PREDICTIONS : බාබු කාලයිල්ගේ සුනාමි අණාවැකිය


බාබු කාලයිල් කේරලයේ වාසය කරන භෞතික විද්‍යාඥයෙකු බව පැවසෙනවා. මෑතකදී ඔහු විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින් දෙසැම්බර් 31වැනිදාට පෙර ඉන්දිය සාගරයේ මහා සුනාම ව්‍යසනයක් ඇතිවන බවත්, ඉන් ඉන්දියාව, ලංකාව වැනි දකුණු ඉන්දීය රටවලට මහත් ව්‍යසනයක් සිදුවන බවත් අනාවැකියක් පවසා සිටියා. ඔහු සඳහන් කල අන්දමට ඔහු මේ සොයා ගැනීම සිදුකර ඇත්තේ ESP හෙවත් Extra Sensory Perception නම් පැරාමනෝවිද්‍යාත්මක (parapsychology) හැකියාව  භාවිතා කරගෙන බවයි ඔහුගේ ලිපියේ පවසන්නේ.

බාබු කලයිල්ගේ මේ අණාවැකිය පිලිගත නොහැකි බව ඉන්දියානු භූ විද්‍යාඥයින් පවසන අතර අණාවැකියක් නම් අඩුම ගණනේ නිවැරදි දිනවකවානු පැවසිය යුතු බවයි. එසේ නොමැතිව දෙසැම්බර් 31 වන තෙක් බාබු පවසන සුනාමි විපත සිදුවන රටවල් 11හේම වෙරළාසන්න ජනයා ඉවත්කර තබාගෙන සිටිය යුතුය. එය කල හැක්කක්ද?

මීට අමතරව, බාබුගේ පෙර අණාවැකි ගැනද බාබුගේ අලුත්ම අණාවැකිය උපුටා දක්වන වෙබ් අඩවි පවසන්නේ ඒවා නිවැරදි බව ඔප්පුවී ඇති බවයි. බාබු ගේ මේ සත්‍යවූ අණාවැකි ගැන ලංකා HIT ගොසිප් වෙබ් අඩවියේ පලව ඇති ලිපියකින් උපුටාගත් අණාවැකි කිහිපයක් ගෙන ඒවායේ සත්‍යාසත්‍ය භාවය විමසා බලමු.

බාබුගේ අණාවැකිය

ආලෝක වර්ෂ 50කට එහා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් ඇතැයි කලායිල් ප්‍රකාශ කළේ 1998 වසරේදීය.
කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්යන්ග්යෝ 2004 වර්ෂයේ එවැන්නක් ඇති බව විද්‍යාත්මක සාධක සහිතව සොයාගත්තේ ය.
අප සොයාගත් දේ

නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂ ව්‍යාපෘතියේ වෙබ් අඩවියට අනුව අප දන්නා ආකාරයේ ජීවය පැවතිය හැකි (habitable) පලමු  ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ 2011 වසරේදීය. ඒ පෘථිවියට ආලෝක වර්ෂ 22ක් ඈතින් ඇති ලෙස නම් කල ග්‍රහලෝකයකි. එවැනි ග්‍රහලෝක 13ක් මේ වනවිට සොයාගෙන ඇති අතර තවත් ග්‍රහලෝක 40ක් පමණ ජීවය පැවැතිය හැකි, මව් සූර්යායාගේ සිට ද්‍රවජලය පැවතිය හැකි ප්‍රදේශයේ (Goldilocks zone) හි ඇති බව සොයාගෙන ඇත.  පෘථිවියට විශාලත්වයෙන් සමාන, එමෙන්ම මව් සූර්යයාගේ සිට ජීවය පැවතිය හැකි ගෝල්ඩිලොක්ස් කළාපයේ පවතින පලමු ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ 2015දී මිස 2004දී නොවේ. එය පෘථිවියේ සිට ආලෝක වර්ශ 561ක් ඈති පිහිටා ඇත.

බාබුගේ අණාවැකිය

අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට 2001 වසරේ අගෝස්තු 2 වැනිදා ඔහු නැවත වරක් අනාවැකියක් කියූ අතර හංගේරියානු විද්යන්ගයන් පිරිසක් ඊට මාස කිහිපයකට පසු ඒ බව තොරතුරු සමඟ වාර්තා කළහ.

අප සොයාගත් දේ

අඟහරුවාමත අතීතයේදී මහා ගංගා තිබූ බවට පලමු සාක්ෂිය ලබා දුන්නේ 1971දී ඇමරිකානුවන් යැවූ මැරිනර් 1 යානයේන් ලැබූ ඡායාරූප සමගයි. මාර්ස් ඔඩෙසි නම් අඟහරුවා වටා කක්ෂගතව තිබෙන පර්යේෂණ යානය සිය නියුට්‍රෝණ හා ගැමා ස්ප්ක්ට්‍රෝමීටර් උපකරණ මගින් අඟහරු පෘෂ්ඨය මත හයිඩ්‍රජන අණු විශාල ලෙස පැතිරී ඇති බවත් මේ හයිඩ්‍රජන් අණු අඟහරු පෘෂ්ඨයේ ඇති අයිස් ස්ඵටිකවල ඇති බවත් තහවුරුවී තිබෙනවා. මේ පර්යේෂණ වාර්තා පලවී ඇත්තේ 2001 වසරේ නොව 2004 වසරේදීයි. 

2011දී නාසා ආයතනයේ දත්ත ඇසුරෙන් පර්යේෂණ වල නිරතුවූ නේපාල ජාතික විශ්වවිද්‍යාල සිසුවෙකු අඟහරුවාගේ සමහර ප්‍රදේශවල ග්‍රීෂ්ම කාලයට වෑස්සෙන ජලය වැනි ද්‍රාවණයක් පිලිබඳ ඡායාරූප තොරතුරු සොයා ගත්තා. දැන් තහවුරුවී ඇති අන්දමට මෙලෙස වෑස්සෙන්නේ අධිසාන්ද්‍ර ලවණ ද්‍රාවණයක්. මෙහි ජලයද අඩංගුවිය හැකි බවටයි අනුමාන වෙන්නේ.

මීට අමතරව අඟහරුවාගේ ධ්‍රැව අයිස් තට්ටුවල මිදුනු කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව මිදුන ජලයද අඩංගුවන බව විශ්වාස කෙරෙනවා.2017 වසරේදී අඟහරුවාගේ පෘෂ්ඨයේ පස් තට්ටුවලට යටින් මිදුනු අයිස් තට්ටු තිබිය හැකි බවට සාධක හමුවී තිබෙනවා.

බාබුගේ අණාවැකිය

සෙනසුරුගේ චන්ද්‍රයන් 10ක් අතරින් එකක් වන ටයිටන් හි විදුලි කෙටීම් සිදුවන බව ඔහු 2004 වසරේ ඔක්තෝම්බර් මස ප්‍රකාශ කර තිබු අතර 2005 ජනවාරි 16 වැනිදා එය තහවුරු විය.

අප සොයාගත් දේ

විකිපීඩියාවේ "Climate of Titan" ලිපියට අනුව ටයිටන් චන්ද්‍රයා මත අකුණු ගැසීම් දකින්නට නැත. එහෙත් එවැනි අකුණු ගැසීම සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනාවැකි පලකරනවා.


අපි කියන්නේ බාබු මහත්තයා හොරෙක් හෝ වංචාකාරයෙක් කියා නොවයි. අපහැදිලි අනාවැකි වලින් කල හැකි දෙයක් නැති බව හා ගතහැකි ප්‍රයෝජනයක් නැති බවයි. 

ඒවගේම ෆේස් බුකියේ හා බ්ලොග්වල ඉන්න අයට කියන්නේ, කුණාටුවක් ආපු පලියට මේ වගේ අණාවැකි වලට බයවෙලා කළබල වෙන්න එපා කියලයි. කුණාටුවකයි, සුනාමියකයි වෙනස දන්නවානේ



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. Ethakota lankawa kiyanne south indian rtaktha mn baluwa tv eke digatama tamil film yankota rata wikunalawatha kiyala

    ReplyDelete

Post a Comment