Related Posts Plugin for WordPress, Blogger...

Monday, 29 June 2015

F-22 Raptor පියාසර මෙහෙයුම් [ High Definition Photos ]


ගමනට සුබපැතුම: හොලෝමාන් ගුවන් කඳවුර - නිව් මෙක්සිකෝ ප්‍රාන්තය
110302-F-MQ656-110

8වැනි ප්‍රහාරක යානා බලගණයේ මේජර් ඩැනියෙල් ලෙහොස්කි පුහුණුවීමේ මෙහෙයුමක් සඳහා පිටත්වීමට පෙර F-22 යානා නඩත්තු හා සේවා භාර නිළධාරියාගෙන් සුබපැතුම් ලබාගනී.


ගුවන්ගතවීමට මොහොතකට පෙර....
F-22 demo

F-22 රැප්ටර් නියමුවා යානය ඉදිරියේ සිටින එයාක්‍රාෆ්ට් මාෂල්වරයාගේ සංඥා බලාපොරොත්තුවෙන් සිටී....


F-22 රැප්ටර් යානයක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොත - "ආක්ටික් තන්ඩර්" පුහුණු මෙහෙයුම 2014 ජූලි
F-22 flys at Artctic Thunder

ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ්-රිචර්ඩ්සන් ගුවන්හමුදා කඳවුර ආශ්‍රිතව 2014 ජූලියේදී පැවැත්වුනු ආර්ක්ටික් තන්ඩර් පුහුණු මෙහෙයුමේදී ගන්නා ලද ඡායාරූපයකි.


සමූහ පියාසැරිය - ටින්ඩල් ගුවන් කඳවුර, ෆ්ලොරිඩා ප්‍රාන්තය
F-22 Raptor fly over

ෆ්ලෝරිඩාවේ ටින්ඩල් ගුවන් කඳවුරට F-22 රැප්ටර් යානා 24ක් අලුතින් එක්වුනු අතර, එම යානා 24න්, මුලින්ම කඳවුරට ලඟාවූ යානා පහ, කඳවුර ඉහලින් පියාසර කල අයුරු...


ගුවනේ ඉන්ධන පිරවීම:  රේසර්-ටැලෝන් පුහුණු මෙහෙයුම 2013
Thanks for the fill-up

KC-10 Extender ටෑංකර් යානයක් මගින් F-22 යානයකට ගුවනේදී ඉන්ධන පිරවීමේ අභ්‍යයාසය.


ගුවන්ගතවීම: ඔපරේෂන් රෙඩ්ෆ්ලෑග් පුහුණු මෙහෙයුම
Trained to fight

2013දී නෙවාඩාහි නෙලී ගුවන්හමුදා කඳවුරු ප්‍රදේශයේදී පැවැත්වුනු ඔපරේෂන් රෙඩ්ෆ්ලෑග් පුහුණු මෙහෙයුමට සහභාගීවූ F-22 යානයක් නෙලී ධාවනපථයෙන් ගුවන්ගත වන අයුරු.


F-22 Internal Weapons Bay
Weapons bays

F-22 ස්ටෙල්ත් යානාවේ සියලුම බෝම්බ හා මිසයිල රැගෙන යන වෙපන්ස්-බේ කොටස යානයේ බඳතුල පිහිටා ඇති අතර වෙනත් ප්‍රහාරක යානාවල මෙන් අත්තටුවල ඇති "hard points" වල බෝම්බ හා මිසයිල එල්ලාගෙන යාමක් සිදුනොවේ. මෙයට හේතුව යානයේ රේඩාර්වලින් සැඟවීයාමේ ඇති හැකියාව උපරිම කරගැනීමයි.


සියුමැලිදෑතින්...
110302-F-HG907-181

ඇලස්කාවේ එල්මෙඩෝර්ෆ්-රිචර්ඩ්සන් ගුවන්හමුදා මූලස්ථානයේ F-22 ගුවන්යානා නඩත්තු විශේෂඥයින් වන ඉඩ්මා රැමිරෙස් හා ෂෙයිලා ස්මිත්, F-22 යානයක නඩත්තු කටයුත්තක් සිදුකරමින්....


එන්ජින් පරීක්ශාව....
Revvin

F-22 යානා නඩත්තු විශේෂඥයින් ලෙස පුහුණුව ලබන කාන්තා ගුවන් සෙබලියන් පිරිසක් F-22 ජෙට් එන්ජිමක පරික්ශණ එන්ජින් ධාවනයක් නිරීක්ශණය කරන අයුරු.


F-22 Cockpit
F-22 Raptor

F-22 යානයේ නියමුකුටිය. මෙහි ළා කොළපැහැයෙන් දිස්වෙන තිරය, හෙවත් HUDතිරයයි. එය මගින් යානයේ නියමුවාට කෙලින්ම ඉදිරිය බලාගෙන සිටියදී යානයේ ඉතා වැදගත් තොරතුරු හා දත්ත බලාගත හැකිය.





Friday, 26 June 2015

මැගී නූඩ්ල්ස්වලට මොනෝසෝඩියම් ග්ලුටාමේට් (අජිනමොටෝ) දානවාද නැද්ද? නෙස්ලේ ලංකා පැහැදිලි පිලිතුරක් දිය යුතුයි.

Nestle Global CEO Paul Bulcke කියනවා මැගීවලට මොනොසෝඩියම් ග්ලුටාමේට් දාන්නේ නෑ කියලා. 

ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල් කියනවා, මැගී හදන්න ඉන්දියාවෙන් ගෙන්නන්නේ මොනෝසෝඩියම් ග්ලුටාමේට් විතරයි කියලා. 

එතකොට පෝල් බල්කී නෙස්ලේ ප්‍රධාන විධායකයා කියන්නේ බොරුද? 

නැතිනම් නෙස්ලේ සමාගමේ ප්‍රතිපත්ති වලට විරුද්ධව, පෝල් බල්කීලාටත් හොරෙන් ලංකාවේ නෙස්ලේ ඇත්තෝ මොනෝ සෝඩියම් ග්ලුටාමේට් මැගී වලට (හා අනෙක් සියලුම නිශ්පාදනවලට ) දානවාද?

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලුටාමේට් (අජිනමොටෝ) දානවාද නැද්ද? නෙස්ලේ ලංකා පැහැදිලි පිලිතුරක් දිය යුතුයි.



ඉන්දියාවේදී මැගී නූඩ්ල්ස් සාම්පලවල තිබූ ඊයම් හා අධිමාත්‍රාවෙන් මොනෝසෝඩියම් ග්ලුටාමේට් (සුප්‍රකට අජිනොමොටෝ) අඩංගු බව පවසමින් එරට පාරිභෝගික ආරක්ශණ ආයතන මැගී නූඩ්ල්ස් විකිණීම තහනම් කරමින් නියෝගයක් පැනවීමත් සමග, නෙස්ලේ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවන Paul Bulcke මහතා (Nestle Global CEO) ඉන්දීය මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත්කරමින් තම සමාගම මැගී නූඩ්ල්ස්වලට මොනෝසෝඩියම් ග්ලුටාමේට් එකතු නොකරන බවත්, මැගී නූඩ්ල්ස්වල හෝ රසකාරක වල මොනෝසෝඩියම් ග්ලුටාමේට් (MSG) නොමැති බවත් ප්‍රකාශ කලා. මෙම ප්‍රකාශය උපුටාගත් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ වෙබ් සංස්කරණය ජූනි 5 වැනිදා ඒ පිලිබඳව පලකලේ මෙසේයි.

මේ අතර, නෙස්ලේ ඉන්ඩියා සමාගම, මෙම අර්බුධය පිලිබඳව තම ස්ථාවරය ඉදිරිපත්කරන ප්‍රකාශයේ (position statement) නෙස්ලේ ඉන්ඩියා සමාගම තම මැගී නූඩ්ලස් නිශ්පාදන සඳහා මොනෝසෝඩියම් ග්ලුටාමේට් (MSG)  එකතු නොකරන බවත්, එහෙත් මැගී නූඩ්ල්ස් වල, ස්ව්භාවිකව හටගන්නා මොනෝසෝඩියම් ග්ලුටාමේට් (naturally occurring MSG) අඩංගු විය හැකි බවටත් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඔවුන් මොනෝසෝඩියම් ග්ලුටාමේට් ශරීරයට හිතකර බව පවසනවා.
Nestle India Position Statement on Maggi Controversy 
එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මෙම ලින්කුවේ අඩංගුය. https://www.nestle.in/asset-library/documents/faqs/maggi_position_statement.pdf

මැගී නූඩ්ල්ස් අහිතකර නෑ : සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් (ඩේලි මිරර් - 26/06/2015)

මේ අතර, කඩිමුඩියේ මැගී සාම්පල් පරීක්ශාකල අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා, අප බලාපොරොත්තුවූ පරිද්දෙන්ම මැගී පරීක්ශාකොට ඒවාවල ඊයම් නැතිබව තහවුරු කරගෙන තිබෙනවා. බහු ජාතික සමාගම් දුප්පත් රටවල දාන සෙල්ලන් දන්නා අපට මෙය කිසිම පුදුමයක් දනවන කාරණයක් නොවෙයි.

මේ රටේ ළමයි, තරුණ, වැඩිහිටියන් මිලියන ගණනක් දිනපතා ගිලදමන නිසා මිලියන් ගණනක් ලාභ ලබන මැගී හොඳනෑ කියලා ඕනෑ වුනත් කියන්නට මේ රටේ පාරිභෝගිකයින් ආරක්ශා කරන්න බැඳිලා ඉන්න අයට නිදහසක් තියෙනවාද කියලා සැකයක් මතුවෙනවා. 

දැනටමත් දැන්වීම් ආදායම් පෙන්නලා, පත්තර එඩිටර්ලා හීලෑ කරගෙන, මැගීවලට අහිතකර ප්‍රචාර පත්තරවල යන එක වලක්වගන්න නෙස්ලේ ලොක්කෝ දඟදාන්නේ නැතිනම් ඒකත් පුදුමයක්.

මහා පරිමාණයෙන් කුඩු ගෙනල්ලා, එතනෝල් මත්පැන් ජාවාරමෙන් කෝටිපතියන් වෙලා පමණක් නොවෙයි මහ දවල් මහපාරේ මිනීමරලා යහතින් ඉන්න, පාර්ලිමේන්තුවේ නීති හදන්න දායකවන තක්කඩි මහජන නියෝජිතයින් ඉන්නා රටක මේවා අරුමයක් නෙවෙයි.

ඒත් ඊටත් වඩා හාස්‍යජනක දෙයක් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල් මෑගී හොඳබවට දෙන වාර්තාවේ (උපුටා ගැනීම 26/06/2015 ඩේලි මිරර්) සටහන් වනවා. සෞඛ්‍ය අධ්‍යක්ශක කිව්වා කියලා ඩේලි මිරර් වෙබ් අඩවියේ වාර්තාවන විධියට, ඉන්දියාවෙන් මැගී නූඩල්ස් හදන්න කිසිම අමුද්‍රව්‍යයක් ලංකාවේ මැගී හදන්න ගෙන්නන්නේ නැති බවත්, ඉන්දියාවෙන් ගෙන්නන්නේ මොනෝසෝඩියම් ග්ලුටාමේට් පමණක් බවත්, මොනෝසෝඩියම් ග්ලුටාමේට් මැගී නූඩ්ල්ස්වල ප්‍රධාන අමුද්‍රව්‍යයක් බවත් ඩේලි මිරර් වාර්තාකර තියෙනවා.

Source : http://www.dailymirror.lk/77657/sl-instant-noodles-safe-health-dg



එතකොට දැන් ඇත්ත මොකක්ද කියලා නෙස්ලේ ලංකා කියන්න ඕනෑ....

Nestle Global CEO Paul Bulcke කියනවා මැගීවලට මොනොසෝඩියම් ග්ලුටාමේට් දාන්නේ නෑ කියලා. එයාට කියන්න බෑ, ඒ ප්‍රකාශය ඉන්දියාවට විතරක් අදාලයි කියලා. මොකද ඔහු, නෙස්ලේ සමාගමේ ලෝකව්‍යාප්ත ජාලයේම ප්‍රධාන විධායක නිළධාරියා.

සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල් කියනවා, මැගී හදන්න ඉන්දියාවෙන් ගෙන්නන්නේ මොනෝසෝඩියම් ග්ලුටාමේට් විතරයි කියලා. 

එතකොට පෝල් බල්කී නෙස්ලේ ප්‍රධාන විධායකයා කියන්නේ බොරුද?


නැතිනම් නෙස්ලේ සමාගමේ ප්‍රතිපත්ති වලට විරුද්ධව ලංකාවේ නෙස්ලේ ඇත්තෝ මොනෝ සෝඩියම් ග්ලුටාමේට් මැගී වලට (හා අනෙක් සියලුම නිශ්පාදනවලට ) දානවාද?



Thursday, 25 June 2015

අඟහරුමත පිරමීඩයක්‌??? [NASA high resolution image taken by Curiosity Rover]

නාසා කිව්රියෝසිටි රෝවරය මගින් ගන්නා ලද මෙම ඡායාරූපයේ කුඩා, එහෙත් ජ්‍යාමිතිකව නිවැරදි පිරමීඩයක් පෙනෙන්නට තිබේ. මෙම පිරමීඩය ගැන මත ප්‍රකාශ කරන්නන් සඳහන් කරන්නේ මෙය භූගතව එනම් වැලලී ඇති පිරමිඩයක පොලොවින් මතුවූ උඩ කොටස වියහැකි බවන්. නැතහොත් යම් ආකාරයක සළකුණක් බවයි. කෙසේවෙතත් මෙම පිරමීඩය අඟහරුමත ඉතා දියුණු ජීවයක් පවතින්නට ඇති බවට තවත් එක් සාක්ශියක් බව පැවැසේ.

එහෙත්, බොහෝ ප්‍රධාන ධාරාවේ විචාරකයන් පවසන්නේ මෙය විරල, එහෙත් ස්වභාවධර්මයේ නිර්මාණයක් බවයි.

අඟහරු ජීවය පිලිබඳ අපි ලියපු ලිපි.....

This image was taken by Mastcam: Right (MAST_RIGHT) onboard NASA's Mars rover Curiosity on Sol 978 (2015-05-07 23:22:33 UTC).

Image Credit: NASA/JPL-Caltech/MSSS

(Click on the image for Full Size)

අඟහරුමත පිරමීඩයක්‌???

නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද සුප්‍රකට රෝවර් යන්ත්‍රයෙන් ඉතාම විශ්මය ජනක ඡායාරූප කිහිපයක්‌ පෘතුවිය වෙත එවනු ලැබ තිබේ. ඒ පිරමිඩයක ඉතාම පැහැදිලි රූප වේ.

පසුගිය මැයි 7 වැනිදා එවා ඇති අඟහරු පිරමිඩයයේ මෙම ඡායාරූප ඉපැරණි ඊජිප්තු මහ පිරමීඩයට අතිශයෙන්ම සමාන වේ. දැනටමත් මෙම පිරමිඩය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පළවී ඇති අතර එක්‌ තොරතුරකින් වාර්තාවන්නේ වසර ගණනකට පෙර මිනිසුන් රහසිගතව අඟහරු වෙත ගොස්‌ ජනපද පිහිටු වූ බවයි.

තවත් වාර්තාවක දැක්‌වූයේ මිසරයේ පිරමිඩි පිටසක්‌වල ජීවීන්ගේ නිර්මාණයන් බවයි.

ක්‍රි. පූ. 26 වැනි සියවසේ එනම් මීට අවුරුදු 4600 කට පෙර මිසරයේ පාරා රජවරුන්ගේ යෝධ සුසාන ලෙස ඉදිකළ ගොඩනැගිලි පිරමීඩ ලෙස සැලකේ.

මිසර වැසියන්ගේ ආගමේ ප්‍රධානතම ලක්‍ෂණය වූයේ සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසයයි. එබැවින් මෙම පිරමීඩ මිසර වැසියා තුළ මුල්බැසගත් සදාකාලික පැවැත්ම උදෙසා නිර්මාණය කළ අග්‍රගන්‍ය නිර්මාණයකි.

ඊජිප්තුවේ විශාලතම පිරමීඩය කයිරෝ නුවර ගිසා නිම්නයේ පිහිටා ඇති අතර එය ලෝකයේ පුදුම හතෙන් එකක්‌ ලෙස සැලකේ. මීට වසර 3800 කට පෙර ඉදිකළ මෙම පිරමීඩයේ උස අඩි 455 ක්‌ වන අතර පාදම අක්‌කර 13 ක්‌ පුරා විහිදෙයි.

අලුත්ම තොරතුරු ඉක්මණින් බලාපොරොත්තු වන්න!!



Source : http://www.divaina.com/2015/06/25/news04.html

Wednesday, 24 June 2015

ශ්‍රී ලංකා ගුවන්හමුදාවට ලබාගන්නට යන JF-17 Thunder / FC-1 Xiaolong ප්‍රහාරක යානය පිලිබඳ සවිස්තර වාර්තාව.

ශ්‍රී ලංකා ගුවන්හමුදාවට නවතම ප්‍රහාරක යානයක් ලබාගැනීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුනු අතර මීට ප්‍රතිචාර දක්වපු ශ්‍රී ලංකාව ගුවන් හමුදාව, තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කලා.

කෙසේ වෙතත්, විදෙස් ගුවන්යානා විශේෂඥයින් පවසන අන්දමට JF-17 තන්ඩර් ලෙස පාකිස්ථානයත්, FC-1 සියාඕලොන්ග් ලෙස චීනයත් හඳුන්වන මෙම සැහැල්ලු ජෙට් ප්‍රහාරක යානය, මිලෙන් අඩු, කාර්යක්ශමතාවයෙන් හා විශ්වාසදායිත්වයෙන් වැඩි, දිවා රාත්‍රී දෙකෙහිම මෙහෙයුම් වල යෙදිය හැකි, බහුකාර්ය ප්‍රහාරක යානයක් (multi-role, day & night fighter jet).

JF-17 තන්ඩර් ප්‍රහාරක යානය නිර්මාණය කරන ලද්දේ ප්‍රධාන වශයෙන්ම පාකිස්ථාන ගුවන් හමුදාවේ යල් පැනගිය මිරාජ් III, චෙන්ග්ඩු-F7 හා නැන්ග්චැන්ග් A-5 බෝම්බ ප්‍රහාරක යානාවලට ආදේශකල හැකි බහුකාර්ය ආදේශක යානයක් ලෙසයි.
යානයේ නිර්මාණ බරපැන ඩොලර් මිලියන 500ක් ලෙස ඇස්තමේන්තුවූ අතර මෙය JF-17 යානයේ ප්‍රධාන තාක්ශණික හවුල්කරුවා වූ චීනය හා පාකිස්ථානය සමව බෙදාගත්තා. 1999දී යානාව නිපදවීම සඳහා දෙරට ගිවිසුමකට එලබුණු අතර 2003 වසරේදී ප්‍රථම පරීක්ශණ පියාසැරිය සිදුවුනා. 2007දී පාකිස්ථාන ගුවන්හමුදාවට JF-17 යානය අනුයුක්තකල අතර දැනට යානා 54ක් පාකිස්ථාන ගුවන්හමුදාවේ සක්‍රිය සේවයේ යොදා තිබෙනවා. තවත් යානා 96ක ඇණවුමක් පකිස්ථාන ගුවන් හමුදාව නිකුත්කොට තිබෙන අතර මෙම යානා 2018 වනවිට නිපදවා භාරදීමට ගිවිසුම්ගත වී තෙබනවා. ඒ අනුව 2018 වනවිට පාකිස්ථන ගුවන් හමුදාව JF-17 යානා 150 බළගණයකින් සමන්විත වනු ඇති.
Pakistan Air force JF-17 Thunder
නිර්මාණ තාක්ශණික තොරතුරු

පියාසර පැය 4000ක් එනම් වසර 25ක ආයුකාලයක් ඇස්තමේන්තුකොට නිමවා ඇති JF-17 යානය පියාසර පැය 1200කට වරක් පූර්ණ අලුත්වැඩියාවකට බඳුන්කල යුතුයි. පරිගණක මගින් පාලනයවන පාලන පද්ධතියක් මගින් (computerized flight control system ) යානයේ පියාසර කාර්යයන් පාලනයවේ. යානයේ නියමුකුටියේ නවීන ඉලෙක්ට්‍රොණික පියාසර තොරතූරු දර්ශක (electronic flight instrument system-EFIS) හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ (Heads Up Display) පද්ධතියකින්ද සමන්විත වන අතර ඒවා නවීන බටහිර යානාවල උපාංග හා සමාන හැකියාවන්ගෙන් යුතු බව ගුවන්යානා විශේෂඥයින් පවසනවා. EFIS පද්ධතිය වර්ණ ඩිජිටල් තිර තුනකින් සමන්විත අතර එම තිර මත වේගය, උස, ප්‍රහාරක ආනතිය, දිශාව ආද් ඉ යානයේ වැදගත් පියාසර තොරතුරු දක්වන අතර, ඊට අමතරව රේඩාර් තොරතුරු, සතුරු/මිතුරු යානා පිලිබඳ තොරතුරු, එන්ජිම හා ඉන්ධන තත්වය පිලිබඳ තොරතුරු මෙන්ම යානයේ විදුලි හා හයිඩ්‍රොලික් පද්ධතිය පිලිබඳව නියමුවාට වැදගත්වන තොරතුරු පෙන්වයි.

මීට අමතරව යානයේ පාලන පෘශ්ඨ නවීන Digital Fly-by-Wire පද්ධතියකින් පාලනය වන අතර ප්‍රහාරක මෙහෙයුම් වලදී යානයේ පියාසර පෘශ්ඨ නියමුවාගේ ප්‍රහාරක සැලසුම්වලට අනුව ස්වයංක්‍රියව සකස්වන බැවින් නියමුවාට යානය පියාසරකිරීම පරිගණකයට භාරකොට ඉලක්කය විනාශකිරීමේ කටයුතුවලට වැඩි අවධානයක් යොමුකල හැකිය.


ආරක්ශක උපක්‍රම

සතුරු ප්‍රහාරවලින් යානය ආරක්ශාකිරීමේ නවීන Defensive Aids System (DAS) හෙවත් ආරක්ශක උපක්‍රම පද්ධතියක් JF-17 යානයට ලබාදී ඇති අතර එමගින් සතුරු රේඩාර් වලින් යානය නිරීක්ශණය කරනවිට ඒ පිලිබඳව නියමුවා දැනුවත් කරයි. සතුරු රේඩාර් නිරීක්ශණයක් දැනුනු වහාම යානයේ පිටුපස ඇති Electric Warfare පද්ධතියක් මගින් සතුරු රේඩාර් වලට බාධා ඇතිකරන අතර එයට සම්බන්ධකරන ලද Missile Approach Warning System (MAWS) මගින් යානය හඹා එන රේඩාර් මගින් ඉලක්කය සොයාගන්නා මිසයිල (Radar Guided Missiles) පිලිබඳව නියමුවා දැනුවත් කොට මිසයිල ප්‍රහාරවලින් ආරක්ශාවීමේ පියාසර උපක්‍රම (Anti-missile flight maneuvers) ගැනීමට ක්‍රියාත්මක වන අතර Electronic Warfare පද්ධතිය එම මිසයිලවල රේඩාර් නොමග යැවීමට උත්සහ කරයි.

එපමණක් නොව මෙම Missile Approach Warning System (MAWS) පද්ධතියට සම්බන්ධකොට ඇති යානයේ බඳවටා විවිධ ස්ථානවල ඇති අධෝරක්ත සෙන්සර් මගින් යානය හඹා එන මිසයිලවල රොකට් මෝටර්වල උශ්ණත්වයට සංවේදීවී ඒවා හඳුනාගන්නා අතර එම තොරතුරුද නියමුවාගේ ඩිජිටල් තිරවල දක්වයි. එමෙන්ම අධෝරක්ත සංවේදනය මගින් ඉලක්කය සොයාගන්නා මිසයිල (Infrared Guided Missiles / Heat Seeking Missiles) නොමග යැවීමට අධික උශ්ණත්වයකින් යුතු flairs හා රේඩාර් නොමග යවන metal chaff නිකුත් කිරීමේ ආරක්ශක උපක්‍රම ස්වයංක්‍රීය ගැනීමටද යානය සමත්ය.

යානයට ලබාදී ඇති KLJ-7 රේඩාර් පද්ධතිය මගින් අහසේ, ගොඩබිම හා මුහුදේ ගමන්කරන සතුරු ඉලක්ක 40ක් එකවර කල හැකි අතර, ක්සිතිජයෙන් ඔබ්බෙහි (Beyond Visual Range) ගමන්කරන යානා 10ක්ද නිරික්ශණය කල හැකිය.

අවිආයුධ හා ඉලක්ක ලබාගැනීමේ පද්ධති

KLJ-7 රේඩාර් පද්ධතිය යානයේ අවිආයුධ වලට ඉලක්කය ලබාදෙන fire control radar ලෙසද ක්‍රියාත්මකවන අතර නියමුවා ඉලක්කය තොරාගත් පසු, රේඩාර් යන්ත්‍රය හා එහි පරිගණක පද්ධතිය මගින් මිසයිලය හෝ බෝම්බයට ඉලක්ක දත්ත ලබාදී එය ඉලක්කය වෙත යොමුකිරීම භාරගනී.

නියමුවාගේ හෙල්මටයට අන්තර්ගත කරන ලද Electro-Optical Helmet Mounted Sight ඉලෙක්ට්‍රොණික පද්ධතිය මගින් නියමුවාගේ දෑස් චලනයවන ආකාරය කරන අතර එමගින් නියමුවාගේ දෑස් එල්ලවී ඇති ඉලක්කය ගණනය කරගෙන් එමගින් සතුරු යානාවෙත විදිනලද මිසයිලවල මගපෙන්විය හැකි පද්ධතියක්ද මෙයට අඩංගු බව පැවසේ. මෙම පද්ධතිය මගින් සතුරු යානයක් වෙත මිසයිලය ගමන්කරවීමට නියමුවා එම සතුරු යානය දෙස මොහොතක් බලාසිටීම පමණක් සෑහේ. ඉලක්කය ලැබුණු පසු එය හඹායාමේ කාර්යය මිසයිලයේ guidance system පද්ධතිය භාරගනී.

මෙට්‍රික් ටොන් 3.5කට අධික බෝම්බ හා මිසයිල රැගෙනයා හැකිය. මිසයිල හා බෝම්බ රඳවාගෙන රැගෙනයා හැකි "hard points" ලෙස හැඳින්වෙන මිසයිල හා බෝම්බ අමුණන ස්ථාන 7ක් මෙම යානයේ ඇත. මෙම හාර්ඩ් පොයින්ට්වල ලේසර් මගින් ඉලක්කය සොයාගන්නා "laser guided smart bombs" සවිකල හැකි අතර මෙම බෝම්බ හා අනෙකුත් මිසයිල වෙතට ඉලක්ක දත්ත සැපයිම සඳහා සෑම හාර්ඩ් පොයින්ට් එකකටම යානයේ පරිගණක පද්ධතියේ සිට MIL-STD-1760 data-bus පද්ධතියක් දිවෙයි.

තවද යානයේ වම්පස එන්ජිමට යටින් මිලිමීටර් 23, බැරල් 2කින් සමන්විත ග්‍රියසෙෆ්-ෂිපුනොෆ් වර්ගයේ මැශින්තුවක්කුවක් සවිකොට ඇත.

එන්ජිම

රුසියාවේ නිශ්පාදිත RD-93 කිල්මොෆ් ටර්බෝෆෑන් එන්ජිමකින් බලගැන්වෙයි. මෙම එන්ජිම රුසියාවේ නිශ්පාදිත සුප්‍රකට මිග්-29 ප්‍රහාරක යානයේ RD-33 එන්ජිම පාදක කොටගෙන JF-17 යානය සඳහාම නිර්මාණය කරන ලද්දකි. මෙම එන්ජිම වෙත ඉන්ධන සැපයිම සඳහා යානයේ අත්තටුවල මෙට්‍රික් ටොන් 2.3ක ඉන්ධන ධාරිතාවයක් ඇති ටැංකි සවිකොට ඇත. එමෙන්ම පියාසර කරමින් සිටියදී ටෑංකර් යානාවලින් ඉන්ධන පුරවාගැනීමේ හැකියාවද JF-17 යානය සතුය.

වැදගත් දත්ත

නියමුවන් ගණන - 1
අවිආයුධ (payload) - මෙට්‍රික් ටොන් 3යි
උපරිම වේගය පැ.කිමී - 1960 (මක් 1.6)
මෙහෙයුම් පරාසය (combat radius) - කිලෝමීටර් 1300යි
උපරිම පියාසර උස - මීටර් 19,600 (කිලෝමීටර් 19.6ක් ඉහල අහසේ)
මිසයිල (Air to Air)

  • MAA-1 Piranha (Short-range)
  • AIM-9L/M (Short-range)
  • PL-5EII (Short-range)
  • PL-9C (Short-range)
  • PL-12 / SD-10 (Beyond visual range)

මිසයිල (Air to Surface)

  • MAR-1 (Anti-radiation missile)
  • Ra'ad ALCM (Nuclear capable Stealth Cruise missile)
  • CM-400AKG supersonic anti-shipping missile, export version of YJ-12
  • CM 102 supersonic Anti radiation missile
  • GB-6 Air-Launched Standoff Submunition Dispenser Precision Guided Weapon

බෝම්බ

  • Mk-82 (general purpose bomb)
  • Mk-84 (general purpose bomb)
  • Matra Durandal (anti-runway bomb)
  • CBU-100/Mk-20 Rockeye (anti-armour cluster bomb)

ස්මාර්ට් බෝම්බ
  • GBU-10 (Laser-guided)
  • GBU-12 (Laser-guided)
  • LT-2 (Laser-guided)
  • H-2 (electro-optically guided)
  • H-4 (electro-optically guided)
  • LS-6 (satellite-guided glide bombs)
  • Satellite-guided bombs

Monday, 22 June 2015

පුද්ගලික පරිගණක ලෝකයේ ආදීවාසීන්

පුද්ගලික පරිගණක නැතිනම් පර්සනල් කොම්පියුටර් (personal computer) අද හැමෝටම හුරුපුරුදු මෙවලමක්. අද පුද්ගලික පරිගණකයක් නැති ගෙදරක් හොයාගන්නවත් නැති තරම්. ඒත් මීට අවුරුදු 20කට කලින්, පුද්ගලික පරිගණයක් කියන මෙවලම කිහිපදෙනෙකුට විතරක් මිළදීගැනීමේ හැකියාව තිබුණු, බොහෝවිට BASIC කියන අඩුබල පරිගණක භාශාවෙන් ක්‍රියාත්මකවුනු, එම පරිගණක භාශාවෙන් මුදෘකාංග තමන්ටම ලියාගන්නට හැකියාවක්, එනම් ප්‍රෝග්‍රැමින් හැකියාවක් තිබුණු අතලොස්සකගේ විනෝදාස්වාදය වෙනුවෙන් නිමැවුනු, මිළ අධික සෙල්ලම් භාණ්ඩයක් (expensive toy) වූවා.

ඒ කාලයේ ජනප්‍රියවුනු කුඩා පුද්ගලික පරිගණක මාදිලි කිහිපයක්, නැතිනම් අද දකින්නට තිබෙන අති නවීන ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් විතරක් නෙමෙයි ටැබ්ලට් වලත් ආදිවාසීන් විධියට හඳුනාගන්න පුලුවන් වන පරිගණක මාදිලි කිහිපයක් පිලිබඳව විස්තර කියන්නට සිතුනා. මේ සිතුවිල්ල ඇතිවෙන්නට හේතුව මා මේ දවස්වල කියවමින් සිටින පොතක්. ඒ පොත තමයි, ඇපල් පරිගණක සමාගමේ පුරෝගාමියෙකුවූ, ඇපල් I,ඇපල් II පරිගණක නිර්මාතෲ හා ස්ටීව් ජෝබ්ස් සමග ඇපල් සමාගම ආරම්භකල ස්ටීව් වොස්නියැක්ගේ "I Woz" නම් ස්වයං චරිතාපදානය. ස්ටීව් වොස්නියැක්, ස්ටීව් ජෝබ්ස් සමග ඇපල් පරිගණක සමාගම ආරම්භකල සමයේ (1974-1984 දශකය තුල) ඔවුන්ගේ තරඟකරුවන් වූ සමාගම් හා ඔවුන්ගේ නිර්මාණ පිලිබඳ අපූරු විස්තර ස්ටීව් වොස්නියැක් සිය චරිතාපදානයේ සටහන් කොට තිබෙනවා, එම මූලාශයත්, විකිපීඩියා විශ්වකෝෂයත් පාදක කරගෙන මෙම ලිපිය ලියැවෙනවා.

පරිගණක විප්ලවය අරම්භකල ස්ටීව් ජෝබ්ස්, ස්ටීව් වොස්නියැක් වැන්නවුන් ගැන ලියවුනු "අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවරු හඳුනාගන්න" ලිපියට මෙතනින්න යන්න.

Apple I & Apple II (USA)

ස්ටීව් වොස්නියැක් විසින් තනිවම නිර්මාණය කල මෙම පරිගණක දෙක (බොහෝ තැන්වල මෙම පරිගණක දෙක ස්ටීව් ජෝබ්ස් හා ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකතුව නිර්මාණය කල බව පැවසුනත් එය වැරදි බව ස්ටීව් වොස්නියැක් සිය චරිතාපදානයේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා), ලෝකයේ පුද්ගලික පරිගණක විප්ලවය ඇතිකල පරිගණක දෙකයි. මේ අතරින් ඇපල් II ,මිලියනයක් අලෙවිවූ පලමු පරිගණකය ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

සාමාන්‍ය රූපවාහිණියකට හා කුඩා කැසට් යන්ත්‍රයකට සම්බන්ධකරන ලද ඇපල් පරිගණයක් (විකිපීඩියා)
ඒ කාලයේ අලෙවිවූ බොහෝ පරිගණක වගේම පරිගණක දෙකම නිවසේ රූපවාහිණී යන්ත්‍රයට සවිකොට එය මොනිටරයක් ලෙස භාවිතා කරන්නට පුලුවන් ආකාරයට නිර්මාණය කොට තිබුණා. ඇපල් II පරිගණකය, වර්ණ ග්‍රැෆික්ස්, සවුන්ඩ් හා ගේම් කොට්‍රෝලර් සවිකරීම සඳහා පහසුකම් වලින්ද සමන්විතවූ විප්ලවකාරි නිර්මාණයක් වූ අතර ඔවුන්ගේ තරඟකරුවන්ට, එවැනි නිර්මාණයක් බිහිකිරීමට ඇපල් II එලිදක්වා වසර කිහිපයක් යනතුරුත් බැරිවුනා. පරිගණක දෘඩතැටි දැවැන්ත මේන්ෆ්‍රේම් පරිගණකවලට පමණක් සීමාවුනු සමයේ ඇපල් I මෙන්ම II පරිගණකයද පරිගණක වැඩසටහන් ගබඩා කිරීම සඳහා සාමාන්‍ය කැසට් පටි ධාවක යන්ත්‍ර බාවිතාකල අතර පරිගණක වැඩසටහන් කැසට් පටිවල රෙකෝඩ් කෙරුනා. ඇපල් II නිකුත්වී වසරකට
පමණ පසුව ඇපල් II පරිගණකයට සවිකල හැකි, අඟල් 5.5 ෆ්ලොපී ඩිස්ක් ධාවක යන්ත්‍රයක් හඳුන්වා දුන් අතර, එවක ෆ්ලොපී ඩිස්ක භාවිතාකල හැකි එකම පුද්ගලික පරිගණකය වුනේ ඇපල් II පරිගණකයයි.



Commodore PET & Commodore 64 (USA)

1977දී අමෙරිකාවේ කොමඩෝර් සමාගම හඳුන්වාදුන් COMMODORE PET පුද්ගලික පරිගණකය මොනිටරයක් හා කැසට් ධාවකයන්ත්‍රයක් බද්ධව වෙළඳපොලට ඉදිරිපත්වූනු පලමුවන පුද්ගලික පරිගණකය වනවා. අමෙරිකාවේ හා කැනඩාවේ විශාල ලෙස අලෙවිවුනු කොම්ඩෝර් පෙට් පරිගණකය පාසැල්වල ඉතා ජනප්‍රියවූයේ වෙනම මොනිටර් හා කැසට් සම්බන්ධ කිරීම වැනි කරදරකාරී ගැටලුවලින් තොර, භාවිතයට ඉතා පහසු පරිගණකයක් වීම නිසයි.

 Commodore BASIC ලෙස හැඳින්වුනු බේසික් පරිගණක භාශාවේ අනුවර්තනයක් මෙහි ප්‍රධාන විධාන භාශාව වුනා. මේ කාළයේ පරිගණකවල මෙහෙයුම් පද්ධතිය හෙවත් එක, පරිගණකයේ ROM චිපයක අඩංගුකල එකක් බව මතක්කල යුතුයි. boot-up ක්‍රියාදාමයෙන් පසු පරිගණය බේසික් භාශාවේ අතුරු මුහුණත වෙත පිවිසෙනවා. පෙට් පරිගණකයේ මොනිටරය මොනොක්‍රෝම් හෙවත් එක්වර්ණ මොනිටරයක් වූ අතර එහි අකුරු කළු පසුබිමක සුදු පැහැයෙන් දිස්වුනා.

1MHz වේගයෙන් ධාවනය වූ මොටොරෝලා 6502 ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මකවූ මෙම පරිගණකයේ රැම් මතකය කිලෝබයිට් 8, 16 හා 32 ධාරිතාවලින් යුතු වූවා. මෙගාබයිට නොව කිලෝබයිට ලෙස මතක ධාරිතාවය සටහන් කොට ඇත්තේ වැරදීමකින් නොව එකල පරිගණකවල මතක ධාරිතාවය කිලෝබයිට 8ත් 64ත් අතරට සීමා වුනු නිසායි.

Commodore 64

1982දී වෙළඳපොලට ඉදිරිපත් කල කොමොඩෝර් 64 පරිගණකය කෙලින්ම ඇපල් II පරිගණකයට අභියෝගයක් ලෙස කිලෝබයිට 64ක රැම් මතකයකින්ද, දීප්තිමත් වර්ණ ග්‍රැෆික්ස් හා හොඳ සවුන්ඩ් පද්ධතියකින් මෙන්ම කොමොඩෝර් පෙට් පරිගණකයට වඩා හොඳ යතුරුපුවරුවකින්ද සමන්විත වුනා. එහෙත් මිල අඩුවෙන් තබාගත යුතු නිස ඇපල් II පරිගණකය මෙන්ම කොමොඩෝර් 64 පරිගණකයද නිවසේ රූපවාහිණියට සම්බන්ධකල හැකිලෙස නිර්මාණය කොට තිබුණා.

1982 සිට 1994 දක්වා වසර 12ක් කාලයක් තුල මිලියන 17ක් පමණ විකිණුනු කොමොඩෝර් 64 ලොව වැඩියෙන්ම විකිණුනු පුද්ගලික පරිගණකය ලෙස නොබිඳුනු වාර්තාවක් තබා තිබෙනවා. ඇපල් II පරිගණකයට වඩා හොඳ වර්ණ ග්‍රැෆික්ස් හා තීව්‍ර සවුන්ඩ් පද්ධතියක් තිබූ කොමොඩෝර් 64 පරිගණක ක්‍රීඩා සඳහා එකල හොඳම පරිගණකය වූ අතර එම පරිගණක මාදිලිය සඳහා දහස්ගණනක් පරිගණක ක්‍රීඩා ලියැවී තිබුණා.





RadioShack TRS 80 & RadioShack TRS 80 Color (USA)

TRS 80 පරිගණකය 1977දී අමෙරිකාවේ ටැන්ඩි නම් සමාගම මගින් නිර්මාණය කොට එවක අමෙරිකාව පුරා ව්‍යාප්තව තිබූ "රේඩියෝ ශැක්" නම් ඉලෙක්ට්‍රොණික උපකරණ වෙළඳ සමාගමේ අලෙවිහල් ජාලය තුලින් විකුණන ලදී.

1979 වනවිට TRS-80 පරිහණකය අමෙරිකාවේ වැඩියෙන්ම අලෙවිවන පරිගණකය වූ අතර වැඩිම ප්‍රමාණයක් මෘදුකාංග නිර්මාණය කරතිබූ පරිගණක මාදිලියද වූවා.

සීලොග් සමාගමේ Zilog Z-80 ප්‍රොසෙසරයකින් බලගැන්වුනු -80 පරිගණකය 1.77 MHz වේගයකින් ධාවනය වූ අතර කිලෝබයිට් 4 සිට 16 දක්වා රැම් ධාරිතාවලින් මිලදී ගන්නට පුලුවන් වුනා.

වර්ණ හෝ ග්‍රැෆික්ස් නොමැති අඩු මිල පරිගණකයක් වූ මෙය සාමාන්‍ය කලුසුදු රූපවාහිණියකට සවිකල හැකිව තිබුණ අතර කැසට්පටිවල පරිගණක වැඩසටහන් ගබඩා කිරීමේ හැකියාව තිබුණා. 1981දී මෙම මාදිලිය නිශ්පාදනය නවතා දැමුනු අතර 1980දී වෙළඳපොලට හඳුන්වාදුන් RadioShack TRS 80 Color වර්ණ පරිගණකය එහි තැන අරගත්තා.

RadioShack TRS 80 Color

වඩාත් බලසම්පන්න මෝටොරෝලා 6800 කාණ්ඩයේ ප්‍රොසෙසරයකින් බලගැන්වුනු TRS-80 Color වර්ණ පරිගණකයද, නිවසේ භාවිතා කරන වර්ණ රූපවාහිණියකට සවිකල හැකි ආකාරයට නිමවා තිබුණා.

කිලෝබයිට් 16 හෝ 32 රැම් ධාරිතාවලින් සමන්විත වූ TRS-80 වර්ණ පරිගණකය මයික්‍රෝසොෆ්ට් සමාගම නිර්මාණය කල Microsoft Color BASIC නම් බේසික් පරිගණක භාශාවේ මයික්‍රෝසොෆ්ට් අනුවර්තනය සමග වෙළඳපොලට ඉදිරිපත්වුනා.

ඇපල් II, ඇටාරි 800 හා කොමඩෝර් 64, TRS-80 වර්ණ පරිගණකයේ ප්‍රධාන තරඟකරුවන් වූවා.1980 සිට 1991 දක්වා වසර 11ක කාලයක් මාදිලි 3කින් ඉදිරිපත්වූ TRS-80 වර්ණ පරිගණකය, කුඩා 8-BIT පරිගණක ලෝකයේ තවත් අලෙවි වාර්තා තැබූ කුඩා පරිගණකයක් වුනා.




Sinclair ZX80/81 & Sinclair ZX Spectrum (UK)

මහා බ්‍රිතාන්‍යයේ සින්ක්ලෙයා රීසර්ච් සමාගම 1980දී ඉදිරිපත්කල ZX80 හා 1981දී ඉදිපත්කල වඩාත් වැඩි දියුණුකල ZX81 පරිගණකය 1980 ගණන්වල හඳුන්වාදුන් කුඩා පුද්ගලික පරිගණක අතර අපූර්වම නිර්මාණයකි. සින්ක්ලෙයා රීසර්ච් සමාගමේ නිර්මාතෲ සර් ක්ලයිව් සින්ක්ලෙයා විසින් නිර්මාණය කරනලද එකවට ලෝකයේ අඩුම මිල (පවුම් 100කට අඩු ) පරිගණකය විය. ඉතාම ලාභදායි ලෙස, ඕනෑම කෙනෙකුට මිලදීගත හැකිව තිබූ ZX80/81 පරිගණක බ්‍රිතාන්‍යයේ පරිගණක හා මෘදුකාංග කර්මන්තයට කරන ලද අමිල සේවය නිසාම ක්ලයිව් සින්ක්ලෙයාට 1983දී බ්‍රිතාන්‍ය මහරැජින විසින් නයිට් පදවියක් ලබාදෙන ලදී.

Z80 ප්‍රොසෙසරයෙන් බලගැන්වුනු ZX80/81 පරිගණක වල අපූර්වම අංගයවූයේ එහි අඩංගුකොට තිබූ ඉතා අඩු ධාරිතාවයේ  1 Kilobyte රැම් මතකයයි.

එවක ඉදිරිපත්වුනු බොහෝ පරිගණක අඩුම ගණනේ 8කිලෝ බයිට් මතකයකින් යුතුවූ බැවින් ZX80/81 පරිගණකය වෙළඳපොලෙහි අසමත්වනු ඇතැයි එවක විචාරකයින් අණාවැකි පලකලත් එම අනාවැකි බොරු කරමින් ZX80/81 පරිගණක බ්‍රිතාන්‍යයේ මෙන්ම රටවල් ගණනාවක වාර්තා තබමින් අලෙවිවුනා. එකල ලංකාවෙද ZX81 පරිගණකය ඉතා ජනප්‍රියවූ අතර අද පරිගණක ලෝකයේ ඉහලින් වැජබෙන 1980 ගණන්වල පාසැල් යන වයසේ සිටි ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු පරිගණක ලෝකයට අත්පොත් තැබුවේ එකල රු.1500ක් වැනි පුදුම සහගත මිළකට විකුණුනු ZX81 පරිගණකය මගින්.

ZX80/81 හි අඩු ධාරිතාවයේ  1 Kilobyte රැම් මතකය, බ්‍රිතාන්‍යය පරිගණක මෘදුකාංග ලෝකයේ ඉහලට ඔසවා තබමින් විශිෂ්ඨ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවන් හා ප්‍රෝග්‍රැමර්වරුන් බිහිකිරීමට හේතුපාදකවූ බව මෑතකදී එක් බ්‍රිතාන්‍ය පරිගණක විශේෂඥයෙකු පවසා සිටියා. ඔහු පවසන අන්දමට 1කිලෝබයිට් ධාරිතාවයක් තුල වැදගත් කාර්යයක් ඉටුකල හැකි පරිගණක වැඩසටහනක් නිපදවීත ඉතා අපහසුයි. එබැවින් ZX80 හා ZX81 පරිගණක භාවිත කරමින් පරිගණක මෘදුකාංග ලියන්නට එවක පුරුදුවූ තරුණ තරුණියන්, ඉතා කාර්යක්ශම හා නවමු ආකාරයේ ක්‍රම පිලිබඳව අත්හදා බලමින් කුඩා, බලසම්පන්න පරිගණක වැඩ්සටහන් ලියන්නට ඉගෙනගත් බවත්, එමගින් ඉතා දක්ශ පරිගණක ඉන්ජිනෙරුවන් බ්‍රිතාන්‍යයට බිහිවූබව ඔහු පැවසූවා.

1981 සිට 1984 දක්වා මිලියන 1.5ක් අලෙවිවුනු ZX80/81 ඇලුම්කරන්නන් තවමත් සිටිනවා.

Sinclair ZX Spectrum


1982දී හඳුන්වාදුන් ZX ස්පෙක්ට්‍රම් පරිගණකය වර්ණ හා හඬ පහසුකම් තිබූ, වර්ණ රූපවාහිණියකට සවිකල හැකිවූ ZX81ට වඩ බොහෝ සෙයින් බලසම්පන්නවූ පරිගණකයක්. කිලෝබයිට් 16, 48 හා 128 ධාරිතාවලින් අලෙවිවුනු ස්පෙක්ට්‍රම් පරිගණකය අතිශයින්ම ජනප්‍රියවූ අතර මිලියන 5කට අධික ප්‍රමාණයක් අලෙවිවුනා. වර්ණ හා ශබ්ද හැකිවා ඇති නිසාත්, බලසම්පන්නවූ නිසාත් අතිවිශාල පරිගණක ක්‍රීඩා ප්‍රමාණයක් ස්පෙක්ට්‍රම් පරිගණකය සඳහ ලියවීතිබූ අතර ස්පෙක්ට්‍රම් පරිගණක භාවිතා කරන්නන් සඳහා වෙන්වූ සඟරා කිහිපයක්ද එකල බ්‍රිතාන්‍යයේ තිබුණා.  

මෙයින් වඩාත්ම ජනප්‍රියවූයේ "ක්‍රෑෂ්" නම් සඟරාවයි. 1984දී ආරම්භවූ මෙය 1992 දක්වා කාලය තුල දල වශයෙන් මසකට පිටපත් 80,000-100,000 දක්වා අලෙවිවූවා. ස්පෙක්ට්‍රම් පරිගණකය බ්‍රිතාන්‍යය තුල ලබා තිබූ ජනප්‍රියත්වයට මෙම අලෙවි වාර්තා හොඳම නිදසුනක්.

සමහර විචාරකයින් පවසන අන්දමට ඇපල් II පරිගණකය අමෙරිකාවේ ඇතිකල තොරතුරු තාක්ශණ විප්ලවය බ්‍රිතාන්‍යයේ ප්‍රතිනිර්මාණය වූයේ, මිලෙන් අඩු, බලසම්පන්න ස්පෙක්ට්‍රම් පරිගණකය තුලිනුයි. ස්පෙක්ට්‍රම් පරිගණකයට ක්‍රීඩා හා වෙනත් මෘදුකාංග මෙන්ම හාර්ඩ්වෙයාර් උපාංග (peripherals) නිර්මාණය කරන සමාගම් විශාල ප්‍රමාණයක් එකල බ්‍රිතාන්‍යයේ බිහිව තිබුණා.

ස්පෙක්ට්‍රම් පරිගණකය ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය වූ අතර ZX81 යන්ත්‍රයෙන් පරිගණක ලෝකයට එබී බැලූ එකල බොහෝ ශ්‍රී ලාංකික තරුණ පරිගණක ලෝලීන්ගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ සිය දෙමව්පියන් ලවා රු.4500-8500 අතර මිලකට විකිණුනු ස්පෙක්ට්‍රම් පරිගණක මාදිලි තුනෙක් එකක් හිමිකර ගැනීමයි.



Friday, 19 June 2015

The X-FILES Reboot 2016 (X Files ආයෙත් 2016දී!!!)

1993 දී දොරට වැඩුනු X ෆයිල්ස් විද්‍යාප්‍රබන්ධ රූපවාහිණී නාට්‍ය මාලාව ලෝකයේ මෙන්ම ලංකාවේත් ඉතාමත්ම ජනප්‍රියවූ ටී.වී සීරීස් එකක්. දැනට ලොව වැඩිම කාළයක් විකාශණයවූ රූපවාහිණී නාට්‍යමාළාවක් ලෙස වාර්තා තබා ඇති X ෆයිල්ස් 1993දී ආරම්භවී 2002දී අවසන් වනවිට වාර (seasons) 9ක කාලයක් තුල කථාංග (episodes) 202 පුරා විහිදුනා.

කථා නායකයන් වන එෆ්.බී.අයි විශේෂ ඒජන්ත ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචව්නි ) හා ඩේනා ස්කලී (ජිලියන් ඇන්ඩර්සන්) X ෆයිල්ස් ලෙස හැඳින්වුනු එෆ්.බී.අයි රහස් පොලීසියේ නොවිසඳුනු අපරාධ හා සිදුවීම් ගවේශණය වටා ගෙතී තිබුනා.

කථාමාලාව පුරාවටම නොවිසුඳනු මිනීමැරුම්, මහාපරිමාණ මිනිස් ඝාතකයින්ගේ අපරාධ (serial killers), ජනතාවගෙන් වසන්කරනු ලැබූ අභ්‍යවකශ අණතුරු, අත්බූත ඇදහිලි ආදී ප්‍රධාන ධාරාවේ අපරාධ ගවේශණ වලන් පරිබාහිර ක්‍රියාකාරිත්වයන් පිලිබඳව ගවේෂණය වූවත්, මුළු කථාමාලාවම එකට ගැටගැසූ රිදී හුය වූයේ ෆොක්ස් මෝල්ඩර් තුලවූ, පිටසක්වල ජීවීන් පිලිබඳ ඇති විශ්වසය හා කථාමාලාව තුල පිටසක්වලයින් පෘථිවියට පැමිණීම පිලිබඳ තොරතුරු, ඔවුන්ට පෘථිවිය මත සිය ක්‍රියාකාරකම් කිරීමට අමෙරිකානු රජයේ ඉතා ඉහලම නිළධාරීන්ගෙන් ලැබෙන රහසිගත සහය පිලිබඳ සාක්ශි මෝල්ඩර් විසින් හෙලිකරගැනීමයි.

X Files : Season 1-9 විද්‍යා ප්‍රබන්ධය ඉතා කෙටියෙන්.....


අතිශයින්ම සංකීර්ණවූ X ෆයිල කථාමාලාවට අනුව ෆොක්ස් මෝල්ඩර්ගේ පියා විලියම් මෝල්ඩර් අමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුවට අනුයුක්තව සේවය කල, අමෙරිකානු රජයේ අතිශයන්ම රහසිගත නීතිවිරෝධී ක්‍රියාකාරිත්වයන් පිලිබඳව හොඳින් දැන සිටි, එමෙන්ම එම ක්‍රියාන්විතයන් සඳහ සක්‍රියව දායකවූ අයෙක්. ඔහු 1947දී රොස්වෙල්හිදි කඩා වැටුනු පිටසක්වල යානයේ සුන්බුන් හා සිරුරු පිලිබඳ තොරතුරු වසන් කිරීමට අමෙරිකානු රජය විසින් බිහිකල කාර්ය-සාධන කණ්ඩායමේ සාමාජිකයෙකු වූවා.

X ෆයිල්ස් කථාමාලාවේ තවත් ප්‍රභල මෙන්ම ගුප්ත චරිතයක් වන්නේ සිගරට් බොන මිනිහා (cigarette smoking man) ලෙස පමණක් හැඳින්වෙන පුද්ගලයෙක්. ඔහුගේ නියම නම කිසිවිටකත් හෙළිනොවන අතර ෆොක්ස් මෝල්ඩර්ගේ පියා විලියම් මෝල්ඩර් හා සිගරට් බොන මිනිහා අතර කිට්ටු සබඳතාවය 1940 ගණන්වලදී ඔවුන් යව්වනයන් ලෙස අමෙරිකානු රාජ්‍ය සේවයට බැඳුනු කාලය තෙක්ම දිව යන්නක්. 1952දී පැසිෆික් සාගරයට කඩා වැටුනු පිටසක්වල යානයක් නිරීක්ශණය කිරීමට ගිය අමෙරිකානු සබ්මැරීනයක් වන සියුස්-ෆේබර් සබ්මැරීනයේ කපිතාන්වරයා ප්‍රශ්ණ කිරීමට විලියම් මෝල්ඩර් හා සිගරට් බොන මිනිහා
සහභාගීවන දර්ශණයක් එක් X ෆයිල්ස් කථාංගයක තිබෙනවා. තොරතුරු වලට අනුව කටාවැටුනු පිටසක්වල යනය පිලිබඳව සෙවීමට ගිය සබ්මැරීනයේ සියලුදෙනා මිය යන අතර කපිතාන්වරයා පමණක් දිවි ගලවාගෙන කෙසේ හෝ සබ්මැරීනය හවායි දූපතේ පර්ල් හාබර් වරායට ගෙන එනවා. එහිදී සිගරට් බොන මිනිහාට හා විලියම් මෝල්ඩර්ට එම කප්තාන්වරයා භයානක පිටසක්වල වෛරසයකට ගොදුරුවී ඇති බව වැටහෙනවා.

ගුප්තදේ පිලිබඳවත්, පිටසක්වලයින් පිලිබඳවත් ෆොක්ස් මෝල්ඩර් දැඩි උනන්දුවක් ඇතිවන්නේ එක්තරා රාත්‍රියකදී ඔහුගේ නැගනිය සමන්තා අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමගයි. සිය නැගෙනියගේ අතුරුදහන්වීමෙන් දැඩි ලෙස කම්පණයට පත්වන ෆොක්ස් මෝල්ඩර්ට රාත්‍රි භීභත්සය (nightmare) ඇතිවන අතර එහිදී ඔහුගේ නැගෙනිය දැඩි ආලෝකයක් සමග එන අදෘශ්‍යමාන බලවේගයක් මගින් නිදාසිටි ඇඳෙන් රැගෙන ගිය ආකාරය පෙනෙන අතර ඔහු එය දකිතත් සිය නැගෙනිය බේරාගැනීමට කිසිවක් කල නොහැකිලෙස ඔහුගේ සිරුර ගල්ගැසීමෙන් තිබුණු බව පෙනෙනවා.

සිය නැගෙනිය පිටසක්වලයින් විසින් පැහැරගෙන ගිය බවට ෆොක්ස් මෝල්ඩර් තුල දැඩි විශ්වාසයක් හටගන්න අතර එනිසාම එෆ්.බී.අයි ඒජන්සියට බැඳී ඒවැනි ගුප්ත සිදුවීම් පිලිබඳව සොයාබැලීමට ඔහු වෙහෙසෙන්නේ රැකියාවේදී ඔහුගේ කීර්තිය පරදුවට තබමින්. මානසික ඒකාග්‍රතාවයක් නොමැති, පිටසක්වලයින් අදහන පිස්සෙකු ලෙස එෆ්.බී.අයි එක තුල ප්‍රසිද්ධවන ෆොක්ස් මෝල්ඩර්ගේ රැකියාව අහිමි නොවන්නේ ඔහු අතිදක්ශ රහස් පරීක්ශකයෙකු ලෙස එෆ්.බී.අයි අධ්‍යක්ශකවරයාගේ සිත දිනාගෙන සිටි නිසා බව මුලින් ප්‍රකාශ වුනත් කථාමාලාව දිග හැරෙද්දී පිටසක්වලයින් පිලිබඳව අමෙරිකානු රජය තුල ක්‍රියාත්මක රහසිගත කුමන්ත්‍රණය හෙලිකිරීමට ඔහු ගන්නා වෙහෙසට උපකාරී කරන අමෙරිකානු රජයේ හා ආරක්ශක අංශවල ඉහලම තලයේ නිළධාරීන් කිහිපදෙනෙකු ඔහුගේ අනුග්‍රහයකයින් ලෙස රහසේ ඔහුව ආරක්ශා කිරීම නිසා බව පසුව හෙලිවනවා.

The Cigarette Smoking Man
එමෙන්ම කථාමාලාවේ මැදභාගය වනවිට ෆොක්ස් මෝල්ඩර්ගේ නැගෙනියගේ පැහැරගැනීම ඔහුගේ පියාවන විලියම් මෝල්ඩර්ගේ අනුදැනුම ඇතිව සිදුවූ බව හෙලිවනවා. ඒ වනවිට විලියම් මෝල්ඩර් අමෙරිකානු රජයේ ඉහලම බලසම්පන්න පුද්ගලයින් හා පිටසක්වලයින් පිලිබඳව රහස් එකඟතාවයක් පිලිබඳව දැනුවත් වනවා.
පිටසක්වලයින් හා සබඳතා පවැත්වීම ආරම්භවූ පසු, ඔවුන්ගේ අවසන් අරමුණ පෘථිවිය ආක්‍රමණය කොට, මිනිස් වර්ගයා වනසා දැමීම බව අමෙරිකානු රජය හෙලිකරගන්නා අතර ඒ සඳහා ඔවුන් 1952දී සියුස් ෆේබර් සබ්මැරීනයේ කපිතාන්වරයාට ආසාදනය වූ "කළු තෙල් - black oil " ලෙස හඳුන්වන පිටසක්වල වෛරසය යොදාගැනීමට යන බවත් හෙලිකර ගන්නවා. මේ අනුව ක්‍රියාත්මක වන විලියම් මෝල්ඩර්, සිගරට් බොන මිනිහා ඇතුලු කණ්ඩායම, රජයේ ඉහලම නිළ්ධාරීන්ගේ හා විද්‍යාඥයින්ගේ අනුදැනුම ඇතුව පිටසක්වල වෛරසයට මුහුණදිය හැකි ප්‍රතිජීවකයක් සෙවීමට රහසිගත පර්යේශණ ආරම්භකරණවා. අමෙරිකාව පුරා මිනිසුන්, විශේෂයෙන්ම කාන්තාවන් පැහැරගැනීමට බඳුන්වන්නේත්, ඔවුන්ගේ දරුගැබ් සොරාගන්නේත් ජනතාව විශ්වාසකරන ආකාරයට පිටසක්වලයින් නොව, පිටසක්වල වෛරසයට ප්‍රතිජීවක සොයන අමෙරිකානු විද්‍යාඥයින් විසිනුයි.

විලියම් මෝල්ඩර්, සිය දියණිය සමන්තාවද මෙලෙස පැහැර ගැනීමට අවසර දෙන්නේ කෙසේ හෝ මෙම ප්‍රතිජීවක සොයාගත්විට අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයේදී ඇයගේ දිවිගලවා ගැනීමේ ප්‍රාර්ථනයෙන් බව හෙලිවනවා. ඒ පිලිබඳව ෆොක්ස්ගේ මව ටීනා මෝල්ඩර්ද දැන සිටිය බවද හෙලිවනවා.

කෙසේවෙතත්, පිටසක්වලයින් හා සෘජුව සබඳතා තිබු විලියම් මෝල්ඩර් හා සිගරට් බොන මිනිහා ඇතුලත් රහසිගත කණ්ඩායමේ බලසම්පන්න චරිත කිහිපයක්, පිටසක්වලයින්ට පෘථිවිය ආක්‍රමණය කිරීමට උදව් කිරීමට එකඟ වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට පිටසක්වලයින් පාළනය කරන පෘථිවියෙහි, මිනිස්-පිටසක්වල දෙමුහුණුන් (human-alien hybrids) ලෙස පරිවර්තනයවී දිවිගලවා ගැනීමට ඉඩදීමට පිටසක්වලයින් එකඟ වෙනවා. ඒ අනුව විලියම් මෝල්ඩර් සිය දියණිය පවා කැපකරමින් දායකවූ පිටසක්වල වෛරසයට ප්‍රතිජීවකයක් සොයාගැනීමේ විද්‍යාත්මක පර්යේෂණ, ඔහු නොදැනුවත්වම පිටසක්වල-මිනිස් දෙමුහුණුන් බිහිකිරීමේ ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වී ඇති බව හෙලිකරගන්නවා.

X Files 2016 Mini Series

2016 යලි පණගැන්වෙන X-ෆයිල්ස් කෙටි රූපවාහිණී නාට්‍ය මාළාවක් (mini series) ලෙස එලිදැක්වීමට තීරණයවී තිබෙනවා. කථාංග 6කින් සමන්විත වන මෙම "මිනි සීරීස්" එකෙහි ප්‍රධාන චරිත ඩේවිඩ් ඩ්චව්නි විසින් ෆොක්ස් මෝල්ඩර් ලෙසත්, ජිලියන් ඇන්ඩර්සන් විසින් ඩේනා ස්කලී ලෙසත් පණපොවනු ඇති. 2016 ජනවාරි 24වැනි ඉරිදා මංගළ දර්ශණය පැවැත්වුනා.

X ෆයිල්ස් මුල් පිටපත රචනාකල ක්‍රිස් කාටර් මෙවරද තිර රචකයා හා නිශ්පාදකවරයා වන බව ෆොක්ස් රූපවාහිණී නාලිකාව හෙලිකොට තිබෙනවා.

මේ කථාමාලාවල රූගත කිරීම්ද, පෙර X-ෆයිල්ස් කථාමාලාවේ කථාංග 202න් අතිවිශාල ගණනක් රූගත කල කැනඩාවේ වැන්කූවර් නගරයේදී සිදුවනවා. අඳුරු, වැසිබර දේශගුණයක් නිතර පවතින වැන්කූවර් නගරයේ අඳුරු අහස හා තෙතබරිත පසුබිම X-ෆයිල්ස් කථාමාළාවේ ගුප්ත තේමාවට වඩාත් ගැලපෙන බව ක්‍රිස් කාටර් පවසනවා.

කථාමාලාවේ අන්තර්ගතය කෙසේ වේදැයි ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දෙන ක්‍රිස් කාටර් "අපි මේ X ෆයිල්ස් කථාමාලාවත්, පැරණි X ෆයිල්ස් තේමාවට අනුව, එහෙත් අද පසුබිමට අදාලව දිගහරිනවා. වසර 13කට පසු මෝල්ඩර් හා ඩේනා අතර අන්තර් සබඳතාවය (කථාමාලාව අවසන්වන විට ෆොක්ස් හා ඩේනා අතර ආදර සබඳතාවයක් ගොඩනැගී ඇති අතර, ඩේනා ගැබ්ගෙන සිටිනවා) පෙර කථාමාලාවේ මෙන්ම වනු ඇති..."

"I want to believe..."

මිලියන ගණනක් රසිකයින් අතර cult following එකක් හෙවත් අනුගාමිකත්වයක් බිහිකරගත් රූපවාහිණී කථාමාලාවක් වන X-ෆයිල්ස් විද්‍යාප්‍රබන්ධ වෘතාන්තය කථාංග 202කින් පසුවත් හෙලි නොකල රහස් මෙන්ම පැහැදිලි නොකල සිදුවීම් වලින්ද ගහනයි. එම රහස් වලින් කිහිපයක් හෝ මේ කථාංග 6තුලදී හෙලිවනු ඇතැයි ලොවපුරා X ෆයිල්ස් රසිකයින් බලාපොරොත්තු වෙනවා.

Thursday, 18 June 2015

ප්‍රථමවරට අභ්‍යාවකාශයේ නිල් චිත්‍රපටයක් නිපදවීමට පෝන්හබ් ශෘංගාර වීඩියෝ අඩවිය සැරසේ!!

මෙතෙක් කලක් ලෝකයේ කිසිදු නිල් චිත්‍රපට සමාගමක් සිදු නොකළ ආකාරයේ විශාල ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා "පෝර්න් හබ්" නමිති සුප්‍රකට නිල් චිත්‍රපට වෙබ් අඩවිය අතගසා තිබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යය වන්නේ අභ්‍යාවකාශයට ගොස් එහි නිල් චිත්‍රපටයක් රූගත කිරීමයි. මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 3.4 ක මුදලක් වැයවෙතැයි ඔවුන් විසින් ගණන් බලා තිබේ.

මේ සඳහා වියදම් වන මුදල ඔවුන් වෙනකොට දක්වා ඇත්තේ මෙලෙසය මෙම ව්‍යාපෘතිය යතාර්ථයක් කරගැනීම සඳහා පෝර්න් හබ් රසිකයන්ට මුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති අතර එමගින් මේවනවිටත් ඇමෙරිකන් ඩොලර් 51,236 එකතුවී තිබේ. මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ "Sexplorating" නමින් වන අතර 2016 වසරේ අගභාගය වනවිට එය නිකුත් කිරීමට පෝර්න් හබ් වෙබ් අඩවිය බලාපොරොත්තුවෙන් සිටි.

අභ්‍යාවකාශයට යාමට ප්‍රථම මෙහි ප්‍රධාන නළු නිලියන් හා කැමරා කණ්ඩායම වෙත මාස හයක පුහුණුවක් ලබාදීමට නියමිතයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස Johnny Sins  ද ප්‍රධාන නිළිය ලෙස Eva Lovia ළොවිඅ රංගනයෙන් දායක වේ.

කෙසේවෙතත් මෙය සිය නිල් අඩවිය සඳහා කාම ලෝලීන් අද්දවා ගැනීමේ ප්‍රචාරණ උපක්‍රමයක් පමණක් බව විචාරකයින්ගේ අදහසයි. නොමිලේ චිත්‍රපට පෙන්න පෝන්හබ්ට අභ්‍යවකාශයට නළුවා, නිළිය හා කැමරා කණ්ඩායම අභ්‍යවකාශයට යැවීමට අවශ්‍ය ඩොලර් මිළියන ගණන හෝ, එම ගණන ගෙවා සිය කණ්ඩායම අභ්‍යවකාශයට ගෙනයාමට කැමති අභ්‍යවකාශ ඒජන්සියක් සොයාගත නොහැකිවනු ඇත. නිල් චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධවී තම ගෞරවය කෙලසාගැනීමට කැමති මොන අභ්‍යැවකාශ ඒජන්සියද?

කොහොමවුනත් පෝන්හබ් එකේ නෙට්වර්ක් ට්‍රැෆික්නම් දැන් වැඩිවෙලා ඇති.

Wednesday, 17 June 2015

ඔබ උදේ දත්මදින අතරේ weather reports, facebook updates, news headlines ගෙන එන Samsung Smartmirror මුහුණබලන කණ්නාඩිය


දර්පණයක් ඉදිරියෙන් පාර්දෘෂ්‍ය OLED SmartTV රූපවාහිණී තිරයක් තබා නිර්මාණය කොට ඇති මෙම ස්මාර්ට් මුහුණ බලන කණ්නාඩිය නාන කාමරයේදී පවා ඔබව අන්තර්ජාලය හා සම්බන්ධකොට තබනු ඇති.

ඊට අමතරව කාන්තාවන් සඳහා රූපලාවන්‍ය උපදෙස්, ඇඳුමට ගැලපෙන ආභරණ පිලිබඳ උපදෙස්, කොණ්ඩා මෝස්තර පිලිබඳව උපදෙස් යනාදිය ලබාදීමට මෙන්ම ඒවා නිවසේ කණ්ඩාඩියෙන් මුහුණ බලන අතරේම අන්තර්ජාල සාප්පුවකින් මිළදී ගැනීමටද හැකිවන ලෙස නිර්මාණය කරමින් පවතින බව සැම්සුන්ග් සමාගම පවසනවා

Intel සමාගමේ Real Sense Technology තාක්ශණය අඩංගුකොට ඇති මෙම දර්පණයහි ඇති කැමරා මගින් මුහුණ බලන්නාගේ මුහුණේ ඉරියව්, හැඳ සිටින ඇඳුම, පැළඳගෙන තිබෙන ආභරණ ආදිය හඳුනාගෙන ඒ අනුව රූපලාවන්‍ය හා මෝස්තර උපදෙස් ලබාදීමට මෙම ස්මාර්ට් දර්පණයට පුලුවන්.


සැම්සුන්ග් සමාගම පවසන ආකාරයට මෙම තාක්ශණය නුදුරේදීම මිළ අධික ඇඳුම් සාප්පු, ස්වර්ණාභරණ හා කාන්තා විලාසිතා හා රූපලාවන්‍ය විකුණන සාප්පු වල ගැනුම් කරුවන්ට උපදේශණ සේවා ලබාදීම සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වනවා. ඒ සඳහා කොරියාව, හොං කොං වැනි රටවල තිබෙන කවදත් පාරිභෝගිකයින්ට අලුත් දෙයක් ඉදිරිපත් කිරීමට වෙහෙසෙන සුපිරි සාප්පු සංකීර්ණ දැනටමත් සූදානමින් සිටින බව පැවසෙනවා.


අමෙරිකානු හමුදාවට Star Wars චිත්‍රපටවල දැක්වෙන ආකාරයේ Hoverbike නිර්මාණය කිරීමේ උත්සහයක්

ස්ටාර්-වෝස් චිත්‍රපට මාළාවේ "Return of Jedi" චිත්‍රපටයේ හොවර්බයික් එකක් පැදයන Imperial Storm Trooper සෙබළෙක්
හොවර්බයික්, නැතිනම් ස්පීඩර්බයික් සංකල්පය ලොවට ඉදිරිපත් කෙරුනේ ජෝර්ජ් ලූකස්ගේ ස්ටාර්වෝස් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාළාවෙන්. එම චිත්‍රපට මාළාවේ "රිටර්න් ඔෆ් ජෙඩායි" චිත්‍රපටයෙන් තමයි ලෝකයා මුලින්ම හොවර්බයික් කියන්නේ මොනවාද කියලා දැනගත්තේ. පාසැල් ශිෂ්‍යයෙකු ලෙස ඒ චිත්‍රපටය බැලූ අපට නෙත් අදහාගත නොහැකි අන්දමේ තාත්වික ත්‍රාසජනක හොවර්බයික් ලුහුබැඳීමක් දකින්නට ලැබුණා.

අද තරම් දෘශ්‍ය ප්‍රයෝග හා සජීවීකරණ බහුල චිත්‍රපට ඉතා අල්පවූ නිසා අපි සැවෝයි සිනමාහලේ පුළුල් තිරයේ දර්ගණය වුනු ඒ හොවර්බයික් රේස් එක බලාගෙන සිටියේ හුස්මගැනීමටත් අමතකවෙලා. ස්ටාර්වෝස් චිත්‍රපටයේ තාක්ශණයන් විස්තර කරන වෙබ් අඩවිවලට අනුව එම ඉම්පීරියල් හොවර් බයික් වලට පැයට කිලෝමීටර් 500ක පමණ වේගයෙන් ගමන්කල හැකියි.

මෙවැනි හොවර්බයික් නිර්මානය කිරීමේ උත්සහයන් රාශියක් එම චිත්‍රපටයෙන් පසුව විවිධ නවෝත්පාදකයින් හා ස්ටාර්වෝස් චිත්‍රපට රසිකයින් සිදුකලත් එම වෑයම එතරම් සාර්ථක නොවුනේ තාක්ශණික ගැටළු නිසා.

එහෙත් දැන් නවසීලන්තයෙන් වාර්තාවන අන්දමට නවසීලන්ත සමාගමක් විශාල අවරපෙති දෙකකින් යුතු ප්‍රායෝගික හොවර්බයික් එකක් නිර්මාණය කිරීමට සමත්වෙලා තියෙනවා. මෙම නිර්මාණය අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට ඉදිරිප්ත්කල බවත් ඒම නිර්මාණය ගැන පැහැදුනු අමෙරිකානු හමුදා සැළසුම් කරුවන් එම සමාගම සමග තාක්ශණය වැඩිදියුණු කොට ප්‍රායෝගික හොවර්බයික් එකක් අමෙරිකානු පාබල හමුදාවට නිර්මාණය කිරීමට ගිවිසුමකට එළබුණු බවත් වාර්තා වනවා.

Tactical Reconnaissance Vehicle (TRV) ලෙස හඳුන්වන මෙම හොවර්බයික් එක ඈත යුධබිමවලදී නිරීක්ශණ හා ඕත්තුබැලීමේ, පණිවුඩ හුවමාරු හා තුවාලකරුවන් ඉක්මණින් යුධබිමෙන් පිටකිරීමේ කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කෙරෙනවා.

දැනට පර්යේෂණ හා සංවර්ධන මට්ටමේ පවතින මෙම හොවර්බයික් එක ඕනෑම ආකාරයක භූමි ප්‍රදේශයක ඉතා පහසුවෙන් හා වේගයන් ගමන්කිරීමට, කුඩා ආයුධ හා ආම්පන්න ප්‍රවාහණය කිරීමට මෙන්ම තුවාල කරුවන් ඉක්මණින් යුධ පෙරමුණට පිටුපසින් ඇති යුධ රෝහල් (field hospitals) කරා ගෙනයාමද කල හැකියි. ගිරිදුර්ග, මඩවගුරු, ජලාශ, ගංගා යනාදී කිසිදු භූවිශමතාවයකින් සිදුවන බාධාවකින් තොරව වේගයෙන් ගමන්කිරීමට හැකිවීම යුධ සැලසුම් කරුවන් මෙම හොවර්බයික් සංකල්පයට බොහෝසෙයින් කැමතිවීමට එක් හේතුවක්.

කිලෝග්‍රෑම් 270ක් බර මෙම වාහනයට එක් ඉන්ධන ටැංකියකින් කිලෝමීටර් 90ක පමණ දුරක් ගමන්කල හැකියි. ඒ අනුව හොවර්බයික් එකක් හෙලිකොප්ටරයකට වඩා ලාබදායි, ආරක්ශාකාරී මෙන්ම ඉක්මණින් සේවයේ යොදවාගැනීමට හැකියි.




යූ ටියුබ් වෙතින් 8K (4320p) වීඩියෝ !!!!

අද බොහෝ දෙනා HDTV ගැන කතාකරනවිට 720p HD, 1080p HD, 1140p HD වීඩියෝ ගැන කතාකරති. 720p නියම HD විබේධනයේ රූපවාහිණී හෝ වීඩියෝ ලෙස නොසලකන අතර සාමාන්‍යයෙන් 1080ප් Hඪ් රූපවාහිණි හෝ එම ආකාරයෙන් රූගත කරන ලද වීඩියෝ නියම HDලෙස (True HD) ලෙස සැලකේ. ඊට අමතරව 1080pවඩා ඉහල 1440p HD විබේධනයේ රූපවාහිණී හා වීඩියෝ ඇත.

4K දැනට ලංකාවේ මිලදීගැනීමට ඇති ඉහලම විබේධනයේ රූපවාහිණී වන අතර එවැනි 4K වීඩියෝවක විබේධනය 1080p මෙන් දෙගුණයක් එනම් 2160p විබේධනයකින් එයි. 720p HD, 1080p HD, පමණක් නොව 4K වීඩියෝද යූ ටියුබ් අඩවියේ ඇති අතර දැන් සුපිරි විබේධනයෙ 8K (4320p) වීඩියෝද යූ ටියුබ් හරහා ලබාගැනීමට පහසුකම් සලස්වා ඇත.

පහත යූ ටියුබ් වීඩියෝව 8ක් ආකාරයෙන් නැරඹිය හැකිය. මෙම වීඩියෝවේ ඔබට පෙනෙන විබේධන 8ඛ් නොවන් අතර වීඩියෝවේ සෙටින්ස් වලට ගොස් එහි 8K විබේධනය (හා අනෙකුත් විබේධන) ලබාගත හැකිය.

යූ ටියුබ් වීඩියෝවක විබේධනය වෙනස් කරන සෙටින්ස් ඔබ නොදන්නේනම්, එම සෙටින්ස් වෙනස් කරන ආකාරය වීඩියෝවට යටින් දක්වා ඇත.




Sunday, 14 June 2015

Jurassic World - ජුරාසික් ලෝකය

යුනිවර්සල් චිත්‍රපට සමාගම නිර්මාණය කල ජුරාසික් වර්ඩ් චිප්‍රපටය පසුගිය ජූනි 10 වැනිදා සිනමා ලෝලීන්වෙත පුදකෙරුනා. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ 4වැනි දිගහැරුම වන ජුරාසික් වර්ල්ඩ් ජෝන් ශ්වාර්ට්ස්මාන්ගේ අධ්‍යක්ශණයක්.

 ජෝන් ශ්වාර්ට්ස්මාන්ගේ අධ්‍යක්ශණය කල ජනප්‍රිය චිත්‍රපට අතර  National Treasure: Book of Secrets (2007), Night at the Museum: Battle of the Smithsonian (2009) හා The Amazing Spider-Man (2012) වනවා.


වික්‍රමාන්විත ක්‍රියා අඩංගු විද්‍යාප්‍රබන්ධයක් ලෙස හඳුන්වාදිය හැකි ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය, 1993 ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ සිදුවූ සිදුවීම් මාලාවෙන් වසර 22කට පසු කාළයකි. 1993දී ජුරාසික් පාර්ක් ඩයිනසෝර් වනෝද්‍යානය පිහිටි "ඉස්ලා නූබ්ලාර්" දූපතෙහි සිදුවූ අණතුරෙන් පසු ජුරාසික් පාර්ක් නිර්මාතෲ, ප්‍රකෝටිපති ජෝන් හැමන්ඩ්ගේ ඉම්ජෙන් සමාගම බංකොලොත්වීමට ආසන්නව සිටී. මෙම මූල්‍ය අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ඔවුන් ජුරාසික් පාර්ක් දුපතේම වෙනත් ස්ථානය ජුරාසික් වර්ල්ඩ් නමින් තවත් ඩයිනසෝර් උද්‍යානයක් ආරම්භ කරති. චිත්‍රපටය දිහැරෙන කාළය වනවිට මෙම උද්‍යානය සංචාරයක්යින්ගෙන් පිරී ඉතිරීගිය වාණිජමය වශයෙන් අතිශය සාර්ථක ව්‍යාපාරයක් වී හමාරය.

ඩයිනසෝරයන් විනෝදාස්වාදය සඳහා බිහිකිරීමට අමතරව ඔවුන් බිහිකල ඉම්ජෙන් සමාගම තවත් රහසිගත කටයුතුවලට අතගසයි.

එනම් ජාන තාක්ශණයෙන් ටී-රෙක්ස්, වෙලෝසිරැප්ටර් වැනි ඩයිනසෝරයන් ගේ ජාන මුහුකොට තවත් බිහිසුණු ඩයිනසෝරයන් නිර්මාණය කිරීමත් එම ඩයිනසෝරයින් යුධ කටයුතු සඳහා පුහුණු කිරීමට ඇති හැකියාවත් සොයා බැලීමයි.

ඒ වනවිටත් ඔවුන් වෙලෝසිරැප්ටර් නම්, කුඩා එහෙත් ඉතා බුද්ධිමත් ඩයිනසෝරයින් ආරක්ශක කටයුතු සඳහා බිහිසුණු මුරබල්ලන් ලෙස පුහුණුකරමින් සිටී.....























































































මෙච්චර ට්‍රැෆික්‌ පොලිසිය නිසාද? [දිවයින ඉරිදා සංග්‍රහය]

පොලිසිය නිසා ට්‍රැෆික්‌ නම් මට කියන්න
- රථවාහන නියෝජ්‍ය පොලිස්‌පති (0112 433333)
මහමගට බසින අප කාටත්අ කිසිදු ගමනකට කොතරම් කාලයක්‌ ගතවේදැයි නොකිය හැකි තරමට කොළඹ හා තදාසන්න නගරවල වාහන තදබදය උග්‍රවී තිබේ. මුළු කොළඹ නගරයම දිනපතා දැවැන්ත රථවාහන තදබදයකට ගොදුරු වෙයි. මෙම තදබදය කොළඹ පමණක්‌ නොව කොළඹට තදාසන්න ප්‍රධාන නගර කරා දිවෙන තරමට සුවිශාලය. කොළඹ නගරයේ එක තැනක සිට තවත් තැනකට යාමට ගතවන කාලය ඇතැම් විට පැයක්‌, එකහමාරක්‌ දෙකක්‌ වන තරමට වාහන තදබදය උග්‍රවී තිබේ.

බොහෝදෙනා පවසන්නේ මේ රථවාහන තදබදයට ප්‍රධාන හේතුව පොලිසිය බවය. 

එසේත් නැතිනම් පොලිසිය ඊට වගකිවයුතු බවය. මහාමාර්ගවල තදබදයට විශාල හේතුවක්‌ වී ඇත්තේ ස්‌වයංක්‍රීය මාර්ග සංඥා විසන්ධිකර පොලිස්‌ නිලධාරීන්ගේ හිතුමතයට මහා මාර්ග පාලනය සිදු කිරීම බව බොහෝදෙනා පවසති.

ඇතැම් පොලිස්‌ නිලධාරීන් අත්තනෝමතික ලෙස රිමෝට්‌ කන්ට්‍රොඅල් උපකරණ භාවිත කරමින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අතුරු මාර්ග වලට වැඩි වේලාවක්‌ ලබාදෙමින් කටයුතු කිරීම මේ මහා තද බදයට ප්‍රධාන හේතුවයි.

රුපියල් කෝටි ගණන් වැය කර මහාමාර්ගවල සවිකර ඇති මාර්ග සංඥා නිවා දමා පොලිස්‌ නිලධාරීහු අතින් රථවාහන පාලනය වීම බොහෝ ස්‌ථානවල දක්‌නට ලැබේ. තවත් තැන්වල පොලිසියේ නිලධාරීන්ට රිමෝට්‌ කන්ට්‍රොඅල් ලබා දී තිබේ. එය බොහෝවිට වඳුරන්ට දැලි පිහිය දුන්නා හා සමානය. එක්‌ පැත්තකට විශාල වෙලාවක්‌ ලබා දෙන මොවුහු රථවාහන තදබදය දෙගුණ තෙගුණ කරති.

සෑම මාර්ගයකින්ම එන වාහන කොටසින් කොටස යෑවෙන්නේ නම් එක තැනක දැඩි තදබදයක්‌ ඇතිවන්නේ නැත. එහෙත් එක පැත්තකට විනාඩි හත අටක්‌ යවා අනිත් මාර්ගය යවන්නට පටන්ගන්නා විට සිදුවන්නේ සියලු මාර්ග අවහිර වීමය. 

රථවාහන තදබදය අවම කරන්නට නම් පොලිස්‌ නිලධාරීන්ට ලබා දී ඇති රිමෝට්‌ කන්ට්‍රොඅල් ක්‍රමය සහ මාර්ග සංඥා නිවාදැමීමේ කටයුතු වහාම නවතා දැමිය යුතුය.

මෑතක සිට පොලිසිය විසින් මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලබයි. යහපත් ෙච්තනාවෙන් එය සිදුකළද එම නිසා සිදුව ඇත්තේ මාර්ග තදබදය තවත් වැඩි වීමය. ඊට හේතුව මහා මාර්ගය මැදට ගන්නා වාහන හෙමින් හෙමින් මංතීරු මාරු නොකර ධාවනය කිරීමය. එම නිසා මේ සඳහා සුදුසු විකල්පයක්‌ පොලිසිය විසින් ගත යුතුව තිබේ.


ලොව අලුතින්ම වෙළෙඳපොළට එන නවීනතම වාහන රැසක්‌ දින කීපයක්‌ තුළ මෙරට මාර්ගවල දක්‌නට ලැබෙන්නට තරම් ශ්‍රී ලංකාව අද දියුණුය. එහෙත් අපේ රටේ මාර්ගවල වේග සීමා තවමත් පවතින්නේ වසර ගණනාවකට පෙර නියම කරන ලද වේග සීමාවන්ය. මෝටර් රථ සඳහා හෝ ඉහළ වේග සීමා ලබාදීම කාලීන අවශ්‍යතාවකි. ගම්බද මාර්ගවලට, රාත්‍රි කාලයට ආදී ලෙස වෙනස්‌ වේග සීමා ලබාදීම කාලෝචිතය.

මෙතෙක්‌ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය පරිදි රථවාහන ධාවනය වූ මාර්ගවල මෙතෙක්‌ පැවති කඩ ඉර වෙනුවට තනි ඉර හෝ ඩබල් ඉර මේ වනවිට ඇඳ තිබේ. ඒ මාර්ගවල අඩියෙන් අඩියට පොලිසිය යොදා ඉර කැපුවා යෑයි පවසමින් දඩකොළ ලබාදීම සිදුකරයි. 

රාජගිරියේ සිට නාවල, නුගේගොඩ මාර්ගය දිගටම තනි ඉර තිබූ බොහෝ ප්‍රදේශවල අලුතින් ඇඳ තිබේ. කොළඹ නුවර මාර්ගයේද තැනින් තැන එලෙසය. කුඩා මාර්ගවල වාහන ධාවනය කරද්දී තවත් වාහනයකට ඉඩ දෙන්න යන විට මැද ඉර කැපේ. ඇතැම්විට පාරේ වහනයක්‌ අයිනේ නවතා තිබියදී මැද ඉර කැපීමෙන් තොරව වාහන ඉස්‌සර කළ නොහැක. බස්‌රථ, බස්‌නැවතුම්පොළවල නවතද්දී ඒවා ඉස්‌සර කරන විට ඉර කැපෙන වාහනවලට පොලිසිය දඩ නියම කරයි. අනතුරක්‌ වළක්‌වාගන්නට ඉර කැපූ විට දඩ නියම කරන අවස්‌ථා බොහෝය. බොහෝවිට රියෑදුරන් පොලිස්‌ නිලධාරීන්ගෙන් මෙසේ කරන්නට හේතු විමසූ විට ඔවුන් පවසන්නේ අහවල් නිලධාරියා මෙච්චර දඩ කොළ හෝ නඩු ගන්නට තමන්ට නියෝග කළ බවයි. ඒ කියන්නේ රියෑදුරන්ට නොකළ වැරදිවලට බලහත්කාරයෙන් හෝ දඩ කොළ ලබාදීමද එසේත් නැතිනම් රජයේ ආදායම් මාර්ගයක්‌ ලෙස දඩ කොළ ලබාදීම දැයි අපට නොතේරේ.

අදවනවිට බොහෝ මාර්ග අනතුරුවලට හේතුව ත්‍රීවීල්ය. ත්‍රීවීල් සඳහා උපරිම වේගය පැයට කිලෝමීටර් හතළිහක්‌ වුවත් 4 ස්‌ට්‍රොක්‌ ත්‍රීවීල් අද වනවිට බොහෝ මාර්ගවල ගමන් කරන්නේ පැයට කිලෝමීටර් හැටට හෝ අසූවටය. මේවා පාලනයට වහාම පියවර ගත යුතුය. ත්‍රීවීල්වල ගමන් කරන සංඛ්‍යාව පාලනයට වඩා ඒවා ගමන් කරන වේගය පාලනය කිරීම තුළින් බොහෝ අනතුරු වළක්‌වා ගත හැකිය. 

සෑම මාර්ගයක්‌ම වන්වේ කිරීම රථවාහන තදබදයට පිළියමක්‌ නොවේ. එවැන්නක්‌ කළ යුත්තේ දීර්ඝකාලීන මනා සැලැස්‌මක්‌ තුළිනි. මනා සැලැස්‌මක්‌ ඇතිව මහාමාර්ග ඉදි කළ රටක නම් මෙය ගැටලුවක්‌ නොවේ. එහෙත් අපේ රටේ ඇත්තේ අතිශය අවිධිමත් මාර්ග පද්ධතියකි. එවැන්නක වෙනස්‌වීම් කළ යුත්තේ බොහෝ සිතා බලාය. සමීක්‌ෂණවලින් පසුවය. යුද්ධය පැවැති සමයේ ආරක්‌ෂාව ගැන සලකා යම් යම් මාර්ග වෙනස්‌ කරන්නට තීරණ ගන්නට සිදුවේ. එහෙත් දැන් යුද්ධය අවසන්ව වසර හයකට අධික කාලයක්‌ ගතවී ඇත. එහෙත් යුද්ධයට වැසූ කොළඹ ඇතැම් මාර්ග තවම එලෙසමය.

අපේ රටේ රථවාහන පාලනය ගැන මාර්ග වසා දැමීම ගැන තීන්දු තීරණ ගන්නා කිසිවෙකුත් බස්‌රථවල ගමන් ගන්නා හෝ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන රටේ 80%ක පමණ ජනතාවක්‌ ගැන නොසිතති. කොළඹ ඩුප්ලිකේෂන් පාරේ බස්‌ රථයක ගමන් ගන්නා කෙනකුට බම්බලපිටිය දුම්රියපළට හෝ කොල්ලුපිටිය දුම්රියපළට යන්නට කිලෝමීටර් දෙකකට ආසන්න දුරක්‌ පයින් යැමට සිදුවේ. ලොව අන් සියලු රටවල පොදු ප්‍රවාහන සේවා සඳහා සියලු මාර්ගවල ප්‍රමුඛතාව හිමි වේ. එහෙත් අපේ රටේ ප්‍රමුඛතාව ලැබෙන්නේ වරප්‍රසාද ලත් රථවාහන හිමි පන්තියට පමණි. රජය මීට වඩා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පොදු ජනයාගේ පහසුව ගැන මෙන්ම ඔවුන් විඳින අපහසුතා ගැන සිතා බැලිය යුතුය. රටේ වැඩි පිරිසකට සංවර්ධනය භුක්‌ති විඳීමට නොහැකි නම් එයින් සාමාන්‍ය ජනයාට වැඩක්‌ නැත.

රාජගිරිය, කින්සි පාර, බොරැල්ල, සේනානායක හන්දිය, කනත්ත වටරවුම ආදී ස්‌ථානවල පොලිසිය විසින් ක්‍රියාත්මක කරන රථවාහන සැලැස්‌ම කොළඹ ප්‍රදේශ රැසක මාර්ග තදබදයට හේතු වී තිබේ. මරදාන, පංචිකාවත්ත, ටෙක්‌නිකල් හන්දිය, සංඝරාජ මාවත කොටසේ එක්‌ පැත්තකට පමණක්‌ වාහන ධාවනය හැසිරවීමද මාර්ග ගණනාවක රථවාහන තදබදය වැඩිකර තිබේ. ඒ ක්‍රමයෙන් එක්‌ පැත්තක පමණක්‌ වේගයෙන් රථවාහන ධාවනය වුවද එසේ වේගයෙන් යන වාහන සියල්ල නැවත අනිත් තැන්වලදී තදබදයට ලක්‌වන්නේ එම ස්‌ථාන සාමාන්‍ය ආකාරයටම පවතින හෙයිනි.

කොළඹ බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියේ සිට තුන්මුල්ල හන්දිය දක්‌වා කොටස බස්‌රථ ධාවනයට වසර ගණනාවක්‌ තිස්‌සේ වසා දමා තිබේ. මේ නිසා 154, 104 ආදී මාර්ගවල ගමන් ගන්නා දහස්‌ ගණනක්‌ බස්‌ මඟීන්, පාසල් සිසුවියන්, රජයේ සේවක සේවිකාවන් බොහෝ ප්‍රමාදයන්ට මුහුණ දෙති. මේ කිලෝමීටර් භාගයක පමණ කොටස විවෘත කළේ නම් එය විශාල පිරිසකට සහනයකි. දිනකට ඉන්ධන ලීටර් දහස්‌ ගණනක ඉතුරුවකි. ත්‍රස්‌තවාදය නැති රටක බෝම්බ පුපුරන්නේ නැති රටක මේ මාර්ග විවෘත කළ යුතුය. අනෙක්‌ අතට ලොව ඕනෑම රටක මාර්ගවල ප්‍රමුඛතාව හිමිවන්නේ පොදු ප්‍රවාහන සේවාවලටය.එහෙත් අපේ රටේ ප්‍රමුඛතාව හිමිවන්නේ පුද්ගලික වාහනවලටය. මෙය බරපතළ ප්‍රශ්නයකි.

අද වන විට පොලිසිය රථවාහන තදබදය පාලනය කරන්නට උත්සාහ දරන්නේ මාර්ග වසා දමමිනි. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසල සිට බේස්‌ලයින් මාර්ගයට පිවිසෙන මාර්ගය වසා දමා තිබේ. මේ නිසා විශාල පිරිසක්‌ විවිධ අපහසුතාවලට මුහුණ දුන්නත් පොලිසිය පවසන්නේ එම මාර්ගය භාවිත කරන ඇතැමුන් නිසා බේස්‌ලයින් මාර්ගය අවහිර වන බැවින් එය වසා දැමුණු බවය. ඊට පිළියම් යොදනු වෙනුවට පාර වසා දැමීම කොතරම් අනුවණ ක්‍රියාවක්‌ වුවද එය පොලිස්‌ නිලධාරීන්ට තේරෙන්නේ නැත. මේ පොලිස්‌ නිලධාරීන් හෙට දවසේ තවත් මාර්ග වසා දමා තවත් විවිධ දේ අත්හදා බලනු ඇත.

ඔරුගොඩවත්ත සහ පෑලියගොඩ කන්ටේනර් අංගණ කොළඹ නගරයේ රථවාහන තදබදය සඳහා ප්‍රධානතම හේතුවකි. යුද්ධය අවසන්වී වසර හයක්‌ ගතවී ඇතත් තවමත් කන්ටේනර් පරීක්‌ෂාව සිදුකරන්නේ කොළඹ වරායෙන් පිටතය. කන්ටේනර් පරීක්‌ෂාව වරාය තුළම සිදුකළ හැකි නම් මාර්ග තදබදය බොහෝදුරට අඩුවනු ඇත. කන්ටේනර් රථවල බර කිරීම සඳහා ඔරුගොඩවත්ත හෝ පෑලියගොඩ අංගණයට ගොස්‌ හෝ නැවත වරායට පැමිණ කන්ටේනර් පටවා ගෙන ඒවා පරීක්‌ෂා කරන්නට නැවත ඔරුගොවත්තට හෝ පෑලියගොඩට යා යුතුය. මේ නිසා පැය ගණන් වාහන තදබදයක්‌ ඇතිවේ. මේ ක්‍රමය වෙනස්‌ කළහොත් කොළඹ නගරයේ වාහන තදබදය අඩුකරන්නට එය බොහෝඅ ඉවහල් වනු ඇත. කන්ටේනර්, වැලි ලොරි ආදී බරවාහන මාර්ගවල ධාවනය දහවල් කාලයට සීමා කළ යුතුය. වැලි ප්‍රවාහනය නීතියෙන් රාත්‍රියට තහනම්ය. මේ නීති කවුරු පැනවුවත් මාර්ග තදබදයට අද ප්‍රධාන හේතුවක්‌ වන්නේ ටිපර් රථය. මේවා රාත්‍රියට ධාවනය වන්නේ නම් ජනතාවට කරදරයක්‌ නැත. මේ සඳහා ඇති නීතිරීති වෙනස්‌ කළ යුතුය.

අධික රථවාහන තදබදයක්‌ ඇති අවස්‌ථාවල පවා ඇතැම් පොලිස්‌ නිලධාරීන් කරන්නේ එය අඩුකරනවා වෙනුවට රියෑදුරන් වැරදි කරන තුරු සැඟවී බලා සිටීමය. මහාමාර්ගවල පැය ගණන් මාර්ග තදබදය තිබියදී බොහෝ පොලිස්‌ නිලධාරීන් ඒ මඟහරවා ගන්නවා වෙනුවට පාරේ පැත්තකට වී ඉර කපන රියෑදුරුන් අල්ල ගන්නට බලා සිටී. 

එසේත් නැතිනම් සතුටු සාමීචියේ යෙදී සිටී. එසේත් නැතිනම් ජංගම දුරකතනයේ සුවබර කතාබහකය. රථ වාහන පොලිස්‌ නිලධාරීන්ගේ මූලික කාර්ය භාරය ඔවුන්ට කියාදීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය.

පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරිය අනතුරු අඩුකිරීම නම් ඔවුන් සිටිය යුත්තේ කාටත් පෙනෙන පරිදිය. එවිට රියෑදුරන් පරිස්‌සමින් රිය පදවනු ඇත. සැඟව සිටීමෙන් දඩකොළ ලබාදීම හැර රිය අනතුරු අඩු කරන්නට අවස්‌ථාවක්‌ නොලැබෙයි.

අද වන විට බොහෝ  පොලිස්‌ නිලධාරීන් වාහන නවතා කුමන හෝ වරදක්‌ සොයා දඩකොළ ලිවීමද සිදුකරයි. විශේෂයෙන්ම කාන්තාවන් ධාවනය කරන මෝටර් රථ නවත්වන ඇතැම් පොලිස්‌ නිලධාරීහු බොහෝ වෙලාවක්‌ ඔවුන් රස්‌තියාදු කරමින් කාළකණ්නි සතුටක්‌ ලබති.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සියලුම පොලිස්‌ නිලධාරීන් මහා මාර්ග වල රථ වාහන පාලනය සඳහා යෙදවීමට පොලිසිය භාර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව සඳහන්ය. එය මහා විහිළුවකි.

පොලිසියේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ නීතිය හා සාමය ආරක්‌ෂා කරමින් අපරාධ අවම කිරීමය. පොලිසියේ විවිධ අංශවල ඒ ඒ අංශය සඳහා විශේෂඥ පුහුණුව ලැබූ නිලධාරීහු සිටිති. රටේ අපරාධ වැඩිවීම සීග්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති අවස්‌ථාවක එම නිලධාරීන්ද මහාමාර්ගවල රථවාහන පාලනය සඳහා යෙදවීම මගින් රටේ අපරාධ රැල්ල තවත් ඉහළයැම වැළක්‌විය නොහැක. එම නිසා මෙය ප්‍රවේසමෙන් කළ යුතු කාර්යයකි. ලොව ඇතැම් රටවල රථවාහන පාලනය පොලිසියෙන් පරිබාහිර කාර්යයකි.ඒ සඳහා වෙනම රාජ්‍ය ආයතන තිබේ. අපේ රටේ ද කළ යුත්තේ මාර්ගවල රථවාහන පරිපාලන කටයුතු සඳහා වෙනමම දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවීමය. රටේ නීතිය හා සාමය ආරක්‌ෂා කිරීම එවිට පොලිසියට හොඳින් කළ හැක. රටකට මාර්ග නීති අවශ්‍යය. ඒවා ක්‍රියාත්මක කරන්නට පොලිස්‌ නිලධාරීන් ද අවශ්‍යය. එහෙත් පොලිසිය කටයුතු කළ යුත්තේ මහජනතාව ආරක්‌ෂා කරන අතරම ජනතා හිතවාදීවය. පොලිස්‌ නිලධාරීන් කීපදෙනෙකු කරන වැරදි නිසා මහජන විරෝධය එල්ල වන්නේ සමස්‌ත පොලිස්‌ නිලධාරීන්ටය. මහජනතාව ආරක්‌ෂා කරන සැබෑ මානව හිතවාදී පොලිස්‌ නිලධාරීහු ඕනෑ තරම් සිටිති. මේ සියල්ලන්ගේම අවසන් අභිප්‍රාය විය යුත්තේ මහජනතාව ආරක්‌ෂා කිරීමය.


වාහන තදබදය සම්බන්ධයෙන් රථවාහන නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න මහතාගෙන් විමසූ විට කොළඹ නගරයේ මාර්ග පවතින්නේ දිනපතා වාහන ලක්‌ෂයක්‌ පමණ ගමන් කිරීමට අවශ්‍ය වන ආකාරයට. එත් දිනකට කොළඹ නගරයට වාහන ලක්‌ෂ දෙකහමාරක්‌ එනවා. මෙය වාර්ෂිකව විසිපන්දහසකින් පමණ වැඩිවෙනවා. මේක බරපතළ තත්ත්අවයක්‌.

පොලිසිය විදිහට අපට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්‌ම රථවාහන තදබදය අවම කරන්නට ගෙන තිබෙනවා. 

රිය අනතුරක්‌ නිසා මාර්ග අවහිර වූ අවස්‌ථාවක හැර සාමාන්‍ය මාර්ග සංඥා ක්‍රමය විසන්ධිකර රිමෝට්‌වලින් ඒවා පාලනය කිරීම මම තහනම් කර තිබෙනවා. ඒ නිසා ඕනෑම පොලිස්‌ නිලධාරියෙක්‌ රිමෝට්‌ භාවිතයෙන් රථවාහන පාලනය කරනවා නම් 0112433333 දුරකථනයෙන් වහාම කතාකර අප දැනුවත් කරන්න. 

මම වහාම පියවර ගන්නවා. හැකිනම් ජංගම දුරකතනයෙන් හෝ ඡායාරූපයක්‌ ගෙන අප වෙත ලබාදෙන්න. මාර්ග අනතුරු ගැන මා දැඩි ලෙස කම්පා වෙනවා. මේ වසරේ මේ දක්‌වා කාලය තුළ වාහන අනතුරුවලින් මියගොස්‌ ඇති ප්‍රමාණය 1216 කට අධිකයි. මේ හැමදේකටම පොලිසිය ලෙස අපත් වගකිවයුතු පාර්ශ්වයක්‌.

දඩ කොළ දෙන්න කියල අපි පොලිස්‌ නිලධාරීන්ට නියෝග කර නැහැ. ඒ වගේම අල්ලලා මොනවහරි වැරදි හොයලා දඩ ගහන්න කියලා අපි නියෝග කරලා නැහැ. අනිත් අතට දඩ කොළ හෝ නඩුවලින් රථවාහන පොලිස්‌ නිලධාරීන්ට කිසිම ආර්ථික ප්‍රතිලාභ ලැබීමක්‌ නැහැ අපි කරන්නේ මහජන සේවාවක්‌.

මහාමාර්ග භාවිත කරන අපි කවුරුත් අනිත් අයගේ ජීවිතවලට ආදරය කරන්න ඕන. බීලා වාහන එළවනවා නම්, අධික වේගයෙන් වාහන එළවනවා නම් එයින් වන හානිය එයින් නැතිවන ජීවිත නිසා කොතරම් සමාජයේ අහිංසකයන් පිරිසක්‌ දුක්‌ විඳිනවද කියලා අපි හිතන්න ඕන. ඒ වගේම රටේ වගකිවයුතු රජයේ නිලධාරීන් ඒ ඒ අයගේ පාර්ශ්වයෙන් මේ ප්‍රශ්න ගැන මීට වඩා වගකීමෙන් කටයුතු කරනවා නම් මේ ගොඩක්‌ ප්‍රශ්න විසඳන්න පුළුවන්.

ජනිත සෙනෙවිරත්න















Friday, 12 June 2015

කොරියාවේ, ඉන්දියාවේ, චීනෙ වගේ අපේ රටේ කාර් හැදෙන්නේ නැත්තේ ඇයි? [නිෂ්පාදන ආර්ථික මිත්‍යාවෙන් ඔබ්බට]

හැමදෑම විද්‍යාව හා තාක්ශණය ගැන ලියන නිසා අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන මගේ අදහස කියන්නට සිතුනා. ලංකාවේ ආර්ථිකයේ අනාගතය කෙබඳු විය යුතුදැයි දේශපාලඥයින්, ආර්ථික විද්‍යාඥයින්, විද්වතුන් මෙන්ම ව්‍යාපාර හා කර්මාණ්ත ක්ෂේශ්ත්‍රයේ ප්‍රාමාණිකයින් අතර සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.

කලින් කලට ඉස්මතු වෙමින් යලිත් යට යමින් තිබෙන මේ මාතෘකාව අපේ රටේ අනාගතයට ඉතා වැදගත්. අපේ රට දැන් මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලැබෙන එනම් ආර්ථික විද්‍යාඥයින් පවසන ආකාරයට "middle income" රටක් ලෙස හඳුන්වනවා. මේ බව පසුගිය වසරවල මහබැංකු වාර්තාවලද ආර්ථික ප්‍රගතියේ සළකුණක් ලෙස හුවාදක්වා තිබුණා.

පහල මැද ආදායම් රටක් වන ලංකාව

ලෝක බැංකු වෙබ් අඩවියට අනුව "Middle Income" රටක් ලෙස සළකන්නේ ඒක පුද්ගල දල ජාතික ආදායම (Per capita Gross National Income - GNI) ඩොලර් 1036ත් 12,615ත් අතර ඇති රටක්. දල ජාතික ආදායම යනු රටක සියලුම නිශ්පාදන වලින් ලැබෙන ආදායමට (දල ජාතික නිශ්පාදිතය - GDP) විදෙස් රටවල සිටින එම රටෙහි පුරවැසියන් එවන ආදායම එකතුකොට එයින් රටතුල සිටින විදේශිකයින් උපයාගෙන රටින් පිටතට යවන ආදායම අඩුකලවිට ලැබෙන අගය ලෙස ඉතා සරලව දක්වන්නට පුලුවන්.

මෙම GNI අගය රටක ආර්ථික වර්ධනයේ හා ආර්ථික හැකියාව පෙන්නුම් කෙරෙන හොඳම දර්ශකය ලෙස ලොව පුරා ආථික විද්‍යාඥයින් මෙන්ම ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අන්තර්ජාතික ආයතන සළකනවා.

ඩොලර් 1036ත් 12,615ත් අතර දල ජාතික ආදායම් පරාසය ඉතා පුලුල්වන නිසා ලෝක බැංකුව මෙම රටවල් තවත් උපකාණ්ඩ දෙකකට බෙදනවා. ඒ "පහල මැද ආදායම් රටවල්" හා "ඉහල මැද ආදායම් රටවල්" ලෙසයි. ඩොලර් 1036ත් ඩොලර් 4085ත් අතර ආදයම් ඇති රටවල් "පහල මැද ආදායම් රටවල්" ලෙස සළකන අතර ඩොලර් 4086ත් ඩොලර් 12615ත් අතර රටවල් "ඉහල මැද ආදායම් රටවල්" ලෙස වර්ග කෙරෙනවා.

ඉහත ලෝක බැංකු දත්තවලට අනුව ලංකාව 2013 වනවිට පහල මැද ආදායම් රටක් ලෙස වර්ගීකරණය වී තිබුණා. කෙසේ වෙතත් 2016-2017 වනවිට නිසැකයෙන්ම අප රට ඉහල මැද ආදයම් කුළකයේ ආරම්භක සීමාව වන ඒක පුදගල දල ජාතික ආදායම ඩොලර් ඩොලර් 4086 පසුකරනු ඇතැයි සිතිය හැකිවුවත් ආණ්ඩු වෙනසත් සමග සිදුවී ඇති දේශපාලන අස්ථාවර භාවය නිසා ආර්ථිකයේ යම් පසුබෑමක් ඇතිවීමද සළකාබැලූවිට මේ ඉලක්කයද අපහසු වන්නට ඉඩ තිබෙනවා.

මෙම සීමාව පසුකර යාමට ඒකපුද්ගල දල ජාතික ආදායම ඩොලර් 915 වැඩිවිය යුතුයි. එය සුළු අගයක් ලෙස පෙනුනද සැබැවින්ම මේ ඉලක්කය පසු කිරීමට රටෙහි දල ජාතික ආදායම ඩොලර් මිලියන 18,300කින්, එනම් ඩොලර් බිලියන 18.3කින් වැඩිවිය යුතුයි. රුපියල් වලින් නම් වර්තමාන විනිමය අනුපාතයට අනුව රුපියල් බිලියන 2452කින් රටෙහි ආදායම වැඩිවිය යුතුයි. මෙය අතිවිශාල අගයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ.

නිෂ්පාදන ආර්ථික මිත්‍යාව 

රූපවාහිණී දේශපාලන සාකච්චාවලට සහභාගීවන, ආර්ථික විද්‍යාව පිලිබඳව එතරම් පරිචයක් නොමැති දේශපාලඥයින් බොහෝවිට ඔවුන්ගේ පෞද්ගලික හෝ සිය පක්ශයේ ආර්ථික දැක්ම ලෙස "ශ්‍රී ලංකාව නිශ්පාදන ආර්ථිකයක්" බවට පරිවර්තනය කලයුතු බව කියනවා. සමහරවිට මොවුන් මෙයින් අදහස් කරනවා ඇත්තේ රට විවිධ භාණ්ඩ නිශ්පාදනය කරන, බොහෝ කර්මාණ්තශාලා ඇති, නිමි භාණ්ඩ අපනයනය කරන රටක් බවට පත්විය යුතු බව වියයුතුයි.

මොන අර්ථයෙන් ගත්තද මෙය සැබැවින්ම එක් අතකින් ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ගැන පවා අවබෝධයක් නොමැතිව කරන ප්‍රකාශයක් හෝ ප්‍රායෝගික නොවන ආර්ථික සැලැස්මක් ලෙස ගත හැකියි.

සෑම ආර්ථිකයක්ම නිශ්පාදන ආර්ථිකයකි. නිශ්පාදන ආර්ථික නොවන ආර්ථික පැවැතිය නොහැකිය!

ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයට අනුව ආර්ථිකයක් යනු රටක ප්‍රාථමික ගැටළු තුනක් විසඳන්නේ කෙසේදැයි සිදුකෙරෙන යෝජනාවකි. ඕනෑම රටක ප්‍රාථමික ආර්ථික ගැටලු ලෙස පහත ගැටළු හඳුනා ගැනෙනවා.

"1 නිශ්පාදනය කල යුත්තේ කුමණ භාණ්ඩ හා සේවාද? - What to produce?",
"2 එම භාණ්ඩ හා සේවා නිශ්පාදනය කල යුත්තේ කෙසේද? - How to produce?"
"3 එම භාණ්ඩ හා සේවා නිශ්පාදනය විය යුත්තේ කා සඳහාද? - For whom should they be produced?"

එනම් ආර්ථික ක්‍රමයක් (economic system) යනු රටෙහි ඇති සීමිත සම්පත් උපයෝගීකරගෙන කුමක් නිශ්පාදනය කල යුතුද? කුමණ උපක්‍රම හෝ තාක්ශණයන් යොදාගෙන නිශ්පාදනය කල යුතුද? කා සඳහා එම නිශ්පාදනයන් කල යුතුද? යන ගැටලු විසඳීමට යොදාගන්නා ක්‍රමවේදයයි. උතුරු කොරියාව හා කියුබාව හැරුනුකොට අද ලෝකයේ සියලුම රටවල් මේ සඳහා මිශ්‍ර ආර්ථික "mixed economic system" ක්‍රමවේදය යොදා ගන්නවා. එනම් රජය හා පෞද්ගලික අංශය යන අංශ දෙකම රටෙහි නිශ්පාදන ක්‍රියාවලියට දායක වනවා. උග්‍ර ධනවාදී රටක් ලෙස සැළකෙන අමෙරිකාව මෙන්ම කොමියුනිස්ට් චීනයද උපයෝගීකර ගන්නේ මේ මිශ්‍ර ආර්ථික උපක්‍රමයයි.

මේ අනුව ආර්ථිකයක් යනු නිශ්පාදනය පිලිබඳව යෝජනා ඉදිරිපත් කරන සංකල්පයක්. ඒ අනුව අප රටෙහි දේශපාලකයන් කැමරාවක් ඉදිරියට ආවිට කරන "නිශ්පාදන ආර්ථික" යෝජනාව පදනම් විරහිත යෝජනාවක් බව ඔබට වැටහෙනවා ඇති.

ලංකාව කර්මාණ්තශාලා බහුල, භාණ්ඩ නිපදවන රටක් කල හැකිද?

කෙටි උත්තරය නැත යන්නයි. අපට කිසිදිනක ජපානය, කොරියාව, චීනය හෝ ඉන්දියාව පමණක් නොව මැලේසියාව , ඉන්දුනීසියාව, වියට්නාමය හෝ තායිලන්තය තරම්වත් කාර්මික නිශ්පාදන ලෝකයේ ඉදිරියට ආ නොහැක.

ඇයි මෙහෙම කියන්නේ? රටට ආදරේ නැති, හැමදේම පිටරටින් එනවානම් කැමති කළු සුද්දෙක් නිසාද?

සැබැවින්ම නෑ. මා මේ යෝජනාව කරන්නේ රටට ඇති ආදරය නිසායි. අප රට පහල මැද ආදායම් ගොඩෙන් (එනම් දුප්පත් රටවල් ගොන්නෙන්) මුදවා ගන්නටනම් අප, අපේ රටේ උපක්‍රමීය දුර්වලතා හා උපක්‍රමීය වාසි සහගත අංශ (strategic weaknesses and strategic advantages) හඳුනාගෙන  ඒ අනුව ආර්ථිකය හැඩ ගස්වාගන්නට ඕනෑ.

ලෝකයේ කාර්මික අංශයෙන් ඉදිරියට ගිය රටවල් (හා කලක් ඉදිරියෙන් සිට දැන් පසුබා ඇති රටවල්) දෙස බලන්න. රටක කාර්මික නිශ්පාදන දියුණුවීමට නම් යම් යම් සාධක තිබිය යුතුවනවා.

1] ස්වභාවික සම්පත් - එනම් යකඩ, ඇළුමිනියම්, තඹ, සින්ක්, ගල් අඟුරු, තෙල්, කාර්මික නිශ්පාදනව වලට බහුලව අවශ්‍යවන අමුද්‍රව්‍ය සුළභව තිබිය යුතුයි. අපේ රට ස්වභාවික සම්පත් වලින් අනූන බවට තර්ක කල හැකි නමුත්, ඉහත කීදේවල් මහා පරිමාණයෙන් හමුවන රටවල් (අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, රුසියාව, චීනය, බ්‍රසීලය, ආජන්ටිනාව වැනි රටවල්) හා සසඳනවිට අපේ රටේ කාර්මික දියුණුවට අවශ්‍ය මූලික සම්පත් හිඟබව වටහාගන්න ඕනෑ.

එහෙමනම්, ස්වභාවික සම්පත් හිඟ ජපානය, කොරියාව, සිංගප්පූරුව, හොංකොං, තායිවානය දියුණුවූයේ කොහොමද? (හොංකොං චීනය සතුවුවත් වෙනම රටක් ලෙස පාලනය වේ)

සිංගප්පූරුව හා හොංකොං මීට වසර 20කට පමණ පෙර කුඩා, අධිතාක්ශණික භාණ්ඩ (ඉලෙක්ට්‍රොණික භාණ්ඩ, පරිගණක උපාංග මෙයින් ප්‍රධානයි) සඳහා නිශ්පාදන කේන්ද්‍රවූ බව සැබෑවූවත් අද මේ රටවල ආර්ථිකය තනිකරම ඉහල එකතුකල අගයක් ඇති සේවා (high value added services) මත රඳා පවතිනවා.

අද වුනත් කොරියාව හා ජපානය ඇරෙන්නට කාර්මික නිශ්පාදන කේන්ද්‍රවෙලා තියෙන්නේ කාර්මික අමුද්‍රව්‍ය බහුලව තියෙන රටවල්වලයි.

2] ජනගහණය - රටක ජනගහණය, එම රටෙහි කාර්මික වර්ධනයට ඉතා වැදගත් සාධකයක්. රටෙහි ස්වභාවික සම්පත් ප්‍රමාණය අවම වුවත්, එහි ජනගහණය විශාලනම් කාර්මික සංවර්ධනය එතරම් අපහසු වන්නේ නෑ. හොඳම පැරණි උදාහරණ ලෙස තායිවානයේ, ජපානයේ හා කොරියාවේ කාර්මික දියුණුවත්, නූතන උදාහරණ ලෙස මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තයේ හා වියට්නාමයේ සීග්‍ර කාර්මික දියුණුවත් ගන්නට පුලුවන්.

මේ රටවල් සියල්ලම කාර්මික නිශ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය අතරින් සංසන්දනාත්මකව දුප්පත් රටවල්. එහෙත් ඒ රටවල් වලට සිය අධික ජනගහනය අති විශාල වාසියක් වුනා.

රටක අධික ජනගහනය කාර්මික දියුණුවට වාසි සහගත සාධකයක් වන්නේ ඇයි?

පලමුවැනි වාසිය - කර්මාණ්ත සඳහා ලාභ ශ්‍රමය. විශේෂයෙන්ම ශ්‍රම කේන්ද්‍රීය (labour intensive) කර්මාන්තවලට අධික ජනගහනය වාසිසහගත වනවා. ජනගහනය වැඩිවනවිට ව්‍යවසායකයින්ට අඩු මිලට ශ්‍රමය ලබාගෙන නිශ්පාදන කර්මාන්ත ආරම්භ කර ලාභ ලබන්නට පුලුවන්. ලාභය කොතනද එතැනට ප්‍රාග්ධනය එකතුවන නිසා ජනගහනය වැඩි  රටක් සැලැසුම් සහගතව ක්‍රියාත්මක වුනහොත් ඉතා ඉක්මණින් කාර්මික දියුණුව ලඟාකරගන්නට පුලුවන්.

ජපානය කොරියාව, තායිවානය වගේම මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය හා වියට්නාමයත් මෙලෙස සැළසුම් සහගතව සිය ජනගහනය කාර්මික නිශ්පාදනයට යොමුකොට දියුණුව ලඟා කරගත් රටවල්.

වැඩි ජනගහනයේ දෙවැනි වාසිය - දේශීය නිශ්පාදන අලෙවිකර ගැනීම සඳහා විශාල දේශීය වෙළඳපොලක් තිබීම.

ජනගහනය අධික රටවල්, උදාහරණයක් ලෙස ඉන්දියාව හා චීනය කාර්මික නිශ්පාදන අතින් නිසඟයෙන්ම ඉදිරියට එන්නේ එම රටවල්වල අධික ජනගහනය, එම රටේ නිශ්පාදනවලට ස්ථාවර මෙන්ම විශාල ලාභ ලැබිය හැකි, ආයෝජන හැකියාව වැඩි වෙළඳපොලක් ලබාදෙන නිසා.

ඉන්දියාවේ මරුති-සුසුකි 

උදාහරණයක් ලෙස ඉන්දියාවේ මරුති-සුසුකි සමාගම ගන්නට පුලුවන්. ඉන්දියානු රජයේ සමාගමක් වූ මරුති, ජපානයේ සුසුකි සමග 1981දී එක්වුනේ, ඉන්දියාවේ දුප්පත් ජනගහනයට මිලදී ගන්නට පුලුවන් අඩු මිල, ඒවගේම ඉන්දියාවේ රළු පාරවල් වලට හොඳින් ඔරොත්තු දෙන, කුඩා කාරයක් නිර්මාණය කරන්න. මරුති-සුසුකි 800 කුඩා කාරය ඔවුන්ගේ පලමු නිශ්පාදනය වුනා.

අවුරුදු 34කට පසු අදවන විට මරුති සුසුකි ඉන්දියාවේ වාහන වෙළඳපොලෙන් 37%කට හිමිකම් කියන, පසුගිය වසරේ ඩොලර් බිලියන 6.7ක ආදායමක් ලැබූ, සේවකයින් 7000ක් සේවය කරන, වාහන මාදිලි 18ක් නිශ්පාදනය කරන දැවන්ත ආයතනයක් වෙලා. අද මරුති-සුසුකි වාහන දකුණු ආසියාවේ, නැගෙනහිර ආසියාවේ, අප්‍රිකාවේ විතරක් නෙමෙයි සමහර මාදිලි යුරෝපයේ පවා අලෙවි වෙනවා.

කොහොමද දශක තුනක් වගේ කෙටිකාලයකදි මරුති-සුසුකි වගේ ඉන්දියානු සමාගමක් මෙහෙම දියුණු වුනේ? 

සුසුකි සමාගමෙන් ජපන් තාක්ශණය වගේම ජපන් කළමණාකරණ හැකියාවත් ඔවුනට දායාදවුනා. ඒවගේම මරුති-සුසුකි සමාගමට ඉතා පුලුල් දැක්මක් ඇති ආර්. සී භාර්ගවා කියන දක්ශ ව්‍යාපාරික නායකයාගේ මගපෙන්වීම ලැබුණා.

එහෙත් ලංකාවේ අපේම මයික්‍රෝ කාර් සමාගමට නැති වාසියක් ඉන්දියාවේ මරුති-සුසුකි සමාගමට එදා ඉඳන් තියෙනවා. ඒ ලෝකයේ දෙවන විශාලම ජනගහනය නැතිනම් අතිවිශාල වගේම වේගයෙන් ධනවත්වන පාරිභෝගිකයින් සිටින දැවැන්ත වෙළඳපොලක්.

මෙන්න මේ නිසා තමයි ඉතා දක්ශ, වගේම පුලුල් දැක්මත් ඇති ව්‍යාපාරික නායකත්වයක් තිබෙන අපේ මයික්‍රෝ කාර් සමාගමට, ඉන්දියාවේ මරුති-සුසුකි සමාගම වගේ ලෝක වාහන වෙළඳපොලේ සැළකිය යුතු සමාගමක් වෙන්නට පුලුවන් කමක් නැත්තේ.

ෆෝඩ්, ටොයෝටා, හොන්ඩා, නිසාන්, හුන්ඩායි විතරක් නොවේ මර්සිඩීස් බෙන්ස් හා බී.ඇම් ඩබ්ලිව් කාර් පවා අද වෙනකොට ඉන්දියාවේ හැදුවත් අපේ රටේ කාර් හදන්නේ නැත්තෙත් ඔන්න ඔය හේතුව නිසා. වෙලඳපොල කුඩා හින්දා ලංකාවේ කාර් හදන්නට බිලියන ගණනක් ආයෝජනය කරනවාට වඩා ඉන්දියාව, මැලේසියාව තායිලන්තය, ඉන්දුනීසියාව වගේ විශාල වෙළඳපොලක් තියෙන රටවල් වල ආයෝජනය කරන එක බහුජාතික කාර් සමාගම් වලට වාසිසහගතයි.

ජපානයේ ටොයෝටා, නිසාන්, හොන්ඩා සමාගම් වගේම කොරියාවේ හුන්ඩායි හා කියා සමාගම්වලටත් ලෝකෙ ජයගන්නට පාර වැටී තිබුනේ තමුන්ගේ රටේ විශාල වාහන වෙළඳපොල තුලිනුයි. තමුන්ගේ රටේ විශාල වෙලඳපොලෙන් ලබන ලාභයේ ආර්ථික ශක්තිය තුලින් හා කළමණාකරණ ඥාණය තුලින් ලෝක වෙළඳපොල ජයගන්නට මේ සමාගම් පන්නරය ලැබුවා.

Ceylon Tea

තවත් උදාහරණයක් ගනිමු. සිලෝන් ටී, නැතිනම් ලංකාවේ තේ, ලෝකෙ හොඳම තේ කියල මුලු ලෝකෙම පිලිගන්නවා. අපේ තේවලට මේ විශිෂ්ඨ තැන හිමිවෙලා දැන් අවුරුදු 100කටත් වැඩියි. ඒත් මේ අවුරුදු 100ටම, ලෝකේ හොඳම තේ හදන අපේ රටේ තේ සමාගම් සතුව ලෝක ප්‍රකට තේ සන්නාම (tea brand names) කීයක් තියෙනවද?

කණගාටුදායක උත්තරය - යාන්තම් එකම එකයි - කියන එක.

ලෝක ජනප්‍රියම (ඒ කියන්නේ වැඩිම වෙළඳපොල ප්‍රතිශතයක්) හිමිකරගෙන තියෙන්නේ ලිප්ටන්, බෲක් බොන්ඩ් හා ටෙට්ලි ටී කියන සන්නාම තුන. මෙයින් ලිප්ටන් හා බෲක් බොන්ඩ් සන්නාම දෙකම අයිතිවෙන්නේ එන්ගලන්තේ යුනිලීවර් සමාගමට. ටෙට්ලි ටී ඉස්සර එන්ගලන්ත සමාගමක් වුනත් අද අයිති වෙන්නේ ඉන්දියාවේ ටාටා ව්‍යාපාර සමූහයට අනුබද්ධ ටාටා බෙවරේජස් සමාගමට.

ඒ විතරක් නොවෙයි, දැන් කෝපි වලට හා ශක්තිජනක පානවලට ප්‍රසිද්ධ නෙස්ලේ සමාගමත් ආසියාවේ තේ වෙළඳපොල ආක්‍රමණය කරන්නට පටන් අරගෙන. ඒ අය ඉන්ස්ටන්ට් ටී නැතිනම් ක්ශණික තේ කියන (ලංකාවේ මේ තේවලට කියන්නේ ස්වයංක්‍රීය තේ මැශිමෙන් හදලා දෙන නිසා මැශින් ටී කියලයි) , තේ වෙළඳපොලේ අලුත්ම නිශ්පාදිත විශේෂීකරණය (product differentiation) විධියට. නෙස්ටී (Nestea) කියන සන්නාමය යටතේ ස්විට්සර්ලන්තේ නෙස්ලේ සමාගම මැශින්වලින් හදල දෙන ඉන්ස්ටන්ට් ටී විතරක් නෙමෙයි, ක්ශණික තේ පැකට්ටුත් වෙළඳපොලට එවලා. දැන් පොඩි නෙස්ටී ඉන්ස්ටන්ට් තේ පැකට් ඕනෑම කඩයකින් ගන්න පුලුවන්.

නෙස්ලේ සමාගම තේ මාකට් එකට ඇතුලුවුන හැටිත් බොහොම අපූරුයි, ඒවගේම innovative කියලත් කියන්න පුලුවන්.

යුනිලීවර්ගේ ලිප්ටන් සන්නාමය වගේම සෙස්ටා, ඩිල්මා හා අඩුමිල ලාඕජී වගේ සන්නාම එක්ක කෙලින්ම ගැටෙන්න තේ කුඩු හරි තේ බෑග් (tea bags) හරි වෙළඳපොලට ඉදිරිපත් කරනවා වෙනුවට නෙස්ලේ සමාගම අලුත්ම මාර්ගයක් තෝරා ගත්තා. ඒ තමයි ක්ශණික තේ නැතිනම් ඉන්ස්ටන් ටී. නෙස්ලේ සමාගමට ක්ශණික පානයන් පිලිබඳව විශාල අත්දැකීම් තියෙනවා. නෙස්ලේ සමාගමේ නෙස්කැෆේ මැශින් කෝපි හා ක්ශණික කෝපි ලොව පුරාම ජනප්‍රිය කෝපි සන්නාමයක්. ලංකාවෙත් නෙස්කැෆේ ක්ශණික කෝපි මැශින් දැන් හැමතැනම. නෙස්ලේ සමාගම, මේ ක්ශණික කෝපි වෙළඳපොලේ අත්දැකීම් අරගෙන තමයි කශණික තේ වෙළඳ පොලට පිවිසුනේ.

ඒ වෙනකොට නෙස්ලේ සමාගමට ලංකාවේ ක්ශණික තේ වෙළඳපොලේ තරඟකාරයෙකුට හිටියේ ටිලක් ටී (TeLak Tea) කියන කුඩා දේශීය සමාගම විතරයි. ටිලක් සමාගම ඔවුන්ගේම නිර්මාණයක් වුනු ක්ශණික තේ මැශින් වෙළඳපොලට ඉදිරිපත් කරමින් හිටිකාලයේ තමයින් නෙස්ලේ සමාගම ක්ශණික තේ වෙළඳපොලට ආවේ.

නෙස්ලේ සමාගමේ ඉලක්ක වෙළඳපොල (target market) වුනේ සාම්ප්‍රදායක විධියට සීනි, තේ කොළ, කිරිපිටි දාලා තේ හදන්න කම්මැලි, නැතිනම්  ඒ විධියට හරියට (බොන්න පුලුවන්) තේ කෝප්පයක් හදාගන්න බැරි, බඩගින්නට නෙස්ලේ මැගී නූඩ්ල්ස් කන තරුණ පරම්පරාව. නාස්ති කරන්න වෙලාව තිබුණත් තේ එකක් හදාගන්න වෙලාව නැති නව තරුණ පරපුර නෙස්ටී වල ඉලක්කය වුනා. ඒ වගේම පේස්ට්‍රි කඩ, තේ කඩ ඔවුන්ගේ ඉල්ලක්ක වුනේ සාම්ප්‍රදායක ක්‍රමයට බොයිලර් වල වතුර උණුකරලා තේ හදාදීමේ පිරිවැයට වඩා අඩුවෙන්, අඩු ශ්‍රමයකින් නෙස්ටී එකක් පාරිභෝගිකයාට දෙන්න පුලුවන් කියලා තේ කඩ මුදලාලිලා දැනුවත් කරමින්.

ඔය විධියට තමයි, යුනිලීවර්ලාගේ ලිප්ටන් සන්නාමයටත් කොකා පෙන්නලා නෙස්ලේ එයාලගෙ නෙස්ටී ජනප්‍රිය කෙරෙව්වේ.

දැන් බලන්න, තේ කොළ හා තේ බෑග් වෙළඳපොල යුනිලීවර්ගේ ලිප්ටන් හා ලාඕජී අල්ල ගන්නකොට ක්ශණික තේ වෙළඳපොල නෙස්ලේ අල්ලගෙන. මේ දෙකම යුරෝපීය බහුජාතික සමාගම්. අවුරුදූ සීයක් ලෝක හොඳම තේ නිපදවපු අපේ රටට ලෝකෙට ඉදිරිපත් කරන්න පුලුවන් විදියේ ජාත්‍යන්තර මට්ටමේ සන්නාමයක් හදාගන්න පුලුවන් වුනේ මේ මෑතකදී. ඒ තමයි ඩිල්මා.

Dilmah Tea

මෙරිල් ජේ ප්‍රනාන්දු කියන ලාංකේය තේ කර්මාණ්තයේ යුගපුරුෂයාගේ අප්‍රතිහත ධෛර්යයෙන් බිහිවුනු ඩිල්මා, විශාල අභියෝග ගණනාවක් ජයගනිමින් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය වගේ බටහිර රටවල,  ඉහල විශේෂීකරණයකින් යුතු නැවුම් තේවර්ග සපයන සන්නාමයක් බවට අද පත්වෙලා. වසර ගණනාවක් තිස්සේ අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රහයෙකු වූ ඩිල්මා, දැවැන්ත මුදලක් ආයෝජනය කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන අනුග්‍රහයකයෙකු වුනේ ඩිල්මා සන්නාමය මිලියන ගණනක් ලොව ක්‍රිකට් ලෝලීන්වෙත ගෙනයන්නට පුලුවන් නිසා.

ඇත්තෙන්ම ව්‍යාපාරික සූදුවක් වැනි විශාල අවදානමක් තිබෙන එවැනි වැඩක් කරපු එකම එක ලාංකේය සමාගම වුනු ඩිල්මා, ඔවුන්ගේ මේ ආයෝජන වලින් හොඳ ප්‍රථිපල නෙලාගෙන තියෙනවා. අද ලෝකයේ හොඳම තේ සන්නාම ගැන ගූගල් සෙවුමක් සිදුකලොත්, අනිවාර්යයෙන් ඩිල්මා තේ පමුඛ තේ සන්නාම 10 අතරට පැමිණිලා තියෙන බව පෙනේවි.

අවුරුදු 100ක විශිෂ්ඨ තේ ඉතිහාසයකින් පස්සේ, ලෝකෙට ගෙනයන්න පුලුවන් එකම එක තේ සන්නාමය නිර්මාණය කරපු මෙරිල් ප්‍රනාන්දු මහත්මයාගේ ඩිල්මා සමාගමට අපේ කෘතඥතාවය හිමිවෙන්න ඕනෑ කියලා මම යෝජනා කරනවා.

අවුරුදු 100ක තේ කර්මාන්තයෙන් ඩිල්මා තේ සන්නාමය විතරක් බිහිවුනේ ඇයි?

උත්තරය - කුඩා ජනගහනය නිසා බිහිවී ඇති කුඩා වෙළඳපොල කියලා කියන්න පුලුවන්. ලංකාවේ ලෝකේ හොඳම තේ තිබුණත්, ලංකාව, ලෝකයේ වැඩිම ඒක පුද්ගල තේ පාරිභෝජනයක් තියෙන රටක් වුනත්, මේ සාධක දෙක, දැවැන්ත තේ සන්නාම නිර්මාණය කරගන්නට පුලුවන් තරමට දේශීය සිල්ලර තේ වෙළඳාම් කර්මාන්තය (retail tea trade) වර්ධනය නොවන්නට වෙන කොතෙක් හේතු සාධක තිබුණත්, ප්‍රධානම සාධකයක් වන්නේ වෙළඳපොල කුඩාවීම.

වෙළඳපොල කුඩාවීම නිසා, තේ පැකට්, තේ බෑග් දේශීය වෙළඳපොලට එවලා ලබාගන්න ලාභයට වඩා විශාල ලාභයක් තොග වශයෙන් තේ පිටරට යවලා (bulk tea exports) ලබාගන්න පුලුවන් නිසා ලංකාවේ තේ නිශ්පාදකයන් 99%ක් ඒ ව්‍යාපාරික මොඩලය තෝරා ගත්තා. යුනිලීවර් වගේ බහුජාතික සමගම් ලෝකේ පුරාම තේ විකුණන නිසා ඔවුනට ලංකාවේ කුඩා තේ වෙළඳපොල බාධාවක් වුනේ නෑ.

කාර්මික අමුද්‍රව්‍ය සුළභ නොවන, විශාල අඩුමිල ශ්‍රම බළකායක් හෝ විශාල දේශීය වෙළඳපොලක් නැති ලංකාව පහ මැද ආදායම් උගුලෙන් මුදවා ගන්නේ කෙසේද?

ලංකාව පහල මැද ආදායම් උගුලෙන් (lower middle income trap) මුදවා ගන්නට නම්, අපේ ආර්ථික සැළසුම් කරුවන් ලංකාව සතු සාපේක්ෂ වාසි (comparative advantages) හොඳින් හඳුනාගෙන, ඒ සාපේක්ෂ වාසි තුලින් ආර්ථික වර්ධනය ඇති කරන සැළසුම හදන්න ඕනෑ.

මිඩ්ල් ඉන්කම් ට්‍රැප් නැතිනම් පහල අඩු ආදායම් උගුල ලෙස ආර්ථික විද්‍යාඥයින් විස්තර කරන්නේ රටක් දුප්පත් භාවයෙන් යම් තරමකට මිදී මැද ආදායම් උපදවන රටක් බවට පත්වීමෙන් පසු, එම තත්වයෙන් ඉහල ආදායම් රටක් බවට පත්වීමට ඇති අපහසු තාවයයි.

උදාහරණයක් ලෙස ලංකාව 1970 සිට 2000 පමණ දක්වා කාළ පරාසය තුල; ඇඟලුම් වැනි අඩු එකතුකල අගයකින් යුතු, ලාභ ශ්‍රමය මත යැපෙන අපනයන හා කෙලින්ම ලාභ ශ්‍රමය මැදපෙරදිගට, කොරියාවට, ඉතාලියට අපනයනය කොට ආර්ථිකය පහල මැද ආදායම් රටක් බවට පත්කර ගත්තා.

එහෙත් අදවන විට මේ ලාභ ශ්‍රම වාසිය අපෙන් ගිලිහී බංග්ලාදේශය, වියට්නාමය වගේ රටවල් වලට සංක්‍රමණය වෙලා. ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස බංග්ලාදේශය ලංකාව පරදවා ඉදිරියට එන්නේ මේ විධියට. මැදපෙරදිගට තවමත් අතිවිශාල ලෙස නුපුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමය අපනයනය කලත්, වැඩිකලක් යන්නට පෙර මැද පෙරදිග රැකියාවකින් ලැබෙන ආදායම, එම කාන්තාවන් රටවලට යාමෙන් පවුල්වලට සිදුවන සමාජ පරිහානියත් එක්ක සසඳන විට ආකාර්ශණීය බවෙන් අඩු වන්නට පුලුවන්.

අද මැද පෙරදිග ගිහින් ලැබෙන ආදායම එදා වගේ සුපිරි ආදායමක් නොවන්නේ මැද පෙරදිග හාම්පුතුන් සිය වේතන ඉහල නොදැමීමත්, ලංකාවේ ජීවන වියදම, ඩුබායි රැකියා ජනප්‍රිය වුනු අසූව-අනූව දශකවලට වඩා බොහෝ සෙයින් ඉහල යාමත් නිසායි. ඒනිසා මැදපෙරදිග රැකියාවක් කොට පවුලකට සැළකිය යුතු ආර්ථික වර්ධනයක් ඇති කරගන්නට ලැබෙන්නේ නෑ. ටිකෙන් ටික මේ යථාර්ථය ගමට යාම නිසා තමයි අද කාන්තවන් මැදපෙරදිග යනවාට වඩා තරුණයින් ඉතාලියට, ජපානයට පනින්නට උත්ස කරන්නේ. ඒත් දැඩිවෙන සංක්‍රමණ නීති හා යුරෝපයේ ආර්ථික පසුබෑම හමුවේ මෙම දොරටුද වේගයෙන් වැසී යනවා.

ඒවගේම අපෙන් ගිලිහුණු ඇඟලුම් අපනයන කර්මාණ්තයට සමාන ඉහල රැකියා අවස්ථා බිහිකල හැකි ආදේශක අපනයන කර්මාන්තයක් බිහිවීද නෑ. පරිගණක මෘදුකාංග, ව්‍යාපාරික සේවා අපනයනය (business process outsourcing) වැනි කර්මාන්ත දියුණුවීගෙන ආවත්, අපේ රටේ අතිවිශාල නුපුහුණු හා අර්ධ නුපුහුණු ශ්‍රම බළකාය පලදායි නිශ්පාදනයක යෙදැවිය හැකි, ඇඟලුම් කර්මාන්තය වැනි කර්මාන්තයක් තවමත් බිහිවී නෑ.

ලංකාවට දැනට සිටින පහල මැද ආදායම් මට්ටමෙන් ඉහලට ගැනීමට විභවයක් ඇති කර්මාණ්ත මොනවාද?

1] Software - පරිගණක මෘදුකාංග නිර්මාණය හා අපනයනය. දැනටත් විශාල පුහුණු ශ්‍රමයක් බිහිවෙමින් පවතින, Virtusa, Millennium ITවැනි විශාල සමාගම් බිහිකොට තිබෙන මෙම කර්මාණ්තය අති විශාල එකතුකල අගයක් නිමැවෙන, අමුද්‍රව්‍ය ලෙස මිනිස් ශ්‍රමය පමණක් අවශ්‍යවන ශ්‍රී ලංකාව වැනි බුද්ධිමත්, ඉගෙනීමට දක්ශ තරුණ පරපුරක් සිටින රටකට විශාල ආදායමක් ගෙනදිය හැකි කර්මාණ්තයකි.

2] Business Process Outsourcing - බිස්නස් ප්‍රොසෙස් අවුට්සෝසින් යනු විදෙස් සමාගම්, සිය කාර්යාලීය හෝ වෙනත් ක්‍රියාදාමයක් අන්තර්ජාලය අධාරයෙන් වෙනත් රටක සිට ඉටු කර ගැනීමයි. මෙහි සරලම අවස්ථාව විදෙස් රටක සේවකයින්, යම් සමාගමක දුරකථන ඇමතුම් වලට පිලිතුරුදීම, පාරිභෝගික සේවා සැපයිම හා දුරකථන මගින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමයි.

BPO කර්මාණ්තයේ ඉතා ඉහල දියුණුවක් ලබා ඇති ඉන්දියාව වැනි රටවල්, විදෙස් රටවල රෝහල්වලට වෛද්‍යවාර්තා සැපයිම, ඒවා විශ්ලේෂණය, රෝග නිධාන අධ්‍යයනය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල දත්ත විශ්ලේෂණය කිරීම, රක්ශණ හිම්කම් අයදුම්පත්, ණය අයදුම්පත් වැනි අයදුම්පත් විශ්ලේෂණය කොට නිගමන ලබාදීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිරූපක (prototypes) නිර්මාණය කොට පර්යේෂණ දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය වැනි, විශාල තාක්ශණික ඥාණයක් අවශ්‍ය, එකතුකල අගය ඉතා ඉහල සේවා සපයනවා. ලංකාවේත් මෙවැනිම දක්ශ පුහුණු ශ්‍රමිකයින් සිටින බැවින් මෙම කර්මාණ්තයෙන් ඉක්මන් දියුණුවක් ලැබිය හැකියි.

3] Nano Technology Based Industries -  නැනෝ තාක්ශණය අධාරයෙන් අධිතාක්ශණික කර්මාණ්ත සඳහා  යෙදැවුම් (inputs) නිමැවීම ලංකාවට පහසුවෙන් සංවර්ධනය කරගත හැකි, ඉතා ඉහල ආදායම් ලැබිය හැකි කර්මාණ්තයක් ලෙස ශ්‍රී ලංකා නැනෝ තාක්ශණ ආයතනය (SLINTEC) හඳුනාගෙන තිබෙනවා.

දැනට ස්ලින්ටෙක් ආයතනය ලංකාවට පහසුවෙන් තරක් වාසියක් (competitive advantage) ලබාගත හැකි නැනෝ තාක්ශණික අංශ ලෙස කෘෂිකර්මාණ්තයට අවශ්‍ය නැනෝ ද්‍රව්‍ය (nano materials) නිමැවීම, ඇඟලුම් සඳහා අවශ්‍ය ඉහල තත්වයේ තන්තු (ෆයිබර්) නිපැදවීම, ජල පවිත්‍රකරණය සඳහා නැනෝ ද්‍රව්‍ය නිපදවීම හා සුවසේවා කර්මාණ්තය (healthcare industry) සඳහා නැනෝ ද්‍රව්‍ය නිපදවීම හඳුනාගෙන තිබෙනවා.

උදාහරණයක් ලෙස ස්ලින්ටෙක් ආයතනය සිය පර්යේෂණ මගින් නිර්මාණය කරන ලද රබර් හා මැටි නැනෝද්‍රව්‍ය ආධාරයෙන් රබර්වල ශක්තිය වැඩිකල හැකි නැනෝ සංයෝගයක් නිපදවා ඒ සඳහා අමෙරිකාවේ පේටන්ට් බළපත්‍රයක් අයදුම්කොට තිබෙනවා.

4] Biotechnology Based Industries - බයෝ ටෙක්නොලොජි කියන්නේ ජීවවිද්‍යාත්මක ක්‍රියාවලි කාර්මික නිශ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා සංකීර්ණ සංයෝග නිපදවීම සඳහා යොදාගැනීමයි. විශේෂයෙන්ම බැක්ටීරියා හා පැලෑටි ජාන වෙනස් කිරීම මගින් අඩු පිරිවැයකින් සංකීර්ණ සංයෝග (ප්‍රථිජීවක ඖෂධ වැනි ) නිපැදවීම මෙයින් බලාපොරොත්තු වනවා. මෙවැනි කර්මාණ්ත සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමය ලංකාවේ විශ්වවිද්‍යාලවලින් මෙන්ම පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල පාඨමාලාවලිනුත් බිහිවෙනවා. අදවනවිට බයෝ ටෙක්නොලොජි තාක්ශණය හැදෑරීම සඳහා තරුණතරුණියන් අතර විශාල ඉල්ලුමක් ඇති අතර පෞද්ගලික් අංශයේ ආයතන කිහිපයක් විදෙස් විශ්වවිද්‍යාල හා ඒකාබදධව මෙම පාඨමාලා පවත්වනවා.

ලංකාව වැනි, උගත් තරුණ පිරිසක් සිටින, කාර්මික අමුද්‍රව්‍ය හීන රටකට බයෝතාක්ශණය මූලික අපනයන කර්මාන්ත ඉතා වැදගත් ආදායම් මාර්ගයක් වනු ඇති.

5] Tourism - ස්වභාව සෞන්දර් ‍යයෙන් අනූන ලංකාව සංචාරක් කර්මාන්තයෙන් ඉහල ප්‍රතිලාභ ලැබිය හැකියි. එහෙත් මේ සඳහා ඉන්දියාවෙන් හා චීනයෙන් එන, ලාබ පැකේජ සංචාරකයින්ට වඩා, වැඩි වියදම් ශක්තියක් ඇති, eco-tourists, cultural tourists වැනි  සංචාරකයන් ගෙන්වාගත යුතුයි. මෙමගින් විශේෂයෙන්ම පුහුණු හා අර්ධ පුහුණු තරුණ තරුණියන් හට  රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිකල හැකියි.

6] Education - විදෙස් සිසුන් සඳහා, විශේෂයෙන්ම දකුණු ආසියාතිකරයේ, නැගෙනහිර ආසියාවේ හා අග්නිදිග ආසියාවේ රටවල සිසු-සිසුවියන්ට, ගුණාත්මක බවින් ඉහල එහෙත් අඩු පිරිවැය විදෙස් අධ්‍යාපනයක් ලබාදිය හැකියි. දැනටමත් බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල පාඨමාලා දේශීයව පවත්වමින් ඒ පිලිබඳව අත්දැකීම් සම්භාරයක් ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් ලංකාව තුල තිබෙනවා. ගුණාත්මක බවින් ඉහල උපාධි, පස්චාත් උපාධි හා ආචාර්ය උපාධි දිනාගත්, ඉගැන්වීමට දක්ශකම් ඇති අතිවිශාල පිරිසක් ලංකාව තුල සිටින බැවින් මෙම පාඨමාලා සඳහා ආචාර්ය මණ්ඩල සොයාගැනීමද එතරම් අපහසු නෑ.

කලයුත්තේ රජය විසින් නිවැරදි නියාමනයක් යටතේ ගුණාත්මක අධ්‍යාපන ආයතන වලට පමණක් මෙම කර්මාන්තය තුල ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමෙන් මෙම කර්මාණ්තය දියුණු කල හැකි අතර අතිවිශාල විදෙස් විණිමයක් ඒ හරහා උපයාගත හැකියි.

සාම්ප්‍රදායික නොවන කර්මාන්ත මගින් ඉදිරියට යෑම

ලංකාව වැනි කාර්මික අමුද්‍රව්‍ය හා විශාල වෙළඳපොලක් නොමැති, සාපේක්ශව නිශ්පාදන පිරිවැය ඉහල එහෙත් උගත්, දක්ශ ශ්‍රම බළකායක් සිටින රටකට පහල මැද ආදායම් උගුලෙන් මිදී, ඉහල ආදායම් රටක් බවට පත්විය හැක්කේ ඉහත පෙන්වාදුන් ආකාරයේ, සාම්ප්‍රදායික නොවන, ඉතා ඉහල එකතුකල අගයක් ඇති නිශ්පාදිත බිහිකල හැකි, අපනයනය කේන්ද්‍රකරගත් කර්මාණ්ත බිහිකිරීම සඳහා වැරවෑයම් කිරීමෙන්. මේ සඳහා රජයට කලහැකි කාර්යයන් බොහෝ වුවත් ඊට වඩා වැදගත් වන්නේ පෞද්ගලික ව්‍යවසායිකයින් අවදානමක් ගැනීමට ඉදිරිපත්වී මෙම කර්මාන්ත ආරම්භ කිරීමයි.


Wednesday, 10 June 2015

පැයට කිලෝමීටර් 7300ක වේගයෙන් යන අමෙරිකාවේ අලුත්ම ඔත්තුබලන ගුවන්යානය!


SR-71 Blackbird අද වන විටත් ලොව වේගවත්ම ගුවන්යානය ලෙස වාර්තාව සතුකරගෙන තියෙන්නේ 1960 ගණන්වලදී අමෙරිකාවේ ලොක්හීඩ් සමාගමට සේවය කල සුප්‍රකට ගගනවිද්‍යා ඉන්ජිනේරු කෙලී ජොන්සන් නිර්මාණය කල SR-71 Blackbird හෙවත් කළුකුරුල්ලා නම් අධිවේගී ඔත්තු බලන යානයයි.

එවක බලසම්පන්න සෝවියට් දේශය සමග සීතල යුද්ධය ලෙස නම් කල යුධබලය හා අභ්‍යවකාශ තරණය පිලිබඳ බල අරගලයක නිරතව්සිටි අමෙරිකාවට සෝවියට් දේශයේ යුධ බලය, යුධ කඳුවුරු හා මිසයිල ස්ථානගත කරතිබෙන ස්ථාන පිලිබඳව ඔත්තු බැලීම සඳහා යම් උපක්‍රමයක් ඕනෑ විය. අද මෙන් ඔත්තු බලන චන්ද්‍රිකා දියුණුව නොතිබූ ඒ කාලයේ මේසඳහා යොදගත හැකිව තිබූ එකම පිලියම වූයේ ඉතා ඉහලින් පියාසර කරන ඔත්තු බලන යානයක් සෝවියට් ගුවන් සීමාව තුලින් පියාසර කිරීමයි.

අධිබල ගුවන්යානා නාශක මිසයිල හා සෝවියට් ගුවන් සීමාවේ සෑම අඟලක්ම ආවරනය වනපරිදි රේඩාර් දැලකින් ආවරණය කොට තිබූ නිසා මෙලෙස ඔත්තුබලන යානා පියාසර කරවීම ඉතා අණතුරුදායක විය. S-71 බ්ලැක්බර්ඩ් යානය නිර්මානය වූයේ මෙම ගැටලුවට විසඳුමක් ලෙසයි. ශබ්දයේ වේගය මෙන් 3න් ගුණයක් එනම් පැයට කිලෝමීටර් 3600ක පමණ වේගයෙන් පියාසරකල බ්ලැක්බර්ඩ් යානය හඹාගොස් බිමහෙලීමට තරම් වේගවත් ගුවන් යානා නාශක මිසයිලයක් සෝවියට් දේශය සතුව නොතිබූ නිසා වසර ගණනාවක් කිසිදු බාධාවකින් තොරව සෝවියට් ගුවන්සීමාවේ සැරිසරමින් රිසිසේ ඔත්තු බැලීමට ඇමරිකන් කළු කුරුල්ලාට පුලුවන් වුනා.

සෝවියට් දේශයේ බිඳවැටීමත් චන්ද්‍රිකා තාක්ශණයේ නිම්වලලු පුලුල්වීමත් නිසා එක්සත් ජනපද ගුවන් හමුදාව හා සී.අයි.ඒ ඔත්තුසේවය ඒකාබද්ධව මෙහෙයවූ, අධික වියදම් සහිත බ්ලැක්බර්ඩ් ගුවන් ඔත්තුබැලීමේ ව්‍යාපෘතිය නතර කල අතර 1998දී බ්ලැක්බර්ඩ් යානා විශ්‍රාම ගැන්වූවා. 1960 ගණන්වල සිට 1998දී විශ්‍රාම යනතෙක් බ්ලැක්බර්ඩ් යානයේ ගුවන් වේග වාර්තා බිඳහෙලීමට සමත් යානයක් බිහිවූයේ නැති අතර අදටත් බ්ලැක්බර්ඩ් ගුවන්වේග වාර්තා නොබිඳී පවතිනවා.

චන්ද්‍රිකා හා නියමු රහිත ඔත්තුබැලීමේ යානා අදවනවිට අමෙරිකාවේ (මෙන්ම යුරෝපා රටවලත්) ප්‍රධාන ඔත්තුබැලීමේ උපක්‍රම වන නමුත් ඩ්‍රෝන යානා යොදාගෙන ඔත්තුබැලීමේ ඇති සීමාවන් දැන් මෙම රටවල් තේරුම් ගනිමින් සිටිනවා. ඉතා ඉහලින් පියාසර කලද, සෙමින් පියාසරකරන ඩ්‍රෝන යානා බිම හෙලිය හැකි ජංගම මිසයිල පද්ධති රුසියාව, චීනය වැනි රටවල් වලින් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම මෙම මිසයිල පද්ධති අල්ඛයිඩා, ISI, බොකෝ-හරාම් වැනි ත්‍රස්තකල්ලි අතරට පත්වෙමින් පවතින අතර, තාක්ශණික වශයෙන් එතරම් නොදියුණු ඉරාණය අමෙරිකාව සතු නවීන ස්ටෙල්ත් ඩ්‍රෝන යානයකට හැකර් ප්‍රහාරයක් එල්ල කොට එය සිය රටෙහි දේශසීමාව තුලට ගෙන්නා ගත්තේ දැන් වසර කිහිපයකට පෙරයි.

ඒ අනුව චන්ද්‍රිකාවලට ලබාදිය නොහැකි බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා කුඩා, මන්දවේගී ඩ්‍රෝනයානා මතම යැපීම අනතුරු දායක බව වටහාගත් අමෙරිකානු යුධ සැලසුම් කරුවන්, නවීන අධිවේගී මිසයිලවලට පවා බිමහෙලිය නොහැකි තරමේ සුපිරිවේගයක් සහිත යානයක් නිර්මාණය කරමින් සිටිනවා.

SR-72

SR-71 යානයේ අනුප්‍රාප්තිකයා ලෙස නිර්මාණය වන මෙය SR-72 ලෙස නම්කොට තිබෙනවා. කෙසේවෙතත් S-71ට වඩා බොහෝ වෙනස්කම් SR-72 යානය තුල දකින්නට ලැබෙනවා.

පලමු වෙනස නම් SR-71ට වඩා තුන් ගුණයක වේගයෙන් පියාසරකල හැකිවීමයි. එනම් පැයට කිලෝමීටර් 7300ක් නැතිනම් ශබ්දයේ වේගය මෙන් 6ගුණයක වේගයකින් මෙයට පියාසරකල හැකියි.

දෙවන වෙනස නම් මෙම යානය නියමු රහිත රොබෝ යානයක් වීමයි. SR-71 නියමුවන් තිදෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් මගින් පියාසරකල අතර SR-72 පියාසර කරවනු ඇත්තේ කෘතිම බුද්ධියෙන් සමන්විත රොබෝ නියමුවෙකු විසින්. ඒ අනුව SR-72 අධිවේගී ඩ්‍රෝනයානයක් වනවා.

තුන්වන වෙනස නම් SR-72 යානය ප්‍රහාරක හැකියාවන්ගෙන්ද යුතු යානයක් වීමයි. SR-71 යානයට කිසිදු ආකාරයක අවියක් නොතිබූ අතර එය තනිකරම ඔත්තුබැලීමේ යානයක් වුනා. එහෙත් SR-72 යානය ඔත්තු බැලීම මෙන්ම නිශ්චිත ඉලක්කවලට මිසයිල හා බෝම්බ ප්‍රහාර එල්ලකලහැකි යානයක් වෙන බව නිර්මාපකයින් පවසනවා.

සිවුවැනි වෙනස වන්නේ SR-72 යානයේ එන්ජිමයි. SR-71 යානය ශබ්දයේ වේගය ඉක්මවා යන සුපර්සොනික් යානයක්වූ අතර SR-72 යානය සුපර්සොනික් සීමාව ඉක්මවා හයිපර්සොනික් (මක් 5ට ඉහල ) වේගයකින් පියාඹනු ඇති. ඒ අනුව යානය මක් 6ක වේගයවෙත ගෙනයාම සඳහා අතිනවීන කම්බයින්ඩ්-සයිකල් (combined cycle) වර්ගයේ එන්ජිමක් නිර්මාණය වෙමින් තිබෙනවා. ක

ම්බයින්ඩ්-සයිකල් එන්ජිම හයිබ්‍රිඩ් වර්ගයේ ජෙට් එන්ජිමක් ලෙසද හඳුන්වන්න පුලුවන්. SR-72 සඳහා නිමැවෙන කම්බයින්ඩ්-සයිකල් එන්ජිම, ජෙට් එන්ජින් වර්ග තුනක මුහුවක් හෙවත් හයිබ්‍රිඩ් එකක්. එනම් එනම් මක් 1ට වඩා අඩු වේගයෙන් යනවිට සාමාන්‍ය ජෙට් එන්ජිමක් ලෙසත්, මක් 1 සිට මක් 3 දක්වා වේගය වැඩිකිරීමට සුපර්සොනික් රැම්-ජෙට් (supersonic ram-jet) එන්ජිමක් හා මක් 3 සිට මක් 6 දක්වා වේගය වැඩිකිරීමට හයිපර්සොනික් ස්ක්‍රැම්-ජෙට් (hypersonic scram-jet) එන්ජිමක් යන එන්ජින් වර්ග තුනක් එකම එන්ජිමක් තුල අන්තර්ගත කරමින් මෙම හයිබ්‍රිඩ් එන්ජිම නිමැවෙනවා.

එමෙන්ම මෙය යානය නිමැවීමේදී ජයගත යුතු තාක්ශණික අභියෝග රැසක් තිබෙනවා. යානය මක් 6ක වේගයෙන් යනවිට එහි මතුපිට-විශේෂයෙන්ම නාසය හා අත්තටු සෙන්ටිග්‍රේඩ් අංශක 1100ක් පමණ රත්වෙනු ඇති. මෙම අධික උශ්ණත්වය වානේ පවා උණුවන දැඩි උශ්ණත්වයක් වන අතර යානය මතුපිට පෘශ්ඨය මෙවැනි උශ්ණත්වයකට ඔරොත්තුදෙන, ශක්තියකින් යුතු කාබන්-සෙරැමික්-ටයිටේනියම් මිශ්‍රණයකින් යුතු carbon-composites වර්ගයට  අයිති නවතම ද්‍රව්‍යයක් වන බව වාර්තාවෙනවා.

මක් 6ක වැනි සුපිරි වේගයකින් යනවිට යානය කිලෝමීටරයක් ගමන්කිරීමට ගතකරන්නේ තත්පර 1කට අඩු කාළයක්. ඒ අනුව යානය නියමිත ඉලක්කවෙත පියාසරකර ගැනීමට අතිශයින්ම නිරවද්‍ය මගපෙන්වීමේ පද්ධති () තිබිය යුතු වනවා. යානයේ සුපිරි වේගය නිසාම එහි එල්ලය අංශක 1කින් හෝ වෙනස් වුවහොත් විනාඩි 5ක පියාසැරි කාලයකදී එහි ඉලක්කය කිලෝමීටර් 600ක පරාසයකින් මගහැරිය හැකියි. එමෙන්ම යානය හැරවීම සඳහා කිලෝමීටර් 100ක පමණ තිබිය යුතුවන්නේද අධික වේගය නිසාමයි.

එමෙන්ම පැයට කිලෝමීටර් 7000ක වේගයකින් යනවිට ඔත්තු බලන ඡායාරූප ගැනීම මෙන්ම ප්‍රහාර එල්ලකිරීම සඳහා මිසයිල මුදා හැරීම හෝ බෝම්බ මුදා හැරීමද අතිශයින්ම දුශකර වනු ඇති බව ගගනවිද්‍යා විශේෂඥයින් පවසනවා. එහෙත් මෙම යානය නිර්මාණය කරන ලොක්-හීඩ් සමාගම පවසන්නේ තමන් එම තාක්ශණික ගැටලු ජයගනිමින් සිටින බවයි.


Related Posts Plugin for WordPress, Blogger...