Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 23 October 2013

iPad Air - First Look!














Price
iPad Air




 $499
Microsoft Surface 2



$449
Samsung Galaxy Note 10.1 (2014)
 $599
Sony Xperia Tablet Z


 $499
Kindle Fire HDX 8.9


 $379
Screen size  9.7 inches10.6 inches 10.1 inches 10.1inches 8.9 inches
Resolution 2048 x 1536 1920 x 1080 2560 x 1600 1920 x 1200 2560 x 1600
CPU Apple A7 chip with 64-bit processing, M7 motion coprocessor
Quad-core Nvidia Tegra 4
 1.9-GHz Exynos 5420 1.5-GHz Qualcomm Snapdragon S4 Pro 2.2-GHz Qualcomm Snapdragon 800
OS iOS 7Windows RT 8.1 Android 4.3 Jelly Bean Android 4.1 Jelly Bean Fire OS 3.0
Size  0.29 inches thin10.8 x 6.8 x 0.4 inches 9.57 x 6.75 x 0.31 inches 10.47 x 6.77 x 0.27 inches 9.1 x 6.2 x 0.31 inches
Weight 1 lb1.5 lbs 1.23 lbs 1.1 lbs 0.8 lbs
Storage 16GB/32GB/64GB/128GB32/64GB 32GB 16GB 16, 32 or 64GB
Ports TBAUSB 3.0, HD video out, microUSB, SD card slot, headset jack Headset jack, IR, microUSB, microSD card slot Headset jack, microUSB, microSD card slot, SIM card slot Headset jack, USB 2.0
Battery Life Estimated 10 hours Estimated 10 hours  7:44 (LAPTOP Battery Test) 9:51 (LAPTOP Battery Test) Estimated 12 hours

Monday, 21 October 2013

නැනෝ උද්‍යානයේ වගතුග


2006 වසරේදී නැනෝ තාක්ෂණය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කිරීම සඳහා සැළසුම් සකස් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 2008 වසරේදී ශ‍්‍රී ලංකා නිනිති තාක්‍ෂණ ආයතනය (SLINTEC) බිහි විය. 2009 වර්ෂයේ දී ඔවුන් සිය පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 1771.5 කි. පෞද්ගලික අංශයෙන් MAS, බ‍්‍රැන්ඩික්ස්, ඩයලොග්, හේලීස්, ලෝඞ්ස්ටාර් සහ ලංකෙම් ආයතන මෙම ව්‍යාපෘතියට ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 310 කි.



තරඟකාරී ලෝක තාක්‍ෂණික වෙළෙඳපොලට සුදුසු ස්වභාවික අමුද්‍රව්‍ය ආශ‍්‍රිත නැනෝ තාක්‍ෂණික නිෂ්පාදන බිහි කිරීම මෙහි එක් අරමුණක් වේ. කෘෂි කාර්මික, සෞඛ්‍ය ආරක්‍ෂණ, ජල පවිත‍්‍රකරණ, ඇඟලූම් අංශ වල දේශීයව සහ විදේශීයව පවතින ගැටළුකාරී තත්ත්ව හඳුනාගෙන ඒවාට නැනෝ තාක්‍ෂණය ආශ‍්‍රයෙන් විසඳුම් ලබාඑදීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් දියත් කිරීමට ද ඔවුන් මේ වනවිටත් කටයුතු කරමින් සිටී.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම දායකත්වය සහිතව හෝමාගම පිටිපනදී ඉදිවූ එහි පළමු අදියර වන නිනිති (නැනෝ) තාක්‍ෂණ ‘‘ විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’’ අද පෙ.ව. 10.30 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කෙරිණ.


මේ වනවිට ජාත්‍යන්තර පේටන්ට් බලපත‍්‍ර 08 ක් සහ දේශීය පේටන්ට් බලපත‍්‍ර 02 ක හිමිකාරීත්වය සිලින්ටෙක් ආයතනය සතුවන අතර ඒවා භාවිතයෙන් වාණිජ මට්ටමේ සේවා සැපයීමට ඔවුන් ඉදිරියේදී කටයුතු කරනු ඇත. තරුණ පර්යේෂණ විද්‍යාඥයන් 23 දෙනෙකු, ඉංජිනේරුවරුන් 04 දෙනෙකු සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ මහාචාර්යවරුන් 04 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට කණ්ඩායම් නායකයන් ලෙස, මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න සහ මහාචාර්ය නලින් ද සිල්වා කටයුතු කරයි. ආයතනයේ ප‍්‍රධාන ඉංජිනේරු වශයෙන් ආනන්ද හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන අතර නව සංයෝග නිර්මාණය මෙන්ම ආයතනයේ ප‍්‍රධාන පර්යේෂක විද්‍යාඥ වශයෙන් මහාචාර්ය ගෙහාන් අමරතුංග කටයුතු කරයි. සිලින්ටෙක් ආයතනයේ ප‍්‍රධාන විධායක වශයෙන් කටයුතු කරන්නේ හරීන් ද සිල්වා විජේරත්න මහතායි.

නැනෝ තාක්ෂණය ගැන දැනගනිමු (www.techwire.lk / si.wikipedia.org අනුග්‍රහයෙනි)

ඕනෑම පදාර්ථයක් නිර්මාණය වී ඇත්තේ අණුවල එකතුවෙනි. පදාර්ථයේ මූලික ඒකකය වූ අණුවක ආකෘතියේ අප විසින් ඇති කරනු ලබන වෙනසත් සමඟ එකී ආකෘතිය හරහා නිර්මාණය වන්නා වූ නව්‍ය පදාර්ථයන් හී ඇති රසායනික හා භෞතික ගුණාංගයන් මානව වර්ගයාගේ යහපත උදෙසා යොදා ගැනීම, නැණෝ තාක්‍ෂණවේදය හරහා සිදුවෙමින් පවතී.

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.

අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 10^7 වාරයක් (10,000,0000) විශාලය.

ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කර්යක්‍ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.

නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය. නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.

කෘෂි කර්මාන්ත විෂයෙහිලා හඳුන්වා දී ඇති නැණෝ සෙන්සර් (nano sensors) නමැති සංවේදී උපකරණ මගින් කෘෂි කාර්මික බවභෝග වර්ධනයේ දී ඒවායේ නිරෝගී භාවය නිරීක්‍ෂණය කොට දත්ත ලබා දීමත්, සක‍්‍රීය නැණෝ අංශු මගින් පසෙහි වූ අහිතකරතාවයන් ඉවත් කරලීමත් සිදු කෙරේ. මෙබදු නැණෝ සෙන්සර් ජාලා පද්ධති මගින් භව භෝගයන්ට වෛරස් වර්ග මගින් වැළදිය හැකි රෝග කල්තියා හඳුනා ගැනීම, පසෙහි සරු බව සේම, භෝග වලට ඉතා කාර්යක්ෂමව, වර්ධනයට අවශ්‍ය පොහොර සහ කෘමි නාශක නැනෝ කැප්සුල (nano capsuls) මගිවන් නිශ්චිත ඉලක්කයටම ලබා දීම සැබැවින්ම විශ්ම ජනකය. තවද මේ වන විට ආහාර සැකසීම සේම සෞඛ්‍යාරක්‍ෂිතව ගුණාත්මක භාවයට හානි නොවන පරිදි ආහාර වර්ග ඇසුරුම් කිරීමට ද නැණෝ තාක්‍ෂණය වර්තමානයේ දී භාවිතා කෙරේ.

මීට අමතරව පශු සම්පත සංවර්ධනය සඳහා ද වර්තමාන ලෝකය නැණෝ තාක්‍ෂණය භාවිතා කරයි. නැණෝ අංශු මගින් පශු සම්පත සඳහා වර්ධක හෝමෝන, එන්නත් සහ ජාන ඉංජිනේරු තාක්‍ෂණය සඳහා DNA භාවිතා කිරීමේ ක‍්‍රමවේද පහසු කොට තිබේ.

රෙදි පිළි කර්මාන්තයෙහි නව මානයක් ඇති කරමින් රෙදි සේදීමේ දී වදයෙන් ඔබව මුදවා ගැනීමට දැන් නැණෝ තාක්‍ෂණයට හැකි වී තිබේ. නැණෝ පර්යේෂකයින් විසින් සාර්ථකව අත්හදා බලා ඇති පරිදි වූල් (wool) වර්ග සහ සිල්ක් (silk) වර්ග වල රෙදි, නැණෝ තාක්‍ෂණය ඇසුරෙන් නිපද වූ මේවා (nano fabric) එහි රැදෙන කුණු පැල්ලම් නැණෝ අංශු මගින් කා දැමීම නිසා ගෙදර ගෘහණියට හෝ ඔබට රෙදි සේදීම ගැන ඉදිරියේ දී කරදර විය යුතු නොවේ.

එසේම මේ අයුරින්ම නිපද වූ නැණෝ රසායනික දියර මගින් (ස්පේ‍්‍ර කිරීම මගින්) ඔබගේ මුළු තැන්ගෙයි ඇති දැලි කුණු සහමුලින්ම ඉවත් කර දමනවා පමණක් නොව ඒවා යලි එකතු වීමද වලකා දමයි.

නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රම‍ෙයදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිතිනි - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයන්ටද ඉඩ සැලසී තිබේ.

අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂෙත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.

Saturday, 12 October 2013

යුධ බිමේදී තුවාල ලබන සෙබළුන්ගේ දිවි රැකදෙන ෆෝම් ඉන්ජෙක්ශන් බැන්ඩේජය...

එක්සත් ජනපද යුධ හමුදා ශල්‍යවෛද්‍ය පර්යේෂණ ඒකකයට අනුව යුධ මෙහෙයුම් වලදී තුවාල ලබන සෙබළුන් මියයාමට තුඩු දෙන ප්‍රධාන හේතුව නම් අධික ලෙස රුධිරය වහනය වීමයි. මෙවැනි මරණීය තුවාල බොහෝවිට උදර කුහරය වැනි යුධ පෙරමුණේ සිටිනා ප්‍රථමාධාරකරුවනට (battlefield medics) ලේ ගැනීම නැවත්වීමට කිසිවක් කල නොහැකි ස්ථානයකට සිදුවී ඇති අතර එවැනි තුවාල කරුවන් පැයක් තුල ශල්‍ය පහසුකම් ඇති රෝහලක් හෝ ශල්‍ය පහසුකම් ඇති පෙරමුණු ගිලන්හලක් (field hospital) වෙත ගෙනයා යුතුවනවා.

මෙවැනි දරුණු තුවාලකරුවන් මිනිත්තු 60ක් තුල ශල්‍යකර්මවලට භාජනය කල යුතු අතර මෙම පැයක කාලය තුවාල ලැබූ සෙබලාගේ ජීවිතය රැකගැනීමට කොතරම් වැදගත්ද යත් එම පැය "ගෝල්ඩන් අවර්" ලෙස හඳුන්වනවා. එහෙත් ඈත යුධබිම්වල දරුණු සටන් මැද්දේ තුවාල කරුවන් යුධ බිමෙන් ඉවත් කරගැනීම ඉතා මන්දගාමීව සිදුවන්නේ ප්‍රායෝගික ගැටලු නිසාමය. එහෙත් මේ හේතුව නිසා නිරපරාදේ වටිනා ජීවත රැසක් අධික ලේ වහනය නිසාවෙන් අහිමිවනවා.

මේ ගැටලුවට පිලියමක් ලෙස යුධ බිමේදී උදර කුහරය වැනි අභ්‍යන්තර ස්ථානය සිදුවන දරුණු ලේ ගැලීම් පාළනය කොට ශල්‍ය පහසුකම් ඇති රෝහලක් වෙත ගෙනයන තෙක් සෙබලාගේ දිවි රැකගැනීම සඳහා අධිතාක්ශණික විසඳුමක් සෙවීමේ ව්‍යාපෘතියක් අමෙරිකානු ත්‍රිවිධ හමුදා වෙනුවෙන් තාක්ශණයන් නිර්මාණය කිරීම සඳහා බිහිකරන ලද Defense Advanced Research Projects Agency හෙවත් DARPA ආයතනය විසින් අරඹනු ලැබුවා.

Wound Stasis System (WSS) නම්  මෙම ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස උදර කුහරය තුල ලේ ගැලීම් පාළනය කිරීම සඳහා උදර කුහරය තුලට ද්‍රවයක් ලෙස එන්නත් කල හැකි, එසේ එන්නත් කල වහාම රිජිෆෝම් මෙන් ඝණ වෙමින් හා පරිමාවෙන් විශාල වෙමින් උදර කුහරය තුල පැතිරී තුවාලවලට තෙරපුම ලබාදෙමින් ලේ ගැලීම අවම කරන ද්‍රව-ෆෝම් වර්ගයක් නිමවා තිබෙනවා.


පොලිමර් ෆෝම් වර්ගයක් වන මෙය රසායන ද්‍රව්‍ය දෙකක් එකට එකතුවීමෙන් සෑදෙන ලෙස නිශ්පාදනය කොට තිබෙනවා. මෙම රසායන ද්‍රව්‍ය දෙකම එකට උදරකුහරය තුලට ඇතුලු කල විට මුල් පරිමාව මෙන් 30ගුණයකින් විශාලවෙමින් මෘදු ෆෝම් වරගයක් ලෙස පැතිරෙන අතර මිනිත්තු කිහිපයකදී උදරකුහරය පුරා පැතිරී එයතුල ඇති ඉන්ද්‍රියයන් වසාගන්නා අතර ඉක්මණින් ඝණවී තුවාලයට පීඩනය දෙනවා. මෙම පොලිමර් ෆෝම් වර්ගයේ විශේෂත්වය නම් එය කිසිදු ආකාරයකින් අභ්‍යන්තර අවයව වෙත ඇලී නොපැවතී රෝගියා ශල්‍යාගාරයකට ගෙනැවිත් මිනිත්තු 10කින් පමණ පහසුවෙන් ඉවත් කරගත හැකිවීමයි.

තවමත් මිනිසුන් යොදාගෙන මෙම ෆෝම් ද්‍රව්‍යය අත්හදා බලා නොමැති නමුත් විවිධ අණතුරු අභ්‍යන්තර තුවාල ඇතිවූ සතුන් යොදාගෙන කරන ලද පර්යේශණ වලදී මෙම පොලිමර් ෆෝම් ද්‍රවය මගින් අභ්‍යන්තර ලේගැලීම 6 ගුණයකින් අවම කරන්නටත්, ප්‍රතිකාර පැය 3 දක්වා පමාවුනු අභ්‍යන්තර ලේගැලීම් වලදී ජීවිතය රැකගත හැකිවීමේ සම්භාවිතාවය 8% සිට 72% දක්වා සුවිශාල ලෙස ඉහල දැමීමටද සමත්වී තිබෙනවා. ලබන වසරේදී මිනිසුන් යොදාගෙන සායනික පරීක්ෂණ කිරීමට සැළසුම් කොට තිබෙන බව ඩාර්පා ආයතනය පවසනවා.

එක්සත් ජනපද යුධ හමුදාව විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක් නිර්මාණය කරමින් සිටී....


Tactical Assault Light Operator Suit (TALOS) ලෙස හඳුන්වන මෙම සන්නාහ ඇඳුම් කට්ටලය විශේෂ බළකා සෙබලුන් හට සුපිරි ශක්තියක් මෙන්ම වෙඩි උණ්ඩ හා පිපුරුම් වලින් ආරක්ශාවීමේ වැඩි හැකියාවක් ලබාදෙනු ඇතැයි එය නිර්මාණය කරන U.S. Army Research, Development and Engineering Command නම්වූ යුධ හමුදා පර්යේෂණ ඒකකය පවසයි. විශාල බරක් ඔසවාගෙන යාමේ සුපිරි ශක්තියක් එම ඇඳුමේ පිටසැකිල්ල (exo-skeleton) විසින් ලබාදෙන අතර වෙඩි උණ්ඩ හා පිපිරුම් වලින් ආරක්ශාව ලබාදීම සඳහා නවතම සුපිරි ද්‍රවයකින් පිරුණු, bullet stopping liquid armour ලෙස හඳුන්වන සන්නාහ කට්ටලයකින් මෙය සමන්විතය.

වෙඩි උණ්ඩ නවතන ද්‍රවය ලෙස හඳුන්වන මෙම ද්‍රාවණය magnetorheological fluid ලෙස විද්‍යාත්මකව  හඳුන්වයි.  සමාන්‍යයෙන් ද්‍රවයක් ලෙස පවතින මෙය විදුලි ධාරාවක් ඇල්වූ ක්ශණයෙන් එම ස්ථානය ඝණ බවට පත්වේ. මෙම පරිවර්තනය මිලිතත්පර කිහිපයකදී සිදුවන බව එම ද්‍රවය නිර්මාණය කිරීමේ පර්යේශණ වල නිරතව සිටින විද්‍යාඥයින් පවසයි. මෙය උණ්ඩ නවතන සන්නාහයක් ලෙස යොදාගැනීම සඳහා උණ්ඩයක් වැදුණු මොහොතේම එම ස්ථානයේ ඇති ද්‍රවයට විදුලි ධාරාවක් යෙදීමේ තාක්ශණයක්ද නිර්මාණය කරමින් පවතී.

එපමණක් නොව මෙම ඇඳුම් කට්ටලයට පරිගණකයක්, නයිට් විශන් උපකරණ, ජී.පී.එස් හා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු උපකරණ මෙන්ම සෙබලාගේ හදගැස්ම හා නාඩි වැටීම පිලිබඳව පරීක්ශාවෙන් සිටින සෙන්සර් වලින්ද සමන්විත බව පැවසේ. මීටත් අමතරව තුවාලවීමකදී ලේ ගැලීම නැවත්වීම සඳහා පීඩනය ලබාදෙන wound-sealing foam වලින්ද සමන්විතය. මේ සියල්ලක් මගින් විශේෂ බළකා සෙබලුන් හට සුපිරි හැකියාවන් මෙන්ම අණතුරුවලින් ආරක්ශාවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ  අවස්තාවද ලබාදේ.

Friday, 11 October 2013

On demand බස් සේවයක් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර ඇරඹේ

On demand සේවාවන් යනු අවශ්‍යතාවය පැන නැගුනු අවස්ථාවකදී පාරිභෝගිකයෙකුට ලබාගත හැකි සේවාවන්ය. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය වැඩිවත්ම ඔන්-ඩිමාන්ඩ් සේවාවලට ඉල්ලුම ඉහල යන්නට පටන්ගෙන ඇත. ඔන් ඩිමාන්ඩ් වීඩියෝ සේවා (යූ ටියුබ් වැනි), ඔන් ඩිමාන්ඩ් චිත්‍රපට සේවා (අමෙරිකාවේ නෙට්ෆ්ලික්ස්), ඔන් ඩිමාන්ඩ් සංගීත සේවා (ඇපල් අයිටියුන්ස්) මේ අතරින් වඩාත්ම ජනප්‍රිය ඔන් ඩිමාන්ඩ් සේවාවන් වේ.

මේ ඔන් ඩිමාන්ඩ් සේවා ගොන්නට අලුතින්ම එකතුවී ඇත්තේ ඔන් ඩිමාන්ඩ් බස් රථ සේවාවයි. ෆින්ලන්තයේ අගනුවර වූ හෙල්සින්කි නුවර පොදු ප්‍රවාහණ සේවා අධිකාරිය මගින් හඳුන්වා දී ඇති මෙම සේවය මගින් තමන් කැමති ස්ථානයකට බස් රථය ගෙන්වාගෙන, තමන් කැමති ගමනාන්තයකට යා හැකිය. ටැක්සි සේවාවකට වඩා මෙහි වඩාත් විශේෂත්වය වන්නේ කැමතිනම් තවත් මගීන් කිහිපදෙනෙකු සමග තම බස් රථයේ ගමන බෙදාහදා ගත හැකිවීමයි. කැමතිනම් තමනට පමණක් බස් රථය වෙන් කරවාගෙන ගමන යා හැකිමුත් එවිට ගිවිය යුතු ගාස්තුව වැඩිවේ. එහෙත් මෙම සේවා හෙල්සින්කි නුවර ටැක්සි සේවාවට වඩා ලාබදායක බව පැවසේ.

KutsuPlus ලෙස හඳුන්වා ඇති මෙම සේවාව විශේෂ ඇප් එකක් සහිත ස්මාර්ට් ෆෝනයකින් ඇනවුම් කල හැකි අතර, ඇනවුම් කිරීමේදී ගමන් අරඹන ස්ථානය හා ගමනාන්තය ස්මාර්ට්ෆෝන් ඇප් එක මගින් තෝරාගෙන ගෙවීම කලයුතුය. ගෙවීම් කිරීමද ස්මාර්ෆෝනය හරහා සිදුකල හැකිය.

ගමන ඇනවුම් කල විට කුට්සුප්ලස් සේවයේ පරිගණක ජාලය මගින් මගියා ආසන්නයේම ඇති බස් රථයක් එම මගියා දැනට සිටින ස්ථානයට ආසන්නම බස් නැවතුම වෙත යොමු කරන අතර ඒ මොහොතේම ස්මාර්ට්ෆෝනය වෙත එවන confirmation code එකක් මගින් බස් රථය නැවතුම වෙත එන වෙලාව දැනුම් දේ. එමෙන්ම මගියා දැනට සිටින ස්ථානයේ සිට බස් නැවතුම වෙත යන මාර්ගයද සිතියමක ආධාරයෙන් පෙන්වනු ලැබේ.

බස් රථයට ගොඩවන මගියා සිය ස්මාර්ට්ෆෝනයට ලැබුණු එක රියදුරාට පෙන්වා තමන් ගමන ඇණවුම් කල මගියා බවට තහවුරු කලයුතුය.

බස් රථය නැවතුම වෙත පැමිණීමට පෙර එතැනට පැමිණ සිටීම මගියාගේ යුතුකම වන අතර ටැක්සි සේවයක් නොවන බැවින් බස් රථය ප්‍රමාද වන මගියෙකු එනතෙක් බලා නොසිටී. එමපණක් නොව ගමන ඇණවුම් කිරීමෙන් පසුව එය අවලංගු කල නොහැකි අතර ලබාගත් ගාස්තුව ආපසු ගෙවීමක්ද සිදු නොකෙරේ.

කුට්සුප්ලස් සේවාවේ මෙහෙයුම් අධ්‍යක්ශක කාරී රීසනෙන් පවසන අන්දමට මෙම සේවාව ටැක්සි සේවාවට තරඟයක් දීමට නිර්මාණය කරන ලද්දක් නොව, පෞද්ගලික මෝටර් රථවලට ඇබ්බැහිවූවන් හට පොදු ප්‍රවාහණ සේවාවන් වෙත නැඹුරුවීම සඳහා පහසු කරවන සේවාවක් ලෙස ක්‍රියාත්මක වනවා. කුට්සුප්ලස් බස් රථ තුල නොමිලේ වයිෆයි අන්තර්ජාල සේවා ලබාදෙන අතර මගීන් හට ඉතා සුවපහසුව, යම් පලදායි කටයුත්තක නියැලෙමින් සිය ගමනාන්තය කරා ලඟාවිය හැකි බව පවසනවා.

 එමෙන්ම මගීන් හට සැළසෙන තවත් වාසියක් වන්නේ තම මෝටර් රථය ගාල්කොට තැබීමේ ගාස්තු ගෙවීමට සිදු නොවීමයි. හෙල්සින්කි නුවර මෝටර් රථක් පොදු රථගාලක නවත්වා තැබීමට පැයකට ඩොලර් 5ක් වැනි අධික මුදලක් අයකරනවා. කුට්සුප්ලස් රථ ගමනක අවම ගාස්තුව ඩොලර් 4.75ක් වන අතර අමතර කිලෝමීටරයකට ශත 60 (අමෙරිකානු) ගෙවිය යුතු වනවා. මේ අනුව parking ගාස්තුවට වඩා අඩු මුදලකින් පහසුවෙන් ගමන් යාමේ හැකියාව හෙල්සින්කි වැසියන්ට ලැබී තිබෙනවා.

Thursday, 10 October 2013

වසර මිලියන 1.3 පැරණි මිනිස් පා සටහන් හමුවේ? මිනිස් පරිණාමය පිලිබඳ කතාවස්තුව අලුතින් ලියන්නට සිදුවේවිද?

2005 වසරේදී මධ්‍යම මැක්සිකෝවේ  යමහල් අළු (ගිණිකඳු අළු)  මත සටහන්වූ වසර 40,000ක් පැරණි යයි විශ්වාස කෙරුණු මිනිස් පා සටහන් සොයා ගත්තා. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගවේශකයින් පිරිසක් විසින් සිදුකරන ලද මෙම සොයා ගැනීම එවක මහත් ආන්දෝලණයක් ඇතිකලේ, උතුරු අමෙරිකාවට නූතන මානවයින් පැමිණියේ මීට වසර 11,000-12,000 අතර කාලය තුලදී බවට දැනට පිලිගැනෙන මතය මේ මගින් බිඳ හෙලන බැවිනුයි.

මීට වසර 11,000-12,000 අතර කාළය අවසාන අයිස් යුගය පැවති කාළය වන අතර පෘථිවියෙන් භාගයක් පමණ අයිස් වලින් වැසී තිබුණි. මෙලෙස පෘථිවි ජලය අති මහත් ප්‍රමාණයක් අයිස් ලෙස පොලොව මත තිබූ බැවින් මුහුද මට්ටම අදට වඩා බොහෝ පහතින් වූ අතර මේ හේතුවෙන් ආසියා මහද්වීපයත්, උතුරු ඇමරිකාවත් අද බීරිං සමුද්‍ර සංධිය ලෙස හඳුන්වන ස්ථානයේදී එකට යාවී තිබුණි. ගොඩබිම් පාලමක් (land bridge) ලෙස හැඳින්වන මෙම යාවුනු ප්‍රදේශය තරණය කරමින් නූතන මානවයා ආසියාවේ සිට අමෙරිකා මහාද්වීපයට පාතබන්නට ඇතැයි අද අමෙරිකාව ජනාවාස වීම පිලිබඳව පිලිගත් විද්වත් මතයයි. මෙම ගොඩබිම් පාලම බීරින්ජියා ලෙසද හඳුන්වයි.

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම මගින් සොයාගත් පාසටහන් වසර 40,000ක් පැරණි බවට කාළනිර්ණ පරීක්ශණවලින් හෙලිවීමත් සමග බීරින්ජියා ගොඩබිම් පාලම් කල්පිතය උඩු යටිකුරු වූයේ එයට අනුව අමෙරිකාව ජනාවාසවීමට තවත් වසර 28,000ක් ගතවිය යුතු බැවිනි.

මෙම පාසටහන් පිලිබඳව කාළනිර්ණ වාර්තා සත්‍යනම් මේ මානවයින් කවුරුන්ද?, වසර 40,000කට පෙර ඔවුන් උතුරු අමෙරිකාවට පැමිණියේ කෙසේද? කොහි සිටද යන්න පිලිබඳ ගැටළු වලට විසඳුම් සොයන්නට මානව විද්‍යාඥයින්ට සිදුවිය.

එක් කල්පිතයකට අනුව මෙම මානවයින් නූතන හෝමෝසැපියන් මානවයින් නොව, ඊට වඩා ප්‍රාථමික දෙපයින් ඇවිදින අර්ධ-මානව වර්ගයකගේ වියහැකි බව පැවසිනි.

මෙම ගැටලුව නිසාම මෙම පාසටහන් පිහිටා තිබෙන ගල්වූ ගිණිකඳු අළු (යමහල් අළු) පරික්ශාවට තවත් විද්‍යාඥයින් එකතු වූ අතර ඔවුන් එම පාසටහන් පිහිටි ප්‍රදේශය, යමහල් අළුවල කාළ නිර්ණය සඳහාම නිර්මාණය කල palaeomagnetic analysis නම් කාළනිර්ණ පරීක්ශණ දෙකකට බඳුන් කරන ලදී.

මෙම කාළ නිර්ණ පරීක්ශාවෙන් ලැබූ ප්‍රථිපල මානව විද්‍යා ලෝකයම කළඹන්නට සමත්වූයේ එම පර්යේෂණ වලට අනුව මෙම යමහල් අළු වසර මිලියන 1.3ක් පැරණි බව තහවුරු වීම නිසයි. එනම් මෙම යමහල් අළු පතිතවී ගල් වීමට පෙර ඒමත ඇවිද යමින් සිය පා සටහන් තැබූ අප නොදන්නා මානවයා එසේ ඇවිද යන්නට ඇත්තේ මීට වසර මිලියන 1.3කට පෙරය!

නූතන මානව පරිනාම කල්පිත වලට අනුව නූතන මානවයා අප්‍රිකාවේ පහලවූයේ වසර 200,000ට පෙරය. විද්‍යාත්මකව පැහැදිලි කල නොහැකි මෙම උභතෝකෝටිකය  හේතුවෙන් මේවා මානව පිය සටහන් නොවන බවත්, වෙනත් ක්‍රියාවලියක් නිසා පසු කලක ඇතිවන්නට ඇති බවත් යනුවෙන් කල්පිත ගොඩ නැගෙන්නට පටන් ගෙන ඇත.

එහෙත් මානවයාට දැනට මානව විද්‍යාවේ උගැන්වෙනවාට වඩා ඉතා පැරණි ඉතහාසයක් ඇති බව විශ්වාස කරන පර්යේෂකයින්ද ඇත. ඔවුනට අනුව නූතන මානවයායේ ඉතිහාසය වසර මිලියන ගණනක් ඈතට දිවයනවා පමණක් නොව මීට පෙර ඈත අතීතයේදී ඔවුන් සමෘධිමත්, ඉතා දියුණු සිශ්ඨාචාර පවා ගොඩ නැගූ බවත්, ඔවුන්ගේ තාක්ශණය අද අපගේ තාක්ශණය තරමටම හෝ ඊටත් වැඩියෙන් දියුණුව පවතින්නට ඇති බවද විශ්වාස කරති. එහෙත් මෙවැනි පර්යේෂකයින් ප්‍රධාන ප්‍රවාහයේ (mainstream) පුරාවිද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් විසින් කොන් කරන අතර ඔවුන්ගේ කල්පිත හුදෙක් මනස්ගාත ලෙස බැහැර කරයි.

මේ අතර තවමත් වසර මිලියන 1.3කට පෙර පොලවට පතිතවී ඝණවූ යමහල් අළු මත මිනිස් පාසටහන් ලෙස ප්‍රධාන ප්‍රවාහයි විද්‍යාඥයින් පවා පිලිගන්නා පා සටහන් ඇති කරන්නට ඇත්තේ කවුරුන් විසින්ද යන්න නොවිසඳී පවතී.

මිනිසුන් සිතන ආකාරය පරිගණකවලට තේරුම්කරදිය හැකි algorithm මෘදුකාංගයක් නිර්මාණය කෙරේ...

යමෙකු ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ-ජාල වෙබඩවියක තබන සටහන් වලින් එම පුද්ගලයා සිතන ආකාරය, ඔහු/ඇයගේ අදහස්, කැමති අකමැතිදේ, දේශපාලන දැක්ම, ආදර බැඳීම්, රැකියාවේ තත්වය, අධ්‍යාපනය වැනි අතිවිශාල තොරතුරු සංඛයාවක් පිලිඹිබුවේ. අප කවුරුන්ද, සිතන්නේ කෙසේද යන්න පිලිබඳ නොමැකිය හැකි සටහනක් ෆේස්බුක්, ට්විටර් වැනි සේවා මගින් තබාගනී.තමන් ෆේස්බුක් වැනි සමාජජාල තුල ලියාතබන දේ, ඇතුල්කරන ඡායාරූප, කොමෙන්ටු වැනිදෑ සැළකිල්ලෙන් සිදුකරන ලෙස සමාජ-ජාල විශේෂඥයින් අණතුරු අඟවන්නේත් මේ නිසාවෙනි.

අපගේ ෆේස්බුක් මිතුරන්, ට්විටර් ග්‍රාහකයින් සිතනපතන දේ ඔවුන් ලියාතබන දෙයින් වටහාගැනීම මිනිසුන් ලෙස අපට ඉතා පහසුවූවත්, පරිගණකයට මේවා තේරුම් ගැනීම තවමත් ඉතා අපහසුය. දැනට ඉතාම සංකීර්ණ data-mining මෘදුකාංග පවා සිදුකරන්නේ අප තබන සටහන් වල මූලපද (keywords) පිලිබඳව සෙවිල්ලෙන් සිටිමින්, ඒවා හා බැඳෙන රටා (patterns) හඳුනාගෙන අප පවසනදේ පිලිබඳව අනුමාන කරගැනීම පමණකි.

ඒ අනුව Google Ad-sense වැනි අන්තර්ජාල දැන්වීම් සේවා අපගේ ප්‍රොෆයිලයට එනම් අප පිලිබඳව එය උගෙන ඇති තේ අනුව අපට වැදගත් යැයි හැඟෙන භාණ්ඩ හා සේවාවල දැන්වීම දර්ශණය කරයි. එහෙත් සමාජ-ජාලා තුලින් මොහොතකට ජනනය වන ගිගා-බයිට දසදහස් ගණනක දත්ත ගූගල්, ඇමසන්, ෆේස්බුක් වැනි සමාගම්වලට තවමත් නිසි ලෙස ප්‍රයෝජනයට ගත නොහැක්කේ එම දත්ත තේරුම්ගැනීම හැකියාව ඉතා ප්‍රභල data-mining මෘදුකාංගවලට වලට පවා අපහසු නිසාවෙනි.

එම සමාජ-ජාල දත්ත අනුව අන්තර්ජාල සේවාලාභියෙකු පිලිබඳ ඉතා නිවැරදි ප්‍රොෆයිල තනාගත හැකි නම් එම පුද්ගලයාට දැනට අවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් නොව, එම පුද්ගලයා පවා තවමත් තමනට ප්‍රයෝජනවත් යයි නොදන්නා භාණ්ඩ හා සේවා පවා සොයාදීමේ හැකියාව ඇති බව  ගූගල්, ෆේස්බුක්, ඇමසන් වැනි සමාගම් දන්නා අතර මෙම භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට දායකවීම මගින් තම සමාගම් වලට කෝටි ප්‍රකෝටි ගණනින් ආදයම් වර්ධනය කරගත හැකි බවට ඔවුන් අනුමාන කරයි.

Richard Socher, Stanford University
මෙම අරමුණ කරා ලඟාවිය හැකි ඇල්ගොරිතම් මෘදුකාංගයක් අමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ පස්චාත් උපාධි අපේක්ශකයෙකු වන රිචර්ඩ් සෝචර් විසින් නිර්මාණය කොට ඇති අතර, මේ සඳහා එම විශ්වවිද්‍යාලයේම කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) පිලිබඳව පර්යේෂකයින් වන ක්‍රිස් මැනින්ග් හා ඇන්ඩෲ ඇන්ග් දායකවී ඇත. මෙම ඇල්ගොරිතමය Neural Analysis of Sentiment — or NaSent ලෙස හඳුන්වයි නැසෙන්ට් ඇල්ගොරිතමය, පරිගණක විද්‍යාවේ අලුත්ම ශාඛාවක් වන "Deep Learning - ඩීප් ලර්නින්" හෙවත් ඉතා ගැඹුරු ලෙස ඉගෙනීම යන තාක්ශණයට ඇතුලත්ය.  කෘතිම බුද්ධි පර්යේශකයින් බොහෝ දෙනෙකු පරිගණක වලට මිනිසෙකු ලෙස සිතීමට හැකියාව ලබාදීමේ ඉක්මණ් ක්‍රමයක් ලෙස මෙම ඩීප් ලර්නින් තාක්ශණය හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ පරිගණක මෘදුකාංගයකට මිනිස් මොලය දත්ත සැකසුම් සිදුකරන ආකාරයට දත්ත සැකසුම් කිරීමට ඉගැන්වීමයි.


Wednesday, 9 October 2013

Canon 100D ලොව කුඩාම DSLR කැමරාව

දකුණු පසින් දිස්වෙන කැනන් 100D, කැනන් EOS 6D කැමරාව හා සසැඳිවිට 
කුඩා යයි පැවසූවද, පොකට් කැමරාවක් තරම් කුඩා නොවූවත්, කැනන්100D කැමරාව සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත, කැනන් DSLR කැමරාවලට යෙදිය හැකි සියලුම කාච ඇමිණුම් (attachable lens kits) සවිකල හැකි, දර්පණ/ප්‍රිස්ම සැකසුමකින් ලෙන්සයෙන් පෙනන ආකාරයට viewfinder යෙන් frame view ලබාදෙන (mirror/prism view finder) අංග සම්පූර්ණ DSLR කැමරාවකි.


ආසියාතිකරයේ, ජපානයේ හා යුරෝපයේ කැනන් 100D ලෙසත් උතුරු අමෙරිකාවේ කැනන් EOS Rebel SL1 නම්කොට ඇති මෙම කැමරාව මෙගාපික්සල් 18 සෙන්සරයකින් සමන්විත අතර බරින් ග්‍රෑම් 400කි. සසැඳුමක් ලෙස ගත්විට නිකොන් 5200 DSLR කැමරාව බරින් ග්‍රෑම් 500කි.

Cannon 100D කැමරාවේ ප්‍රධාන ගුණාංග
  • Canon EF-S 18-55mm f/3.5-5.6 IS STM lens
  • Weight 400g
  • 18MP APS-C sensor 
  • 14-bit DIGIC 5 image processor
  • 'Hybrid CMOS AF II' system with 80% frame coverage
  • Continuous autofocus in movie mode with subject tracking
  • ISO 100-12800 (expandable to ISO 25600)
  • 4 fps continuous shooting
  • 1080/30p video recording, monaural microphone (stereo input jack)
  • 3-inch fixed touch-screen
  • 9 point AF (central sensor is cross-type)
  • 'Creative Filters' image-processing controls, previewed live on-screen
මෙම කැමරාව පූර්ණ විශේෂඥ විමර්ශණයකට බඳුන්කල DPReview ඡායාරුපකරණ වෙබ් අඩවිය එයට 78%ක ලකුණු ප්‍රමාණයක් ලබාදෙයි. පහත DPReview වීඩියෝව කැමරාව පිලිබඳව කෙටි හැඳින්වීමක් සිදුකරයි.


ඔවුන්ගේ අවසන් නිගමන සටහන පහත දැක්වෙන අතර සම්පූර්ණ DPReview විමර්ශණ විස්තරයට මෙතනින් පිවිසිය හැකිය.



පෞරාණික ඉතිහාසයේ අභිරහස්! - ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද?

පෞරාණික ඉතිහාසය අපට නොවිසඳුනු අභිරහස් රැසක් ඉතිරිකොට ගොස් ඇත. ඊජිප්තුවේ පිරමීඩ තැනුවේ කෙසේද? තාක්ශණය ලැබුණේ කාගෙන්ද?, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් ගල්කවය නිර්මාණය කලේ කවුරුන්ද? කෙසේද? ඒ සඳහා ටොන් ගණන් බර මහා ගල් ගෙනගියේ කෙසේද? මෙවැනි ඓතිහාසික අහිරහස් ඉතා ප්‍රසිද්ධ වන අතර පොත්පත් සියගණනක් මේ ගැන ලියවී ඇත. මේවා ගැන රූපවාහිණී වාර්තා චිත්‍රපට විශාල. සංඛ්‍යාවක්ද පවතී. යූ-ටියුබ් විඩියෝ ජාලයට පිවිසෙන අයෙකුට මෙම මාතෘකා පිලිබඳව වාර්තා චිත්‍රපට නරඹා දැනුවත්වීමේ හැකියාව ඇත.

මේ ලිපියේ අරමුණ වන්නේ පිරමීඩ, ස්ටෝන්හෙන්ජ්, පූමාපුන්කු, නැස්කා කාන්තාරයේ සිතුවම් මෙන් ලොව දැඩි අවධානය දිනා නොගත්, එහෙත් තවමත් ඉතිහාසඥයින් හට ගැටලුවී ඇති  අභිරහසක් වන ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ අවසානය කෙසේ සිදුවුනිද යන්නයි.

ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද? ඉන්දු නිම්න වැසියනට කුමක් සිදුවුනිද?



උච්ඡතම අවස්ථාවේ බටහිර ඉන්දියාවේ සිට ඇෆ්ඝනිස්ථානය දක්වා පැතිර තිබූ, මිලියන 5ක පමණ ජනකායක් ජීවත්වූවායයි සැක කෙරෙන ඉන්දු නිම්න සිශ්ඨාචාරය ඉන්දියානු අර්ධද්වීපයේ පැරණිතම සිශ්ඨාචාරයයි. තාක්ශණයෙන් දියුණු නාගරික සිශ්ඨාචාරයක් (urban civilization) ඔවුහු නිර්මාණය කරගෙන සිටියහ.ලෝකඩ යුගයේ (bronze age) සිශ්ඨාචාරයක් වූ මොවුන් ඉතා දියුණු සැළසුම් වලට නිර්මාණය කල නගර, දියුණු වැසිකිළි හා මළපවාහන පද්ධති වලින් නිර්මාණය කල දක්ශ ඉන්ජිනේරු ශිල්පයන් බිහිකල එකක් බවට සාක්ශි තවමත් ඕනෑ තරමින් ඉතුරු වී තිබේ.

ලෝහකර්මය පිලිබඳව ඉතා හොඳ දැනුමක් තිබූ මොවුන් තඹ, ලෝකඩ, ඊයම් හා ටින් ලෝහ භාවිතා කරමින් නිර්මාණය කල විවිධ භාණ්ඩ හමුවී තිබේ. එපමණක් නොව ඉන්දු ගංගාවට මායිම්ව මෙම සිශ්ඨාචාරය නිර්මාණය ඉතා විශාල නෞකා තටාක, ධාන්‍යාගාර හා ගබඩා පවා හමුවී තිබේ. මේ සියල්ලෙන්ම තහවුරු වන්නේ ඉන්දුනිම්න සිශ්ඨාචාරය ඉතා සමෘධිමත් එකක් වූ බවයි. ඔවුන්ගේ නිවාස නූතන අපගේ නිවාස මෙන්ම පුළුස්සන ලද ගඩොල්වලින් නිමවා ඇති අතර සෑම නිවසකම පාහේ ඉතා දියුණු නානකාමර තිබී ඇත. එමෙන්ම ඉන්දු නිම්න සිශ්ඨාචාරය දිග, බර හා කාළය මැනීම සඳහා සම්මත මිනුම් ඒකක (standard units) මුලින්ම නිර්මාණය කරගත් සිශ්ඨාචාරය බවට දැනට තහවුරු වී තිබේ. සෑම දෙයක්ම ඉතා පිලිවෙලට, සැළසුම් සහගතව සිදුකල මොවුන් සමූහාණ්ඩු ක්‍රමයට රාජ්‍ය පාළනය සිදුකල බව විශ්වාස කෙරේ.

තවත් විශ්මය දනවන කරුණක් වන්නේ ඉන්දු නිම්න සිශ්ඨාචාරයට අයත් යයි සැළකෙන පැරණි සොහොනකින් සොයාගත් පිරිමි මෘතශරීර දෙකකම දත් වල කුඩා සිදුරු සාදා තිබීමයි. මේවා මොවුන් ජීවතුන් අතර සිටියදීම සිදුකරන ලද විදුම් බව ඒ පිලිබඳව පර්යේශණ සිදුකල විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව ඉහල දන්ත සෞඛ්‍ය තාක්ශණයක් ඔවුන් සතුව තිබී ඇති බව සැළකේ.

එහෙත් එවැනි සිශ්ඨාචාරයක් එක්වරම අතුරුදහන් වී ගියේය. වෙනත් සිශ්ඨාචාර විනාශවී යනවිට ඒවා නිරන්තර යුද්ධ, බල අරගල, කාළගුණික විපර්යාසවලට යටත්වී විනාශවී ගිය බවට සාධක ඇතත් ඉන්දු නිම්න වැසියන් හට එවැනි ඉරණමක් අත්වූ බවට තහවුරු කල හැකි සාධකයක් සොයා ගැනීමට නැත.

1922 දී මොහෙන්ජෝදාරෝ හා හරප්පා නගර සොයාගන්නා තෙක්ම්ම ඔවුන් ගැන කිසිදු සටහනක් ලෝක ඉතිහාසයේ ඉතුරු නොවන තරමටම වේගයකින් මෙම විශිෂ්ඨ සිශ්ඨාචාරය මිහිපිටින් තුරන්වීම තවමත් පුරාවිද්‍යාඥයින් හට පැහැදිලි කල නොහැකි ඓතිහාසික අභිරහස් වලින් එකකි. ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ යටපත්වීමට හේතු ලෙස දැනට ඉදිරිපත් කොට ඇති වඩාත් විශ්වාසකල හැකි කල්පිතය නම් කාළගුණ විපර්යාසයක් මගින් ඔවුන්ගේ කෘෂිකර්මානතයට හා වෙළඳාමට දැඩි බලපෑමක් එල්ලවූ බවය.





Sunday, 6 October 2013

අයිස් දියවුනු ඇන්ටාක්ටිකාව කෙසේ දිස්වේද?


ඇන්ටාටිකාව යනු සදාකාලිකවම හිමෙන් වැසුනු මහාද්වීපයකි. විටක මෙම අයිස් තට්ටුවේ ඝණකම කිලෝමීටර් 3ක් පමණවේ යයි කීවොත් ඔබ පුදුම වන්නටද පුලුවන. මේ මහා හිම තට්ටුවෙන් වැසුනු ඇන්ටාක්ටිකා මහාද්වීපය කලින් හිමෙන් තොරවූ අර්ධ-ඝර්මකලාපීය (sub-tropical) දේශගුණයකින් හෙබි ප්‍රදේශයක් වූ බවට විද්‍යාඥයින්  අතර කල්පිතයක් ඇත. මෑතකදී ඇන්ටාක්ටිකාව අසල මුහුදේ කැනීම් කල විද්‍යාඥයින් පිරිසකට වසර මිලියන 52ක් පැරණි යයි සැළකෙන වැසිවනාන්තරවල වැවෙන ශාකවල ෆොසිල හමුවී ඇත.

පහතින් ඇති යූ-ටියුබ් වීඩියෝව අමෙරිකාවේ නාසා ආයතනය මගින් නිර්මාණය කොට ඇති අතර එය ඇන්ටාක්ටිකාව අයිස්වලින් මිදුනු විට පෙනෙනා ආකාරය දක්වයි. මේ සඳහා දත්ත නාසා ආයතනයේ  විද්‍යාත්මක ව්‍යාපෘතියක් වන Operation IceBridge මගින් රැස්කල ඒවා මෙන්ම මහා බ්‍රිතාන්‍ය රජයේ ඇන්ටාක්ටිකා ගවේශණ ව්‍යාපෘතිය වන British Antarctic Survey මගින් රැස්කල ඒවාවේ.

 

Saturday, 5 October 2013

උතුරු කොරියාවේ ඔත්තුබැලීම සඳහා ලබන වසරේ සිට නියමු රහිත රොබෝ යානා යොදාගන්නවා - අමෙරිකාව

RQ-4 Global Hawk 

ලබන වසරේ සිට උතුරු කොරියාවේ න්‍යශ්ඨික වැඩපිලිවෙල හා වෙනත් හමුදාමය ක්‍රියාකාරකම් වල ඔත්තු බැලීම සඳහා දිගුදුර ඔත්තුබැලීමේ මෙහෙයුම් සඳහා නිර්මාණය කොට ඇති ග්ලෝබල් හෝක් රොබෝ ඩ්‍රෝන යානා යොදාගන්නා බව අමෙරිකාව පවසයි. මෙම යානා ජපානයේ ගුවන් කඳවුරකින් ගුවන් ගත කරවීම සඳහා දැනටමත් ජපන් රජයේ අනුමැතිය ලැබී ඇත.

කිලෝමීටර් 18ක් ඉහල අහසේ පියාසරකල හැකි ග්ලෝබල් හෝක් ඩ්‍රෝන යානාව එක දිගට පැය 28ක් පියාසර කල හැකි ලෙස නිපදවා ඇත. ග්ලෝබල් හෝක් ඩ්‍රෝනය යානය අමෙරිකාව සතු විශාලතම ඩ්‍රෝන යානය වන තර එහි ඇති සංවේදක මගින් දිනකට වර්ග කිලෝමීටර් 100,000 භූමි ප්‍රමාණයක ඡායාරූප හා දත්ත රැස්කල හැකිය. නෝත්රොප් ගෘම්මාන් ගගනවිද්‍යා සමාගම (Northrop Grumman) මගින් නිර්මාණය කොට නිපදවන ග්ලෝබල් හෝක් යානය රෝල්ස්-රොයිස් ජෙට් එන්ජිමකින් බලගැන්වේ.

ග්ලෝබල් හෝක් යානයක් මෙහෙයුමකට සූදානම් කරන අමෙරිකානු ගුවන්හමුදා නිළධාරීන්

Friday, 4 October 2013

පිටසක්වළ ප‍්‍රහාරයකට මුහුණදීමට අප තවමත් සූදානම් නැහැ – රුසියාව



රුසියානු අභ්‍යවකාශ බලසේනාව පිටසක්වලින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණදීම සූදානම් නොමැති බව රුසියානු ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබේ.

මොස්කව් ආසන්නනේ පිහිටා ඇති ටිටොව් අභ්‍යවකාශ පද්ධති පාලන මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පිටසක්වළින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණ දෙන අන්දම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප‍්‍රධානි සර්ජි බ්‍රෙෂ්නොයි කියා ඇත්තේ පිටසක්වල ජීවීන්ට මුහුණදීම තමන්ගේ අරමුණ නොවෙතත් පෘථිවිය සහ ඒ අසල අවධානය ලක් කළ යුතු බොහෝ ගැටළු ඇති බවයි.

රුසියානු ගුවන් ආරක්ෂණ බලසේනාව විසින් මෙහෙයවන ටිටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා රුසියාවේ සිවිල් සහ යුධ සන්නිවේදන චන්ද්‍රිකාවලින් 80%ක් පාලනය කෙරෙන අතර අභ්‍යවකාශ යානා සහ උපක‍්‍රමික බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම්ද පාලනය කරනු ලබයි.

නිලධාරීන් සහ සෙබළුන් 1000ක් පමණ ටිටොව් මධ්‍යස්ථානයේ සේවය කරන බව පැවසේ.  2011දී මිසයිල ආරක්ෂණය, ගුවන් යානා යුධ කටයුතු සහ අභ්‍යවකාශ පරිපාලනය යන ක්‍ෂෙත‍්‍ර රැසක් සඳහා පැවති සේනාංකයන් ඒකාබද්ධ කර රුසියානු අභ්‍යවකාශ බලසේනාව ගොඩනගනු ලැබිනි.

රේඩාර් මධ්‍යස්ථානයන් රැසක් සහිතව ගොඩනැගූ බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම පිළිබඳ අනතුරු හැගවීමේ මධ්‍යස්ථානයක්, අභ්‍යවකාශ චරපුරුෂ මධ්‍යස්ථානයක්, ප්ලෙසෙට්ක් හි පිහිටා ඇති මිලිටරි ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානය සහ කුරාහි පිහිටා ඇති මිසයිල අත්හදා බැලීමේ අංගණය මෙම බලසේනාව සතුව පවතී.

පිටසක්වල ප‍්‍රහාරයකට මුහුණ දිය නොහැකි වුවද ගෝලීය පරිමාණයේ තර්ජනයන්ට මුහුණදීම සඳහා අතිශය ප‍්‍රබල සහ අධි තාක්ෂණික මාධ්‍යයන් රුසියානු අභ්‍යවකාශ බලසේනා සතුවන බව යුධ විශේෂඥයන්ගේ පිළිගැනීමයි.


Sources : 
http://lankacnews.com/sinhala/foreign-news/102132/
http://rt.com/news/russian-space-troops-aliens-631/

Wednesday, 2 October 2013

මුලම ඩයිනසෝරයා මිහිපිට ඇවිදින විටත් සපුෂ්පික ශාක බිහිවී තිබුණා?

පැරණි සපුෂ්පික ශාකයක් ලෙස සැළකෙන Yellow water lily (Nuphar advena) ජලජ ශාකය
මෙතෙක් කාළයක් විද්‍යාඥයින් අනුමාන කරගෙන සිටියේ මල් හටගන්නා ශාක එනම් සපුෂ්පික ශාක බිහිවූයේ ඩයිනසෝරයින් මිහිපිට බිහිවී වසර මිලියන 100කට පමණ පසුව බවයි. එහෙත් මෑතකදී ස්විට්සර්ලන්තයේ භූගත සිදුරකින් ලැබුණු, ඉතා හොඳින් සංරක්ශණය වී තිබූ ෆොසිල සාම්පල දෙකක, නූතන ශාක පරාගවලට ඉතා සමාන පරාග දක්නට ලැබී තිබෙනවා. මේවා වසර මිලියන 245 පැරණි බවට ගණන් බලා තිබෙනවා, එනම් දැනට ලැබී තිබෙන ෆොසිල සාක්ශි අනුව මුල්ම ඩයිනසෝරයා ලෙස අනුමාන කරන ටැන්සානියාවේ න්‍යාසාසෝරස් (න්‍යාසා විලේ උරගයා) ඩයිනෝසරයා ජීවමානව සිටියදීද ලොව සපුශ්පික ශාක වලින් ගහන වන්නට ඇතැයි දැන් අනුමාන කෙරෙනවා. න්‍යාසාසෝරස් ඩයිනෝසරයා ජීවත්වී ඇත්තේ මීට වසර මිලියන 240කට පමණ පෙර මධ්‍යම ට්‍රියාසික යුගය ලෙස හැඳින්වෙන යුගයේදීයි.

ටැන්සානියාවේ න්‍යාසාසෝරස් (න්‍යාසා විලේ උරගයා) 

Related Posts Plugin for WordPress, Blogger...