2016 අවුරුද්දේ ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය නැතිනම් GDP එක ලෙස වාර්තා වෙන්නේ ඩොලර් බිලියන 81ක්. ඒ කියන්නේ ලංකාවේ නුපුහුණු කම්කරුවාගෙනි ඉඳන් පරිගණක ඉන්ජිනේරුවා, ස්නායු ශල්‍ය වෛද්‍යවරයා, කෝටිපති ව්‍යාපාරිකයා දක්වා සියලුම දෙනා එකතුවෙලා 2016 අවුරුද්ද පුරාම නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා වල එකතුව ඩොලර් බිලියන 81.
ලංකාවේ එහෙම වෙනකොට චීනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ජැක් මා ආරම්භකල අන්තර්ජාල ෂොපිං වෙබ් අඩවිය වන අලිබාබා.කොම් අඩවිය ඊයේ, එනම් 2017.11.11 සිදුකල Singles Day 2017 අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේදී චීන යුවාන් බිලියන 168.2 එනම් ඇමරිකන් ඩොලර් බිලියන 25ක භාණ්ඩ විකුණලා තියෙනවා.
මේ මිළදීගැනීම් වැඩිහරියක් චීන ජාතිකයින් විසින් කරලා තියෙනවා. 90%ක් ගණුදෙනු ජංගම දුරකථන හරහා වෙලා තියෙනවා. වාර්තාවෙන විධියට තත්පරයකට ගණුදෙනු 256,000ක් වගේ විශාල ප්‍රමාණයක් සිදුවෙලා තියෙනවා.අලිබාබා ප්‍රකාශකයෙක් කියන විධියට චීනය පුරා ජීවත්වන මිලියන 300ක් පමණ වන මධ්‍යමපාංතිකයින්ගේ මිළදීගැනීමේ හැකියාවන් වේගයෙන් වර්ධනය වීම මේ අලෙවේ වාර්තාවට හේතුවෙලා තියෙනවා.
Comments
Post a Comment