NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

What you dont know about Aston Martin | ඇස්ටන් මාටින් ගැන ඔබ නොදන්නා දේවල්


ඇස්ටන් මාටින් ලැගොන්ඩා (Aston Martin Lagonda Global Holdings PLC) යනු සුඛෝපභෝගී අධිවේගී රථ (high performance sports cars) සහ Grand Tourers (GT) නිෂ්පාදනය සඳහා විශේෂිත වූ බ්‍රිතාන්‍ය නිෂ්පාදකයෙකි. ඇස්ටන් මාටින් හුදෙක් සුඛෝපභෝගී කාර් නිෂ්පාදකයෙකු පමණක් නොවන අතර රෝල්ස් රොයිස්, ලෑන්ඩ් රෝවර් හා ජැගුවර් සන්නාම මෙන්ම බ්‍රිතාන්‍ය මෝටර්-රථ ඉතිහාසය හා උරුමය සමග තදින් බැඳී සිටින සමාගමක්.

වර්තමානයේ, රටවල් 53ක අලෙවි නියෝජිත ආයතන 160කට අධික සංඛ්‍යාවක්  තිබෙන අතර FIA Formula One World Championship, 24 Hours of Le Mans, Qatar 1812km Endurance Race වැනි ලෝකප්‍රකට ධාවන තරඟ වලට කාර්-රථ හා තරඟකරුවන් ඉදිරිපත් කරමින් අධිවේගී මෝටර්-රථ තාක්ෂණයේ ඉදිරියෙන්ම සිටිනවා.

The Founding Years (1913–1939)

ඇස්ටන් මාටින් (Aston Martin) පටන් ගත්තේ 1913 ජනවාරි 15 වෙනිදා ලයනල් මාටින් සහ රොබට් බෑම්ෆෝර්ඩ්. මොවුන් ඊට පෙර 1912 දී ලන්ඩන්වල තැනක Bamford & Martin නමින් සමාගමක් ආරම්භ කර එවක ජනප්‍රිය කාර් සන්නාමයක්වූ සිංගර් (Singer Motors) කාර් අලෙවි කිරීම ඇරඹූවා. සිංගර් කාර් සන්නාමය හා ලෝකප්‍රකට සිංගර් මහන මැෂින් සමාගම අතර කිසිදු සබඳකමක් නැති බව විශේෂයෙන් සඳහන් කල යුතුයි. සිංගර් මහන මැෂින් ඇමරිකාවේ සමාගමක්.

සමාගමට ඇස්ටන් මාටින් යන නම තැබුනේ ලයනල් මාටින් විනෝදාංශයක් ලෙස ඇස්ටන් හිල් නම් කඳු ගැටයක පැවැත්වූ කඳු නැගීමේ මෝටර් රථ ධාවන තරඟවලට සහභාගීවුනු නිසා

Aston Martin නාමය තියෙන පළමු වාහනය හැදුවේ ඉතාලි නිෂ්පාදනයක්වූ ඉසොට්ටා ෆ්‍රැෂිනී (Isotta Fraschini) චැසියකට Coventry-Simplex සමාගම නිර්මාණය කල ෆෝ-ස්ට්‍රෝක් එන්ජිමක් බද්ධ කරමින්. ඒ 1913-1914 කාලයේ.

First Aston Martin

1915 මාර්තු මාසයයේ පලමු ඇස්ටන් මාටින් කාරයේ නිර්මාණ කටයුතු ඇරඹුනත්, පලමුවන ලෝක යුද්ධ ඇරඹීම නිසා ලයනල් මාටින් හා රොබර්ට් බැම්ෆර්ඩ් දෙදෙනාටම සමාගමේ කටයුතු නවතා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක හමුදා රාජකාරිවලට අනුයුක්ත වෙන්නට සිදුවුනා. 

යුද්ධයෙන් පසු සමාගමේ කටයුතු නැවත ඇරඹුනත් මූල්‍ය සාර්ථකත්වය ලබන්නට නොහැකි වුනා. 1920දී බැම්ෆර්ඩ් සිය කොටස් විකුණාදමා සමාගමෙන් ඉවත්වුනා. දිගින් දිගටම පාඩු ලැබීම නිසා 1924දී සමාගම බංකොලොත්වූ අතර 1925දී ණය ගෙවාගැනීමට නොහැකිවීම නිසා ලයනල් මාටින්ට සමාගම විකුණාදැමීමට සිදුවුනා.

Augustus Bertelli Period

බැම්ෆර්ඩ් මාටින් සමාගම , වාහන සන්නාමය වූ ඇස්ටන් මාටින් නමින් ඇස්ටන් මාටින් මෝටර්ස් ලෙස  ලියාපදිංචි කල අතර, විලියම් රෙන්වික්, ඔගස්ටස් බර්ටෙලී යන දෙදෙනා සමග ආයෝජකයින් පිරිසක් සමාගම මිලදීගත්තා. ඒ 1926දී. 

ඔගස්ටස් බර්ටෙලී ඉතාලි ජාතිකයෙකු වූ අතර කුඩා කලම බ්‍රිතාන්‍යයට පදිංචියට පැමිණ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වුනා. ඔහු ඉන්ජිනේරුවෙකු, මෝටර් රථ නිර්මාණකරුවෙකු මෙන්ම මෝටර් රථ ධාවන ශුරයෙකුද වුනා. ධනවතෙකුවූ විලියම් රෙන්වික් ඉජිනේරුවෙකුද වුනා.

ඔගස්ටස් බර්ටෙලී 1926 සිට 1937 දක්වා ඇස්ටන් මාටින් සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරුවා මෙන්ම වාහන නිර්මාපකයාද වූ අතර, ධනවත් මෝටර් රේසින් ලෝලීන් සඳහා අධිවේගී රේසින් කාර් නිර්මාණය කිරීම සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වුනා. බර්ටෙලීගේ මෙහෙයවීමෙන් නිර්මාණය කල රථ ලොව පුරා ධාවන තරඟ ජයගත් නමුත් සමාගම ලාභ ලැබුවේ ඉතා අඩුවෙන්. 1936දී සමාගම රේසින් කාර් පමණක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිය අතහැර සුඛෝපභෝගී මෙන්ම වේගවත් සාමාන්‍ය මෝටර් කාර් (road cars) නිෂ්පාදනයට අතගැසුවා.

The David Brown Era and the Rise of the DB (1947–1972)

1947දී ඩේවිඩ් බ්‍රවුන් ඇන්ඩ් සන්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ඩේවිඩ් බ්‍රවුන් ඇස්ටන් මාටින් සමාගම විකුණා දැමීමට ඇති බව දැනගෙන එහි ගොස් සමාගම පිලිබඳව විස්තර විමසා තිබෙනවා. එමෙන්ම ගියර් පද්ධති පිලිබඳව විශේෂඥ සමාගමක් වන ඩේවිඩ් බ්‍රවුන් සමාගම ඇස්ටන් මාටින් සමාගමේ සැපයුම් කරුවෙකු ලෙසද ක්‍රියාකර තිබෙනවා.

තරුණ කාලයේ මෝටර් සයිකල් ධාවන තරඟ මෙන්ම මෝටර් කාර් ධාවන තරඟ වලට සහභාගීව තිබූ ඩේවිඩ් බ්‍රවුන් තමාන් විසින්ම නිර්මාණය කල රථයකින්ද තරඟකල බවද පැවසෙනවා. 

ඇස්ටන් මාටින් සමාගමේ ATOM නම් අලුත්ම වාහන මාදිලිය ධාවනය කල ඩේවිඩ් බ්‍රවුන්, එය තවත් වැඩිදියුණු කොට අධිවේගී රථයක් බවට පත්කල හැකි බව අවබෝධ කරගෙන ඇස්ටන් මාටින් සමාගම මිලට ගත්තා. එමෙන්ම තවත් සුඛෝපභෝගී රථ සමාගමක් වූ ලැගොන්ඩා සමාගම මිලටගත් බ්‍රවුන් සමාගම් දෙකම ඒකාබද්ධ කොට ඇස්ටන් මාටින් ලැගොන්ඩා සමාගම නිර්මාණය කලා. ඒ අනුව ලැගොන්ඩා සමාගම නිර්මාණය කර තිබූ අලුත්ම එන්ජින් තාක්ෂණය ඇස්ටන් සමාගමට ලැබුනා.

Iconic Aston Martin DB Series


ඇස්ටන් මාටින් සමාගමේ සුප්‍රකටම රථ මාදිලිය වෙන්නේ DB මාදිලියයි. 1964දී තිරගත වුනු ජේම්ස් බොන්ඩ් - ගෝල්ඩ් ෆින්ගර් චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් ගේ වාහනය ලෙස ඇස්ටන් මාටින් DB5 මාදිලිය යොදාගෙන තිබුනු අතර එමගින් ඇස්ටන් මාටින් DB මාදිලි ලොව පුරා ඉතා ජනප්‍රිය වුනා.

ඩේවිඩ් බ්‍රවුන් සමාගමේ අයිතිය ලබාගත් පසු සිදුකල ආයෝජනයන් ගෙන් නිර්මාණය වූ නිසා මෙම කාර් රථ මාදිලි ලෙස හඳුන්වන අතර මුල්ම 1 රථය Aston Martin DB1 (2-Litre Sports) ලෙස හැඳින්වුනා.

එතැන් සිට ඇස්ටන් මාටින් සමාගම නිර්මාණය කල සියලුම ඩී.බී මාදිලි පහත දැක්වෙනවා.

  • Aston Martin 2-Litre Sports (DB1) (1948–1950)
  • Aston Martin DB2 (1950–1953)
  • Aston Martin DB2/4 (1953–1957)
  • Aston Martin DB Mark III (1957–1959)
  • Aston Martin DB4 (1958–1963)
  • Aston Martin DB5 (1963–1966)
  • Aston Martin DB6 (1965–1971)
  • Aston Martin DBS (1967–1972)
  • Aston Martin DB7 (1994–2004)
  • Aston Martin DB9 (2004–2016)
  • Aston Martin DB11 (2016–2023)
  • Aston Martin DB12 (Coupe, Volante, S) (2023–present) 

Mercedes AMG Partnership


2013දී ඇස්ටන් මාටින් සමාගම ජර්මනියේ ඩේම්ලර් බෙන්ස් සමාගම සමග ගිවිසුමකට එළබුනු අතර ඒ අනුව ඇස්ටන් මාටින් සමාගමට එන්ජින්, ගියර් පද්ධති හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණය ලැබෙන්නට පටන් ගත්තා. ඇස්ටන් මාටින් වාහන වලට ප්‍රභල Mercedes AMG V8 හා V12 එන්ජින් හා හයිබ්‍රිඩ් තාක්ෂණය ලැබෙන්නට පටන් ගත්තේ මේ සමගයි.

2018දී ඇස්ටන් මාටින් සමාගම ලන්ඩන් කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගමක් බවට පත්වුනා. 2019 දී සමාගම සිය පලමු SUV රථය වන Astion Martin DBX රථය නිර්මාණය කරන්නට පටන් ගත්තා.

Aston Martin Aramco Formula One Team

.2020දී කැනේඩියානු බිලියනපති ලෝරන්ස් ස්ට්‍රෝල් මූලික කරගත් ආයෝජක කණ්ඩායමක් ඇස්ටන් මාටින් සමාගමට විශාල ආයෝජනයක් සිදුකල අතර ලෝරන්ස් ස්ට්‍රෝල් එහි විධායක සභාපති (Executive Chairman) ලෙස පත්වුනා. ඔහු 2019දී තමන් සතුකල ගත්, කලින් ඉන්දියානු බිලියනපති විජේ මල්යා සතුව තිබූ සහරා-ෆෝස්-ඉන්ඩියා-F1 රේසින් කණ්ඩායම 2021දී ඇස්ටන් මාටින්-ඇරැම්කෝ ෆෝමියුලා වන් කණ්ඩායම ලෙස නම් කොට, ඇස්ටන් මාටින් සමාගම යලිත් F1 තරඟවලට යොමුකලා.

ලෝරන්ස් ස්ට්‍රෝල්ගේ පුත් ලාන්ස් ස්ට්‍රෝල්, ඇස්ටන් මාටින් F1 කණ්ඩායමේ ධාවකයෙකු ලෙස තරඟ වදිනවා. 2005 හා 2006 F1 ලෝක ශූරතා දිනාගත් ෆර්නැන්ඩෝ ඇලොන්සෝ, ලාන්ස් ස්ට්‍රෝල් සමග ඇස්ටන් F1 කණ්ඩායමේ අනෙක් ධාවකයා ලෙස ක්‍රියාකරනවා.


Comments