පසුගිය අඟහරුවාදා සිට ලංකාවේ දකුණු වෙරළට ඈතින් ඉන්දියානු සාගරයේ වර්ධනය වෙමින් තිබූ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්, එය ලංකාව වෙතින් බස්නාහිර දෙසට ගමන් කරමින් සිටින බවත් වාර්තා වෙනවා.
"ඔකී" ලෙස නම් කොට ඇති මේ සුළි කුණාටුව ගාල්ලට කිලෝමීටර් 240ක් වයඹ දෙසින් ස්ථානගතවී ඇති බවයි කාළගුණ වෙබ් අඩවි පවසන්නේ. බටහිරට බර වයඹ දෙසට ගමන්කරමින් ඇති මෙහි අනුමාන ගමන්මග ඉහත සජීවීකරණයේ දැක්වෙනවා.
ඔකී කුණාටුව මේ වනවිට වඩාත් ප්‍රභලවී ඇති බැවින් ඉදිරි පැය 24 තුල අතිවිශාල වර්ෂාපතනයක් හා තද සුළං බලාපොරොත්තු විය හැකියි.
කෙසේ වෙතත් එම කුණාටුව ඇතිකරන අඩුපීඩන පද්ධතිය පැයට කිලෝමීටර් 38ක පමණ වේගයකින් අරාබි මුහුද දෙසට ගමන්කරමින් සිටිනවා.

Comments
Post a Comment