US Special Forces strike in Afghanistan ....


ඉහත රූපසටහනෙන් දැක්වෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ අමෙරිකානු විශේෂ බළකා මෙහෙයුමක් ක්‍රියාත්මක වන ආකාරයයි. ඇෆ්ඝන් අහසේ නිරන්තරයෙන් සැරිසරන ඩ්‍රෝන යානා මගින් හෝ ඇෆ්ඝන් ඔත්තුකරුවන් මගින් ලැබෙන තොරතුරු මත මෙම මෙහෙයුම් ක්‍රියාවට නැගේ.

කුඩා කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වන විශේෂ බළකා භට කණ්ඩයන් චන්ද්‍රිකා හරහා එකිනෙකා සමගත් අහසේ ඔත්තු බලන ඩ්‍රෝන යානා හා ඒවායේ මෙහෙයුම් කරුවන් සමගත් නිරන්තර සබඳතා පවත්වයි. ඒ අනුව තලේබාන් සටන්කාමීන්ගේ යම් ගමනාගමනයක් නිරීක්ශණය වූ වහාම ඒ පිලිබඳව අවධානයෙන් සිටිමින් ලැබෙන පලමු අවස්ථාවේදීම ඔවුන් විනාශකොට දැමීමට පියවර ගනී.

ජනාධිපති ඔබාමාගේ සැළසුමට අනුව 2014 වසර අවසන්වීමට පෙර සියළු අමෙරිකානු පාබල හා ගුවන් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් පිටවිය යුතුය. එහෙත් මෙයින් අදහස් කෙරෙන්නේ අමෙරිකාව නැවතත් ඇෆ්ඝනිස්ථානය තලේබාන් හා අල්ඛයිඩා සටන්කාමීන්ට භාරදෙනවා යන්න නොවේ. ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් මූලස්ථානයේ (US Special Operations Command - SOCOM) අණදෙන නිළධාරී අද්මිරාල් විලියම් මැක්-රයන් ප්‍රකාශකර පරිදි අමෙරිකානු යුධ හා ගුවන් හමුදා ඇෆ්ඝනිස්ථානය හැර යන්නේ ඇෆ්ඝනිස්ථානයේ හමුදා මෙහෙයුම් සියල්ලම අමෙරිකානු විශේෂ බළකා බළඇණිවලට භාරදීමෙන් පසුවයි. ඒ අනුව 2013 වසර අවසන්වන විට ඇෆ්ඝනිස්ථානයට අමෙරිකානු විශේෂ බළකා හා කොමාන්ඩෝ සෙබළුන් 10,000කට අධික ප්‍රමාණයක් අනුයුක්ත කෙරෙනු ඇත.




0 comments:

තමන් ලියූ විද්‍යා ප්‍රබන්ධය විකුණා ලැබෙන මුදලින් ඇමරිකන් හමුදාවට ලේසර් අවියක් නිපදවන්නට සැරසෙන භෞතික විද්‍යාඥයෙක්!


ඔහු නමින් ඇඩම් වෙයිගෝල්ඩ්. ඔස්ට්‍රේලියාවේ මැක්වයර් විශ්වවිද්‍යාලයෙන් ලේසර් භෞතික විද්‍යාව පිලිබඳව ආචාර්ය උපාධියක් දිනාසිටින වෙයිගෝල්ඩ් උපතින් ඔස්ට්‍රේලියානුවෙකි. අධිබල ලේසර් හා EMP (Electro-Magnetic Pulse) තාක්ශණය පිලිබඳව විශේෂඥයෙකු වන ඔහු ආරක්ශක තාක්ශණය (defense technology) හා සබැඳි සමාගම් ගණනාවක අධ්‍යක්ශක වයෙකු වන අතර ඔහුගේ නවතම ව්‍යාපෘතිය "Lightening Gun" ලෙස හඳුන්වයි.

ආචාර්ය ඇඩම් වෙයිගෝල්ඩ්
ලයිට්නින් ගන් ව්‍යාපෘතියේ අරමුණ බටහිර රාජ්‍යයන්වල ආරක්ශාවට බලවත් තර්ජනයක් ලෙස සැළකෙන දිගුදුර බැලිස්ටික් මිසයිල හා කෙටි හා මධ්‍යදුර මිසයිලවලින් නියත ආරක්ශාවක් ලබාදිය හැකි ආරක්ශක ආවරණයක් (defensive shield) නිර්මාණය කිරීමයි. චීනය, රුසියාව වැනි බලසම්පන්න රටවල් මෙන්ම ඉරාණය, උතුරු කොරියාව වැනි සතුරු රටවල්ද, පාකිස්ථානය වැනි දේශපාලනමය වශයෙන් අස්ථාවර රටවල්ද බැලිස්ටික් මිසයිල තාක්ශණය හා මධ්‍යදුර/කෙටිදුර මිසයිල තාක්ශණයන් වේගයෙන් වැඩිදියුණු කරමින් පවතින අතර ඉරාණය හා උතුරු කොරියාවද අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවිය හැකි තරමට සිය රොකට් තාක්ශණය දියුණුකරගෙන ඇත.

පාකිස්ථානය මධ්‍යදුර මිසයිල සාර්ථකව අත්හදාබලා ඇති අතර මෙවැනි මිසයිල වල පාලනය අල්ඛයිඩා වැනි ත්‍රස්ත සංවිධානවලට අත්පත්කර ගත හැකි තරමට පකිස්ථානයේ ආරක්ශක මර්මස්ථානවල ආරක්ශාව දුර්වල බව බටහිර රටවල් විශ්වාස කරයි. එමෙන්ම පකිස්ථානයේ නිළ බුද්ධි අංශය වන අයි.එස්.අයි ආයතනයේ සමහර ඉහල නිළධාරීන් අල්ඛයිඩා වැනි ත්‍රස්තවාදී කල්ලිවලට රහසින් උදව් උපකාර කරන බවත් ඔසාමා බින් ලාඩන් හට පාකිස්ථානයේ ආරක්ශා සහිතව සැඟව සිටීමට උපකාරකල බවටත් අමෙරිකානු සී.අයි.ඒ ඔත්තුසේවය තහවුරුකරගෙන ඇත.

මේ අනුව ඉදිරි දශක වලදී මෙම මිසයිල වලින් බටහිර රටවල හා ඔවුන්ගේ හිතවාදී රටවල ආරක්ශාවට බලවත් තර්ජනයක් එල්ලවී ඇති අතර මෙම තර්ජනයට කෙසේ මුහුණ දිය යුතුදැයි යන්න බටහිර යුධ විශේෂඥයින් අතර බලවත් ලෙස සාකච්ඡාවට බඳුන්වී තිබේ. කෙටිදුර මිසයිල හඳුනාගෙන විනාශකල හැකි පේට්‍රියට් ප්‍රතිමිසයිල පද්ධතිය (Patriot anti-missile system)වැනි පද්ධති සාර්ථකව ක්‍රියාත්මක වෙතත් බැලිස්ටික් මිසයිල හා මධ්‍යදුර මිසයිලවලින් ආරක්ශාවිය හැකි තාක්ශණයක් තවමත් නිර්මාණය වී නොමැත. මෙවැනි ආරක්ශක පද්ධති සඳහා අමෙරිකාව ඩොලර් බිලියන ගණනින් පසුගිය දශක කිහිපය පුරාවට වියදම් කලද තවමත් එම ආයෝජනවලින් ප්‍රායෝගික මිසයිල නාශක පද්ධතියක් නිර්මාණය කරගැනීමට නොහැකිවී තිබේ.

Dragon Empire (Sci-Fi/Thriller)

ආචාර්ය ඇඩම් වෙයිගෝල්ඩ් විසින් රචිත "ඩ්‍රැගන් එම්පයර්" හෙවත් මකර අධිරාජ්‍යය නම් ත්‍රාසජනක විද්‍යාප්‍රබන්ධය අනාගතයේ අමෙරිකාව හා ආසියාවේ සුපිරි බලවතාවන චීනය හා ඇතිවන යුද්ධයක් පාදක කොටගෙන රචනාකොට ඇත. අමෙරිකානු සංග්‍රාම මූලෝපායන්ගේ කොඳුනාරටිය වන ගුවන්යානා ගෙනයන නෞකා පද්ධතිය අඩපණ කිරීම සඳහා චීන යුධ විශේෂඥයින් හයිපර්සොනික් මිසයිල (ශබ්දයේ වේගය මෙන් 5ගුණයකට අධික වේගයෙන් ගමන් කරන මිසයිල - මෙවැනි මිසයිල වලින් ආරක්ශාවීම ඉතා අපහසුය) යොදාගන්නා ආකාරයත් ලේසර් මිසයිල නාශක තාක්ශණය ආධාරයෙන් චීන මිසයිල ප්‍රහාරවලින් ආරක්ශාවීමට අමෙරිකානු හමුදාවන් හට හැකිවන ආකාරයත් විස්තර කෙරෙන මෙය "Photonic Warfare" හෙවත් ලේසර් ආලෝක තාක්ශණය සංග්‍රාම මූලෝපායක් ලෙස භාවිතාකල හැකි ආකාරය ප්‍රබන්ධාකාරයෙන් ගැඹුරින් විස්තර කරයි.

Laser EMP missile defense technology

ආචාර්ය වෙයිගෝල්ඩ් ප්‍රකාශ කරන අන්දමට හයිපර්සොනික් මිසයිල වැනි අධිවේගී මිසයිල වලින් ආරක්ශාවීමට ඇති වඩාත් ප්‍රායෝගික ආකාරය වන්නේ ලේසර් කිරණ ආධාරයෙන් ජනනය කරන EMP තරංගයක් මගින් එම මිසයිලවල පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශකොට දැමීමයි.

මෙවැනි තාක්ශණයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සිද්ධාන්තමය තාක්ශණය තමන් සතුව ඇති බව පවසන වෙයිගෝල්ඩ් එම තාක්ශණය වැඩිදියුණු කිරීම සඳහා ලයිට්නින් ගන් ව්‍යාපෘතිය නිර්මාණය කොට තිබෙනවා. මෙම තාක්ශණයේ මූලික පර්යේශණ සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ආයෝජනයක් අවශ්‍ය බව පවසන වෙයිගෝල්ඩ් එම මූල ප්‍රාග්ධනය සඳහා තමන් ලියූ ඩ්‍රැගන් එම්පයර් විද්‍යා ප්‍රබන්ධය විකිණීමෙන් ලැබෙන මුදල් යෙදවීමට බලාපොරොත්තු වනවා.

මූලික පර්යේශණ වලින් සිය සිද්ධාන්ත ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිබව තහවුරු කලවිට එම තාක්ශණය අවියක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජනය සිදුකිරීමට අමෙරිකානු කාක්ශක දෙපාර්තමේන්තුව ඉදිරිපත් වනු ඇතැයි වෙයිගෝල්ඩ් විශ්වාසය පලකරනවා.

Lightning Gun Laser EMP informational video
 
ලේසර් EMP තාක්ශණය පිලිබඳ ලයිට්නින් ගන් ව්‍යාපෘතියේ ප්‍රචාරණ වීඩියෝව...

1 comments:

2013 වසරේ වැඩිදියුණුවන නවතම තාක්ශණයන් - Cognitive Radio / IGZO Display

Cognitive Radio
වේගයෙන් ඉහලයන ජංගම දුරකථන භාවිතය, වසරක් පාසා දෙගුණවන රැහැන් රහිත 3G/4Gබ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සම්ප්‍රේෂණ පරිමාව වැනි හේතූන් නිසා  රැහැන් රේඩියෝ තරංගමාලාවල හිඟයක් ඇති වෙමින් පවතී. මේ නිසා ලොවපුරා නියාමන ආයතන රේඩියෝ තරංගමාලා සඳහා අධික මිළගණන් අයකරමින් සිටින අතර මේ හේතුවෙන් දුරකථන සමාගම් රැහැන් රහිත බ්‍රෝඩ්බෑන් සබඳතා සඳහා අයකරන මිළගණන් අනාගතයේදී බෙහෙවින් ඉහල යනු ඇතැයි තාක්ශණවේදීන් පවසයි. 

මෙයට විසඳුමක් විය හැකි තාක්ශණයක් අමෙරිකාවේ රුට්ගර්ස් විශ්වවිද්‍යාලය හා xG Technology නම් සමාගම බිහිකොට ඇති බව වාර්තාවේ. කොග්නිටිව් රේඩියෝ ලෙස නම්තබා ඇති මෙම තාක්ශණයේ ක්‍රියාත්මක වන්නේ ඉතා වේගයෙන් තරංග සංඛ්‍යාත වෙනස් කරමින් නිදහස් සංඛ්‍යාතවලට මාරුවෙමින් නොකඩවා දත්ත හෝ හඬ සබඳතාවය තබාගැනීමෙනි. ඒ අනුව කොග්නිටිව් තාක්ශණයෙන් නිමැවුනු ජංගම දුරකථන හා වෙනත් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවලට සංඛයාත හිඟවීමෙන් සබඳතාවය අහිමිවීමේ හෝ දත්ත සම්ප්‍රේශණය මන්දගාමීවීමේ ගැටළුවෙන් නිදහස් විය හැකි අතර සංඛ්‍යාත සඳහා දැනට ඇති අධික ඉල්ලුම අඩුකරගැනීමටද හැකියාව ඇතැයි පැවසේ.

මෙම තාක්ශණය විෆි තාක්ශණයේ දත්ත හුවමාරු වේගයට වඩා 8ගුණයක් වේගවත් වන අතර මයික්‍රෝතත්පර 50කදී එක් සංඛ්‍යාතයකින් තවත් සංඛ්‍යාතයකට මාරුවීමේ හැකියාව ඇත.

xG Technology සමාගම දැනටමත් ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝඩඩේල් ප්‍රදේශයේ අත්හදා බැලීමේ කොග්නිටිව් රේඩියෝ ජාලයක් නිර්මාණය කොට ඇති අතර එහි නිවැසියන්ගෙන් තෝරාගත් පිරිසකට අත්හදාබැලීමේ පදනම මත බ්‍රෝඩ්බෑන්ඩ් ජංගමදුරකථන පහසුකම් මෙම ජාලය හරහා ලබාදී ඇත. මෙම තාක්ශණය ඉතා වැදගත් බැවින් අමරිකාවේ දුරකථන හා සබැඳි තාක්ශණයක් පිලිබඳව නියාමන ආයතනය වන Federal Communications Commission (FCC) ආයතනය මෙම තාක්ශණයට නීතිමය අවසර ලබාදීම සළකාබලමින් සිටින බව පැවසේ.

IGZO Display


Indium Gallium Zinc Oxide (IGZO) display තාක්ශණය LED තිර තාක්ශණයේ අලුත්ම පෙරලිය ලෙස PC World සඟරාව වාර්තාකරනවා. LCD හා LED (SuperAMOLED තිරද ඇතුලුව) ක්‍රියාත්මක වන්නේ තුනී, පාරදෘශ්‍ය සිලිකන් තට්ටුවක් මත නිමැවුනු  Thin Film Transistors (TFT) නම් ට්‍රාන්සිස්ටර් පද්ධතියක් ඇසුරිනි. LED/LCD තිරයක පික්සල් නිමැවී ඇත්තේ මෙම ට්‍රාන්සිස්ටර්වලිනි. දැනට මෙම ට්‍රාන්සිස්ටර් නිමවන්නේ සිලිකන් මූලද්‍රව්‍යයෙන් වන අතර තාක්ශණයට අනුව සිලිකන් වෙනුවට තිරයේ ට්‍රාන්සිස්ටර් සඳහා ඉන්ඩියම්-ගැලියම්-සින්ක්-ඔක්සයිඩ් නම් සංයෝගය භාවිතා කරනවා. සිලිකන් හා සසඳනවිට ඉග්සෝ සංයෝගය ආධාරයෙන් LED තිරයක ට්‍රාන්සිස්ටර් නිමැවීමේදී ඒවා ඉතා කුඩාවට නිමැවිය හැකි බව ඉග්සෝ තිර තාක්ශණයේ පුරෝගාමියෙකු වන ජපානයේ ශාප් සමාගම පවසනවා.

ට්‍රාන්සිස්ටර් කුඩාවන විට තිරයේ පික්සල්ද කුඩාවන නිසා වර්ග අඟලකට වැඩි පික්සල් ප්‍රමාණයක් ඇතුලත් කිරීමට හැකිවන අතර ඒ අනුව තිරයේ විබේධනයද (resolution) ඉහලදැමීමට හැකිවනවා. දැනට ශාප් සමාගම අඟලකට පික්ස්ල් 498ක් ඇතුලත් තිරයක් නිමවා ඇති අතර මෙය දැනට ඉතා ඉහල වීබේධනයක් ඇති ඇපල් සමාගමේ රෙටිනා තිරයට (retina display) වඩා විබේධනයෙන් ඉහල බව පැවසෙනවා. අයිෆෝන් 5 සඳහා ලබාදී ඇති රෙටිනා තිරයේ විබේධනය අඟලකට පික්සල් 336ක් වනවා. 2013 වසරේදී ඉග්සෝ තිර නිශ්පාදනය වාණිජ මට්ටමින් ඇරඹීමට බලාපොරොත්තු වනවා.


0 comments:

Lexar 256GB SDXC Memory Card

SDXC යනු Secure Digital eXtended Capacity යන්නට කෙටි යෙදුමකි. දැනට වෙලඳපොලේ ඇති මෙමරි කාඩ් වලින් වැඩිම ධාරිතාව ඇත්තේ SDXC වර්ගයේ කාඩ් වලටය. SDXC කාඩ්පත් වැඩිපුරම භාවිතා කරන්නේ ඡායාරූපශිල්පීන් හා වීඩියෝ කැමරා ශිල්පීන්ය. සාමාන්‍යයෙන් භාවිතාකරන SDSC හා SDHC මෙමරි කාඩ්පත් වලට වඩා ධාරිතාව හා දත්ත හුවමාරු වේගය ඉතා ඉහල SDXC කාඩ්, විබේධනය ඉහල RAW ආකෘතියේ ඡායාරූප හා HD වර්ගයේ වීඩියෝ පටිගත කිරීම සඳහා බෙහෙවින් යොදාගැනේ.

අද වන විට SDXC කාඩ් පතකින් ලබාගත හැකි උපරිම ධාරිතාව ගිගාබයිට 64කට සීමා වී ඇතත් ලඟදීම එය වෙනස් වන බව පොපියුලර් සයන්ස් සඟරාව පවසනවා. එම සඟරාවට අනුව ලෙක්සර් නම් සමාගමක් ගිගාබයිත 256ක SDXC මෙමරි කාඩ්පතක් නිමවා තිබෙනවා. මෙය ලෝකයේ තිබෙන ඉහලම ධාරිතාව ඇති SDXC කාඩ්පත බව පැවසෙනවා. තත්පරයකට මෙගාබයිට් 400ක දත්ත හුවමාරු වේගයක් ඇති මෙම කාඩ් පත ඩොලර් 900ක් තරම් ඉහල ගණනකට මිල කොට ඇතත් ඉතා ඉක්මණින් මෙහි මිළගණන් පහල යනු ඇතැයි විචාරකයින් පවසනවා.

2 comments:

Light sensor of a digital camera [ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරය]



ඩිජිටල් කැමරාවක ඇති ඉතාම වැදගත් කොටස් දෙකක් වන්නේ එහි ලෙන්සය හා ලෙන්සයෙන් එන ආලෝකය ඡායාරූපය බවට හරවන සෙන්සරයයි. ක්ශුද්‍ර-පරිපථ (micro-circuit) ලෙස නිර්මාණය වී ඇති සෙන්සර් වර්ග ප්‍රධාන වශයෙන් 3කි.


35mm Full Frame - මිලිමීටර් 35 සෙන්සරය ඩිජිටල් කැමරාවල ඇති විශාලතම සෙන්සර් වර්ගය වේ. පැරණි මිලිමීටර් 35 සේයාපටියේ විශාලත්වයට නිර්මාණය කොට ඇති මෙය ඉතා හොඳ තත්වයේ ඡායාරූප ගැනීමට ඉවහල්වේ. මෙවැනි සෙන්සර් අඩංගු කැමරා වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරයි. මෙවැනි කැමරාවල මිල ඉතා අධිකය. එමෙන්ම කැමරාවේ විශාලත්වයද වැඩිය.  High-end DSLR කාණ්ඩයේ කැමරාවල මෙම සෙන්සර් දක්නට ඇත. මිලිමීටර් 35 සෙන්සර් අඩංගු කැමරා කිහිපයක් : Nikon D4, Cannon EOS 6D

APS-C (Advanced Photo System type-C) - APS-C සෙන්සරයද නිර්මාණය කොට ඇත්තේ APS-C වර්ගයේ සේයා පටියක විශාලත්වයට වුවද මිලිමීටර් 35 සෙන්සර් මෙන් නොව, විවිධ නිශ්පාදකයන් සිය සෙන්සර් මිලිමීටර් 23.6x15.7 ප්‍රමාණයට හෝ ඊට මදක් කුඩා වන ලෙස නිපදවයි. එම නිශ්පාදකයින්ගේ කැමරාවේ සැලැස්මට හා කාච සැකසුම්වලට සරිලන ලෙස මෙවැනි වෙනස් කිරීම් සිදුකරයි.
35mm සෙන්සරයට සමානුපාතිකව විවිධ APS-C වර්ගයේ සෙන්සර් ප්‍රමාණයන්
35mm තරම් විශාල නොවුවද ඉතා හොඳ ඡායාරූප ලබාදීමට මෙම සෙන්සර් වර්ගයටද හැකියාවක් ඇත. Entry-level/mid range DSLR වර්ගයේ කැමරා හා සමහර සුපර්-සූම් (Super-Zoom/ Bridge) කාණ්ඩයේ කැමරාවල මෙම සෙන්සර් දක්නට ඇත. APS-C සෙන්සර් අඩංගු කැමරා 35mm DSLR කැමරා තරම් විශාල නොවුවද, පොකට් කැමරාවලට වඩා බෙහෙවින් විශාලය. සෙන්සර් අඩංගු කැමරා කිහිපයක් : Nikon D3100, Cannon EOS 60D / 650D

Pocket Camera Sensors - 35mm හා APS-C සෙන්සර් හා සමකරන විට, පොකට් කැමරාවල ඇත්තේ ඉතා කුඩා සෙන්සර්ය. මෙවැනි සෙන්සර් වලින්ද හොඳ ඡායාරූප ගත හැකිවුනත්, ආලෝකය මද අවස්ථාවලදී ලැබෙන ඡායාරූප දුර්වලය.


විශාල සෙන්සර් වලින් ලැබෙන වාසි.


ඡායාරූපයක් ගැනීම යනු, ඡායාරූපයට නගන පුද්ගලයාගේ හෝ වස්තුවෙන් කැමරාවට ලැබෙන ආලෝකය ග්‍රහණය කරගෙන එය ඡායාරූපයක් බවට හැරවීමයි. මෙහිදී කුඩා සෙන්සරයකට වඩා විශාල සෙන්සරයකට, විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගත හැකිය. එවිට;

1] අධිවිබේධන ඡායාරූප ගත හැකි අතර, ඡායාරූප විශාල කොට මුද්‍රණයේදී කුඩා සෙන්සර් ඇති පොකට් කැමරාවලින් ගන්නා ඡායාරූපවලට වඩා විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප විබේධනයේ අඩුවක් නොමැතිව ඉතා විශාල කොට මුද්‍රණය කල හැකිය.

2] රාත්‍රී කාළයේ හා සැඳෑකාළයේ ඉතා හොඳ ඡායාරූප ලබාදීමට විශාල සෙන්සර් වලට හැකියාව ඇත. ආලෝකය මද වුවත් සෙන්සරය විශාල බැවින් විශාල ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඡායාරූපය සටහන් කරගැනීමට හැකිවීම මෙයට හේතුවයි.

ඔබ විවාහ මංගල්‍යයක් ඔබගේ පොකට් කැමරාවෙන් ඡායාරූප ගතකර ගැනීමට උත්සහ කොට ඇත්නම්. මේ පිලිබඳව වැටහීමක් ඔබට ඇත. ඔබ කැමරාවේ ෆ්ලෑශරය ක්‍රියාත්මක කොට ඡායාරූප ගත්තත් ඔබ ගත් ඡායාරූප වල තත්වය හා විවාහ මංගල්‍යයේ නිළ ඡායාරූප ශිල්පියා ඡායාරූප අතර විශාල වෙනසක් ඇත්තේ ඔබගේ ඡායාරූප ගැනීමේ ශිල්පීය දුර්වලතාවයක් නිසාම නොව (සමහරවිට එයද හේතුවක් වන්නට පුලුවන...) ඔබගේ පොකට් කැමරාවේ ඇති ඉතා කුඩා සෙන්සරයට වඩා ඡායාරූප ශිල්පියාගේ DSLR කැමරාවේ සෙන්සරය දසගුණයක් පමණ විශාල බැවිනි. වෘත්තීය ඡායාරූප ශිල්පීන් මිල අධික විශාල සෙන්සර් ඇති කැමරා භාවිතා කරන්නට එක් හේතුවක් වන්නේ එම සෙන්සර් මගින් අඩු ආලෝක තත්ව යටතේ ලබාදෙන ඡායාරූප ඉතා හොඳ මට්ටමේ ඒවා බැවිනි.


වඩා වැදගත් සෙන්සරයේ විශාලත්වයද? සෙන්සරයේ මෙගාපික්සල් ප්‍රමාණයද?


සෙන්සරයේ මෙගාපික්සල් ප්‍රමාණය යනු එහි අඩංගු කොට ඇති ආලෝක සංවේදී ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයයි. ට්‍රාන්සිස්ටර් වැඩිවනවිට සෙන්සරයට ග්‍රහණය කරගත හැකි ආලෝක ප්‍රමාණය වැඩි විය යුතුය, ඒ අනුව මෙගාපික්සල් වැඩි කුඩා සෙන්සරයක්, මෙගාපික්ස්ල් අඩු 35mm සෙන්සරයකට වඩා හොඳ ඡායාරූප ලබාදිය යුතුය..

එහෙත් සත්‍යය එය නොවේ.......

සෙන්සරය කුඩාවන විට, එහි මෙගාපික්සල්  ප්‍රමාණය වැඩි වීමෙන් සබැවින්ම ලැබෙන ඡායාරූපයේ විබේධනය අඩුවේ!!! 

ඒ අනුව ඉහල මෙගාපික්සල් ප්‍රමාණයක් ඇති පොකට් කැමරාවලට වඩා අඩු මෙගාපික්සල් ප්‍රමාණයක් ඇති සෙන්සර් විශාල කැමරාවල ඡායාරූප තත්වයෙන් වඩා ඉහලය.


මෙයට හේතුව කුමක්ද? හේතු කිහිපයකි.

1] කුඩා සෙන්සරයකට මෙගාපික්සල් විශාල ප්‍රමාණයක් එබ්බවීමට නම්, ආලෝක සංවේදී පික්සලයක (ට්‍රාන්සිස්ටරයක) ප්‍රමාණය කුඩාවිය යුතුය. පික්සලය කුඩා වනවිට එයට ආලෝක ෆෝටෝනයක් ග්‍රහණය කරගැනීමේ හැකියාව අඩුවෙයි. එවිට අති විශාල පික්සල් ප්‍රමාණයක් තිබුණද එක් එක් පික්සලයට ආලෝකය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව අඩු නිසා ලැබෙන ඡායාරූපයේ විබේධනය අඩුවේ.

2] පික්සල් යනු ට්‍රාන්සිස්ටර් වර්ගයකි. ඕනෑම ට්‍රාන්සිස්ටරයක්  ක්‍රියාත්මක වීමේදී තාපය නිපදවයි. කුඩා සෙන්සරයක ඉතා විශාල පික්සල් ප්‍රමාණයක් අසුරා තිබෙනවිට කැමරාව යම් කාලයක් ක්‍රියාකරවීමේදී සෙන්සරයේ උශ්ණත්වය ඉහල යයි. සෙන්සරයේ උශ්ණත්වය ඉහල යන විට එහි පික්සල් වලට ආලෝකය ග්‍රහණය කරගැනීමේ හැකියාව තවත් අඩුවෙයි. එවිට කැමරාවේ ඡායාරූපවල තත්වය ක්‍රමයෙන් පහල යයි.

වර්ගපලයෙන් වැඩි විශාල සෙන්සර්වල ට්‍රාන්සිස්ටර් ඈතින් පිහිටා ඇති නිසා ඒවායේ ආලෝකය ග්‍රහණය කරගැනීමෙ හැකියාව වැඩ් අතර රත්වීමේ ගැටලුවද ඉතා අඩුය.











7 comments:

Future of iPod [අයි-පොඩ් ගීත වාදකයේ අනාගතය]


ඉහත අයි-පොඩ් ගීත වාදක උපකරණයේ අනාගත ආකෘතියකි. ඇපල් සමාගම විසින් මෑතකදී එලිදක්වන ලද මෙම අනුරුව ආකාරයේ අයි-පොඩ් ප්ලේයරයක් නුදුරු අනාගතයේදී එලි දැක්වීමට බලාපොරොත්තුවන බව ඔවුන්ගේ අභ්‍යන්තර ආරංචිමාර්ග දක්වයි.

බ්ලූටූත් තාක්ශණයෙන් ක්‍රියාත්මක වන හෙඩ්ෆෝන, කැමරාවක් මෙන්ම ඇපල් අයි-ටියුන්ස් (iTunes) සංගීත ජාලය මෙන්ම ඇපල් අයි-ක්ලවුඩ් (iCloud)  සේවාව වෙත සම්බන්ධවීම සඳහා අන්තර්ජාල සබඳතාවයකින්ද යුක්තවන බව ඇපල් ආරංචිමාර්ග පවසයි.

1 comments: