට සමත්වී ඇත. එපමණක් නොව එම කැමරාවට පටිගත කල වීඩියෝ ගබඩාකරගෙන නැවතත් සිවිකාචය මතම ප්‍රතිවාදනය කල හැකිය.
පටිගත කිරීම ඇරඹීම, නැවැත්වීම, ප්‍රතිවාදනය හා රෙකෝඩරය නිවාදැමීම ඇසිපිය ගැසීමෙන් සිදුකල හැකිය. සාමාන්‍ය ඇසිපිය ගැසීම හා ඇසිපිය විධානයන් වෙන්කොට හඳුනාගැනීමට කැමරාව සමත්ය. එමෙන්ම ඇසිපිය ගැසීම නිසා වීඩියෝවේ ඇතිවන හිස්තැන් පුරවා දැමීමට මෙන්ම හිස ඇලකොට යමක් දෙස බලනවිට ඇලට පටිගතවන වීඩියෝව කෙලින් ප්‍රතිවාදනය කිරීමටද මෙය සමත් බව පේටන්ට් අයදුම් පතේ සඳහන්වේ.
වීඩියෝ වලට අමතරව මෙම සිවිකාච වලට ඡායාරූප ගැනීමට, ස්වයංක්‍රීයව නාභිගත වීමට (autofocus) හා සූම් කිරීමට මෙන්ම ඇපචරයේ විශාලත්වය වෙනස් කිරීමටද හැකියාව ඇත.
_________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment