Stranger Things season 5 breaks Netflix viewership record | සියලු නෙට්ෆ්ලික්ස් වාර්තා බිඳදැමූ ස්ට්‍රේන්ජර් තින්ග්ස් සීසන් 05
නෙට්ෆ්ලික්ස් සේවාවේ ප්‍රධාන විද්‍යා ප්‍රබන්ධය වන ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතා මාලාවේ පස්වන සීසන් එක, එය නිකුත්කර මුල් දින පහ තුළ මිලියන 59.6 ක නැරඹුම් (වීව්ස්) ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. මෙය, නෙට්ෆ්ලික්ස්හි ඉංග්‍රීසි භාෂා කතා මාලාවක් සඳහා මෙතෙක් වාර්තා වූ හොඳම පළමු සතියේ නැරඹුම් වාර්තාව බවට පත්ව තිබෙනවා. එය ජනප්‍රිය කොරියානු කතා මාලාවක් වන ස්ක්විඩ් ගේම් සඳහා දැඩි තරඟයක් දී තිබෙනවා.
2022දී නිකුත්කල සීසන් 04 සසඳන විට, සීසන් 05 නැරඹුම් ප්‍රමාණය 171% කින් ඉහල ගොස් තිබෙන බව සමීක්ෂණ වාර්තා තහවුරු කරනවා.
එපමනක් නොව සීසන් 05 නිකුත් කිරීමට දිනකට පෙර ස්ට්‍රේන්ජර් තින්ග්ස් සීසන් 01 සිට සීසන් 04 දක්වා සියලුම කථාංග, එම සතියේ වැඩිම නැරඹුම් ඇති වැඩසටහන් 10ට එක්ව තිබෙනවා. මෙය නෙට්ෆ්ලික්ස් සේවාව ආරම්භයේ සිට කිසිම ටීවී සීරීස් එකක් නොපෙන්වූ වාර්තාවක්.
NEXT ARTICLE
Comments
Post a Comment