Understanding Formula One Racing: ෆෝමියුලා වන් ධාවන උපාය මාර්ග (race strategy) සහ රථ සැකසුම් (car setup) හදන්නේ කවුද?

 


ෆෝමියුලා වන් හි ධාවන උපාය මාර්ග (race strategy) සහ එක් එක් ධාවන පථයකටම සුදුසු ආකාරයට රථය සැකසුම් (car setup) කිරීම විශේෂිත ඉංජිනේරුවන් හා උපායමාර්ග විශේෂඥයින් අතින් සිදුවෙනවා.

Race Strategy

Race Strategy හෙවත් ධාවන තරඟය තුලදී කණ්ඩායමේ රියදුරන් දෙදෙනා ධාවනය කල යුතු ආකාරය පිලිබඳව කලින් සැලසුම් කරන අතර ධාවනය සිදුවන අතර තුරේදී විවිධ සිදුවීම් (අණතුරක්, ගැටීමක්, වර්ෂාව, වෙනත් රථයකට කාර්මික දෝෂ හටගැනීම, ආදියේදී, ඒවා තමන්ගේ වාසියට හරවා ගැනීමට සැලසුම්  කර සිමියුලේෂන් රේසින් (simulation racing) හරහා ඒවා ප්‍රගුණ කරවනවා. 

අණතුරකදී එම අණතුරේ බාධක ධාවන පථයෙන් ඉවත් කරන තෙක් තරඟය පාලනයට යොදන ආරක්ෂක කාර් රථය හෙවත් Safety Car, යෙදවන අවස්ථාවල ක්‍රියාකල යුතු ආකාරයද රේස් ස්ට්‍රැටජිවල අඩංගුව තිබෙනවා.

එමෙන්ම ධාවන පථයේ හැඩය, මතුපිට ස්වභාවය, ටයර් ගෙවීමේ සීග්‍රතාවය, වංගුවල තීව්‍රතාවය, වේගයෙන් ධාවනය කල හැකි කෙලින් ඇති කොටස් වලදී ගතයුතු ක්‍රියාමාර්ග ආදියද රේස් ස්ට්‍රැටජිවලට ඇතුලත් වෙනවා.

තරඟය සඳහා සෑම කණ්ඩායමකටම ඉතාලියේ පිරැලි ටයර් සමාගම F1 සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ටයර් කාණ්ඩ තුනක්, එනම් දෘඩ ටයර්, මෘදු ටයර් හා ඒ ගතිගුණ සමානව ඇති මීඩියම් ටයර් වශයෙන් ටයර් වර්ග තුනක් ලබාදෙනවා. 

එක් එක් ධාවනය පථයේ මතුපිට ස්වභාවය, රියදුරන්ට සිය ටයර් ගෙවීම කළමණාකරණය කරගැනීමට ඇති අවස්ථා මෙන්ම තත්පර කිහිපයකදී ටයර් මාරු කිරීමේ භාරදුර වගකීම තිබෙන පිට් කණ්ඩායම (pit crew) ලබා ඇති පුහුණුව හා වේගවත් භාවයද ටයර් තෝරාගැනීමේදී සලකන අතර, මුලින්ම යොදන ටයර් හා පිට් නැවතුමේදී මාරුකරන ටයර් වර්ගය ආදියද රේස් ස්ට්‍රැටජියේ ඉතා වැදගත් අංග වනවා

දෘඩ ටයර්වලින් රථයේ වේගය සාපේක්ෂව අඩුකලත්, වට ගණනාවක් යනතෙක් ගෙවීයාමක් සිදු නොවන නිසා, යම් ධාවන තරඟවලදී හාඩ් ටයර වාසිදායක වනවා. මෘදු ටයර් වේගවත් ධාවනයකට අවස්ථාව දුන්නත් වේගයෙන් ගෙවී යන නිසා අඩු වට ගණනකදී පිට් ස්ටොප් එකකට යාමට රියදුරාට සිදුවන අතර එහිදී ගතවන කාලය අනුව රියදුරා නැවත තරඟයට අවතීර්නවන විට වඩාත් වේගවත් ධාවකයින් ඉදිරියෙන් සිටියහොත් ඔවුන් යලි ඉස්සර කිරීම අපහසු වෙන්න පුලුවන්. එවිට රියදුරාට අවාසි වනවා.

Team in charge of Race Strategy

Head of Race Strategy (or Chief Strategist): සමස්ත උපායමාර්ගික කණ්ඩායම අධීක්ෂණය කිරීම, ධාවන පූර්ව සැලසුම් සකස් කිරීම සහ කාලගුණය හෝ ආරක්ෂක මෝටර් රථ වැනි විචල්‍යයන්ට අනුවර්තනය වීම මෙයට ඇතුළත් වේ. ඔවුන් අනුරූ අත්හදා බැලීම් (simulations) මෙහෙයවන අතර ධාවන පථය අසල සිටින නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරයි.

Senior Trackside Engineer/Trackside Strategist: ඔවුන් ධාවන තරඟ අතරතුර ධාවන පථයේ පිට් වෝල් (pit wall) ලෙස හැඳින්වෙන ස්ථානයේ රැඳී සිටිමින් පිට් උපාය මාර්ග (pit strategies) සහ ටයර් වර්ග පිළිබඳව තරඟය පැවැත්වෙන මොහොතේ ඇතිවන අවස්ථාවලට අනුකූලව තීරණ ගනු ලැබේ. 

Race Engineer: රියදුරු සහ උපායමාර්ගික කණ්ඩායම (strategy team) අතර ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස ක්‍රියා කරන තරඟ ඉන්ජිනේරුවන්, තරඟය අතරතුර රියදුරා සමග රේඩියෝ මගින් සම්බන්ධවෙමින් ස්ට්‍රැටජි කණ්ඩායමේ නිගමන රියදුරාට දැනුම් දීම, කාර් රථයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව රියදුරාගෙන් එන එන පණිවුඩ ලබාගෙන ස්ට්‍රැටජි කණ්ඩායමට ලබාදීම, රථයේ සංවේදක වලින් ටෙලිමෙට්‍රි (telemetry) තාක්ෂණය හරහා ලැබෙන දත්ත වල මූලික විශ්ලේෂණ සිදුකරමින් රියදුරාට සහය වීම, වෙනත් තරඟකරුවන් සිටින ස්ථාන, ඔවුන්ගේ හැසිරීම් හා නිරීක්ෂණය වන ගැටලු ආදිය පිලිබඳව රියදුරා දැනුවත් කිරීම ආදී රාජකාරි රාශියක් සිදුකරයි. සෑම රියදුරෙකුටම කැපවූ තරඟ ඉංජිනේරුවෙක් සිටින අතර ඔවුන් දෙදෙනා අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය හා සහසම්බන්ධතා, රියදුරා ධාවන පථයේ දක්වන දක්ෂතාවලට විශාල පිටුවහලක් වෙනවා.

Team Principal: කණ්ඩායමේ තරඟ උපායමාර්ග මෙන්ම තරඟාවලියේදී කණ්ඩායමේ හා කණ්ඩායම් රියදුරන්ගේ අරමුණු පිලිබඳව අවසන් තිරකයා මෙන්ම ප්‍රධාන සැලසුම් කරුවා මෙන්ම විධායකයාද වන කණ්ඩායම් ප්‍රධානියා කණ්ඩායමේ සාර්ථකත්වය පිලිබඳව පූර්ණ වගකීම් දරන පුද්ගලයා වේ.

Car Setup

කාර් සෙට්-අප් හෙවත් තරඟය සඳහා කාර් රථය සූදානම් කිරීමද ඉතාමත් සූක්ෂමව සැලසුම් කරන දෙයක්. රථයේ වායුගතික හැසිරීම (aerodynamic behaviour), එන්ජිමේ කාර්යක්ෂමතාවය, එන්ජිමේ විශ්වාසනීයත්වය (engine reliability) හා රථයට කොතරම් වේගයෙන් ත්වරණය විය හැකිද? කොතරම් ඉක්මණින් වංගුවලදී පාලනයේ තබාගෙන වේගය අඩුකර ගත හැකිද? වේගවත් ඉස්සර කිරීම් වලදී රථයේ හැසිරීම කෙසේද? ධාවන පථයේ සාමාන්‍ය උෂ්ණත්වය කොමපණද? (උෂ්ණත්වය අඩුවීම, ටයර් කායක්ෂමතාවය අඩු කරන අතර අධික උෂ්ණත්වය රථයේ යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලට හා ඉලෙක්ට්‍රොණික උපාංගවලට හානිකල හැකි අතර ටයර ගෙවීයාමටද බලපායි, එමෙන්ම රියදුරාව අධික වෙහෙසට පත්කරයි)

මේ අනුව තරඟය පැවැත්වෙන ධාවන පථයේ තත්වය, හා පැවැත්වෙන වෙලාව හා එහි කාළගුණ/දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස කාර් රථයේ විවිධ සීරුමාරු කිරීම් කරමින් ඉතාමත් වේගවත් මෙන්ම රියදුරාට හොඳ පාලයනයක් දෙන ආකාරයට රථය සූදානම් කිරීම කාර් සෙට්-අප් තාක්ෂණ කණ්ඩායමේ වගකීම වෙනවා.

Technical Director: වාහනයේ නිර්මාණය, වායුගතික (aerodynamic behaviour) හැසිරීම පිලිබඳව ප්‍රධාන තීරකයා මෙන්ම වාහනයේ බල ඒකක (power units) පිලිබඳව මූලික තීරණ ගන්නා, සියලුම ඉන්ජිනේරු උපායමාර්ග හා තීරණවල අධීක්ෂකයා හා තීරකයා වෙයි.

Head of Race Engineering: තරඟය පැවැත්වෙන ධාවන පථයේ සිදුවන සියලුම තාක්ෂණික හා ඉන්ජිනේරුමය තීරණ හා සීරුමාරුවල වගකීම් දරණ, සියලු ඉන්ජිනේරු අනුකණ්ඩායම්වලට නායකත්වය ලබාදෙන ප්‍රධානියා. වාහනයේ වායුගතික හැසිරීම හා සීරුමාරු, සංවේදක, ටයර් පිලිබඳව ගතයුතු තීරණ, පිට් කණ්ඩායමේ ඉහල අධීක්ෂණය ඇතුලු සියලුම තාක්ෂණික කරුණු වල අවසන් තීරකයා ලෙස ක්‍රියාකරයි. මොවුන් රියදුරන්, එක් එක් රියදුරාගේ රේස් ඉන්ජිනියර් ඇතුලු කණ්ඩායම් සමගද ඉතා සමීපව කටයුතු කරමින් තරඟයේදී කාර් රථය ඉහලම කාර්යසාධනයට (highest car performance) ගෙන ඒමට හැකි සියල්ල සිදුකරයි.

Performance Engineer: වාහනයේ සමතුලිතතාවය (balance), ටයර් කළමනාකරණය (tyre management) සහ බල ඒකකයේ මාතයන් (power unit modes) වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් සැකසුම් වෙනස්කම් (setup changes) නිර්දේශ කිරීම සඳහා ධාවන සැසිවල හා පුහුණු සැසිවල (race sessions and practice sessions) දත්ත විශ්ලේෂණය කරයි. ධාවන ඉංජිනේරුවරයා (race engineer) සමඟ සමීපව කටයුතු කරන අතර ප්‍රධාන ඉන්ජිනේරුවරයාට රපෝර්තු කරයි.

Head Mechanic (per Driver): සෑම කාර් රථයකටම එක් ප්‍රධාන තාක්ෂණවේදියෙකු සිටින අතර කාර් රථය ඉන්ජිනේරු කණ්ඩායමේ විධාන වලට අනුව ගොඩනැගීම, සීරුමාරු කිරීම හා කාර් රථයේ සියලුම සීරුමාරු නිසි ආකාරයට සිදුවනවා දැයි සොයා බැලීම මොහුගේ රාජකාරිය වනවා.

Comments