MILITARY TECHNOLOGY: ඇමරිකන් හමුදාවලට ජාන ඉන්ජිනේරුකරණය කල සුනඛයින් | US Military to get genetically modified war-dogs
ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්රයේ නව start-up සමාගමක් වන Warhound සමාගමේ නිර්මාතෲවරුන් වන්නේ ඇමරිකාවේ ආරක්ෂක හා ජෛව තාක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ පුද්ගලයින් දෙදෙනෙක්.
Anduril Industries හි සම-නිර්මාතෘ හා මිලිටරි තාක්ෂණ ක්ෂේත්රයේ විප්ලවකාරී නිර්මාපකයෙකු ලෙස නමක් දිනාගෙන සිටින Palmer Luckey සහ Colossal Biosciences හි සම-නිර්මාතෘ හා ප්රධාන විධායක නිලධාරී Ben Lamm මේ සමාගම බිහිකර තිබෙනවා.
Ben Lamm මේ වනවිටත් මීට වසර 13,000කට පෙර වඳවී ගිය විශාල වෘක ප්රබේධයක් වන Dire Wolf (Aenocyon dirus) නම් වෘකයා ජාන ඉංජිනේරු තාක්ෂණය හරහා සාර්ථකව නැවත බිහිකිරීමේ ව්යාපෘතියෙන් ලෝක කීර්තියට පාත්රවී සිටින පුද්ගලයායි.
Warhound සමාගමේ ප්රධාන විධායක නිලධාරියා වන්නේ එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් විධානයේ හිටපු ප්රධාන දත්ත නිලධාරී David Spirk ය. Sequoia, 8VC, Corner Ventures සහ CIA ආයතනයට සම්බන්ධ In-Q-Tel වැනි ආයෝජකයින්ගේ සහාය ඇති Warhound හි අරමුණ වන්නේ ඇමරිකාවේ සටන් හා ආරක්ෂක කේෂ්ත්රවල සුනඛ සැපයුම දේශීයව නැවත ගොඩනැගීමයි. දැනට ඇමරිකානු හමුදාව භාවිතා කරන සේවා සුනඛයන්ගෙන් 80% කට වඩා යුරෝපයෙන් ආනය කරන බැවිනුත්, මේ සුනඛ ප්රබේධ සඳහා ලොව රටවල් ගණනාවකින් විශාල ඉල්ලුමක් ඇති නිසාත්, ඇමරිකාව සිය යුධ-සුනඛ සැපයුම දේශීය කරගැනීම ඉතා වැදගත් ලෙස සලකනවා.
Lamm පවසන පරිදි, සුනඛයන්ගේ සෞඛ්යය හා දීර්ඝායුෂ වැඩි කිරීම සහ වේගය හා කඩිසර බව, බෝම්බ හඳුනාගැනීම සඳහා ඝ්රාණ සංවේදක වැඩිදියුණු කිරීම ජාන ඉන්ජිනේරු තාක්ෂණය හරහා කරගත හැකියි.
එමගින් දැනට 50% ක් පමණ වන පුහුණුව අසාර්ථක වීමේ අනුපාතය 10% ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට සමාගම බලාපොරොත්තු වෙනවා.
Warhound සමාගම මෙම යුධ-සුනඛයින් සඳහා Anduril ආයතනයෙන් ලැබෙන දෘඩාංග තාක්ෂණය නිසයි. සුනඛයන් තනිවම මෙහෙයුම් සඳහා යැවීම වෙනුවට, දත්ත සංවේදක සහිත ආරක්ෂිත ඇඳුම් කට්ටල, කන් හා ඇස් ආවරණ සහ EagleEye නමැති කෘත්රිම බුද්ධියෙන් ක්රියා කරන හෙල්මට්ස මඟ ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ අනුව සුනඛයා හා මෙහෙයවන්නා එකම පද්ධතියකට සම්බන්ධවන අතර සුනඛයා දකින හෝ සංවේදනය කරනදෑ ක්ෂණයකින්ම මෙහෙයවන්නාටද පෙනෙන නිසා මිනිස්-සුනඛ කණ්ඩායමේ කාර්යසාධනය ඉහල දමා, මෙහෙයවන්නා හා සුනඛයා යන දෙපොලම ආරක්ෂා කරගැනීමට හැකිවෙනවා.


Comments
Post a Comment