ARE U SERIOUS? : මුම්බායි කෝච්චියක් ඩ්‍රයිවර් දාලා තනිවම යයි! ඩ්‍රයිවර් බයික් එකකින් කෝච්චිය පස්සේ පන්නයි!
ඉන්දියාවෙන් විතරක්ම කාලෙන් කාලෙට අහන්න ලැබෙන අපූරු සිදුවීමක් ඉන්ඩියන් බිස්නස් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තාකරලා තිබුණා. චෙන්නායි ඉඳන් මුම්බායි බලා එන මුම්බායි මේල් කෝච්චිය කර්නාටක ප්‍රාන්තයේ එක් ස්ටේෂමක නතරකරලා.
ඩ්‍රයිවර් උන්නැහේ පොඩි බ්‍රේක් එකකට එලියට බැහැලා. ටිකක් වෙලා යනකොට මෙන්න බොලේ මුම්බායි මේල් කෝච්චිය තනිවම යන්ඩ යනවා ඩ්‍රයිවර්වත් දාලා.
ඩ්‍රයිවර් අංකල්ට හෑන්ඩ් බ්‍රේක් ගහන්න අමතක වෙලා වෙන්ඩැති. කොහොම හරි ස්ටේෂන් එකේ කට්ටිය ඉදිරියෙන් ඇති ස්ටේෂන් වලට තනියම එන මුම්බායි මේල් කෝච්චිය ගැන දැනුවත් කරලා ට්‍රැක් එක ක්ලියර් කරලා තියන්න කියලා උපදෙස් දීලා.
ඔය අතරේ ස්ටේෂන් මාස්ටර් එයාගෙ බයික් එකේ කෝච්චි ඩ්‍රයිවර්වත් නග්ගගෙන කෝච්චිය පස්සේ පන්නන්න පටන් ගත්තා. කොහොම හරි කිලෝමීටර් 13ක් විතර පන්නලා පන්නලා අමාරුවෙන් ඩ්‍රයිවර් කෝච්චියට නැගගෙන තමයි නවත්තගෙන තියෙන්නේ.
මේ වගේ පට්ට ආතල් නිවුස් ... ඔන්ලි ෆ්‍රොම් ඉන්ඩියාහ්.... :D

Comments
Post a Comment