FIRST THING ABOUT TOYOTA RACING - IT'S TGR AND NOT TRD
ශ්‍රී ලංකාවේ සමහර අය තවමත් ටොයෝටා සමාගමේ ඉහළ කාර්යසාධන සහිත high performance and racing car රථ අංශය හඳුන්වන්නේ TRD හෙවත් Toyota Racing Development ලෙසයි. මෙම තත්ත්වය 2015 වසරේදී වෙනස් වූ අතර, එතැන් සිට ටොයෝටා හි සියලුම ඉහළ කාර්යසාධන සහ Toyota Motor Sports ක්‍රියාකාරකම් Toyota Gazoo Racing ලෙස හඳුන්වන්නට පටන්ගත්තා.
WHY GAZOO? AND HOW DID GAZOO NAME ORIGINATE?
Gazoo වචනය ජපන් භාෂාවෙන් Gazō (画像) යන වචනයෙන් බිඳී පැමිණි එකක්. එය ටොයෝටා සමාගමේ භවිතයට එන්නේ 1998දී Gazoo.com ලෙස ටොයෝටා සමාගම ජපානය තුල භාවිතාකල කල පරණ ටොයෝටා වාහන විකිණීම (used car sales) සඳහා නිර්මාණය කල වෙබ් අඩවියක් මගිනුයි.
2007දී සිට ගසූ නාමය ටොයෝටා මෝටර් රථ ධාවන කණ්ඩායම හැඳින්වීමට පටන් ගත්තා. එම කණ්ඩායම Team Gazoo ලෙස තමන්ව හඳුන්වාගත් අතර දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙකු වූ එවක ටොයෝටා සමාගමේ උප සභාපතිවරයෙකු (Vice President) වූ Akio Toyoda ගේ පෞද්ගලික මැදිහත්වීමෙන් මෙය සිදුවුනා. තරඟ කරුවෙකු ලෙස Team Gazoo කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස අකියෝ ටොයෝඩාද ධාවන තරඟවලට සහභාගී වුනා.
2015දී Toyota Gazoo Racing (TGR) නිලවශයෙන් දියත්වුනු අතර ලොව පුරා ටොයෝටා සමාගමේ ධාවන කණ්ඩායම් Toyota Gazoo Racing සන්නාමයෙන් තරඟ වැදුනු අතර ටොයෝටා සමාගම නිර්මාණය කරන අධිවේගී මෝටර් රථද Toyota GR සන්නාමයෙන් මෙන්ම කෙටි නම වූ GR ලෙසින්ද හඳුන්වන්නට පටන් ගත්තා.
ඕනෑම ටොයෝටා මෝටර් රථයක GR හෝ GR Sport යන බැජ් එක දකින්නට ලැබේ නම් එම රථයේ තාක්ෂණය තුල ටොයෝටා Toyota Gazoo Racing තාක්ෂණය අඩංගු වෙනවා.
Toyota Gazoo Racing Launches GR GT Supercars: All-Aluminum Bodies and 4.0L Twin Turbo V8
මෙය පැයට සැතපුම් 199ක (320km/h) උපරිම වේගයක් තිබෙන අතර එයට ලීටර් 4ක ධාරිතාවය ඇති V8 මාදිලියේ, අශ්වබල 641ක ජවයක් ලබාදිය හැකි එන්ජිමක් ඇත. ට්වින් ටර්බෝ මාදිලියේ රථයක් නිසා ජවය වැඩි කිරීමට ටර්බෝ චාජර් දෙකක්ද සවිකර තිබේ.
ගියර් පද්ධතිය 8 ස්පීඩ් ඔටෝමැටික් මාදිලියේ වන අතර පැඩල් ශිෆ්ට් පහසුකමද ලබා දී තිබේ. ක්ලච් පද්ධතිය වෙට් ක්ලච් (wet clutch) තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති නිසා රථයේ වේගය ක්ෂණිකව වැඩි කිරීම හා රේස් ස්ටාට් (launch control / race start) මාදිලියෙන්ද ක්‍රියාත්මක විය හැකියි.
කාරයේ බලපද්ධතියට විදුලි මෝටරයක්ද ඒකාග්‍ර (integrate) කර ඇති අතර, ට්‍රාන්සැක්සලයට සම්බන්ධ කර ඇති විදුලි මෝටරයක් මගින් නිව්ටන් මීටර් 850ක ටෝර්ක් බලයක් රෝදවලට ලබා දෙයි.
Toyota Gazoo Racing සිය උපරිම motorsports විශේෂඥ දැනුම මෙම මෝටර් රථය සඳහා යොදාගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය රියදුරුගේ දණහිස් මට්ටමේ ස්ථානගත වී ඇති අතර, මෝටර් රථයේ බර ඉතා පහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි ව තිබෙනවා. බර අවම කරගැනීම සඳහා carbon fiber-reinforced plastic (CFRP) තාක්ෂණය යොදාගෙන ඇති අතර කාරයේ බොඩි ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් තනා තිබෙනවා.
මෙම මෝටර් රථයේ තිරිංග පද්ධතිය කාබන්-සෙරමික් ඩිස්ක් බ්‍රේක් තාක්ෂණයෙන් නිමවී ඇති අතර විශාල ඩිස්ක් බ්‍රේක් පද්ධතිය, කාරයේ අධික වේගය ඉක්මණින් අඩුකර ගැනීමට උදව් වෙනවා. රෝද අඟල් 20 රිම් වලින් යුතු අතර ඒවා ඉතා සැහැල්ලු ඇලෝයි වීල් ගණයට අයත්.
එමෙන්ම සස්පෙන්ෂන් පද්ධතිය ඉදිරිපස මෙන්ම පසුපසද කොයිල් ස්ප්‍රින්ග්ස් (coil springs) සහිත සම්පූර්ණ ඩබල්-විෂ්බෝන් (double-wishbone) මාදිලියෙන් නිමවා තිබෙනවා.

Comments
Post a Comment