අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ලංකාවෙන් ගෙනගිය යපස්වලින් තැනූ දමස්කස් වානේ තාක්ෂණය - Lost Ancient Technology of Damascus Steel

ලංකාවෙන් ගෙනගිය යපස්වලින් තැනූ දමස්කස් වානේ



දමස්කස් වානේ යනු සිරියාවේ දමස්කස් නුවර කේන්ද්‍රකොට ගත් මැදපෙරදිග වානේ කර්මාණ්තය නිපැදවූ විස්මිත වානේ වර්ගයකි. තහවුරුවූ සාක්ෂි අනුව දමස්කස් වානේ නිපදවීම සඳහා භාවිතාකල හැකි ලොව එකම යපස් ලැබුණේ ලංකාවේ යපස් ආකර වලිනි. එකල ලංකාවේ දියුණු පතල් කර්මාණ්තයක් තිබූ අතර ලංකාවේ පතල් වලින් ලැබුණු ඉස්තරම් යපස් මෙන්ම වටින මැණික් වලට ලොව ඉහල ඉල්ලුමක් තිබුණි.

ලංකාවේ පැරණි පතල්කරුවන් යපස් උණුකොට යකඩ ලබාගෙන එම යකඩ කුට්ටි දමස්කස් වානේ තැනීම සඳහා මැදපෙරදිගට අපනයනය කල බව පැවසෙනවා.

ක්‍රි.ව 1000-1700 ලොව රණකාමීන්ගේ ප්‍රියතම අසිපත් නිමැවූයේ දමස්කස් වානේ වලිනි. දමස්කස් වානේ අසිපත් අතිශයින්ම මුවහත් වූ අතර කඩු හරඹ වලදී එම අසිපත්වල ගැටුනු වෙනත් අසිපත් දෙකඩවූ බව වාර්තා වනවා. එමෙන්ම දමස්කස් වානේ අසිපත්වල තවත් සුවිශේෂී ගුණාංග දෙකක් නම් ඒවා සැහැල්ලු වීම සටන්කාමියාට පහසුවෙන් හැසිරවිය හැකිවීම හා සුනම්‍යවීම (super-plasticity) නිසා කැඩීයාමට ඇති හැකියාව අවම වීමයි.

දමස්කස් වානේ තැනීමේ රහස දැනසිටියේ එකල සිරියාවේ දමස්කස් නුවර කේන්ද්‍රකරගත් වානේ කර්මාණ්තයේ ශිල්පීන් විසින් වන අතර දැන් එම තාක්ශණය අභාවයට ගොස් ඇත.

දමස්කස් වානේ අසිපතක් හඳුනාගත හැකි ප්‍රධාන සළකුණ නම් එහි තලයේ ඇති දිය රැළි මෙන් පෙනෙන වයිරම් රටායි. පැරණි දමස්කස් අසිපත්වල සාම්පල ගෙන ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිදුකල පර්යේෂණයකදී දමස්කස් අසිපත්වල අපූර්ව හැකියාවන් වලට හේතුව ඒම වානේ සෑදීමේ ක්‍රියාවලිය අනුව ස්වභාවිකවම වානේ තුල ඇතිවල කාබන් නැනෝ බට (carbon nano tubes) ලෙසින් හැඳින්වෙන ශක්තිමත් කාබන් දාම හා සිමෙන්ටයිට් නැනෝ-තන්තු (cementite nano-wires) හේතුවෙන් බව සොයාගෙන තිබෙනවා.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments