Yuri Dolgoruky (K 535) රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීණයකි. බොරෙයි කාණ්ඩයේ විශාල න්‍යෂ්ඨික සබ්මැරීණයක් වන මෙයට අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) 16ක් රැගෙන යා හැකිය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාවලට අනුව නවතම බුලාවා ICBM මිසයිල ගෙනයාමට මෙය නිෂ්පාදනය කොට තිබෙනවා.නිළධාරීන් හා නාවිකයන් 130 රැගෙන යා හැකි මේ සබ්මැරීනය න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන අතර ICBM වලට අමතරව SS N 15 (NATO - Starfish) මාදිලියේ කෲස් මිසයිල 6ක්ද ගෙනයා යැකියි.
කිලෝමීටර් 9300ක පියාසර පරාසයක් ඇති බුලාවා මිසයිලය බාර්නට්ස් මුහුදේ තිබූ සබ්මැරීණයෙන් දියත්කරන ලද අතර එය කිලෝමීටර් 4300ක පරීක්ෂණ පියාසැරිය නිමවා රුසියාවෙ කම්චට්කා ප්‍රදේශයේ ඉලක්කයකට සාර්ථකව පතිතවූ බව වාර්තා වනවා.
__________________________________________________________________________

Comments
Post a Comment