STRANGER THINGS SEASON 5 - Upside down is an Einstein-Rosen Bridge (wormhole) | අප්-සයිඩ් ඩවුන් මානය ඇත්තටම අයින්ස්ටයින්-රෝසෙන් පණු සිදුරක්
Stranger Things අභිරහස විසඳෙයි: ‘Upside Down’ කියන්නේ මොනවගේ දෙයක්ද කියලා අන්තිමට හෙලිවුනා!
"වසර දශකයකට ආසන්න කාලයක් තිස්සේ Stranger Things ලෝලීන්ට ලොකු අභිරහසක් වෙලා තිබුණු 'Stranger Things' කතා මාලාවේ 'Upside Down' කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක දැන් හෙළි වෙලා තියෙනවා.
නත්තල් දවසේ නෙට්ෆ්ලික්ස් (Netflix) හරහා විකාශය වුණු මේ කතා මාලාවේ පස්වැනි වගේම අවසාන සීසන් එකේ දෙවැනි කොටසින් තමයි මේ තොරතුරු හෙලිවුනේ.
ඒ අනුව, මේ බියකරු මානය (Dimension) ඇත්තටම 'The Abyss' කියලා හඳුන්වන වෙනත් ලෝකයක් එක්ක ඉන්ඩියානාහි හෝකින්ස් නගරය සම්බන්ධ කරන අස්ථායී 'wormhole' එකක් හෙවත් අයින්ස්ටයින්-රෝසෙන් බ්‍රිජ් එකක් (Einstein-Rosen Bridge) කියලා දැන් හෙලිවෙලා.
මේ තොරතුර අනාවරණය වෙන්නේ කණ්ඩායමේ ඉන්න අංකුර විද්‍යාඥයා වෙන ඩස්ටින් හෙන්ඩර්සන් (Dustin Henderson) හරහායි.
'The Bridge' කියලා නම් කරලා තියෙන කථාංගයේදී ඩස්ටින් තමන්ගේ යාළුවන්ට මෙහෙම කියනවා: 'මේ මුළු කාලය පුරාම අපි Upside Down ගැන හිතාගෙන හිටපු හැමදේම සම්පූර්ණයෙන්ම වැරදියි.'"
Upside Downවලත්, හෝකින්ස්වල විද්‍යාගාරයේ පිටපතක් තියෙනවා. එහි තිබුණ ඩොක්ටර් බ්‍රෙනර්ගේ දිනපොත් (Journals) පරීක්ෂා කරද්දී තමයි ඩස්ටින්ට මේ සත්‍යය සොයාගන්න ලැබෙන්නේ.
මේ පාලම එකට රඳවාගෙන තබාගන්නේ 'Exotic matter' (අභිරහස් පදාර්ථ) වලින් හැදුණු විශේෂ ගෝලයක් මගින්. භෞතික විද්‍යාවට අනුව මේ කියන ශක්ති ප්‍රභවය තමයි 'Wormholes' ස්ථාවරව තබාගන්න උදව් වෙන්නේ.
පස්වැනි කථාංගයේදී (Episode 5) නැන්සි වීලර් තමන්ගේ ෂොට්ගන් එකෙන් මේ ශක්ති ගෝලයට වෙඩි තියනවා. ඒත් එක්කම ඇතිවෙන ප්‍රබල ධ්වනි පිපිරීමක් (Sonic explosion) නිසා අර කියපු අභ්‍යවකාශ උමඟ අස්ථාවර වෙන්න පටන් ගන්නවා.
මේ නිසා නැන්සි සහ ජොනතන් බයර්ස් ඉන්න ලැබ් එක ඔවුන්ගේ ඇස් පනාපිටම දියවෙලා යනවා.
මොකක්ද මේ ‘Exotic Matter’? - Stranger Things පිටුපස ඇති විද්‍යාව
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (General Relativity) පිළිබඳ සමීකරණවලට අනුව, ගමන් කළ හැකි මට්ටමේ Wormhole පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම 'Exotic Matter' හෙවත් 'අභිරහස් පදාර්ථ' තිබිය යුතුමයි. නැත්නම් එවැනි උමඟක් ස්ථාවරව තබාගන්න භෞතික විද්‍යාත්මකව කිසිසේත්ම බැහැ.
මේක "ගුරුත්වාකර්ෂණය සහ ජ්‍යාමිතිය අතර සටනක්" විදිහට පැහැදිලි කරන්න පුලුවන්.
1. ගුරුත්වාකර්ෂණ ගැටලුව: ක්ෂණික කඩා වැටීම
අයින්ස්ටයින්ගේ මතයට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නේ ඇදගැනීමේ බලයක්. ඉතින් අපි අවකාශය හරහා "උමඟක්" (Wormhole) හැදුවොත්, ඒ අවට තියෙන අධික ගුරුත්වාකර්ෂණය නිසා ඒ උමඟ ක්ෂණිකව ඇකිලිලා වැහිලා යනවා.
එය විවෘතව තබාගන්න යම් ආධාරකයක් නැති වුණොත්, එක ආලෝක ෆෝටෝනයක් ඒ හරහා යන්න කලින් මේ උමඟ කළු කුහරයක් (Black hole) බවට පත්වෙලා විනාශ වෙනවා.
2. 'Exotic Matter' වල භූමිකාව
මේ Exotic පදාර්ථය (මෙයට එක්සොටික් - නැතිනම් අභිරහස් පදාර්තය කියන්නේ තවම ඒ ගැන නොදන්න නිසා) උමඟ ඇතුළේ ඉඳන් පිටතට තල්ලු කරන "Anti-gravity" හෙවත් ප්‍රති-ගුරුත්ව බලයක් නිපදවන එක.
සාමාන්‍ය පදාර්ථ හැමදේම තමන් වෙතට ඇදගනිද්දී, මේ 'Exotic Matter' කරන්නේ උමඟේ බිත්ති පිටතට තල්ලු කරන එකයි. ඒ මගින් ගුරුත්වාකර්ෂණයේ ඇදගැනීමට එරෙහිව ක්‍රියා කරලා, මේ අන්තර්-මාන පාලම ස්ථාවරව තියාගන්නවා.
Stranger Things කතාවට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද?
කතාවේ එන 'Upside Down' ලෝකය මේ කියන 'Exotic Matter' ගෝලයකින් පාලනය වීම, ඇත්තටම භෞතික විද්‍යාවේ එන මොරිස්-තෝන් (Morris-Thorne) වර්ම්හෝල් සිද්ධාන්තයට හොඳින්ම ගැළපෙනවා.
මොරිස්-තෝන් වර්ම්හෝල් සිද්ධාන්තයයි අයින්ස්ටයින්-රෝසෙන් වර්ම්හෝල් සිද්ධාන්තයයි අතර ප්‍රධාන වෙනස
මොරිස්-තෝන් වර්ම්හෝල් සිද්ධාන්තයයි අයින්ස්ටයින්-රෝසෙන් වර්ම්හෝල් සිද්ධාන්තයයි අතර ප්‍රධාන වෙනස වෙන්නෙ අයින්ස්ටයි-රෝසෙන් වර්ම්හෝල් එක නිර්මාණය කල වහාම ක්ෂය වන කිසිම අංශුවකට ගමන් කල නොහැකි එකක්.
මොරිස් තෝන් වර්ම්හෝල් සිද්ධාන්තය එක්සොටික් මැටර් හෙවත් අභිරහස් පධාර්තයක් ගැන න්‍යායක් ගොඩ නගලා ස්ථාවර වර්ම්හෝල් එකක් ගොඩනන්න පුලුවන් කියල පැහැදිලි කරන වැඩිදියුනු කරපු සිද්ධාන්තයක්
නැන්සි වීලර් තමන්ගේ තුවක්කුවෙන් මේ ගෝලයට තියනකොට ඇය ඇත්තටම කලේ මේ උමඟ විවෘතව තබාගන්නා "තල්ලු කිරීමේ බලය" හානි කරන එක. ඒ බලය නැතිවුණු ගමන්ම මුළු ලැබ් එකම දියවෙලා, කඩාගෙන වැටෙන්න පටන් ගන්නේ අන්න ඒ නිසයි.
මුළු කතාවම වෙනස් කරන හෙලිදරව්ව
'Upside Down' කියන්නේ භයානක සත්තු පිරුණු අත්භූත දර්පණ ප්‍රතිබිම්බ මානයක් (Mirror Image Dimension) කියලයි. හැබැයි ඇත්තටම ඒක ඇබිස් කියන වෙනත් ලෝකයකට මාවතක් විතරයි. එහි ස්වභාවය අනුව ඒක හෝකින්ස්වල විනාශවූ දර්පණ ප්‍රතිබිම්බයක් විදියට තියෙනවා.
ඩෙමෝගොගන්, මයින්ඩ් ෆ්ලයර් (Mind Flayer) වැන්නවුන්ගේ සැබෑ නිවහන 'The Abyss' කියන ලෝකයයි. හතරවැනි සීසන් එකේදී එලවන් (Eleven) විසින් හෙන්රි ක්‍රීල් නොහොත් වෙක්නා (Vecna) පන්නා දැමූ කහ පැහැති අහසක් තියෙන ඒ අද්භූත ලෝකය ඇබිස් කියලා හඳුන්වනවා.


Comments
Post a Comment