අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

2000 Year Old Godavaya Shipwreck - The Oldest Shipwreck in Asia | ගොඩවායෙන් හමුවූ වසර 2000ක් පැරණි මුහුදුබත් නැව

ගොඩවාය නාවික පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ මූලික විශ්ලේෂණය

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන්, පුරාණ ගොඩවාය වරාය ආසන්නයේ පිහිටි ගොඩවාය නාවික පුරාවිද්‍යා ස්ථානය (එනම් පුරාණ නැවක් ගිලීගිය ස්ථානය ), ඉන්දියානු සාගරයේ පැවති මුල්කාලීන නාවික වෙළෙඳ ජාලයන් පිළිබඳව අප නොදන්නා තොරතුරු අපට හෙලි කරන තීරණාත්මක පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් ලෙස සලකන්නට පුලුවන්.

දෙවන සියවසට අයත් වන (එනම් ක්‍රිස්තු පූර්ව 200-100 අතර කාල පරාසය ) මෙම නැව් බිම ඉන්දියානු සාගරයේ සහ ආසියා පැසිෆික් කලාපයේ මෙතෙක් සොයාගත් පැරණිම නාවික පුරාවිද්‍යා ස්ථානය ලෙස පිළිගැනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මානු  පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද රේඩියෝ කාබන් මිනුම් මෙන්ම නැවේ තිබී හමුවූ මැටි බඳුන් හා වෙනත් කෞතුක වස්තූන් වන නිර්මාණ ලක්ෂණ අනුව අඩුම වශයෙන් මෙම මුහුදුබත් නැව ව්සර 2200ක් පමණ පැරණි බව තහවුරු වෙනවා.

නැව මුහුදුබත් වූ ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 33ක් (අඩි 110ක්) පමණ ගැඹුරේ පිහිටා තිබෙනවා. රෝමය ඇතුළු මධ්‍යධරණී ලෝකය, දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට වෙළෙඳ මාර්ග සම්බන්ධ කිරීමේදී ඓතිහාසිකව වැදගත් වූ ප්‍රදේශයක, එනම් ගොඩවාඅය පෞරාණික වරාය නුදුරෙන් එය පිහිටා තිබීම විශේෂත්වයක් ලෙස සලකන්න පුලුවන්.

සෘජු රෝමානු කෞතුක වස්තු පිලිබඳව තහවුරු වී නොමැති වුවද, නැවෙහි තිබී සොයාගත් භාණ්ඩ 'Periplus of the Erythraean Sea' වැනි පුරාණ ග්‍රන්ථවල ලේඛනගත කර ඇති පුළුල් ඉන්දු-රෝම වෙළෙඳාමට ගැලපෙන බව ඉතිහාසඥයෝ පවසනවා.

Periplus of the Erythraean Sea - පැරණි ග්‍රීක භාෂාවෙන් ලියන ලද ග්‍රීක-රෝම 'පෙරිප්ලස්' ග්‍රන්ථයක් හෙවත් නාවික මාර්ගෝපදේශ ග්‍රන්ථයක් වන Periplus of the Erythraean Sea ග්‍රන්ථය රතු මුහුදේ බෙරෙනිස් ට්‍රොග්ලොඩිටිකා වැනි රෝමානු ඊජිප්තු වරායන්හි සිට, අප්‍රිකාවේ අඟ (Horn of Africa), පර්සියානු ගල්ෆ් කලාපය, අරාබි මුහුද සහ ඉන්දියානු සාගරය දිගේ පකිස්තානයේ සින්ද් කලාපය හා ඉන්දියාවේ නිරිතදිග හා දකුණු ප්‍රදේශ සමග පැවති වෙළෙඳ සහ නාවික අවස්ථා විස්තර කරන ඉතාමත් වැදගත් ග්‍රන්ථයක්

මෙම පෞරාණික නැවේ පුරාවිද්‍යා සාධක මගින් අතරමැදි වරායන් හරහා රෝමානු අධිරාජ්‍යය සමග සීදුවූ වෙළඳගනුදෙන පිලිබඳව වැදගත් සාධක ඉදිරිපත් කරනවා.

ඓතිහාසිකව ගන්නා විට, ගොඩවාය වරාය ඉන්දියාව, වෙනත් ආසියාතික රටවල් හා රෝමය ඇතුළු මධ්‍යධරණී රාජ්‍යයන් මෙන්ම අරාබිකරයේ වරායන්ට නැව්ගත වුනු භාණ්ඩ ගබඩා කරගෙන ප්‍රතිනැව්ගත කරන එන්ට්‍රිපොට් (entrepot) වරායක් බව තහවුරු වී තිබෙනවා.

සොයාගැනීම සහ පිහිටීම

මෙම නැව් බිම මුලින්ම හඳුනාගනු ලැබුවේ 2003 වසරේදී ධීවරයින් දෙදෙනෙකු වන බී.ජී. ප්‍රේමින්ද සහ සුනිල් රත්නවීරපටබැඳිගේ විසිනි. ඔවුන් එම ස්ථානයෙන් කුඩා ගල් වංගෙඩියක් සොයාගෙන පුරා විද්‍යා බලධාරීන්ව දැනුවත් කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ (MAU/CCF) සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය විසින් 2008 වසරේ සිදුකළ මූලික සමීක්ෂණවලදී, ලී යාත්‍රාවක කොටස් සහ විසිරුණු කෞතුක වස්තු තිබෙන බවත්, පෞරාණීකව වැදගත් මුහුදුබත්වූ කෞතුක වස්තුවක් බවත් තහවුරු කරගත්තා.


එම මූලික නිරීක්ෂණයේදී හමුවූ කෞතුක භාණ්ඩ අතර සෙරමික් බඳුන් සහ නිල් පැහැති වීදුරු ඉන්ගෝට්ටියක් (පදම් කළ වීදුරු කුට්ටියක්) ද විය.

මෙම මුහුදු පුරාවිද්‍යා ස්ථානය අම්බලන්තොට සහ හම්බන්තොට දිස්ත්‍රික්ක අතර, වලවේ ගඟ මුඛයට ආසන්නව, පුරාණ ගොඩවාය වරායට යාබදව පිහිටා තිබෙනවා.

1990 ගණන්වල ජර්මානු පුරාවිද්‍යාඥයින් විසින් කැනීම් කරන ලද මෙම වරාය, ක්‍රි.පූ. 2 වැනි සියවසේ සිට ක්‍රි.ව. 2 වැනි සියවස දක්වා පැවති සමුද්‍රීය සේද මාවතේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර, කුළුබඩු, ලෝහ සහ සුඛෝපභෝගී භාණ්ඩ හුවමාරුවට පහසුකම් සපයන ලද බවට සාක්ෂි හමුවී තිබෙනවා. 

එමෙන්ම ගොඩවාය වරාය ශ්‍රී ලංකාවේ රජුගේ පාලනයේ තිබූ, වෙළඳාමෙන් බදු අයකරගත් සවිධානාත්මක නාවික ව්‍යාපාරයක් බවද සෙල්ලිපි ආදී සාක්ෂිවලින් තහවුරු වී තිබෙන බැවින්, නැවේ වැදගත්කම තවත් වැඩිවෙනවා.

ගොඩවාය නාවික කෞතුක ස්ථානයේ ඓතිහාසික හා සංස්කෘතික පසුබිම

මෙම නෞකාව මුහුදුබත්වූ කාළය (එනම් වසර 2200කට පමණ පෙර ), ඉන්දියානු සාගරයේ සෘජු රෝම-ඉන්දීය වෙළෙඳ සබඳතාවල උච්චතම අවධියට (එනම් ක්‍රි.පූ. 1 වන සියවසේ සිට ක්‍රි.ව. 2 වන සියවස) පෙර කාලයට අයත් වුවද, නැගෙනහිර මුහුදු කළාපවලට ග්‍රීක සහ මුල්කාලීන රෝම බලපෑම ව්‍යාපත්වීම ආරම්භ වෙමින් පැවති යුගයක වෙළඳාම පිලිබඳව තොරතුරු පවසනවා.

පාලි වංශකතාවල සඳහන් වන කරුණු හා සහ ඉන්දු-රෝම කාසි සොයාගැනීම් මගින් පුරාණ රුහුණු රාජධානියේ දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ගොඩවාය පැවතුන බව දැන් සැකයකින් තොරවම තහවුරු වී තිබෙනවා. 


ලංකාවේ ගොඩවාය, මූසිරිස් වැනි දකුණු ඉන්දීය වරායන් හරහා රෝම අධිරාජ්‍යය සමඟ පැවති වෙළෙඳාමට සාක්ෂි ලෙස ඔගස්ටස් අධිරාජ්‍යයාගේ සමයට අයත් රෝම කාසි ද ගොඩවාය පුරා විද්‍යාභූමියෙන් හමුව තිබෙන අතර ඒවා හා මුහුදුබත් වූ වෙලඳ නැවේ භාණ්ඩ මගින් මුල් කාලීන රෝම අධිරාජ්‍යය සමග වක්‍රාකාරයෙන් සිදුවූ දියුණු වෙළඳාමක් පිලිබඳව සාක්ෂි සපයනවා.

රෝමවරුන් 'තප්‍රොබනේ' ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව, ගම්මිරිස්, සේද සහ මැණික් වැනි ආසියානු භාණ්ඩ මධ්‍යධරණී කලාපයට බෙදාහැරීමේ "ප්‍රධාන මධ්‍යස්ථානයක් - එනම් එන්ට්‍රිපොට් මධ්‍යස්ථානයක්" ලෙස ක්‍රියා කර තිබෙනවා. 

නැවෙහි තිබී හමුවූ භාණ්ඩවලින් පෙනී යන්නේ, මෙම යාත්‍රාව ග්‍රීක-රෝම-ආසියාතික වෙළෙඳ ජාලය තුළ ක්‍රියාත්මක වූ බවත්, සමහරවිට ඉන්දියාවේ හෝ අග්නිදිග ආසියාවේ සිට ගොඩ්වාය වැනි කලාපීය වෙළඳ මධ්‍යස්ථාන වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහනය කර, ඉන්පසු ඒවා අවශ්‍ය පරිදි රෝමයට ප්‍රති-නැව්ගත කරන්නට ඇති බවත්ය.

හමුවූ නැව් භාණ්ඩ සහ කෞතුක වස්තු


ක්‍රි.පූ. දෙවන සියවස වන විට ඉන්දියානු සාගර කළාපයේ පැවති දියුණු ලී යාත්‍රා ඉදිකිරීම් තාක්ෂණය සහ ආනයන / අපනයන්න වෙළඳාම පිළිබඳ පැරණි දකුණු ආසියාතීකයින් සතුව තිබූ දැනුම, මෙම නාවික කෞතුක වස්තුව මගින් සනාථ කෙරෙනවා. එමෙන්ම රෝම අධිරාජ්‍යය පුලුල්වීමට පෙර යුගයේ ඉන්දු-රෝම නාවික ගමන් පිළිබඳ අවබෝධයේ තිබූ විශාල හිඩැස් පිරවීමට  මෙම ස්ථානයෙන් ලබාගත් තොරතුරු විශාල දායකත්වයක් දරනවා.

නැගෙනහිර නිෂ්පාදනය  කරන කුළුබඩු හා සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වූ ග්‍රීක-රෝම-මධ්‍යධරණී ඉල්ලුම නිෂ්පාදනය සමඟ සම්බන්ධ කරමින්, ගෝලීය පුරාණ වෙළෙඳාමේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය භූමිකාව මෙම සොයාගැනීම හරහා අවධාරණය කෙරෙන බව පුරා විද්‍යාඥයින් පවසනවා.













Comments