Kumana National Park | කුමන ජාතික වනෝද්‍යානය


කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්‍යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්‍යානය 1885 සිට 2003 මාර්තු දක්වා වසා තිබුනි.මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.

කුඹුක්කන් ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.

උද්‍යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්‍රැත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු"), Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ"), Chloroxylon swietenia ("බුරුත"),සහ Salvadora persica වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක්‍රමණික ලැහැබ Typha angustifolia වන අතර ආක්‍රමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක්‍රමණය ක‍ර ගෙන ඇත්තේ Terminalia arjuna ශාඛයයි. Ludwigia spp., Nelumbo nucifera , Nymphaea pubescens, Aponogeton  spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.

කුමනේදී දැකිය හැකි ඉතා දුර්ලභ පක්ෂීන්

NOTE: PHOTO CREDIT - ALL RIGHTS OF THESE PHOTOS BELONG TO THE ORGINAL PHOTOGRAPHERS OR CURRENT RIGHTS OWNERS. POSTED HERE FOR EDUCATION PURPOSES WITHOUT ANY MODIFICATION

ශ්‍රී ලංකාවේ පක්ෂීන් ලැගුම් ගන්නා සහ බෝවන වැදගත්ම බිම් අතරින් එකක් ලෙස කුමන ජාතික වනෝද්‍යානය හැඳින්විය හැකිය. මේ වන විට වනෝද්‍යානය තුළ කුරුලු විශේෂ 255ක් පමණ වාර්තා වී තිබේ. සෑම වසරකම අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ දස දහස් සංඛ්‍යාත පක්ෂීන් ප්‍රමාණයක් කුමන විල්ලු ආශ්‍රිත ප්‍රදේශයට සංක්‍රමණය වීම විශේෂත්වයකි.

දුර්ලබ විශේෂයන් වන Black-necked Stork (අලි-මානාවා), Lesser Adjutant (හීන් බහුරු මානාවා), Eurasian Spoonbill (යුරාසියා හැඳිඅලවා) සහ Great Thick-knee (මහ ගොළුකිරළා) යන පක්ෂීන් කුමනේදී දැකගත හැකිය. උද්‍යානයට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.

මීට අමතරව 'Scolopacidae' සහ 'Charadriidae' පවුල්වලට අයත් වෙරළබඩ වෙසෙන පක්ෂීන් මෙන්ම දියකාවුන් ද මෙහි නිතර දැකගත හැකිය. විශේෂයෙන්ම සයිබීරියාවේ සිට කිලෝමීටර් 9,000ත් 11,000ත් අතර අතිවිශාල දුරක් පියාසර කරමින් පැමිණෙන 'Pintail snipes' හෙවත් දිය කැස්තුඩුවා කුමන වෙත පැමිණීම පක්ෂි ලෝකයේ විස්මයජනක සිදුවීමකි.



අලි-මානාවා -Black-necked Stork  

හීන් බහුරු මානාවා - Lesser Adjutant

යුරාසියා හැඳිඅලවා - Eurasian Spoonbill

මහ ගොළුකිරළා Great Thick Knee / Stone Curlew
තිලාපියා සහ ගල් මාලු නිත‍රදැකිය හැකි මත්ස්යයන් අත‍ර වේ.උද්‍යානයේ වාසය ක‍රන උරගයන් අත‍ර කිඹුලන් සහ කැස්බෑවන් නිත‍ර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.

කුමන ජාතික වනෝද්‍යානයට E01 අධිවේගී මාර්ගයේ යනවා නම් ගාල්ලේ ඉඳලා මාර්ගය

ගාල්ල > මත්තල පිටවීම >තනමල්විල > වැල්ලවාය >බුත්තල >මොණරාගල > සියඹලාන්ඩුව >ලාහුගල > පොතුවිල් > අරුගම්බේ > පානම 
  • ලාහුගල හරියෙ පාරට අලි එනවා
  • පානම සිට >> සෆාරි ජීප් එකක් හෝ තමුන්ගේම වාහනයක් නම් 4X4 වාහනයක් වීම වඩාත් සුදුසුයි
  • පානමින් උදෙන් පිටත්වෙනවා නම් සෆාරි ජීප් 5.30ට පිටත් වෙනවා.
  • උදෙන්ම යාල යනවා නම්,  එතකොටත් කතරගම ඉඳන් 5.30ට පිටත් වෙන්න ඕනෙ. ඒ නිසා පහයි තිහට පිටත්වෙනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි.




පොතුවිල් මුහුදු මහා විහාරය








Comments