STRANGER THINGS SEASON 5 - VOLUME 2 DROPS ON 25 DECEMBER | ස්ට්‍රේන්ජර් තින්ග්ස් 5වැනි දිගහැරුමේ VOL 2 නත්තල් දා එනවා
SEASON 5 - EPISODES 1 TO 4 (SPOILER ALERT!)
පස්වැනි සීසන් එකේ පලමුවැනි එපිසෝඩ් එකේ සිට හතරවැනි එපිසෝඩ් එක දක්වා නොවැම්බර් 26 වැනිදා එලිදැක්වුනා. මේ එපිසෝඩ් හතරෙන් කියවෙන කතාවේ සාරාංශය මෙහෙමයි
SEASON 05 - "Chapter One: The Crawl"
1983 වසරේදී 'අප්සයිඩ් ඩවුන්' අද්භූත ලෝකය තුළසිටියදී විල් බයර්ස්, වෙක්නාගේ ග්‍රහණයට හසුවන අතර එහිදී ඔහුව යම් ආකාරයකට ආසාදනයකට ලක්ව වෙක්නාගේ මනස හා සම්බන්ධවෙයි. ඒ අනුව ඔහුට වෙක්නාගේ සිතිවිලි මෙන්ම වෙක්නාගේ දූතයින් වන ඩෙමගෝගන් සත්වයන්ට පෙනෙන දේවල්ද පෙනෙන්නට ගනී.
හෝකින්ස් නගරය අප්සයිඩ් ඩවුන් මානය අතර ද්වාර විවරවූ රිෆ්ට් සිදුවීමෙන් මාස 19කට පසුව, අමෙරිකානු හමුදාව විසින් මුළු නගරයම නිරෝධායනයට ලක් කර තිබේ. ඩොක්ටර් කේ (Dr. Kay) සහ ලුතිනන් ඒකර්ස් (Lt. Akers) ගේ නායකත්වයෙන් යුත් හමුදාව මේ වන විට අප්සයිඩ් ඩවුන් ලෝකය තුළම සිය යුද කඳවුරු ඉදි කරමින් සිටින්නේ Eleven දැරිය සොයාගැනීමේ මෙහෙයුමක යෙදෙනවා.
මේ අතරතුර හෝපර් සහ ජොයිස් ඉලෙවන්ව ආරක්ෂා කරන අතර ඇයව පුහුණු කරවයි. විල්, ලූකස් සහ මයික් හමුදා ඇසට හසු නොවී කිසිවකට සම්බන්ධ නොවූවාසේ සිටින්නට උත්සහ කරයි. මේ අතර ඩස්ටින් හිතුවක්කාර ලෙස මියගිය එඩීව ප්‍රසිද්ධියේ අනුස්මරණය කරන අතර එය පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ඩස්ටින් සමග වෛර බැඳගැනීමට හේතුවක් වී තිබේ. ඒ පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම ඔහුගේ පෙම්වතියගේ ඝාතන වලට ඔවුන් තවමත් එඩී සම්බන්ධ බව විශ්වාස කරන නිසයි. මේ අතර ස්ටීව්, රොබින්, ජොනතන් සහ නැන්සි ප්‍රාදේශීය ගුවන් විදුලි මධ්‍යස්ථානයක සේවය කරන අතර, ඔවුන් රහස් කේත මගින් වෙක්නාගේ සැඟවුණු ස්ථානය සොයන මෙහෙයුම් වලට අවශ්‍ය හමුදා භට පිරිස් අප්සයිඩ් ඩවුන් මානයට ඇතුලුවන අවස්ථා හා වෙනත් වැදගත් තොරතුරු සපයයි.
එඩීගේ සොහොන අසලදී ඩස්ටින්ට එල්ල වූ දරුණු ප්‍රහාරය නිසා ඔහුට සිය සගයන් සැලසුම් කල, අප්සයිඩ් ඩවුන් මානයට ඇතුලුවීමේ crawl මෙහෙයුමට එක්වන්නට නොහැකිවේ. එම මෙහෙයුම අතරතුර ඩෙමොගෝර්ගන් සත්වයෙකු හමුදා රථ පෙළකට පහර දෙන අතර, ඉන් බේරීමට හෝපර්ට අප්සයිඩ් ඩවුන් ලෝකය තුළම රැකවරණය පතා යාමට සිදු වෙයි. මෙම බිහිසුණු ප්‍රහාරය විල් සිය මනසින් දකින අතර, එම ඩෙමොගෝර්ගන් සත්වයා මයික් සහ නැන්සිගේ කුඩා නැගණිය වන හොලීගේ නිදන කාමරයේ දොරටුවක් විවෘත කරමින් එදෙසට ඇදී එන අයුරු ඔහුට පෙනී යයි.
SEASON 05 - "Chapter Two: The Vanishing of Holly Wheeler"
මයික් සහ නැන්සිගේ දෙමාපියන් වන කැරන් සහ ටෙඩ්ට දරුණු ලෙස පහර දෙන ඩෙමොගෝර්ගන් සත්වයා, කුඩා හොලීව පැහැරගෙන 'අප්සයිඩ් ඩවුන්' ලෝකය තුළට අතුරුදන් වෙයි. වහාම ක්‍රියාත්මක වන ඉලෙවන් විවෘත වූ දොරටුවක් හරහා අප්සයිඩ් ඩවුන් ලෝකයට ඇතුළු වී හෝපර්ව සොයාගන්නා අතර, ඔවුන් දෙදෙනා එක්ව හොලීව සෙවීමේ මෙහෙයුම ආරම්භ කරයි. එහිදී ඔවුන්ට හෝකින්ස් නගරයේ කෙළවර වටා ඉදිවුණු දැවැන්ත තාප්පයක් හමුවෙයි.
මේ අතර, ජොනතන් සහ ස්ටීව් අතර නැන්සිගේ අවධානය දිනා ගැනීම සම්බන්ධයෙන් උණුසුම් වාදයක් ඇති වේ. මේ අතර මැක්ස් මේෆීල්ඩ් තවමත් සිහිසුන්ව කෝමා තත්වයෙන් සිටින අතර ලූකස් හැකි සෑම විටම ඇයට කතාකරමින් ඇය කවදා හෝ අවදිවෙතැයි යන දැඩි විශ්වාසයෙන් පසුවෙයි.
රෝහල්ගතව සිටින තම දෙමාපියන්ගෙන් තොරතුරු විමසන නැන්සි සහ මයික්, හොලීගේ "මනඃකල්පිත මිතුරා" වූ 'මිස්ටර් වොට්සිට්' (Mr. Whatsit) ඇත්ත වශයෙන්ම මේ පැහැරගැනීමට සම්බන්ධ කෙනෙකු විය හැකි බව සැක කරයි. රොබින් යෝජනා කරන්නේ වෙක්නාගේ මනස සමඟ ඇති විල්ගේ ටෙලිපති සබඳතාවය භාවිත කරමින් හොලීව සොයාගත හැකි බවයි.
කථා පුවතේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින්, 'මිස්ටර් වොට්සිට්' ගේ සැබෑ නම 'හෙන්රි' බව දැඩි ලෙස තුවාලවී කතාකර ගන්නට පවා නොහැකිව සිටින හොලීගේ මව කැරන්, කඩදාසියක ලියමින් අනාවරණය කරයි. ඔහු වෙක්නාගේ මනුෂ්‍ය ස්වරූපය බව මිතුරන් වටහා ගනී.
මේ සමඟම තමන්ට සිදුවෙමින් පවතින දෑ පිලිබඳව යතාර්ථය අවබෝධ කරගනී.එනම් තමාට මේ තාක් පෙනී ඇති දර්ශන මානසික ව්‍යාකූලතාවය හෝ දැඩි ආතතිය නිසා මනසේ හටගන්නා දෑ නොව ඇත්ත වශයෙන්ම වෙක්නාගේ ඇසින් දුටු/දකින දර්ශන බවත්, වෙක්නා මීළඟට ඉලක්ක කරන්නේ කවුදැයි ඔහුට කලින්ම දැනගත හැකි බවත් විල් අවබෝධ කර ගනී.
SEASON 05 - "Chapter Three: The Turnbow Trap"
වෙක්නා සිය මීළඟ ඉලක්කය ලෙස හොලීගේ පන්ති මිතුරෙකු වන ඩෙරෙක් ටර්න්බෝව තෝරාගෙන ඇති බව බව විල් බයර්ස් තමන්ට පෙනෙන දර්ශණ හා හැඟීම් හරහා වටහා ගනී.
මේ අතර, අප්සයිඩ් ඩවුන් ලෝකයේ ඇති දැවැන්ත තාප්පය බිඳගෙන යාමට උත්සාහ කරන හෝපර් සහ ඉලෙවන් හමුදා ප්‍රහාරයකට ලක් වුවද, ඔවුන් එය පරාජය කර අල්ලාගත් ලුතිනන් ඒකර්ස්ව ප්‍රශ්න කරති. එහිදී ඔහු පවසන කරුණු අනුව, ඩොක්ටර් කේ විසින් වෙක්නාව හමුදා කඳවුරේ රඳවාගෙන සිටින බව දැඩි සැකයක් මතුවෙයි. එසේනම් වෙක්නා කල සියලුම ප්‍රහාර හා ඝාතන හමුදාවේ අනුදැනුම අනුව සිදුවී තිබේ.
හොලීව රවටා ගැනීමට වෙක්නා ඇයගේ මනඃකල්පිත මිතුරා Mr.Whatsit ලෙස පෙනී සිටි බව වටහා ගන්නා විල්, නැන්සි සහ මයික් ඇතුළු පිරිස අලුත් සැලසුමක් සකස් කරති. ඒ අනුව, ඩෙරෙක්ව උපාය දූතයෙකු ලෙස යොදවාගෙන ඩෙමොගෝර්ගන් සත්වයා කොටු කර, ඌ හරහා හොලී සිටින තැන සොයා ගැනීමට ඔවුන් තීරණය කරයි. මේ සඳහා මරේ (Murray) විසින් හොර රහසේ ගෙන එන ලද අවි ආයුධවලින් ඔවුන් සන්නද්ධ වන අතර, ඩෙරෙක්ගේ මිතුරියක් වන ලූකස්ගේ නැගෙනිය එරිකාගේ සහාය ඇතිව ඩෙරෙක් ඇතුළු පවුලේ පිරිසට නිදිපෙති ලබාදී ඔවුන්ව මත්කර සිය සැලසුම ක්‍රියාත්මක කරයි.
කණ්ඩායම කොටස් දෙකකට බෙදී, ඩෙරෙක්ගේ පවුලේ අයව පාළු ගොවිපළකට රැගෙන යන අතර ඩෙරෙක්ගේ නිවස ඩෙමොගෝර්ගන් සඳහා උගුලක් ලෙස සකස් කරයි. කෙසේ වෙතත්, ඩෙරෙක් අකාලයේ පියවි සිහිය ලැබීමත් සමඟ සැලසුම අවුල් ජාලාවක් බවට පත් වේ. එම අවස්ථාවේදීම ඩෙමොගෝර්ගන් සත්වයා තම කණ්ඩායම සොයාගෙන ඇති බව විල්ට වැටහෙයි.
මේ අතර, වෙක්නා මවා ඇති හයිව් මයින්ඩ් මායා ලෝකයේ සිටින හොලී, හෙන්රිගේ (වෙක්නාගේ) පැරණි නිවස වෙත ළඟා වෙයි. එහිදී ඇයට අසල වනාන්තරයේදී මැක්ස් මේෆීල්ඩ් හමුවේ. අප්සයිඩ් ඩවුන්හි වෙක්නා ග්‍රහණයේ සිටින හොලී මෙන්ම මැක්ස්ද වෙක්නාගේ හයිව් මයින්ඩ් මනස තුල ක්‍රියාත්මක වේ. මිස්ටර් වොට්සිට් මිතුරෙකු නොවන බවත්, ඔහු කුරිරු ඝාතකයෙක් බවත්, තමන් මෙන්ම හොලීද ඔහු මැවූ මායාකාරී ලෝකයේ කොටුවී ගැලවීගත නොහැකිව සිටින බවත් කුඩා හොලීට තේරුම කරදීමට මැක්ස් උත්සහ කරයි.
SEASON 05 - "Chapter Four: Sorcerer"
හමුදා කඳවුරේ සිටනවා යයි අනුමාන කරන වෙක්නාව ඝාතනය කිරීමේ අරමුණින් හෝපර් සහ ඉලෙවන් හමුදා කඳවුරට කඩා වදින අතර, එහිදී ඔවුන් ඩොක්ටර් කේ සහ හමුදා සෙබළුන් පරාජය කරමින් ඉදිරියට යයි. කෙසේ වෙතත්, එහි සිරකර සිටින්නේ වෙක්නා නොව, හෝකින්ස් රසායනාගාරයෙන් දිවි ගලවා ගත් අනෙක් එකම පුද්ගලයා වන 'කාලි' නැමති තරුණිය බව බව ඔවුන් දැනගනී. මේ අතර, වෙක්නාගේ මායා ලෝකයේ සිරව සිටින මැක්ස් හොලීට පවසන්නේ ඔවුන් දෙදෙනාම වෙක්නාගේ මතකයන් තුලින් ඔහු බිහිකරගෙන තිබෙන මායා ලෝකයක සිරවී සිටින බවයි.
මයික්ගේ නිවසේදී ඩෙමොගෝර්ගන් සත්වයෙකු විල්ගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කරන අතර, ඩස්ටින්, ස්ටීව්, නැන්සි සහ ජොනතන් එම සත්වයා පන්නා දමමින් අප්සයිඩ් ඩවුන් ලෝකය දෙසට ගමන් කරති. ඒ අතරතුර හමුදාව විසින් වෙක්නාගේ ගොදුරු විය හැකි අනෙකුත් දරුවන්ව රඳවා තබා ගනී. එහිදී විල්ට දර්ශනයක් පෙනෙන අතර, හොලී ඇතුළු දරුවන් පිරිසක් වෙක්නාට හසුවී සිටින බවත්, තවත් දරුවන් අට දෙනෙකු සඳහා එහි ඉඩ වෙන් කර ඇති බවත් ඔහුට පෙනී යයි.
විල් ඇතුළු පිරිස රඳවා සිටින දරුවන්ව බේරා ගැනීමට උත්සාහ කළත්, ඒ මොහොතේම වෙක්නා සහ ඩෙමොගෝර්ගන් සතුන් තිදෙනෙකු අප්සයිඩ් ඩවුන් ලෝකයෙන් මතු වී කඳවුරේ සිටි සොල්දාදුවන් ඝාතනය කරමින් මහා විනාශයක් සිදුකරයි. ඔවුන් ඩෙරෙක් ඇතුළු වෙක්නාගේ ඉලක්ක වූ දරුවන්ව පැහැර ගනී.
තමන් මේ දරුවන් ඵැහැර ගන්නේ ඔහු නිර්මාණය කරන අපූරු ලෝකයට ඔවුන් වැනි පිරිසිදු මනස් ඇති දරුවන් අවශ්‍ය නිසා බව පවසමින් වෙක්නා දරුවන් සමග අතුරුදහන් වේ.
මෙම තීරණාත්මක මොහොතේදී විල් තුළ සැඟවී තිබූ අද්භූත මානසික බලයන් අවදි වන අතර, ඔහු එම බලය උපයෝගී කරගනිමින් ඩෙමොගෝර්ගන් සතුන්ව මරා දමා මයික්, ලූකස් සහ රොබින්ගේ ජීවිත බේරා ගනී.
Read my post on understanding what happened in Season 04



Comments
Post a Comment