NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

FORMULA 1 FINAL RACE 2025 - කිරුළ තීරණය කරන අබුඩාබි මහා සටන: නොරිස්, වර්ස්ටැපන් සහ පියස්ට්‍රිගේ තුන්කොන් සටනින් ජය ලබන්නේ කවුද?



තීරණාත්මක තරගයේදී ඉදිරියෙන්ම සිටින්නේ මැක්ලරන් ද රෙඩ් බුල් ද?

මෙම තීරණාත්මක සටන සඳහා මැක්ලරන් හෝ රෙඩ් බුල් යන කණ්ඩායම් දෙකෙන් ජයග්‍රාහී රථය හිමි වන්නේ කාටද?

මැක්ලරන් කණ්ඩායමේ පියැස්ට්‍රි හා නොරිස් අවසානයේදී කණ්ඩායම් නියෝග (Team Orders) ක්‍රියාත්මක කරාවිද? එසේත් නැතිනම් තම ආත්මාර්ථය වෙනුවෙන් නියෝග නොතකා රිසි පරිදි තරඟයේ යෙදෙයිද?

අවසාන වශයෙන්, මෙම තීරණාත්මක සටනේ පීඩනය වඩාත් හොඳින් දරාගෙන ජය ලබන්නේ කවුරුන්ද?


අබුඩාබියේදී වේගවත්ම රථය හිමි වන්නේ කාටද?

අතිශය තියුණු, ත්‍රි-පාර්ශ්වික සටනක් අපේක්ෂා කරන රසිකයන්ට මේ සති අන්තයේ අබුඩාබි සටන ඉතාමත් තීව්‍ර සටනක් වනු ඇතැයි සිතන්නට පුලුවන්

ඒ මේ තරඟය පැවැත්වෙන අබුඩාබි ධාවන පථයේදී මැක්ලරන් හෝ රෙඩ් බුල් යන කණ්ඩායම් දෙකෙන් එකක් හෝ වේගවත් බවින් පසු බානු ඇතැයි සිතීමට කිසිදු හේතුවක් නොමැති බැවිනි.

අබු ඩාබි තරඟය තිබෙන යෑස් මැරීනා ෆෝමියුලා තරඟ සඳහාම විශේෂයෙන් නිර්මාණය කර තිබෙනවා.


The Yas Marina Circuit හෙවත් අබු ඩාබියේ යෑස් දිවයිනේ විශේෂයෙන්ම තනා ඇති යැස් මැරීනා ධාවන පථය, ෆෝමියුලා වන් අවසාන මහා තරඟය පවත්වන්නේ 12 වෙනි වතාවටයි.  යාස් මරීනා ධාවන පථය නිර්මාණය වී ඇති ආකාරය අනුව මැක්ලරන් හා රෙඩ්බුල් කණ්ඩායම් දෙකේම නොරිස්, පියැස්ට්‍රි හා මැක්ස් යන තිදෙනාටම ශක්තීන් ඉස්මතු වන ආකාරයේ ඉස්සර කල හැකි අධිවේගී තීරු මෙන්ම තීව්‍ර වංගු වලින්ද වන අතර, එය ශූරතා අභියෝගකරුවන් තිදෙනාටම ජයග්‍රහණය වෙනුවෙන් සටන් කිරීමට හොඳ අවස්ථාවක් සලසා දෙනවා.


පීඩනය වඩාත් හොඳින් දරා ගන්නේ කවුද?

ඉහත කාරණා සියල්ලටම වඩා, සමහර විට මේ වසරේ රියදුරන්ගේ ශූරතාව අවසානයේ තීරණය වනු ඇත්තේ ඉහළම ක්‍රීඩා මට්ටමේදී (elite sport) සාර්ථකත්වය සහ අසාර්ථකත්වය අතර වෙනස බොහෝ විට ඔප්පු කරන, මැනිය නොහැකි (unquantifiable) සාධකය - එනම්, පීඩනය (Pressure) මඟින් විය හැකිය.

තම වෘත්තීය ජීවිතය තුළ අවසන් තරග දෙකකදී ශූරතා තීරණ ජයග්‍රහණය කළ සිව් වතාවක් ලෝක ශූරයකු වන සෙබස්තියන් වෙටෙල් (Sebastian Vettel), මෑත සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ: "ඔබට පීඩනයක් නොදැනෙන බව සිතීම කළ නොහැක්කකි" යනුවෙනි.


පීඩනය රියදුරන්ට පමණක් නොවේ

ෆෝමියුලා 1 (F1) තරග බිමේ පීඩනයට ලක්ව සිටින්නේ ධාවන පථයේ සිටින රියදුරන් පමණක් නොවේ. කණ්ඩායම්ද තම කාර්යභාරය ඉටු කළ යුතුව ඇත.

තම තමන්ගේ කණ්ඩායම් සඳහා මෙය නිවැරදි වේලාවේදී නිවැරදි තීරණ ගැනීම, රියදුරන් වෙනුවෙන් මෝටර් රථයේ සැකසුම උපරිම කිරීම, විශ්වාසනීයත්වය (reliability) තහවුරු කිරීම සහ පිට් ස්ටොප් (pit stops) වැනි තීරණාත්මක ධාවන පථ ක්‍රියාකාරකම්වලදී කිසිදු වරදක් නොකිරීම සම්බන්ධ කාරණයකි.



Comments