Formula 1 Abu Dhabi GP : Piastri's overtake of Norris was planned and part of strategy :


ඔස්කාර් පියාස්ට්‍රි F1 අබුඩාබි ග්‍රෑන්ඩ් ප්‍රී අවසන් මහා තරගයේ පළමු වටයේදීම, ඔස්ට්‍රේලියානු නරඹන්නන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ලැන්ඩෝ නොරිස් පසු පසුකරමින් ඉදිරියට ගියා. ලැන්ඩෝ මදක් පසුබාන ආකාරයද පෙනෙන්නට තිබුණා. ලැන්ඩෝ නොරිස්ගේ ආධාරකරුවන් මෙන්ම පොදුවේ මැක්ලරන් කණ්ඩායමේ නොරිස් F1 ශූරයා වනු දැක්මේ ආශාවෙන් සිටි බොහෝ දෙනා පියැස්ට්‍රිගේ මේ ක්‍රියාව පිලිබඳව පුදුමයට පත්වුන අතර මැක්ලරෙන් කණ්ඩායමේ තරඟ උපක්‍රම (race strategy) යලිත් කඩා වැටෙමින් ඇත්දැයි බිය පල කලා. ඊට පෙර පැවති කටාර් F1 තරඟයේදීද මැක්ලරෙන් කණ්ඩායම ඉතා ළාමක ලෙස සිය උපක්‍රම වරදවාගත් නිසා එම වටයේදීම නොරිස්ට ලෝක F1 ශූරයා වීමේ අවස්ථාව අහිමිවුනා.

කෙසේ වෙතත් ලැන්ඩෝ නොරිස් තරන්ගයේ තුන්වැනි තැන දිනාගෙන, තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් ධාවකයා ලෙස 2025 ෆෝමියුලා වන් ලෝක ශූරයා වුනා. තරඟයෙන් පසු මාධ්‍යවලට අදහස් පලකල මැක්ලැරන් කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානී (team principal) ඉතාලි ජාතික ඕනඩ්‍රියා ස්ටෙලා පැවසූවේ එය ශූරතා ප්‍රතිවාදී මැක්ස් වර්ස්ටැපන්ට අනවශ්‍ය ලෙස ඉදිරියට ඒම වලක්වා ලැන්ඩෝ නොරිස්ට 2වැනි හෝ 3වැනි ස්ථානවලට පැමිණ ලෝක ශූරතාවය දිනාගැනීමේ අවස්ථාව තහවුරු කිරීමේ උපක්‍රමීය සැලැස්මක කොටසක් බවයි. එම උපක්‍රමය ගැන තරඟයට පෙර සැලසුම් අවස්ථාවලදී ලැන්ඩෝ හා ඔස්කා පියැස්ට්‍රී සමග සාකච්ඡා කල බවත්, එයට දෙදෙනාගේම කැමැත්ත ලැබුණු බවත් පැවසූවා.

තරඟයට පෙරම ඔස්කා පියාස්ට්‍රිගේ රථයට දෘඩ ටයර් (hard tires) යෙදීමට තීරණය කර තිබූ අතර, හාඩ් ටයර, මෘදු ටයර (soft tire) තරම් වේගවත් නොවුනත් ඒවා තරඟවට ගණනාවක් ධාවනයට යොදාගත හැකි අතර ඉක්මණින් ටයර මාරු කිරීමේ අවශ්‍යතාවයක්ද නෑ. එමෙන්ම  දෘඩ ටයරවල ගර්ෂණය (grip) වැඩි නිසා වංගුගැනීමේදී රියදුරාට වඩාත් වේගවත්ව වංගු ගැනීමේ හැකියාව දෙනවා. ඒ අනුව මැක්ලරන් උපක්‍රමය වී තිබුණේ ඔස්කා පියැස්ට්‍රිව ඉදිරියට යවා රෙඩ් බුල් කණ්ඩායමේ මැක්ස් වෙස්ටැපන් පසුපස හඹායමින් ඔහුගේ ටයර ගෙවීයන තෙක් පීඩනයේ තබා ගැනීමයි. ඒ අනුව ශූරතාවය ගැනීමට ලකුණු කිහිපයක් පමණක් අවශ්‍යව තිබූ ලැන්ඩෝ නොරිස්ට මැක් වෙස්ටැපන් වැනි කපටි ධාවන ශූරයෙකු සමග අනවශ්‍ය ලෙස පැටලීමකින් තොරව සිය F1 ජයග්‍රහණයට යන්නට පුලුවන් කම ලැබුනා.

Comments