TECHNOLOGY : ඇපලෝ සඳ-යානාවල ෆ්ලයිට් සොෆ්ට්වෙයා ලියූ තරුණිය Girl who wrote Flight Sofware for the Apollo Space Programme
![]() |
| Margeret inside Lunar Command Module testing software |
1936 වසරේ උපත ලැබූ මාගරට් හැමිල්ටන්, 1958 දී අර්ල්හැම් විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධියක් ලබා ගත්තාය. ඇය 1959 දී සිය පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ Massachusetts Institute of Technology (MIT) හි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනි. එහිදී ඇය එඩ්වඩ් ලෝරන්ස් වෙනුවෙන් කාලගුණ අනාවැකි පළ කිරීමේ මෘදුකාංග නිර්මාණය කළ අතර, ඒවා මුල්කාලීන 'චාඕස් නියාය' (Chaos Theory) සඳහා බෙහෙවින් බලපෑවේය.
1961 දී, ඇය SAGE ගුවන් ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා මෘදුකාංග ලිවීමට MIT Lincoln Lab හා සම්බන්ධ වූවාය. Norad SAGE ව්‍යාපෘතිය යටතේ, සතුරු ගුවන් යානා හඳුනා ගැනීම සඳහා ඇමරිකානු ගුවන් හමුදාව භාවිතා කළ AN/FSQ-7 (XD-1) මූලාකෘති පරිගණකය සඳහා ඇය මෘදුකාංග නිර්මාණය කළාය. මේ කාලය තුළ, එකල අලුත් මෙන්ම එතරම් ගවේෂණය කර නොතිබූ සංකල්පයක් වූ 'මෘදුකාංග විශ්වසනීයත්වය - Software Reliability' පිළිබඳව ඇයගේ අවධානය යොමු වෙමින් තිබුණා.
1965 දී, නාසා හි ඇපලෝ වැඩසටහන සඳහා එම්.අයි.ටී. උපකරණ රසායනාගාරය ( The Instrumentation Lab at MIT) විසින් බඳවා ගන්නා ලද පළමු ක්‍රමලේඛකයා (programmer) සහ පළමු කාන්තා ක්‍රමලේඛකයා ලෙස ඇය එකතු වූවාය. ගගනගාමීන් නොමැති ස්වයංක්‍රීය (uncrewed) අභ්‍යවකාශ මෙහෙයුම්වලින් සිය රාජකාරිය ඇරඹූ ඇය, ඉක්මනින්ම ගගනගාමීන් ගෙනයන (crewed) මෙහෙයුම් සඳහා වන අභ්‍යවකාෂ යානා අභ්‍යන්තර මෘදුකාංග (internal space flight software) සංවර්ධන කණ්ඩායමේ නායකත්වයට උසස්වීම් ලැබුවාය.
![]() |
| Printed copy of Applo flight software created by Margaret Hamilton and her team at MIT |
ඒ අනුව, 1968 වන විට ඇය 'කමාන්ඩ් ඇන්ඩ් සර්විස් මොඩියුල්' කණ්ඩායම සහ මෘදුකාංග කාර්ය මණ්ඩලය 400 කට වැඩි පිරිසක් මෙහෙයවන සහකාර අධ්‍යක්ෂවරිය බවට පත්වූවාය.
ඇපලෝ ව්‍යාපෘතියේ සේවය අතරතුර, ආරක්ෂණ ක්‍රමලේඛනය (defensive programming) සහ ප්‍රමුඛතා පදනම් කරගත් මෘදුකාංග (priority-driven software) වැනි සංකල්ප හඳුන්වා දීමට මාගරට් මුල් වූවාය.
මිනිස් අතින් සිදුවිය හැකි වැරදි පිළිබඳව ඇය කළ අනතුරු ඇඟවීම් මුලදී නොසලකා හරිනු ලැබුවද, ඇපලෝ 8 මෙහෙයුමේදී ගගනගාමියෙකු අතින් සිදුවූ අත්වැරැද්දකින් මධ්‍ය-ගුවන් ගමනේදී දත්ත මකා දැමීමක් සිදු වූ විට, එය යථා තත්ත්වයට පත් කිරීමට ඇගේ කණ්ඩායමට සිදු විය. එමගින් පරිශීලක අත්වැරදිවලින් ආරක්ෂා වීමේ පද්ධතිවල අවශ්‍යතාව තහවුරු විය. ඇගේ මෙම සේවාව ඇපලෝ 11 චන්ද්‍ර ගොඩබෑම් මෙහෙයුමේදී ඉතා තීරණාත්මක විය. එනම්, ඇය නිර්මාණය කළ ප්‍රමුඛතා පදනම් කරගත් මෘදුකාංගය මගින් පද්ධතියේ අධික කාර්යභාරය (system overloads) සාර්ථකව පාලනය කරමින්, මෙහෙයුම සුරක්ෂිතව ඉදිරියට ගෙන යාමට මග පාදා දුන්නේය.


Comments
Post a Comment