ගොඩවාය යනු අම්බලන්තොටත් හම්බන්තොටත් අතර පිහිටි වෙරළබඩ කුඩා ගම්මානයකි. අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටි මෙම ස්ථානයේ සුළං පරිවහනයෙන් නිර්මාණය වූ වැලි වැටිවලින් යුක්ත වූ වෙරළ තීරය හා වලවේ ගඟේ පැරැණි මුවෙදාර ප්‍රදේශයද ඉතා වැදගත් වූ භූ දර්ශන වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ පර්යේෂණ ආයතනයක් ඒකාබද්ධව සිදුකෙරෙන මෙම පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් තුළින් ක්‍රි.ව. 1-2 සියවස තුළ ගොඩවාය ආශි්‍රතව සක්‍රියව පැවැති වෙළෙඳ වරාය පිළිබඳව නව තොරතුරු රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ.
රෝම කාසි හා පුරාණ නැංගුරම හා ජැටිය
කැණීම් මඟින් වූ මැටි බඳුන් අවශේෂ විශාල ප්‍රමාණයක් හා පබළු වර්ග, නිල මුද්‍රා වර්ග හා කාසි හමු වී ඇත.
ගොඩවාය ධීවර ගම්මානය ඉදිරිපිට වෙරළේ කලින් කලට මතුවන ගල් කණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් කළ කැණීම්ද විශේෂිත වේ. එමඟින් වෙරළේ එක පෙළට පිහිටුවා තිබූ ගල් කුලුනු කිහිපයක් සහිත ඉදිකිරීමක කොටසක් හමුවිය.
විහාරස්ථානයේ ඇති අවශේෂවලට සමකාලීන ලක්ෂණ සහිත එම ගල් කුලුනු ඇතැම් විද්වතුන් හඳුන්වන පරිදි පැරැණි ජැටියක් වැනි කොටසක් හෝ සමුද්‍රාශි්‍රත යම් කිසි ඉදිකිරීමක කොටසක් ලෙස හඳුනාගත හැකිය. 1995 දී කරන ලද මෙම කැණීම්ද ගොඩවාය ආශි්‍රත වූ සමුද්‍රිත වෙළෙදාම හා වරාය පිළිබඳ වැදගත් සාධකයක් විය.
2004 වසරේදී ගොඩවාය අවට මුහුදින් තවත් වැදගත් සාධකයක් මතුවිය. ධීවරයන් විසින් ගොඩගන්නා ලද තනි කළුගලෙන් කරන ලද බරැති මෙම ගල් නැංගුරම තුන්හුලස් හැඩයේ පැරැණි නැංගුරමක් විය. ලෝහයෙන් කරන ලද නැංගුරම් භාවිතයට පෙර විශේෂයෙන්ම යටත් විජිත යුගයට පෙර භාවිත වූ මෙම නැංගුරම් වර්ගයට සමාන තවත් නැංගුරම් කිහිපයක්ම ගාල්ල වරායෙන්ද ලැබී තිබේ.
 |
| තුන්හුලස් ගල් නැංගුරම, මුදුබත්වූ නැවෙන් හමුවූ ගල් බංකුව, මැටි බඳුන් හා ගල් බංකුවේ කැටයම් - ඡායාරූප අයිතිය: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව |
 |
| ගොඩවාය වෙරළින් හමුවූ ගල්කණු - මේවා ගොඩවාය වරායේ ජැටියේ කොටස් බවට අනුමාන කෙරේ: ඡායාරූප අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. |
වසර 2000ක් පැරණි මුහුදුබත්වූ රෝම නැව
මෙම මුහුදුබත්වූ නෞකාවේ නටඹුන් 2003 වසරේදී ධීවරයින් විසින් සොයාගනු ලදුව පුරාවිද්‍යා බළධාරීන් දැනුවත් කරන ලදී. එම ධීවරයින් විසින් සොයාගත් නෞකාව වැටී අසල තිබූ ශෛලමය බංකුවද පුරාවිද්‍යා බළධාරීන්ට භාරකරන ලදී.
2008දී සාමුද්‍රික පුරාවිද්‍යා අංශය මෙහි මූලික මිනුම් හා ඡායාරූප ගනුලැබූ අතර රේඩියෝ කාබන් කාළනිර්ණය සඳහා දැව සාම්පලද ලබාගන්නා ලදී. විධිමත් පර්යේෂණ ආරම්භවූයේ 2010 වසරේදීය. 2012-2013 වසරවලදී අමෙරිකානු, ප්‍රංශ, තුර්කි හා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා සිසුසිසුවියන්ද පර්යේෂණ කටයුතුවල දායකවූ අතර ඒ අනුව ගොඩවාය පෞරාණික නෞකාව පිලිබඳ පර්යේෂණ ජාත්‍යන්තර සහයෝගීතාවය අනුව සිදුවන්නට පටන්ගත්තේය.
ගොඩවාය නැවෙන් හෙලිවන පැරණි ලංකාවේ අපනයන
වලවේ ගං මෝයට නුදුරුව හමුවූ මෙම නෞකාව රෝම නෞකාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගොඩවාය නැවෙන් යකඩ කැබලි (iron ingots) හමුවී ඇති අතර මෙම යකඩ කැබලි ලංකාවෙන් අපනයනය කරන ලද ඒවාද යන්න තවමත් තහවුරුවී නැතත් ලංකාවේ සමනලවැව ආශ්‍රිතව ක්‍රි.ව 1/2 කාලයේ යපස් වලින් යකඩ නිෂ්පාදනය කල ලෝහ උණුකිරීමේ කම්හල්වල නටබුන් හමුවීම නිසා ලංකාව තුල එකල යපස් වලින් යකඩ නිපදවීමේ තාක්ෂණය තිබූ බව තහවුරුවී තිබෙනවා.
කෙසේවෙතත් ලංකාවෙන් (හා ඉන්දියාවෙන්) ගෙනගිය යකඩවලින් සුප්‍රකට දමස්කස් වානේ නිපදවූ බවට පුරාවෘත පැතිර තිබෙනවා.
මෙම නෞකාවෙන් ඇඹරුම් ගලක්ද හමුවී ඇති අතර එහි කොටා ඇති සළකුණු වලට සමාණ සළකුණු තිස්සමහාරාමයේ යටාලතිස්ස වෙහෙර අසල කැණීම් වලින්ද හමුවී තිබෙන බැවින් ලංකාවෙන් ශෛලමය උපකරණ අපනයනය කරන්නට ඇතැයි අනුමාන කල හැකියි.
එමෙන්ම නෞකාවෙන් හමුවූ මුල්ම කෞතුක භාණ්ඩය වූ ශෛලමය බංකුවේ කොටා ඇති සළකුණු වලට සමාන සළකුණු ඇති ශෛලමය පුවරු යටාල වෙහෙරෙන්ද හමුවී ඇති බැව්න් ලංකාවෙන් උසස් තත්වයේ ශෛලමය උපකරණ අපනයනය වූ බව සිතිය හැකියි.
ගොඩවාය වරායේ අයබදු ගෝඨපබ්බත විහාරයට
මෙම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම සනාථ කරන ප්‍රධාන සාධකය වන්නේ 1 වැනි ගජබාහු රජු විසින් පිහිටි ගලේ කොටා ඇති සෙල් ලිපියකි. 20 වැනි සියවසේ මුල් භාගයේ හඳුනාගත් හා ප්‍රකාශයට පත් කර ඇති සෙල් ලිපි දෙකක් අතුරින් කුඩා ලිපිය කියැවීමට අපහසු විනාශයට පත්වූ එකක් වූ අතර, දෙවැනි සෙල් ලිපිය මෙම විහාරස්ථානය පිළිබඳව අපූර්ව තොරතුරක් හෙළිකරයි. එනම් ගොඩවායෙහි වූ වෙළෙඳ වරායෙන් ලබා ගන්නා අය බදු මෙම විහාරස්ථානයට පූජා කරන බවය.
ඉහත සඳහන් කළ සෙල්ලිපිය 1 ගජබාහු රජුගේ බව පිළිගනු ලැබේ. එමෙන්ම ශිලා ලිපියෙහි ඇති අක්ෂර අනුවද එය ක්‍රි.ව. 1-2 සියවස අතර බවට හඳුනාගනු ලැබේ. මීට අමතරව ගොඩවාය ප්‍රදේශයේ හා වලවේ ගඟ අවට පෞද්ගලික ඉඩම් හා කුඹුරුවලින් හමුවූ විවිධ වර්ගයේ කාසි විශේෂයෙන්ම රෝම කාසි මෙහි පැවැති වරාය හා ජලාශි්‍රත වෙළෙඳ මාර්ගය පිළිබඳව සාධක සපයයි.
Comments
Post a Comment