NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

STREAMING: Netflix to unveil 2026 show line-up on January 7


2026 වසරේ මුල භාගයේදී විකාශය වීමට නියමිත නෙට්ෆ්ලික්ස් (Netflix) නිර්මාණ කිහිපයක මූලික දර්ශන ඇතුළත් තත්පර 72ක ටීසර් (teaser) වීඩියෝවක් නෙට්ෆ්ලික්ස් සමාගම විසින් නිකුත් කරලා තියෙනවා. 

එමගින් ඔවුන් පවසන්නේ 2026 ජනවාරි 7 වැනි බදාදා දින මෙහි සම්පූර්ණ විස්තර ඇතුළත් සුවිශේෂී හෙළිදරව්වක් සිදු කරන බවයි. ප්‍රේක්ෂකයින් මහත් උනන්දුවෙන් බලාසිටි කතා මාලාවන් රැසක අලුත් තොරතුරු එදිනට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ප්‍රචාරක වීඩියෝවේ (promo) දැක්වෙන කෙටි දර්ශනවලට අනුව, නෙට්ෆ්ලික්ස් හි දැවැන්ත නිර්මාණ කිහිපයකම අලුත් දර්ශන එහි අඩංගු වෙනවා. 'Bridgerton' හතරවැනි අදියර, 'One Piece' දෙවැනි අදියර සහ 'Avatar: The Last Airbender' දෙවැනි අදියර ඒ අතරින් විශේෂයි. ජනවාරි 7 වැනිදා පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහනේදී තවත් අලුත් ට්‍රේලර් (trailers) රැසක් එළිදක්වනු ඇති බවටයි ක්ෂේත්‍රයේ විචාරකයින් බලාපොරොත්තු වෙන්නේ


Comments