2011දී හඳුන්වාදුන් COKE ZERO සන්නාමයෙන් අලෙවිකල සීනි රහිත කොකා කෝලා පානය වෙනුවට අලුතින්ම හඳුන්වාදෙන Coca Cola : No Sugar පානයේ ලෝක ව්‍යාප්ත එලිදැක්වීම් වැඩසටහනේ (world-wide launch) මුල්ම අදියර අද (ජූලි 9) ඔස්ට්‍රේලියාවෙන් ආරම්භවුනා.
සීනි රහිත, එහෙත් රසින් අනූන පානයන් සඳහා ලොව පුරා වේගයෙන් වර්ධනය වන ඉල්ලුම සපුරාලීමේ අරමුණින්, "කෝක් සීරෝ" කැලරි රහිත පානයට වඩා නියම කොකාකෝලා රසින් යුතුවන ලෙස "කොකා-කෝලා නෝ ෂුගර්" පානය නිර්මාණය කල බව කෝකා කෝලා සමාගම පවසනවා.
මේ සඳහා වන පර්යේෂණ 2012 වසරේ ඇරඹූ බවත් විවිධ වට්ටෝරු 18ක පාරිභෝගික ප්‍රතිචාර පරීක්ෂාකොට, 1886දී ජෝන් පෙම්බර්ටන් නිර්මාණය කල නියම කොකා-කෝලා (original coca-cola) පානයේ රසයට හැම අතින්ම සමානවන ලෙස කොකා-කෝලා නෝ ෂුගර් පානයේ වට්ටෝරුව නිපදවා තිබෙනවා.
__________________________________________________________________________

Comments
Post a Comment