Indian Pitta - අවිච්චියා (Pitta brachyura)
තම නිජබිම්වල ශීත සෘතුව ඇරඹෙත්ම ලෝකයේ නන් දෙසින් දසදහස් ගණනින් මෙහි ඇදී එන කුරුලු සංචාරකයෝ සය මසක පමණ කාලයක් ගත කර නැවතත් තම නිජබිම කරා ගමන් කරති. පක්‍ෂින් අතර සුලබව දක්නට ලැබෙන මේ චර්යාව “පර්යටනය” යනුවෙන් හැඳින්වේ. ලොව වසන කුරුලු විශේෂ සංඛ්‍යාවෙන් පහෙන් එකක් පමණ පර්යටනයේ යෙදෙන්නන් බව සොයාගෙන තිබේ.
සෑම වසරකම මේ කාලයේදී ශ්‍රී ලංකාව බලා සංචරණය කරන කුරුල්ලෝ සමූහය වඩාත් නිවැරදිව නිහැරියන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයි.
New Post
සංචාරක කුරුල්ලන් හෙවත් නිහැරියන් එන බව ලංකාවටම මතක් කරන රත්නපුරේට අටු වැහිලිහිණි (Barn Swallow) සැපත්වීම
කාගේත් අවධානය ගනිමින් සෑම වසරකම මෙම කාලයේදී රත්නපුරයේ විදුලි කම්බි වල රාත්‍රිය ගතකරන දහස් ගණනක් වූ අටු වැහිළිහිණියන් ඔබත් දැක තිබේද? වසරක් පාසා ලංකාවට සංචාරය කරනා අටුවැහිළිහිණියා නම් වූ මේ කුරුල්ලන් ගොම්මන් අඳුරත් සමග රත්නපුරයේ විදුලි කම්බිවල දහස් ගණනින් ලැගුම් ගැනීම සිරිතක්
අටු වැහිලිහිණියා (Hirundo rustica)
ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග මෙරටට පැමිණ අප්‍රේල් අවසානය දක්වා පමණ දිවයින පුරාම පාහේ දැකිය හැකි ඉතාමත් සුලභ සංචාරක කුරුල්ලෙකි. ඉතා වේගයෙන් පියාඹමින් අහසේදී කෘමීන් ගොදුරු කර ගන්නා අටු වැහිලිහිණියා දවසේ වැඩි කාලයක් පියාඹමින් ගත කරයි. නිතරම 10 සිට 30 දක්වා පමණ හෝ ඊටත් වඩා වැඩි රංචු ලෙසින් හමුවන අටු වැහිලිහිණියන් සමූහ වශයෙන් ටෙලිපෝන් හෝ විදුලි රැහැන් මත වසා සිටිනු දකින්නට පුලුවන්.
Barn Swallow - අටු වැහිලිහිණියා (Hirundo rustica)
පර්යටනය විද්‍යාත්මකව අධ්‍යයනය ඇරඹුනේ 1820 ගණන් වලදීයි
පක්‍ෂි පර්යටනය පිළිබඳව ප‍්‍රථම විද්‍යාත්මකව පිලිගත හැහි සාක්‍ෂ්‍ය ලැබුණේ 1822 මැයි 21 වන දා ය. මෙදින ජර්මනියේ මැක්ලන්බර්ග් නුවර දී ගෙලෙහි ඊතලයක් ඇමිනුණු කොකෙකු අල්ලා ගනු ලැබිණ. එවැනි ඊතල කිසි කලෙකත් යුරෝපා රටක භාවිත කොට නැත. පසුව එය අප‍්‍රිකා රටක භාවිත කැරෙන ඊතලයක් බව සොයා ගැනිණ.
ඒ කොක් විශේෂය අප‍්‍රිකා රටකට ගොස් ආපසු පැමිණ ඇති බව ඉන් තහවුරු කරගන්නට හැකිවුනා. පක්ෂීන්ගේ පර්යාටනය පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වන්නට එම රටවල් වල ජීව විද්‍යාඥයින් වඩාත් උනන්දුවන්නට මෙයද හේතුවක් වුනා.
කුරුලු පර්යටනය පිළිබඳ තොරතුරු මැනැවින් හෙළිදරව් වන්නට වූයේ හාන්ස් ක්‍රිස්ටියන් මෝර්ටෙන්සන් (Hans Christian Mortensen) නමැති ඩෙන්මාර්ක් ජාතික පාසල් ගුරුවරයා 1899දී කුරුල්ලන් ගේ පාදයෙහි මුදු පැලැඳවීමේ ක‍්‍රමය ඉදිරිපත් කිරීමත් සමග ය.
මේ කාර්යයෙහි නියැලුණු ඔහු සැහැල්ලු ලෝහයකින් තනන ලද මුද්දක, එය පැලැඳි කුරුල්ලා මරනු ලැබුව හොත් හෝ අල්ලා ගනු ලැබුව හොත් ඒ බව දන්වා එවිය යුතු ලිපිනය සඳහන් කෙළේ ය. මේ ක‍්‍රමය වැඩි දියුණුවී කුරුල්ලන්ට මුදු පැලැඳවීම මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වීමත් සමග උන් ශීත සෘතුව ගත කිරීම සඳහා පර්යටනය වන රටවල් සහ ගමන් මාර්ග නිවැරැදි ව සොයාගත හැකි විය.
Booted Eagle - කැසරූප රාජාලියා (Hieraaetus pennatus)
සංචාරක කුරුල්ලක් 179ක්ම එන ලංකාව
ලංකාවේ දක්නට ලැබෙන පක්ශිවර්ග 492න් 179ක් සංචාරකයින් හෙවත් නිහැරියන්වේ. මොවුන් අගෝස්තු මස මැද භාගයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර අප්‍රේල් මස දක්වා රැඳී සිට ආපසු යයි.
කුමණ හා බූන්දල ලංකාවේ ප්‍රධාන කුරුළු අභයභූමි වන අතර ඊට අමතරව කුරුල්ලන් දැක බලාගැනීම සඳහා සංචාරය කල හැකි ප්‍රදේශ මෙසේ සඳහන් කල හැකිය. කොළඹට ආසන්නයේ ඇති බෙල්ලන්විල-අත්තිඩිය වගුරු ප්‍රදේශය, තලංගම වැව ප්‍රදේශය මෙන්ම දියවන්නා ඔය අසබඩ දියත උයන ප්‍රදේශය ප්‍රධානය. කොළඹින් පිට සිංහරාජය, කන්නෙලිය, වීරවිල, දෙබරවැව (තිස්සමහාරාමය ), යාල හා විල්පත්තු අභයභූමි විශේෂය.
මීට අමතරව හෝර්ටන් තැන්න, ශ්‍රී පාද ජාතික වනාන්තරය (Peak Wilderness Sanctuary), නුවර එළියේ ගැල්වේස් ජාතික වනෝද්‍යානය, කිතුල්ගල, නකල්ස් කඳුවැටියද කුරුල්ලන් දැකබලා ගැනීම සඳහා සංචාරයට සුදුසුය.
ලංකාවට එන සංචාරක නිහැරියන්ගේ සම්පූරණ ලයිස්තුවක් භූෂණගේ මේ බ්ලොග් පිටුවෙන් ගන්න පුලුවන් - List of Migratory Birds from Bushana's Blog
කුරුල්ලන් සැතපුම් දහස් ගණන් පාර සොයාගෙන යන විධිය තවමත් පැහැදිලි නෑ
පර්යටනික කුරුල්ලන් ගේ ඉතා පුළුල් වූ ගමන් මාර්ග, මුහුදු වෙරළවල්, ගංගා නිම්න සහ කඳු මුදුන් ආදි ස්වාභාවික භූ ලක්‍ෂණයන් ගෙන් මායිම් වී ඇත. වර්ෂයක් පාසා නිශ්චිත ගමන් මාර්ගයක් ඔස්සේ පර්යටනයෙහි යෙදෙන්නට කුරුල්ලන්ට හැකියාව ලැබී ඇත්තේ කෙසේද යන්න තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැති ගැටලුවක්.
මේ සඳහා බොහෝ දුරට සහජ හැකියාව හේතු වන බව දැන් පිළිගෙන තිබේ. හැමදාමත් එකම ප‍්‍රදේශයකට සංක‍්‍රමණය වීමටත්, නැවත නිජබිම්හි තමන් සිටි ප‍්‍රදේශවලට ම පැමිණීමටත් රාත‍්‍රී කාලයේ පවා ගමන් මග නිවැරැදිව සොයා ගැනීමටත්, උන් ගේ සහජ ඉව ඉවහල් වන්නේ යැයි, විශ්වාස කරන්න පුලුවන්.
කලින් තමා කැදැල්ල තැනූ ස්ථානයටම නැවත පැමිණි කුරුල්ලන් ගැන මුදු පැලැඳවීමේ ක‍්‍රමය මගින් සොයාගැනීමට ලැබීමෙන් පර්යාටකයින් කොතරම් නිවැරදි ලෙස තමන්ගේ ගමනාන්තය සොයා වසරක් පාසා පැමිණෙන ආකාරය තහවුරු වෙලා තියෙනවා.
ඉතාමත් පුදුමසහගත වන්නේ තරුණ කුරුල්ලන් කිසිදා නොගිය ගමනක යෙදී තම මවුපියන් ශීත සෘතුව ගත කිරීමට ගිය ප‍්‍රදේශ කරා මග සොයාගෙන පැමිණීමයි. අනුන් ගේ කැදලි තුළ ඇතිදැඩි වුණු කෝකිලයෝ පවා මෙලෙස මවුපියන් ගිය මග ම යෑමට සමත් වෙනවා.
සෘතු විපර්යාසය සමග කුරුල්ලන් ගේ සිරුරුවල ප‍්‍රජනන ඉන්ද්‍රියන්හි වෙනස්කම් ඇති වී ඒ මගින් පර්යටනය සඳහා පෙලැඹවීමක් ඇති වන බව ද සොයාගෙන තිබේ.
කුරුළු සම්පතින් ලෝකයේ පොහොසත්ම රටක් වෙන ලංකාව
අපේ රට කුඩා රටක් වුවත් එහි දක්නට ලැබෙන කුරුලු වර්ග සංඛ්‍යාව ඉතා විශාල ය. ලංකා කුරුලු සංගමය මගින් 2004 දී පළ කළ කුරුලු නාමාවලිය අනුව මෙරට දක්නට ලැබෙන කුරුලු විශේෂ ගණන 439 කි. උන් ගෙන් විශේෂ 33 ක් අප රටට ආවේණික වන අතර විශේෂ 179ක් පර්යටනිකයෝ වෙන බව එහි සඳහන් කරලා තියෙනවා.
ඊසාන දිග මෝසම් සුළං ආරම්භයත් සමග අගෝස්තු අග භාගය වන විට උන් මෙරටට ළඟාවීම ඇරැඹෙන අතර, නොවැම්බර් අගභාගය දක්වාම එය සිදුවෙනවා.
පර්යටනකයන් ගේ ආපසු ගමන සිදු වන්නේ මාර්තු, අප‍්‍රියෙල් සහ මැයි මුල් භාගය දක්වා කාලයේ බව නිරීක්ෂණය වෙනවා.
මේ හැරුණු කොට දක්‍ෂිණාර්ධගෝලය නිජබිම කරගත් සමුද්‍රචාරී කුරුලු විශේෂ කීපයක් ද ඒ ප‍්‍රදේශයන්හි ශීත සෘතුවේ එනම් මැයි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ අපේ මුහුදු තීරයට පැමිණෙයි. ඒ පිටරැළියන් සහ රළ කපන්නන් වර්ග කීපයකි.
Comments
Post a Comment