NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

UFO / EXTRATERRESTRIAL : කාළවර්ණ ත්‍රිකෝණාකාර අභිරහස් යානයක් ඇමරිකන් කඳවුරු ඉහලින්

Artist Rendering (Source: X Platform)

2026 ඔක්තෝබර් 23 වන දින යුද දෙපාර්තමේන්තුව (Department of War) විසින් නිකුත් කරන ලද Unidentified Areal Phenomina පර්යේෂණ සහ වාර්තා එකතුවෙහි (PURSUE) හත්වන කොටස PDF ලේඛන 28 කින් සමන්විත වෙනවා.

මෙම අලුත්ම රහස්‍ය තොරතුරු නිකුතුවේ සඳහන් එක් කරුණක් පුවත් මැවීමට සමත්ව තිබෙනවා. එනම් පැයට කිලෝමීටර් 1800ක පමණ වේගයෙන් පියාසරකල කළුපැහැති, අභිරහස් ත්‍රිකෝණාකාර යානයක සටහනයි.

එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ පිහිටි රහසිගත යුධ කඳවුරක් ඉහලින් 2026 ජූනි මාසයේදී නිරීක්ෂණයවූ මේ අත්භූත යානය පිලිබඳව සටන් ගොනු දෙකකමට අඩංගුවී තිබෙනවා. පිටු තුනකින් යුත් AARO (All-domain Anomaly Resolution Office) වාර්තාව වන DOW-UAP-D176 සහ නිරීක්ෂණය කළ ෆෙඩරල් නිලධාරීන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක් සහ භූමි ප්‍රදේශයේ ඡායාරූප ඇතුළත් පිටු 11 කින් යුත් FBI-UAP-D043 නැමැති FD-302 සම්මුඛ පරීක්ෂණ වාර්තාව මේ වාර්තා දෙකයි.

පැහැදිලි එන්ජින්, වායු ඇතුළු වන මාර්ග, පාලක මතුපිටවල් හෝ නියමු කුටියක් නොමැති, අඳුරු කළු පැහැති, ආලෝකය පරාවර්තනය නොවන, පෘෂ්ඨය සුමට වූ ත්‍රිකෝණාකාර වස්තුවක් ගැන මෙම වාර්තා දෙකෙහිම විස්තර වෙනවා. 

කඳු වැටියක වූ ගස් සමග සංසන්දනය කර බලන විට එහි පියාපත් පරතරය අඩි 13 සිට 15 දක්වා ද, දිග අඩි 6 සිට 9 දක්වා ද, ඝනකම අඩි 1 සිට 2 දක්වා ද වන බවට අනුමාන කර ඇති අතර FD-302 වාර්තාවේ එහි දිග අඩි 9 සිට 15 දක්වා වන බව දක්වා ඇත. එය සැතපුම් 1.4 සිට 3.2 දක්වා දුරින් පිහිටි අතර, එහි තාප සංඥාව ගුවන් යානා රාමුව පුරා එක හා සමානව පැවති අතර කිසිදු උණුසුම් ස්ථානයක් හෝ දුමාරයක් දක්නට නොලැබුණි. 

එසේම කිසිදු ශබ්දයක් ද වාර්තා නොවූ අතර, කුඩා ඩ්‍රෝන යානයකින් පවා ඒ දුරින් ශබ්දයක් නිකුත් වන බැවින් මෙය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස නිරීක්ෂණය කල නිළධාරීන් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීමේ ප්‍රධාන තොරතුරු සම්බන්ධයෙන් ලේඛන දෙක අතර නොගැලපීම් පවතී. AARO වාර්තාවට අනුව මෙම සිදුවීම ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 8:23 ට සිදුවී ඇති අතර, තත්පර 30 ක පමණ කාලයක් අදියර තුනකින් ක්‍රියාත්මක වී ඇත — එනම් අඩි 200 සිට 300 දක්වා ඉහළට නැගීම සඳහා තත්පර 10 ක් ද, එකවර නතර වී අහසේ රැඳී සිටීම සඳහා තත්පර 20 ක් ද, කඳුවැටිය දෙසට පහතට ගමන් කිරීම සඳහා තත්පර 2 සිට 3 දක්වා කාලයක් ලෙස නිරීක්ෂණය වූ අදියර තුනයි.

පසුදින උදෑසන සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී කිසිදු සුන්බුන් කොටසක් හෝ භූමියට සිදු වූ හානියක් දක්නට ලැබී නොමැති බැවින් යානය කඩාවැටීමක් සිදුනොවූ බව වාර්තාවී තිබෙනවා. නමුත් නිලධාරීන්ගේම ප්‍රකාශය වන FD-302 වාර්තාවට අනුව මෙම සිදුවීම පස්වරු 7:03 ට පමණ සිදුවී ඇති අතර, අහසේ රැඳී සිටීමකින් තොරව සමස්ත ක්‍රියාවලියම සිදුවීමට ගතවී ඇත්තේ තත්පර 3 ක පමණ කාලයකි. ඒ අනුව නිරීක්ෂණ වාර්තා දෙකෙහි පැහැදිලි වෙනස්කම් විශ්ලේෂකයින් සටහන් කර තිබෙනවා.

දෙවෙනි වාර්තාවට අනුව වස්තුව සිරස් අතට ඉහළට නැග, වහාම තිරස් ගමනට මාරු වී අධික වේගයෙන් නිරීක්ෂකයන් දෙසට පැමිණ ගිනිකොන දෙසට පහත බැස ඇති බවයි. තවද අඳුරු ත්‍රිකෝණාකාර සලකුණක් සහිත භූමි ප්‍රදේශයක ඡායාරූප ද ඊට ඇතුළත් වේ. 

කෙසේ වෙතත් මෙම නිරීක්ෂණ දෙකම පුද්ගල නිරීක්ෂණ වන අතර රේඩාර් සටහන් හෝ වීඩියෝ දර්ශණ පටිගතවීම් සිදුවී නෑ.එමෙන්ම මේ පිලිබඳව පුවත්පත් වාර්තාකල පැයට කිමී 1800 වේගයටද අක්ෂි නිරීක්ෂණයෙන් කල දල ඇස්තමේන්තුවක් මිස, රේඩාර් හෝ වීඩියෝ ආශ්‍රයෙන් සිදුකල ගණිතමය ඇස්තමේන්තුවක් නොවේ.

Comments