ඇමරිකන් නාවික හමුදා ගුවන් බළ ඇණියේ නියමුවන් දෙදෙනෙක් අලුත් වැඩක් කරා. ඒ තමන් පදවමින් සිටි ඉලෙක්ට්‍රොණික ප්‍රහාර එල්ලකරන E/A-18 Growler යානාවක එන්ජින් වලින් නිකුත්වන වාෂ්පධාරා (vapor contrails) මගින් වොෂින්ටන් ප්‍රාන්තයේ අහසේ යෝධ පුරුෂ ලිංගයක් ඇඳීමෙන්.
වොෂිංටන් ප්‍රාන්තයේ වැසියන් නාවික හමුදා නියමුවන්ගේ ළාමක, කවට ක්‍රියාව සැහැල්ලුවෙන් භාරගත්තත්, ඇමරිකන් නාවික හමුදා ප්‍රධානීන් නම් බොහෝ සෙයින් කිපී තිබෙනවා. ඇමරිකන් නාවික ගුවන් බළකායේ අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් මයික් ෂූමැකර් ප්‍රකාශයක් නිකුත්කරමින් මෙලෙස සඳහන් කලා.
“The Navy apologizes for this irresponsible and immature act, and anyone who was offended by this unacceptable action,”
[මේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවන් තාවකාලික වැඩතහනමකට ලක්කොට තිබෙන අතර නාවික හමුදාව මේ පිලිබඳව පරික්ෂණයක් පවත්වනවා.
නාවික හමුදාව, සිය සාමාජිකයින් විසින් සිදුකල මේ ළාමක හා වගකීම් රහිත ක්‍රියාවට සමාව අයැද සිටිනවා.]
Comments
Post a Comment