Motorsport / High Performance Car Divisions of Major Auto Makers | ලෝකයේ අංක එකේ කාර් සමාගම්වල මෝටර් ස්පෝට්ස් සන්නාම
ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයින් මෝටර් රථ ධාවන ක්‍රීඩා (Motorsports) සහ ඉහළ කාර්යසාධනයක් සහිත වාහන නිර්මාණයට විශේෂයෙන්ම කැපවූ අංශ පවත්වාගෙන පවත්වාගෙන යනවා.
මෙම අංශ බොහෝ විට ප්‍රධාන සමාගමේ නිශ්පාදනව වලට වඩා වේගවත්, වඩාත් බලවත්, විශේෂ හැසිරීම් රටා, හා විශේෂ තාක්ෂණයන් සහිත, එමෙන්ම වඩාත් ආරක්ෂාකාරී රථ නිපදවනවා.
එම පමණක් නොවේ, සමාගමේ තාක්ෂණික නිම්-වළලු පුලුල් කිරීමට අවශ්‍ය අලුත් තාක්ෂණයන් නිර්මාණය කිරීමට මෙන්ම, පර්යේෂණ මට්ටමේ ඇති තාක්ෂණයන් වල ක්‍රියාකාරිත්වය තහවුරු කරගැනීමටත් මෙම අංශවලින් එම තාක්ෂණයන් අධිවේගී මෝටර් රථවලට යොදා පරීක්ෂා කරනවා.
මෙම අංශ විසින් ධාවන තාක්ෂණයන් (racing technologies) සංවර්ධනය කරනු ලබන අතර, ඒවා ප්‍රථමයෙන් ඉහළ කාර්යසාධන මාදිලිවලට (high-performance models) ලබාදී ඒවායේ ප්‍රායෝගිකතාවය හා කාර්යසාධනය ගැන සොයා බලනවා. පසුව එම දැනුම මහා පරිමාණ නිෂ්පාදන මෝටර් රථ (mass production models) වැඩි දියුණු කිරීමට භාවිත කරනවා.
BMW M Division
M Division නැතිනම් Motorsport Division ලෙස බීඑම් ඩබ්ලිව් සමාගමේ හයි පර්ෆෝමන්ස් වාහන අංශය හඳුන්වනවා. BMW රථයක ඉදිරිපස ග්‍රිල් එකේ පහත M ලෝගෝව දකින්නට ලැබෙනවා නම් එම රථය BMW Motorsports ඩිවිෂනය මගින් නිර්මාණය කල හයිපර්ෆෝමන්ස් මාදිලියක් බව හඳුනාගත හැකියි.
- M2 – G87 coupé (2023–)
- M3 – G80 saloon, G81 estate (2021–)
- M4 – G82 coupé, G83 convertible (2021–)
- M5 – G90 saloon, G99 estate (2024–)
- M8 – F92 coupé, F91 convertible, F93 Gran Coupé (2019–)
- X4 M – F98 (2019–)
- X5 M – F95 (2020–)
- X6 M – F96 (2020–)
- XM – G09 (2022–)
M ඩිවිෂනයේ මෝටර්ස්පෝට් තාක්ෂණය අඩංගු කර ඇති සාමාන්‍ය BMW රථ චැසි මාදිලි භාවිතාකර ගොඩනගන M මාදිලි
- i4 M50 xDrive - G26 BEV gran coupé (2021–)
- i5 M60 xDrive - G60 saloon and G61 estate (2024–)
- i7 M70 xDrive - G70 saloon (2023–)
- iX M60 (2022–)
- M135 xDrive – F70 five-door hatchback (2024–)
- M235 xDrive – F74 gran coupé (2024–)
- M240i/M240i xDrive - G42 coupé (2021–)
- M340i xDrive and M340d xDrive - G20 saloon and G21 estate (2019–)
- M440i xDrive and M440d xDrive - G22 coupé and G23 convertible (2020–)
- M760e xDrive - G70 saloon (2023–)
- M850i xDrive - G14 convertible, G15 coupé, and G16 gran coupé (2019–)
- X1 M35i xDrive - U11 (2023-)
- X2 M35i xDrive - U10 (2023–)
- X3 M50 xDrive - G45 (2024–)
- X4 M40i - G02 (2018–)
- X5 M60i xDrive - G05 (2023–)
- X6 M60i xDrive - G06 (2023–)
- X7 M60i xDrive - G07 (2023–)
- Z4 M40i - G29 (2019–)
Mercedes-AMG
Mercedes-AMG, එනම් AMG (Aufrecht, Melcher, Großaspach) ලෙස පොදුවේ හැඳින්වෙන්නේ, සුප්‍රකට මර්සෙඩීස් බෙන්ස් සමාගමේ උප සමාගමක් ලෙස ක්‍රියාකරන, අධිවේගී මෝටර්ස්පෝර්ට් වාහන නිර්මාණය කරන ආයතනයයි.
AMG මුලින් මර්සිඩීස්-බෙන්ස් වාහනවල කාර්යසාධනය වැඩිදියුණු කිරීම (high performance conversions) සඳහා විශේෂිත වූ ස්වාධීන ඉංජිනේරු සමාගමක් ලෙස 1967දී ආරම්භ වූ අතර මර්සිඩීස්-බෙන්ස් සමාගම 2005 වසරේදී AMG සමාගමේ හිමිකාරීත්වය ලබා ගත්තේය.
මර්සෙඩීස්-ඒ.එම්.ජී, අධිවේගී කාර් රථ නිර්මාණය, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සංවර්ධනය, එවැනි රථ සඳහා අවශ්‍ය ඉන්ජිනේරුමය දැනුම වැඩිදියුණු කිරීම සිය ප්‍රධාන මෙහෙයුම් කාර්යය ලෙස සලකනවා. ඔවුන් ඉතා ඉහල ත්වරණ හා අධිවේගී හැකියාවන් ඇති එමෙන්ම සුඛෝපභෝගී කාර් නිර්මාණය කරන අතර මර්සඩීස් බෙන්ස් සමාගමේ මෝටර්-රථ ධාවන තාක්ෂණයේ හිනිපෙත්ත ලෙසද ක්‍රියාකරනවා.
AMG සන්නාමයද සහිතව එන මර්සඩීස් බෙන්ස් මෝටර් රථ, ඉතා ඉහල වේගය, ආරක්ෂාව හා තිරිංග තාක්ෂණයන්ගෙන් සපිරි වන අතර සාමාන්‍ය මර්සඩීස් රථවල වඩාත් වැඩිදියුණු කිරීම් පිලිබිඹු කරනවා. ඒවාස සාමාන්‍ය මර්සඩීස් රථවලට වඩා අධිබල එන්ජින්, ඒවා වලින් උපරිම ත්වරණය හා වේගය ගැනීමට අවශ්‍ය ඩ්‍රයිව්-ට්‍රේන් මෙන්ම, ඉක්මණින් අධිකවේගය අඩුකරගත හැකි බලසම්පන්න ඩිස්ක් බ්‍රේක් පද්ධතීන් වලින්ද සමන්විතයි. එමෙන්ම AMG වාහනවල පිටත හැඩගැන්වීම් වල වෙනස්කම් තිබෙන අතර රියදුරාට ඉතා ඉහල පාලනයකින් අධිවේගී ධාවනයේ යෙදෙන්න පුලුවන්.
AMG ඩිවිෂනයෙන් එන මර්සඩීස් ඒ.ම්.ජී වාහන මාදිලි, 2025
Compact and Entry-Level Models
- Mercedes-AMG A 35 and A 45 S (Hatchback)
- Mercedes-AMG GLA (SUV variants)
- Mercedes-AMG CLE 53 (Coupe and Cabriolet)
Mid-Size and Executive Models
- Mercedes-AMG C 43 (Sedan)
- Mercedes-AMG E 53 Hybrid (Sedan, plug-in hybrid)
- Mercedes-AMG GLC 63 S E PERFORMANCE (SUV and Coupe, plug-in hybrid)
High-Performance Coupes and Roadsters
Mercedes-AMG GT Coupe series:
- GT 43 (four-cylinder)
- GT 55 and GT 63 (V8)
- GT 63 S E PERFORMANCE (plug-in hybrid)
- GT 63 PRO (road legal, track focused)
Mercedes-AMG SL Roadster series:
- SL 43
- Higher variants including SL 63 S E PERFORMANCE (plug-in hybrid)
SUVs and Off-Roaders
- Mercedes-AMG GLE and GLS (including 63 variants)
- Mercedes-AMG G 63 (iconic off-roader, with special editions such as G 63 4x4²)
Audi Sport
Audi S and RS Models
Audi S
Audi RS
2025 දෙසැම්බර් මාසය වන විට, Audi Sport ආයතනයෙන් දැනට වෙළඳපොළට නිකුත් කර ඇති Audi RS මාදිලි
- RS 3 (sedan, with the iconic turbocharged five-cylinder engine)
- RS 5 (available as Sportback)
- RS 6 Avant (high-performance wagon, performance variant)
- RS 7 (performance Sportback)
- RS Q8 (high-performance SUV, performance variant)
- RS e-tron GT (all-electric grand tourer, performance variant)

Comments
Post a Comment