පසුගිය ජුනි 7 වැනිදා Lockheed Martin සමාගමේ අධිතාක්ෂණික යානා නිර්මාණ අංශය වන Advanced Development Program (Skunk Works) වැදගත් තොරතුරක් හෙලිකලා.එනම් බොහෝ කාලයක සිට වාර්තා වෙමින් පැවති අධිවේගී SR - 71 බ්ලැක්බර්ඩ් ඔත්තු බැලීමේ යානාවේ අනුප්‍රාප්තික SR -72 යානාව සැබැවින්ම නිර්මාණය කරමින් තිබෙන බවයි. ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක් ( 7400 Km/h) තරම් සිතාගත නොහැකි වේගයෙන් මෙම යානාව පියාසර කරනු ඇති අතර එය ඔත්තු බැලීම පමණක් නොව ශූක්ෂ්ම ඉලක්ක ප්‍රහාර එල්ලකිරීම සඳහාද භාවිතා කිරීමට නිර්මාණය වනවා.
නිසල බවේ සිට මක් 6ක අධික වේගයක් දක්වා පියාසර කිරීමට සාමාන්‍ය ජෙට් එන්ජින් වලට නොහැකි අතර මේ සඳහා SR -72 යානාවේ කම්බයින්ඩ්-සයිකල් ජෙට් (Rocket-Based Combined Cycle propulsion system) නම් අලුත් එන්ජින් තාක්ෂණයක් භාවිතා වනවා. අඩු වේගවලදී ජෙට් එන්ජිමක් ලෙසද අධික වේගයන් ලබාගැනීම සඳහා රොකට් එන්ජිමක් ලෙසද ක්‍රියාත්මකවීමට කම්බයින්ඩ් සයිකල් තාක්ෂණයේ එන්ජින් වලට පුලුවන්.
__________________________________________________________________________

Comments
Post a Comment