WOW!! : ගුවනේදී උපන් බිළිදාට Jet Airways ගුවන් සමාගමෙන් ජීවිත කාළයටම නොමිලේ ගුවන් ගමන් තෑග්ගක් දෙයි!
ඉන්දියානු පෞද්ගලික ගුවන් සමාගමක් වන ජෙට් එයාවේස් සාමාගමේ ගුවන් යානයක ගමන්කරමින් සිටියදී ඉපදුන බිළිදෙකුට එම සමාගම මගින් ජීවිත කාලයටම නොමිලේ ගුවන් ගමන් යාහැකි ගුවන් ටිකට් පතක් තෑගි ලෙස ලබාදී තිබෙනවා.
සෞදි අරාබියේ සිට ඉන්දියාව බලා පියාසර කරමින් සිටි ගුවන්ගමනක යෙදී සිටියදී මවට විලිරුදා ඇතිවී තිබෙනවා. ගුවන් සේවිකාවන් හා එම ගුවන් ගමනේ යෙදීසිටි මගියෙකු වූ පුහුණු හෙදියක බිළිඳාව ප්‍රසූත කිරීමට උපකාරී වී තිබෙනවා. මව හා බිළිඳා නිරෝගීව පසුවන බවයි ජෙට් එයාවේස් ප්‍රකාශකයෙකු සඳහන් කලේ.
අඩි 35,000ක් (කිලෝමීටර් 10ක්) ඉහල අහසේදී සිදුවූ මේ දරුප්‍රසූතියට උපකාරකල ගුවන් සේවිකාවන්ට හා යානයේ කාර්යමණ්ඩලයට තමන් ස්තූති කරන බව ජෙට් එයාවේස් කළමණාකාරිත්වය පවසා සිටිනවා. ජෙට් එයාවේස් සේවක-සේවිකාවන් තමන් ලබා තිබූ පුහුණුව මෙලස මවගේ හා බිළිඳාගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් යෙදවීම තමන්ට ඉතාමත් සතුටක් බවත් ඔවුන් ප්‍රකාශකරනවා.
මව හා බිලිඳා මුම්බායි ගුවන්තොටුපොලෙන් ගොඩබැස්ස බවයි වාර්තා වන්නේ.
__________________________________________________________________________

Comments
Post a Comment