Related Posts Plugin for WordPress, Blogger...

Monday, 30 June 2014

ලීටරයකට කිලෝ මීටර 3330යි.. ඩොලර් 26ක තෙල්වලින් ලෝකෙ වටේ යන විස්මිත මෝටර් රථයක්..

ප‍්‍රංශ සිසුන් පිරිසක් විසින් ඉන්ධන පිරවුමකින් සමකය වටා දුරක් ගමන් කිරීමේ හැකියාව ඇති මෝටර් රථයක් නිපදවීමට සමත්ව ඇත.

මයිකෝජූල් නමින් හදුන්වන මෙම මෝටර් රථය කාබන් ෆයිබර් ආධාරයෙන් නිපදවූවකි. බර කිලෝ 35 ක් පමණ වන අතර ලන්ඩන් නගරයේ සිට මැන්චෙස්ටර් නගරය දක්වා කිලෝමීටර් 320ක් ගමන් කිරීමට ඊට වැය  වන්නේ ශත 2 ක් වැනි මුදලක් බව පවසති.

මෙම සැහැල්ලූ මෝටර් රථය ෂෙල් යුරෝපියන් එකෝ මැතරල් තරගාවලියේදී ජයග‍්‍රහණය ලැබූ ලොව වැඩිම ඉන්ධන කාර්්‍යක්ෂමතාවයක් ඇති මෝටර් රථය ලෙස හදුනාගෙන ඇත.

නෙදර්ලන්තයේදී පැවති මාර්ග පථ ඉසව්වක් වන රොටර්ඩෑම් තරගයේ අත්හදා බැලීමෙන් පසුව එහි විනිශ්චකරුවන් නිගමනහ කළේ ලීටරයකට කිලෝමීටර් 3330 ක් ගමන් කර ඇති බවයි. මෙය සමාන වන්නේ ඉන්ධන ගැලූමකින් කිලෝමීටර් 15100ක් ගමන් කළ හැකි බවටය.


ලොව වැඩිම දුර සැතපුම් 24910ක් පමණ ප‍්‍රමාණයක් ගමන්  කිරීමට වැය වන්නේ ඩොලර් 26ක් පමණක් බව ඔවුහු පෙන්වා දෙයි.  මෙම මයික්‍රොජොලී කාරය නිපදවූයේ ප‍්‍රංශයේ La Joliverie College විද්‍යාලයේ සිසුන් විසිනි. ඔවුහු කණ්ඩායම් 200 ක් පරදවා මෙම නිර්මාණයෙන් ජයග‍්‍රහණය කළහ.


‘මෙම කාරයට අන්තර් දහන එන්ජිමක් සවිකරලා තියෙනවා.  ඒවගේම මෙය ගමන් කිරීමට ඉතා අඩු ඉන්ධන ප‍්‍රමාණයක් අවශ්‍ය වන්නේ. මෙය කිලෝ 35 පමණ බරින් යුක්තයි.  මෙය සම්පූර්ණයෙන්ම නිපදවා තිබෙන්නේ කාබන් ෆයිබර් වලින්.  මෙමගින් කැප කරන්නේ ඉතා අඩු පෙරැලූම් සහ වායු ප‍්‍රතිරෝධීතාවක්’ යැයි මෙය නිර්මාණය කළ සිසුහු පැවසූහ.

හොග්ස්කූල් වෑන් ඇමැස්ටර්ඩෑම් විද්‍යාලයේ සිසුන් මාර්ග පථ ධාවනයේදී ඔවුන්ගේ රථයෙන් පැයට කිලෝවොට් 1 විද්‍යුතයක් වැය කර කිලෝමීටර් 428 ක් ධාවනය කිරීමේ වාර්ථාවක්ද පිහිටුවීය. ඔවුන් පවසන්නේ සමකය වටා ලොව වටා ගමන් කිරීම සදහා රථයට ඩොලර් 27ක පමණක් වැයවන බවය.

Friday, 27 June 2014

පාහියංගල වසර 48000ක් පැරණි බව තහවුරු වෙයි

Photo Credit : www.ada.lk

බුලත්සිංහල පාහියංගල ලෙනේ පැරණිතම පස්තට්ටුවේ කාලනිර්ණයන් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, ඒ අනුව එය අදින් වසර 48000-43000 අතර කාලයට අයත් බව නිර්ණය කර තිබේන බව අද පුවත්පත වාර්තා කරයි.

2012 වසරේ සිදුකළ කැණීම් වලින් පසුව මෙම පස් තට්ටුවේ කාබන් නියැඳි, කාලනිර්ණය සඳහා ඇමරිකාවේ බීටා ඇනලිසිස් ආයතනයට ලබා දී තිබේ.

අවුරුදු හතලිස්‌ දහසකට එපිටදී දඩකෙළි කළ බලංගොඩ මුත්තා

කෙසේ වුවද මෙම නව කාලනිර්ණයන්ට අනුව ලංකාවේ නවීන මානවයාගේ ජනාවාසකරණය අදින් වසර 50,000කට ආසන්න කාලයක් දක්වා ඈතට විහිදෙනබව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු ආසියාවේ මානව සංක්‍රමණ හා ජනාවාසකරණය පිළිබඳ අතිශය වැදගත් තොරතුරු එළි දකින බුලත්සිංහල පාහියංගල ලෙනේ පැරණිතම පස් තට්ටුවෙහි කාලනිර්ණයන් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලැබි ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේ සිදුකළ මෙම කැණිමේ පැරණිතම පස් තට්ටුවේ කාබන් නියැදි කාලනිර්ණය සඳහා ඇමරිකාවේ බීටා ආයතනයට ලබා දෙන ලදී. බීටා ඇනලිසිස් ආයතනයේ නව කාලනිර්ණයන්ට අනුව පාහියංගල ලෙනෙහි පැරණිතම පස් තට්ටුව අදින් වසර 48,000ත්-43,000ත් අතර කාලයට අයත්ය.

හෙළ කෘෂි ශිෂ්ටාචාරය ඇරඹීමට වසර දහස්ගණනකට පෙර හෝර්ටන් තැන්නේ වී වගාකල අපේ බලංගොඩ මී මුත්තෝ...

මීට පෙර සිදු කළ කැණිම් වලදී ලැබි තිබු මානව සාධක කාලනිර්ණයන් අදින් වසර 37,000 තෙක් ඈතට දිවෙයි. නව කාලනිර්ණයන්ට අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුල නවින මානවයාගේ ජනාවාසකරණය අදින් වසර 50,000කට ආසන්න කාලයක් තෙක් ඈතට විහිදෙන බවයි.

මෙම ස්ථානයේ 2012 වසරේ සිදුකළ කැණිමෙන් සම්පුර්ණ මානවයකුගේ ඇටසැකිල්ල අනාවරණය විය.බ්‍රිතාන්‍ය‍යේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් මෙම ඇටසැකිල්ලේ කාලනිර්ණයන් සිදුකළ අතර ඔවුන් පවසන පරිදි එය අදින් වසර 10,000-12,000ත් අතර කාලයට අයත් වේ.

මිට අමතරව මධ්‍ය ශිලා යුගයට අයත් ශිලා මෙවලම්,අස්ථි මෙවලම්,සත්ව අවශේෂ වැනි පැරණිතම පුරාවිද්‍යාත්මක සාධකද මෙම ස්ථිරවලින් සොයා ගැනිමට හැකිව ඇත.

පහියංගල ලෙනෙහි කැණිම් සඳහා සහාභාගි වු දේශිය විද්වතුන් මෙන්ම බ්‍රිතාන්‍යයේ ඔක්සෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල විද්වතුන්ගේ අදහස වන්නේ පාහියංගල ලෙන ශ්‍රී ලංකාව තුල නුතන මානවයාගේ ජනාවාසකරණය අවබෝධ කර ගැනීමට ඇති භුගත ලේඛනාගාරයක් බවයි.
Sources :

http://buddhistnews.lk/?p=2397
http://www.wijeya.lk/archives/3304

අයින්ස්ටයින්ටත් වැරදිලා !!!!



අයින්ස්ටයින්ගේ වරදක් 23 හැවිරිදි ශිෂ්‍යකු විසින් නිවැරදි කැර ඇතැයි අයින්ස්ටයින් සතුව තිබූ ලිපියක් මගින් හෙළිදරව් වී ඇත. භෞතික විද්‍යා විද්‍යාපති උපාධිය සඳහා සූදානම් වෙමින් සිටි හර්බට් සැල්සර් නමැති මේ සිසුවා අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ සමීකරණයක් නිවැරදි නොවන බව පෙන්වා දුන් බව මේ ලිපියෙන් පැහැදිලි වේ.

අයින්ස්ටයින් පළමුව මේ සිසුවාගේ මතය ආචාරසම්පන්නව ප්‍රතික්ෂේප කරමින් ඔහුට දීර්ඝ ලිපියකින් තම නිවැරදි බව දක්වා තිබේ. අයින්ස්ටයින් එම ලිපිය අවසන් කැර ඇත්තේ මා දැන් ඔබට පෙන්වන්නම් එම සමීකරණය ඇත්තෙන් ම ඔබ කියන ලද සමීකරණය නොවන බව පවසමිනි. ඔහු ලිපියේ අත්සන යොදා ඇත්තේ ඔබට ගෞරවයෙන් ඒ.අයින්ස්ටයින් යනුවෙනි.

ඉන් සති දෙකකට පසු සැල්සර්ට අයින්ස්ටයින් විසින් එවන ලද දෙවන ලිපියෙන් අයින්ස්ටයින් තමන් වරදක් කැර ඇති බව නිහතමානීව පිළිගෙන ඇත. 1938 සැප්තැම්බර් 13 වැනි දින ලියන ලද එම දෙවැනි ලිපියේ එම වරද තමන්ගේ බව ද ඔහු අයින්ස්ටයින් සඳහන් කැර තිබේ.

එම දෙවැනි ලිපියේ අයින්ස්ටයින් මෙසේ දක්වා තිබේ.

‘‘ පරිනාමයට ඇත්ත වශයෙන් අවශ්‍ය සාපේක්ෂතාවාදයේ සිද්ධාන්තයි. ඒ නිසා ඔබගේ රූපාන්තරණ සමීකරණය නිවැරදිය. මගේ එම සමීකරණ නිවැරදි නොවේ. මගේ පළමු ප්‍රකාශය නිවැරදි නොවේ. “

මේ ලිපි හුවමාරුව අදාල වන්නේ අයින්ස්ටයින්ගේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රෙය් සහ ගුරුත්වාකර්ශනයේ එන සමාන්තර වාදයේ සිද්ධාන්තයකටය.

අයින්ස්ටයින් මේ සිද්ධාන්තය සංවර්ධනය සඳහා වසර ගණනාක් තම කාලය මිඩංගු කළ අතර මේ කාර්යය 1931 දී අයින්ස්ටයින් විසින් අත්හැර දැමුවේ මෙම ක්ෂේත්‍ර දෙක පිළිබඳ තේරුම්කර දීමට ඔහුට නොහැකි වූ බැවිනි.

පසුකාලයේ දී අයින්ස්ටයින් ඒ ගැන හෙළිදරව්කරමින් පවසා ඇත්තේ සැල්සර් නමැති ඇමෙරිකානු සිසුවා තමන්ගේ සිද්ධාන්තය නිවැරදි කළ බවයි. පසුව සැල්සර් ගෞරව සම්ප්‍රයුක්ත භෞතික විද්‍යාඥයෙක් වූයේය. ඔහු කොලම්බියා සහ බ්රුක්ලන්ඩ් විශ්වවිද්‍යාලයන්හි දේශනවලට සහභාගී විය. එමෙන් ම ප්‍රකාශන 100 ට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධ කරන ලදී.

හර්බට් සැල්සර් 2006 දී මියගියේය. මියයන විට ඔහු 91 වැනි වියේ පසුවිය. සැල්සර් මිය යාමෙන් පසු ඥාතීන් අතට පත්වූ පසුගිය දා වෙන්දේසියකට ඉදිරිපත් කැරිණි. ජර්මානු භාෂාවෙන් අයින්ස්ටයින් විසින් ලියන ද ලිපියක් සහ සැල්සර්ට ලියන ලද මෙම ලිපියේ මුල් පිටපත වෙන්දේසියේ දී පවුම් 50,000 ට මිලකැර තිබේ.
ලොස් ඇන්ජලිස් හි උපත ලද්දකුවන මෙම නේදේසිකරු ජෝ මැඩලිනා පවසන්නේ මේ ලියුම් විශිෂ්ඨ ඒවා වනුයේ අයින්ස්ටයින් විසින් වයස 23ක භෞතික විද්‍යා සිසුවකුට තම වරද භාර ගනිමින් බැගෑපත්ව ඇති නිසා බවයි.

හර්බට් සැල්සර්






කාලය හරහා ගමන් කිරීමට සුදානම්..


භෞතික විද්‍යාවේ ඇති ඉතාමත් පරස්පර න්‍යායන් දෙකක් ලෙස සැලකෙන සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව එකිනෙක ගැලපෙන අවස්ථාවක් නිර්මාණය කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයන් පිරිසක් විසින් සමත්ව ඇතැයි වාර්තා වේ.

ඔවුන් මෙය සිදුකර ඇත්තේ ෆෝටෝන භාවිතයෙන් කාලය හරහා ගමන් කිරීම නිරූපණය කිරීම (simulation) මගිනි.  මින් පෙර පවසන ලද්දේ කළු කුහරයක් තුළදී පමණක් මෙම න්‍යායන් දෙක සමපාත වනු ඇති බවයි.

ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය තුළදී ග‍්‍රහලෝක සහ මන්දාකිණි වැනි දැවැන්ත වස්තූන්ගේ හැසිරීම පිළිබඳ පුරෝකථන සපයන අතර ඊට සපුරා වෙනස් ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවේදී අප ලෝකය එහි අණුක අවස්ථාවේදී හැසිරීම අධ්‍යනය කරනු ලබයි.

අවකාශය සහ කාලය පිළිබඳ සාමාන්‍ය නීති එම අවස්ථාවේදී වෙනස් වන බව පැවසේ.

පර්යේෂණය සඳහා ක්වොන්ටම් අංශූන් ලෙස ෆෝටෝනයක් හෙවත් ආලෝක අංශුවක් භාවිතා කර ඇති අතර එම අංශුව පණු සිදුරක් තුළින් කාලය හරහා ආපසු ගමන් කර පෙර පිහිටුමට ආපසු පැමිණීම නිරූපණය කිරීමට පර්යේෂකයන් පිරිස සමත්වී ඇත.

භෞතික විද්‍යා මහාචාර්ය ටිම් රැල්ෆ් පවසා ඇත්තේ කාලය හරහා ගමන් කිරීම නිරූපණය කිරීම සඳහා දෙවන ෆෝටෝනයක්ද යොදාගත් බවයි. කාලය හරහා ආපසු ගමන් කළ හැකි බවත් එය පැවති පිහිටුමට ආපසු පැමිණිය හැකි බවත් අයින්ස්ටයින් විසින් පවසා තිබේ.

Source : http://lankacnews.com/sinhala/foreign-news/118073/

මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනී


Photo Credit : දිවයින


අනුරාධුර ඡේතවනාරාම භූමියෙන් මෙතෙක්‌ අනුරාධපුරයෙන් හමු වී නොමැති ආකාරයේ ඉපැරැණි 'ස්‌වස්‌ථතා ක්‍රමවේද' (වැසිකිළි කැසිකිළි) පද්ධතියක්‌ හමු වී ඇත.

පොළොව පිහිටි මට්‌ටමේ සිට සෙන්ටි මීටර් හතළිහක (40 cm) ගැඹුරින් මීටර් පහළොවක්‌ (15 m) දිග මැටි නළ මාර්ග පද්ධතියකින්ද එය සමන්විත බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අනුරාධපුර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පවසයි. මෙතෙක්‌ අනුරාධපුරයෙන් හමු වූ අංග සම්පූර්ණ සහ විශාලම වැසිකිළි කැසිකිළි පද්ධතිය මෙය බව ද කියයි.

මීට පෙර අනුරාධපුරයේ කැණීම්වලදී මෙවැනි වැසිකිළි කැසිකිළි පද්ධති ස්‌ථාන දෙකකදී හමුවුවත් ඒවා වළවල් බව ද කියති. නමුත් මෙවර හමු වී ඇත්තේ නළ මාර්ග පද්ධතියක්‌ සහිතව බව ද කියති. එය සුවිශේෂී සේදුම් ගලකින් ද යුක්‌තය.

මේ පද්ධතිය ආශ්‍රිතව ආරක්‍ෂිත බැමි දෙකක්‌ බැඳ ඇති අතර, ඒ සඳහා ද මනාව සැකසූ ගඩොල් යොදා ඇති බව ද කියයි. නළ මාර්ගය සඳහා මැටියෙන් පදම් කර පිළිස්‌සූ නළ යොදා ඇති බව ද දක්‌නට ඇත. කෙසේ වෙතත් අවධීන් දෙකක තාක්‍ෂණය ද මේ සමඟ සොයාගෙන ඇති බව ද කියති.

ජේතවනාරාම ව්‍යාපෘති කළමනාකාර එච්. එම්. බී. හේරත්, කැණීම් භාර නිලධාරිනී ශ්‍යාමලී ගුණරත්න, පර්යේෂණ නිලධාරීන් වන තුෂාර සේනාරත්න, චන්දන විඡේසිංහ යන මහත්ම මහත්මීහු තවදුරටත් මෙහි කැණීම්වල නිරතව සිටිති.

Source : http://www.divaina.com/2014/06/27/news12.html

Monday, 23 June 2014

MH370 නියමුවාගේ පරිගණකයේ ෆ්ලයිට් සිමියුලේටර් පියාසැරි ක්‍රීඩාවේ මකා දැමුනු දත්ත යලි සැකසේ... නියමුවා ඈත ඉන්දියානු සාගරයට ඉහලින් පියාසර කිරීම හා කුඩා දූපත්වල ඇති කෙටි ධාවන පථවලට ගොඩ බැස්සවීමට පුහුණුවී පසුව ඒ දත්ත මකාදමලා!!


මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා සිට ආගිය අතක් නොමැති මලයාසියා එම්.එච්.370 අංක දරන ගුවන්යානය සම්බන්ධයෙන් සිදුකෙරෙන නවතම පරීක්ෂණ අනුව එහි ප‍්‍රධාන නියමුවා වූ සහාරි ෂා වෙත මලයාසියාවේ බළධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.
මුල සිටම යානයේ ප‍්‍රධාන නියමුවා වෙත සැක එල්ලවී තිබිණි. ඔහුගේ නිවසේ තිබූ ගුවන්යානා පැදවීම පුහුණු කරවන flight simulator මෙවලමක් පරීක්ෂණයින්ගේ අවධානය දිනාගැනීමට සමත්විය.

එහි ගුවන්යානා පැදවීම,ගොඩබැස්වීම ආදී ගුවන්යානා පැදවීමේ ක්ෂේත‍්‍රය හා සම්බන්ධ සියලූම දෑ අන්තර්ගත  වී තිබිණි. එම තොරතුරු වලට අනුව ඉන්දියන් සාගරයේ ඇතැම් දුෂ්කර ගුවන්යානා පථ වලට ඔහු නිරතුරුවම යානා ගොඩබස්වා ඇති බවද අනාවරණය විය.

මැලේසියන් යානාව අතුරුදහන් වූයේ කළු මෙහෙයුමකින්? සිදුවූ දේ අමෙරිකාව දන්නවා??

එහි වූ ඇතැම් දත්ත ඔහු එම්.එච්.370 යානයේ පියාසැරියට පෙර මකා දැමිමට කටයුතු කර තිබුණේයැයි පැවසුණු අතර දැන් එකී දත්තයන් යළි ලබාගැනීමට පරික්ෂකයින්ට හැකිවී ඇතැයිද සඳහන් වෙයි.
ගුවන්යානයේ සිටි සියලූම දෙනාගේ පෞද්ගලික තොරතුරු වෙන් වෙන් වශයෙන් සොයාබැලීමටද පරීක්ෂකයින් කටයුතු කර ඇත.ඔවුන් සියලූදෙනා තමන්ගේ අනාගතයේ අරමුණු සම්බන්ධයෙන් කිසියම් හෝ සදහනක් කර තිබී ඇති අතර ප‍්‍රධාන නියමුවා වූ සහාරි ෂා පමණක් එවැනි කිසිවක් හෝ තමන්ගේ පෞද්ගලික තොරතුරු හෝ කිසිවක් කිසිතැනක හෝ සදහනක් කර තොතිබීමද යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු කෙරේ පරීක්ෂකයින්ගේ වූ සැකය තවදුරටත් තීව‍්‍ර කිරීමට සමත්ව තිබේ.

සහාරී ශා සිය සිමියුලේටරය ආධාරයෙන් පුහුණුවීම් කල, ඈත ඉන්දියන් සාගරය ඉහලින් ඔහු සිමියුලේටරය පැදවූ ගුවන්ගමන් මාර්ග දැන් පර්යේෂකයින් සතු නිසා ඔවුන් සිය අවධානය එම සාගර ප්‍රදේශ යොමුකොට ඇත. ඒ අනුව චීන හා වෙනත් රටවල නෞකා එම ප්‍රදේශයේ මුහුදු පතුල නිරීක්ශණය කිරීම අරඹා ඇත.

ඔහු තම බිරිද හා දරුවන්ගෙන් වෙන්වී වාසය කිරීමද ඔහු කෙරේ බලධාරීන්ගේ අවධානය යොමුවීමට බලපා ඇති තවත් හේතූය. කෙසේ වුවත් සහාරි ෂා ගුවන්යානයේ අතුරදන්වීම සම්බන්ධයෙන් කිසිසේත් වගකිව යුතු නොවන්නේයැයි පවසමින් ඔහුව ආරක්ෂා කිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයෝ එක්ව සිටිති. එසේයැයි කියා ඔහු හා යානයේ අතුරන්වීම අතර සම්බන්ධයක් ඇතැයි යන මතය පරීක්ෂකයෝ බැහැර කර ඇති බවක් පෙනෙන්නට නැත.

සහාරි ෂා මැලේසියා විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රාහිම්ගේ ප‍්‍රබල ආධාකරුවෙකැයි යානය අතුරුදන්වූ මුල් කාලයේම සොයාගැනීමට පරීක්ෂකයෝ සමත්වූහ.එදවස එයට වැඩි සැළකිල්ලක් නොලැබුණත් දිගින් දිගටම සිදුකෙරුණු පරීක්ෂණ කටයුතු වලින් අනාවරණයව ඇත්තේ අන්වර් ඊබ‍්‍රාහිම්ට එල්ල වුනු අපහාසයන් සම්බන්ධයෙන් සහාරි සිට ඇත්තේ දැඩි කණස්සල්ලෙන් බවයි.අවසානයේ අන්වර් සිරගත කෙරුණු අතර එම සිරගත කිරීමට පූර්වයෙන් පැවැත්වුණු නඩු විභාගයටත් සහාරි ෂා සහභාගී වි සිට ඇති බවද පරීක්ෂකයෝ දැන් පවසති.

ඔහු නඩු විභාගය අවසාන වීමට ප‍්‍රථමයෙන් පිටව ගොස් තිබෙන අතර ඒ එම්.එච් 370 යානයේ රාජකාරී ඔහුට පැවරී තිබුණු බැවින්ය. ගුවන්ගත වීමට ප‍්‍රථමයෙන් ඔහු අන්වර් සිරගත කර ඇතැයි යන පුවත නොඅනුමානවම අසන්නට ඇතැයිද එය සහතික වශයෙන්ම ඔහුට දැඩි කම්පනයක් වන්නට ඇතැයිද පරීක්ෂකයෝ මත පළ කරති.

මේ සියල්ල එක්ව ගත්කළ ගුවන්යානයේ අතුරුදන්වීම යානයේ ප‍්‍රධාන නියමු තැනගේ කි‍්‍රයාවක් නිසා සිදුවන්නට ඇතැයි යන මතයද බැහැර කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. මෙසේයැයි කියා නතර නොවී ගුවන්යානය අතුරදන්වීමට තුඩු දිය හැකිව තිබුණු වෙනත් කරුණු සම්බන්ධයෙන්ද ඔවුහු පරීක්ෂණ පවත්වමින් සිටිති. යානය කඩාවැටී ඇතැයි සැළකුණු මුහුදු ප‍්‍රදේශයන් කිහිපයකම මෙහෙයුම් කටයුතු සිදුකෙරුණු අතර ඒ එකකින්වත් කිසිදු ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

අලූත්ම සැළැස්ම වන්නේ මුහුදු පතුල පරීක්ෂා කිරීමට සෝනාර් පරීක්ෂාවක් සිදුකිරීම වන අතර ඉන් වර්ග සැතපුම් 21600 ක මුහුදු ප‍්‍රදේශයක් ආවරණය කෙරෙනු ඇතැයි සදහන්ය.

යානය සොයා සිදුකෙරෙන මෙහෙයුම් වලට මැලේසියාව,ඕස්ටේ‍්‍රලියාව,ඇමරිකාව,චීනය,ජපානය, බි‍්‍රතාන්‍යය,දකුණු කොරියාව හා නවසීලන්තය යන රටවල් එක්ව සිටිති.

Source: http://www.lankadeepa.lk/index.php/articles/244518

Sunday, 22 June 2014

නාසා ආයතනය පිටසක්‌වල ජීවය ගැන තොරතුරු වසන් කරයි? විශ්‍රාම ගිය නාසා විද්‍යාඥයෙකුගෙන් ප්‍රභල චෝදනාවක්!!


විශ්වය පුදුමය දනවන සුළුය. ඒ පිළිබඳව සෙවීමට මිනිසා තුළ උපන් කුහුල මිනිසා ලොව පහළවුදා සිටම පැවතිනි. ඒ කුහුල තවමත් නොමැරී පවතී. මේ පිළිබඳව මහා තොරතුරු ගවේෂණයක යෙදෙන ප්‍රධානම ආයතනය ඇමරිකාවේ නාසා ආයතනයයි.

"නාසා ආයතනය සත්‍ය සඟවනවා." මේ කථිකාවට ද ඉතිහාසයක්‌ තිබේ. ඒ විවේචනය ආරම්භ කරන්නේ අන් කවරෙක්‌වත් නොව නාසා ආයතනයේ සේවය කළ පිරිස්‌මය. වසර 46 ක්‌ නාසා ආයතනයේ සේවය කරමින් වසරේ හොඳම නව සොයා ගැනීම් කරමින් පේටන්ට්‌ 12 ක්‌ ලබා ගත් කීර්තිමත් විද්‍යාඥයා මේ චෝදනා කරන අය අතර ඉදිරියෙන්ම සිටී. නාසා ආයතනයේ වැඩිම පේටන්ට්‌ හිමිකරුවා වූත්, 1992 වසරේ නාසා ආයතනයේ විශිෂ්ටතම විද්‍යාඥයා බවට පත්වූත් මේ කීර්තිමත් විද්‍යාඥයා මහාචාර්ය රිචඩ් ඩි. හුවර්ය.

ඔහු පසුගියදා ඇරිසෝනාවල පැවති පිටසක්‌වල යානා පිළිබඳව සොයා බලන වාර්ෂික සම`ඵවකදී (International ufo congress @ Arizona) මෙම අභියෝගය නාසා ආයතනයට එල්ල කළේය. ඒ පිළිබඳ ඕනෑම මොහොතකදී ඕනෑම ස්‌ථානයකදී කරුණු දැක්‌වීමට තමා සූදානම් බවද හේ රූපවාහිනි සාකච්ජාවකට සහභාගි වෙමින් පැවසීය.
Prof. Richard B Hoover

1976 වයිකිං යානය මගින් ලබා ගත් ඡායාරූපයකින් අ`ගහරු ග්‍රහයාගේ උත්තර ධ්‍රැවයේ අයිස්‌ තිබෙන බව ආචාර්ය හුවර් විසින් සොයා ගන්නා ලදී. එලෙසම ඔහු පෘථිවියේ ඇන්ටාටිකා මහාද්විපයට ගොස්‌ මහත් දුෂ්කරතා ඔස්‌සේ අයිස්‌ තට්‌ටු යට ජලය පරීක්‌ෂා කිරීමෙන් පසු සුවිශේෂී බැක්‌ටිරියාවක්‌ සොයා ගන්නා ලදී. එම බැක්‌ටිරියා වටේට සෛල බිත්තියක්‌ ඇති බවත් එමගින් එම බැක්‌ටිරියාවට අයිස්‌ ජලය බවට පත් කළ හැකි උෂ්ණත්වය පාලනය කළ හැකි බවත් මහාචාර්ය හුවර් විසින් අනාවරණය කර ගන්නා ලදී. අඟහරු ග්‍රහයාගේද මේ හා සමානව අයිස්‌ තිබෙන බවත්, ඒ තුළ ජීවීන් සිටින බවත් මහාචාර්ය හුවර් ජායාරූප ඇසුරෙන් සොයා ගත්තේය. නමුත් නාසා ආයතනය මේ බව පිළිනොගත්තේය. අනතුරුව අඟහරු පොසිල පරීක්‌ෂා කිරීමට ඔහුට ඉඩ නුදුන්නේය. නාසා ආයතනය අඟහරු ලෝකයේ ජීවය තිබෙන බව වසන් කරන්නට වුයේය.

2004 ජනවාරි මාසයේදී නාසා මධ්‍යස්‌ථානය මගින් අඟහරු ග්‍රහයා වෙත යෑවුණු ඔපචෝනිටි රෝවර් යානයෙන් පෘථිවියේ ජීව පොසිල ශාකවලට සමාන ජීවි ශාක පොසිලයක්‌ (CRINOID FOSSIL) සොයා ගන්නා ලදී. එහි ඡායාරූප ලබා ගත් සැනින් එම රෝවර් යානාව ලවාම එම පොසිලය විනාශ කරමින් පැය කිහිපයකින් දූවිලි බවට පත් කරන්නට නාසා ආයතනයේ බලධාරීන් කටයුතු කර තිබූ බව මහාචාර්ය හුවර් පැවසුවේය.

1976 දී මහාචාර්ය ගිල්බට්‌ ලෙවින් ද අඟහරු ලෝකයේ ජීවය තිබෙන බවද සොයා ගන්නා ලදී. නාසා ආයතනයෙන් කළ පළමු මෙහෙයුමෙන් ප්‍රථම වතාවට අඟහරු ග්‍රහයා වෙත වයිකිං යානාවක්‌ 1976 දී යවන ලදී. එමගින් අඟහරු ග්‍රහයාගෙන් ගෙනෙන ලද පස්‌ සාම්පල සුප් එකක්‌ බඳු ඝන කෘතිම මාධ්‍යයක්‌ තුලට (AGAR) ඇතුළු කිරීමෙන් එම පස්‌ වල ක්‍ෂුද්‍ර ජීවීන් සිටිනවාදැයි පරීක්‌ෂා කරන්නට වුවේය. එහිදී පෝෂණ තත්ත්වය වැඩි වන්නට වු බව පැහැදිලිවම දැක ගන්නට ලැබුණී. එයට හේතුව වුවේ එම පස්‌වල ක්‍ෂුද්‍ර ජීවී කොටස්‌ මුසුව තිබීමය.

මහාචාර්ය ගිල්බට්‌ ලෙවින් කළ අනාවරණය නාසා ආයතනය බැහැර කළේය. 2013 වසරේදී නාසා ආයතනයෙන් රෝවර් යානය මගින් ලබා ගත් අඟහරු ග්‍රහයාගේ ජායාරූපයක ඇල්ගී තිබෙන බව දුටු මහාචාර්ය ගිල්බට්‌ ලෙවින් තම මතය ගැන නැවතත් හ`ඩ අවදි කළේය.

"එදා මම අඟහරු ග්‍රහයාගේ පස්‌ සාම්පල් තුළ ජීවය මුසුවී තිබෙන බව ප්‍රකාශ කළත් එය වසන් කළා. අද ඔවුන් නිකුත් කළ ඡායාරූපයෙන් මෙම ඇල්ගී කොටස්‌ තිබීමෙන් මගේ මතය තහවුරු වෙනවා" ඔහු කියා තිබිණි. ඇමරිකාවේ ඇති තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ මහජනතාවට සත්‍ය දැන ගැනීමේ ඇති අයිතිය වෙනුවෙන් නාසා ආයතනයට ගිල්බට්‌ ලෙවින් ලිපියක්‌ ඉදිරිපත් කළේය. නාසා ආයතනයේ බලධාරීහු මුනිවත රැක්‌කහ.

පිටසක්‌වල ජීවය පිළිබඳ තොරතුරු වසන් කිරීම සම්බන්ධව නාසා ආයතනය චෝදනා ලැබුවේ කලක සිටය. පිටසක්‌වල ජීවීන් පිළිබඳ තොරතුරු වසන් කිරීම ගැන පැනනැගුණ ලොකුම චෝදනාව 1947 දී පැන නගින්නේය. එය රොස්‌වෙල්ත් සිද්ධිය ලෙස ප්‍රකට වුයේය. 1947 ජුලි 08 වනදින දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානයට බෝම්බ දැමූ 509 වැනි හමුදා අනු ඛණ්‌ඩය සිටින ස්‌ථානයට නුදුරින් පියාඹන පිරිසි දෙකක්‌ කඩා වැටෙනු බවත් ගුවන් හමුදා කඳවුර භාර මේජර් ජෙසි මාර්ෂල් එහි ගොස්‌ එය නිරීක්‌ෂණය කළ බවත් එහි තමුන් කිසි දිනක නුදුටු දේ දුටු බවත් තිස්‌ වසරකට පසුව හෙළි කළේය. ජෙසි මාර්ෂල්ගේ හෘද සාක්‌ෂිය වසර 30 කට පසු අවදි වෙද්දී නාසා ආයතන නිරුත්තර විය. 

පෙන්ටගනය භාර ඉහළම බුද්ධි නිලධාරිවරයා වු කර්නල් පිලිප් කෝර්ෂෝ 1947 මෙම රොස්‌වෙල්ත් සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ කිරීමට පත් කරන නිලධාරිවරයාය. 1994 දී හෙතෙම කළ හෙළිදරව්වෙන් වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන්නට වුවේය. ඇමරිකාව පිටසක්‌වල ජීවි තාක්‌ෂණය පසුගිය දශක 04 තුළදී ලබා ගත්තා බව ඔහු අනාවරණය කළේය. ඒ පිළිබඳය හෙතෙම ග්‍රන්ථයක්‌ද පළ කරනු ලැබුවේය. 

කීර්තිමත් ශ්‍රී ලාංකික තාරකා ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහ පසුගිය වෙසක්‌ දින ලන්ඩන් බෞද්ධ විහාරයේදී දේශනයක්‌ කරමින් පවසා සිටියේ පිටසක්‌වල ජීවීන්ට තෙරුවන් ගුණ ගායනා කරන දිනය ළ`ගදීම උදාවන බවය. අරලගංවිල ටිකිරි බංඩා මහතාගේ කුඹුරට කඩා වැටුන උල්කාපාත කැබලිවල පිටසක්‌වල ජීවීන් සිටින බව සොයා ගනු ලැබුවේ මහාචාර්ය වික්‍රමසිංහය. ඔහුද නාසා ආයතනයේ පිටසක්‌වල ජීවින් පිළිබඳ තොරතුරු වසන් කිරීමට එරෙහිව අදහස්‌ පළ කරන්නෙකි. 

මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහ, මහාචාර්ය රිචඩ් ඩි හුවර් වැන්නවුන් සමගින් සම්බන්ධව සිටින ස්‌වාධීන තාරකා ජීව විද්‍යා ගවේෂකයෙකු වන කීර්ති වික්‍රමරත්න මේ පිළිබඳව අදහස්‌ දක්‌වනු ලැබුවේය.

නාසා ආයතනය සත්‍ය සැ`ගවීම පිළිබඳව මෙසේ හෙළිදරව් කරන්නේ එම ආයතනයේ සේවය කළ අයයි. මහාචාර්ය රිචඩ් ඩී. හුවර් වසර 46 ක්‌ නාසා ආයතනයේ සේවය කළා. මහාචාර්ය ගිල්බට්‌ ලෙවින්ද එවැනි අයෙක්‌. පෙන්ටගනයේ ඉහළම බුද්ධි නිලධාරිවරයා වු රෝස්‌වෙල්ත් හා පිටසක්‌වල ජීවීන් පිළිබඳව වැදගත්ම පරීක්‌ෂණ කළ බව කියන කර්නල් පිලිප් කෝර්ෂෝ, ජෙසි මාර්ෂල් ඇතුළු පිරිස කියන්නේ පිටසක්‌වල ජීවය පිළිබඳ තොරතුරු නාසා ආයතනය විසින් නවත්වන බවයි."

මේ සැඟවීමේ හේතුව කුමක්‌ද? මේ යථාර්ථයට මේ තරම් බිය වන්නට හේතුව කුමක්‌ද? එයට පිළිතුර හෙටට ඉතිරිව ඇත. 

Source : http://www.divaina.com/2014/06/22/nimna03.html



















Monday, 16 June 2014

ප්‍රාග් ඓතිහාසික ලන්ඩනය


පුරාවිද්‍යාඥයින් මින් පෙර කල සොයාගැනීම අනුව ලන්ඩනයේ ඉතිහාසය රෝම ආක්‍රමණත් සමග ආරම්භ විය. එහෙත් මෙම මතය වෙනස්වී පුරා ශිලායුගයේ පවා ලන්ඩනය ජනාවාස වී තිබූ බව තහවුරු වී ඇත.  ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් නටබුන් මගින් ආදි ලෙන් වැසියන්ගේ රූපාකාරය සොයාගෙන ඇත්තේ දකුණු  ලංඩනයේ වොක්සෝල් හි නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම් බිමේදීය.


මෙම වැඩබිමෙන් සොයාගත් පුරා ශීලායුගයේ [Palaeolithic] ගිනිගල් මෙවලම් ක්‍රිස්තු පූර්ව 700,000 සහ ක්‍රිස්තු පූර්ව 10,000 අතර බව පෙනීගොස් තිබේ. ඒ අනුව මෙය මෙතෙක් ලන්ඩනයෙන් හමුවූ පැරණිත ම මානව සාධක ද විය හැකියැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.

මෙම ස්ථානයෙන් හමුවු අනෙක් වස්තූන් නම් ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් මසුන් අල්ලන උගුලකි. මෙය සාමානයෙන් අඩි 39 ක් එනම් මීටර් 12 ක් දිගින් යුක්තය. ආදි මිනිසුන් සිය වාසස්ථානවල ගින්දර භාවිතා කිරීම සම්බන්ධයෙන් හොඳම සාක්ෂි එහි දක්නට ලැබෙයි. ඒ සමග ඇති පසෙහි දැවීගිය අළු සහ පිලිස්සුනු අස්ථි තිබී ඇත.

මෙම පුරාවස්තූන් ලංඩන් වලින් හමුවූ පැරණිම ඒවා විය හැකි බව ලංඩන් හි පුරාවිද්‍යා කෞතුකාගාරයේ ජෙෂ්ඨ පුරාවිද්‍යාඥ ආචාර්ය කාසියා ඔල්චොවුස්කා පවසන්නීය.

මෙම සාක්ෂි තේමිස් නදිය අසබඩින් හමුවූ අනෙක්  ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සැකිලි සමග අදාල වේදැයි බැලීමට කැමැත්තක් දක්වන බව ද ඇය පැවසුවාය. මෙ මගින් දැනට  වඩා වැඩි ප්‍රමාණයක ප්‍රාග් ඵෙතිහාසික යුගයේ භූ දර්ශණය බලාපොරොත්තු  විය හැකි බව සහ ගොඩනැගිය හැකි වන බවද ඔලචොවුස්කාගේ අදහසයි.

විශේෂඥයින් විසින් මෙම පුරා වස්තූන් විශ්ලේෂණය කර ඒවා අයිති නිවැරදි කාල වකවානු නිර්ණය කර ලංඩන් හි වසර 12,000 කට ප්‍රථම ජන ජීවිතය ගැන අදහසක් ගත හැකි වන බව ආචාර්ය ඔල්චොවුස්කා පැවසුවාය.

Source: http://www.lankadeepa.lk/index.php/articles/240988



නිරන්තරයෙන් ලෙඩ දෙන අලුත්ම අලුත් ජගුවර් කාරය බූරුවන් ලවා ඇදගෙන යන ඉන්දියානු ධනපතියා



පවුම් 53,000 ක් (රුපියල් 11,713,000) ගෙවා මිලදී ගත් ජගුවර් වර්ගයේ සුපිරි මෝටර් රථය නොනවත්වාම ‘‘ලෙඩ‘‘ දීම නිසා අලූත්වැඩියා කරමින් කාලය කා දමනවාට වඩා බූරුවන් එය ඇදගෙන යන ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේ සිටී.

රාහුල් තක්රියම් නම් වන මේ ව්‍යාපාරිකයා තම සිහින මෝටර් රථය වුණු මේ ජගුවර් මෝටර් රිය මිලදී ගෙන ඇත්තේ මෑතකදීය.මිලදී ගත් දිනයේ පටන් ගරාජ ගානේ යනවා විනා තමන් කළ අන් දෙයක් නැතැයි ඔහු කියයි.
‘‘ගෙනල්ලා දවස් කිහිපයකින් විදුලි පහන් වැඩ කරන්නේ නැතිව ගියා.ගිහිල්ලා හදන් ආවා.ආයේ ටික දවසකින් ඉස්සරහා බම්පරය කඩා වැටුණා.ආයේ හදන්න ගියා.ඊළගට පණ ගැන්වෙන්නේ නැතිව ගියා,ඔය විදිහට දවසින් දවසට එක එක ලෙඩ.‘‘ ඔහු පවසයි.

‘‘මගේ පවුලේ අය කියනවා  ඕක ගත්තට වඩා හොදයි බූරු කරත්තයක් ගත්තා නම් කියලා.ඉතින් මමත් කල්පනා කළා කාරයෙන් වැඩක් ගන්නත් බැරි එකේ ඒකට බූරුවන් හරි දාලා ඇදගෙන යනවා කියලා‘‘

‘‘ජගුවර් කරත්තය‘‘ ගැන ඇසූ ඉන්දියාවේ ජගුවර් මෝටර් රථ සමාගමේ නියෝජිතයින් ගැටලූව විසදා දීමේ අරමුණින් රාහුල් හා සාකච්ඡා පවතවමින් සිටින්නේයැයි සදහන්ය.

Source: http://www.lankadeepa.lk/index.php/articles/241748




රාත්‍රියට පෙනුම ලබාදෙන ස්පර්ෂ කාච | Night Vision Contact Lenses


සුපිරි යුධ බළඇණි නිර්මාණය කිරීමේ පෙන්ටගන සැළසුම් පිලිබඳව අප විටින්විට ඔබ වෙත පිලිගන්වා ඇත. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඩාර්පා නම් යුධමය පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් වන අධිතාක්ශණික සමාගම් හා අමෙරිකාවේ නමගිය විශ්වවිද්‍යාලයි. පෙන්ටගනයෙන් ලැබෙන අලුත්ම වාර්තාවලට අනුව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් දෙපලක්, ග්‍රැෆීන් නම් සුපිරිසිදු කාබන් සංයුතිය අඩංගු ද්‍රව්‍යයකින් ඉතා තුනී, පාරදෘශ්‍ය [transparent], අධෝරක්ත ආලෝකයට සංවේදී සිවියක් නිර්මාණය කොට ඇත.

අධෝරක්ත ආලෝකයට සංවේද ග්‍රැෆීන් පටකයට එම ආලෝකය උරාගෙන එය විද්‍යුත් සංඥා බවට හැරවිය හැකිබවද අනාවරණය වී තිබේ. එනම් ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරය දෘශ්‍ය ආලෝකය ඩිජිටල් සංඥා බවට හරවන ආකාරයට මෙම ග්‍රැෆීන් පටකය අධෝරක්ත ආලෝකයට සංවේදීවී එම අධෝරක්ත තරංග විද්‍යුත් සංඥා බවට හරවයි.

පාරදෘෂ්‍ය බැවින් මෙම ග්‍රැෆීන් පටක ඉතා පහසුවෙන් ස්පර්ෂ කාච නැතිනම් සිවිකාච බවට පරිවර්තනය කල හැකිබව මෙම සොයාගැනීම සිදුකල විද්‍යාඥයින් දෙපොල පවසයි. ඒ අනුව නුදුරු අනාගතයේදී යුධ සෙබලුන් හට, රාත්‍රී පෙනුම ලබාදෙන නයිට් විෂන් උපකරණ වෙනුවට දැසේ දවටාගෙන යා හැකි නයිට් විෂන් සිවිකාච ලැබෙණු ඇත.



Saturday, 7 June 2014

Live . Die . Repeat | වසරේ ත්‍රාසජනකම පිටසක්වල ආක්‍රමණය | The Edege of Tomorrow


නුදුරු අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයකින් චිත්‍රපටය ආරම්භවේ. "මිමික්" ලෙස හඳුන්වන මෙම පිටසක්වලයින් බඹරුන් මෙන් රොදබඳිමින් ලොව පුරා සියලු මිනිස් හමුදා සමග නිර්දය ලෙස සටන්වදී. සුපිරි තාක්ශණයත්, නිර්දය, කෲර සටන්විලාශයත් නිසා කිසිදු මිනිස් හමුදාවකට ඔවුන්හා සටනින් ජය නොලැබේ. සටන වසර පහක් තිස්සේ ඇදී යන අතර නේටෝ සංවිධානය පිටසක්වලයින් හා සටන් වැදීමට සියලු නේටෝ සාමාජික රටවල හමුදාවන් එක්කොට  United Defense Forces (UDF) යනුවෙන් ඒකාබද්ධ හමුදාවක් පිහිටුවයි.

මේ වනවිට පිටසක්වලයින් යුරෝපය පුරාවටම බලය තහවුරු කරගෙන සිටී. කෙසේ වෙතත් එක්සත් නේටෝ හමුදාව නවතම යාන්ත්‍රික පිටසැකිලි තාක්ශණයක් (mechanized exoskeleton) සිය සෙබලුනට ලබාදෙන අතර එය සෙබලුන්ට ගුවන් යානයකින් පැරිශූටයක් නොමැතිව බිමට පැනීමට හැකි ආකාරයේ යෝධ බලයක් ලබාදෙයි. මෙම පිටසැකිලි තාක්ශණය පිහිටෙන් මිනිස් හමුදා ඊසානදිග ප්‍රංශයේ වර්ඩුන් නුවරදී දැවැන්ත ජයග්‍රහණයක් ලබාගනී.

මෙම ජයග්‍රහණයෙන් ලැබූ උද්යෝගය පාදක කොටගෙන යුරෝපයේ පිටසක්වල මර්මස්ථානවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකිරීමට එක්සත් නේටෝ හමුදා සැළසුම් කරයි.  Operation Downfall ලෙස නම් කෙරෙන මෙම දැවැන්ත ප්‍රහාරයේ එක් අරමුණක් වන්නේ නැගෙනහිර යුරෝපයේ පෙරමුණුවල පිටසක්වලයින් හා දරුණු සටන්වලින් හෙම්බත්වී සිටින රුසියානු හා චීන හමුදාවලට ඉස්පාසුවක් ලබාදීමයි.

මේ සුවිශාල මෙහෙයුම ආවරණය කිරීමට එක්සත් ජනපද යුධහමුදාවේ ස්වේච්ඡා බළකායේ මේජර් විලියම් කේජ් හට පැවරෙන අතර රාජකාරි බාරගැනීම සඳහා ඔහුවන් ලන්ඩනය සිටින එක්සත් නේටෝ හමුදාවේ අණදෙන නිළධාරී ජෙනරාල් බ්‍රිග්හැම් හමුවට කැඳවයි. මේජර් නිළයක් දැරුවද යුධ පුහුණුවක් නොමැති, ජනමාධ්‍ය සම්බන්ධීකාරක රාජකාරියක් සිදුකරන මේජර් කේජ් තමාට යුධ පුහුණුව නොමැති බැවින් සටන් පෙරමුණුවල සිට යුධ වාර්තා ගෙන ඒමේ රාජකාරිය ප්‍රතික්ශේප කරයි.  සිය අණ ප්‍රතික්ශේප පිලිබඳව කිපෙන ජෙනරාල් බ්‍රිග්හැම්, විලියම් කේජ්ව මේජර් නිළයෙන් පහකොට, සාමන්‍ය සෙබලෙකු ලෙස ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලෙහි යුරෝපීය ආක්‍රමණය සඳහා පෙළගැසෙමින් සිටින යුධබලකාය වෙත යොමු කරවයි.

කේජ් හා ඔහුගේ ආක්‍රමණික බළ ඇණිය ගුවනින් යුරෝපයේ වෙරළතීරයට ගොඩබස්වන අතර කෙසේහෝ ආක්‍රමණය පිලිබඳව තොරතුරු හෙලිකරගන්නා පිටසක්වලයින් කේජ් ඇතුළු ආක්‍රමණික හමුදාවට මරුපහරක් එල්ලකරයි. සටනට බට ඔහු මිනිත්තු කිහිපයකින් මියගියත් ඔහු මියයන්නේ පිටසක්වලයින්ගේ අණදෙන නිළධාරියෙකුද මරාගෙනය. මිය යන පිටසක්වලයාගේ රුධිරය කේජ්ගේ සිරුර මත වැගිරෙන අතර කේජ් වෙරළතීරයේ මියගිය මිනිස් සෙබලුන් දසදහස් ගණනින් එකෙකුවේ.

මීලඟ රූපරාමුවේ මියගිය බිල් කේජ් නින්දකින් මෙන් ඇහැරෙන් ආකාරය පෙන්වන අතර ඔහුගේ අණදෙන නිළධාරියා ඔහුව යලිත් සටනට යවයි. සටනට බට ඔහු යලිත් මිය යන නමුත්, මෙවර ඔහු වැඩිකාළයක් සටන්වැදීමට සමත්වෙයි. නැවතත් නින්දකින් මෙන් ඇහැරෙන බිල් සටනට යයි. බිල් කේජි මියයන මුල්ම අවස්ථාවේ ඔහු පිටසක්වලයෙකු සමග පොරබදා මරාගෙන මැරෙන බැවින් පිටසක්වලයා ගේ රුධිරය ඔහුගේ සිරුර මත වැගිරෙන බැවින් පිටසක්වල ජීවියෙකු හා ගැටීම හේතුවෙන් (physical contact with an alien) යම් ආකාරයක කාල චක්‍රයකට (time loop) හසුවී ඔහුගේ අවසන් සටන යලියලිත් සිදුවේ... මියගොස් යලි කාලචක්‍රය අලුත්වී යන සෑම අවස්ථාවකම ඔහුට පෙරට වඩා වැඩිකාළයක් සටන්වැදීමේ හැකියාව ලැබේ. මේ අතර ඔහුගේ සහයට  රීටා ව්‍රටාස්කි නම් අති දක්ශ කොමාන්ඩෝ සෙබළියක් එක්වේ. ඇය ඔහුව පිටසක්වලයන් හා සටනට පුහුණු කරවයි...

මෙම චිත්‍රපටයේ තිරගත කිරීම පසුගිය ජූනි 6 වැනි සිකුරාදා එක්සත් ජනපදයේ සිනමාහල්වලින් ආරම්භ විය.

Thursday, 5 June 2014

Endemic Birds of Sri Lanka : ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - අපේ රටට ආවේණික කුරුල්ලන් 23දෙනා පිලිබඳ සවිස්තර සටහන


ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි.  මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ විස්තර සිංහල බසින් ඉදිරිපත් කරන වෙබ් අඩවියක් නොහැකි වීම අඩුපාඩුවක් ලෙස සැළකිය හැකිය. මෙම ලිපිය සම්පාදනය කිරීමේ අරමුණ වූයේ මෙම අඩුව පුරවා සිංහල බසින් අන්තර්ජාලය පරිශීලනය කරන, ලංකාවේ කුරුළු සම්පත පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට ලංකාවට ආවේණික පක්ෂි වර්ග 23හිම විස්තර සරල සිංහල බසින්  ඉදිරිපත් කරමින්, එය අන්තර්ජාලයේ නැණ ගබඩාවට එක් කිරීමයි.

මෙම ලිපිය සම්පාදනය කිරීමේදී Bird-life International පර්යේෂණ ආයතනයයේ දත්ත ගබඩාව ඉමහත් ලෙස දායක විය. Bird-life International සංරක්ශණ ආයතනය රටවල් 100ක් පුරා ක්‍රියාත්මක වන අතර, එම සෑම රටකම ජාතික කුරුළු සංරක්ශණ හා පර්යේෂණ ආයතන සමග සහයෝගයෙන් ක්‍රියාත්මකවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අංශය තුලින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනය [Field Ornithology Group of Sri Lanka] මෙම ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලාංකික හවුල්කරුවා වේ.

මීට අමතරව මහාචාර්ය සරත් කොටගම මහතා විසින් සම්පාදනය කරන ලද, "ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ - අත් පොත" ඉමහත් රුකුළක් විය. කුරුල්ලන් නිරීක්ශණය [bird watching] විනෝදාංශයක් ලෙස ගැනීමට කැමත්තක් ඔබට ඇත්නම්, මෙම පොත ඔබ පරිශීලණය කල යුතුය. එම පොත් කොළඹ විශ්වවිද්‍යාලයේ Field Ornithology Group of Sri Lanka කාර්යාලයෙන් ලබාගත හැකිය. එමෙන්ම ලංකා කුරුළු සංගමයේ වෙබ් අඩවියෙන්ද Arkive.org වෙබ් අඩවියෙන්ද ඉතා වැදගත් තොරතුරු හා ඡායාරූප උකහා ගෙන ඇත. මීට අමතරව තවත් වෙබ් අඩවි ගණනාවකින් ඡායාරූප "hot link" ආකාරයට මෙහි ඇතුලත් කොට ඇත. එම ඡායාරූපවල ප්‍රතිරූපණ අයිතිය (copy right) ඒවායේ අයිතිකරුවන් සතුය.

අද්විතීය පක්ෂි විද්‍යාඥ මහාචාර්ය සරත් කොටගම විද්වතා ජාත්‍යන්තර සම්මානයට යලිත් පාත්‍රවෙයි!

ලංකාවේ කුරුල්ලන් ගැන කතාකරන විට මහාචාර්ය සරත් කොටගම මහතා අමතක කල නොහැක. ලංකාවේ, මෙන්ම ලෝකයම පිලිගත් කුරුළු විශේෂඥයෙකු ලෙස මේ හෙල විද්වතා ඉදිරියෙන්ම සිටී. මා ආචාර්ය කොටගම පිලිබඳව දැනගත්තේ කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා අවධියේදීය. විද්‍යාලයේ දෙසුමකට පැමිණි එතුමාගේ චාම්, සුහදශීලී සරල ගතිපැවතුම් ගැන මට එදා ඇතිවූ ගෞරවය අදත් එලෙසම පවතී.

මහාචාර්ය සරත් කොටගම මහතා ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනයේ පෙරගමන්කරුවා වන අතර එහි මූලස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ස්ථාපනය කොට ඇත.  පක්ෂි විද්‍යාවට හා සංරක්ශණය වෙනුවෙන් සිදුකරන ලද මහා කාර්යභාරය අගැයිම සඳහා මේ වසරේදී මහාචාර්ය සරත් කොටගම මහතා ජාත්‍යන්තර කුරුළු  සංරක්ශණ ආයතනයේ ලෝක විධායක කවුන්සිලයේ [Global Council] සාමාජිකයෙකු ලෙස පත්වී ඇති අතර, Bird-life Internationalහි ආසියානු කලාපීය සංවිධානය වන Bird-life Asia Council හි සභාපතිවරයා ලෙසද තේරී පත්වී ඇත.

ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත

ශ්‍රී ලංකාව තුල කුරුළු වර්ග 375ක් පමණ දක්නට හැකිය. මින් වර්ග 23ක් ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සැළකේ. කුරුළු වර්ග 208ක් සංචාරක කුරුල්ලන් ලෙස හඳුනාගෙන ඇත. මෙරට දක්නට ලැබෙන කුරුල්ලන්ගෙන් 128ක් ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර ඉන් 34ක් මුහුදුබඩ වසන මුහුදු කුරුල්ලන් වේ. ගොඩබිම වසන කුරුල්ලන් 232ක් හඳුනාගෙන ඇත.

ලංකාව තුල දකින්නට ලැබෙන කුරුල්ලන්ගෙන් වර්ග තුනක් ජාත්‍යන්තර සංරක්ශණ ආයතනය ප්‍රකාශයට පත්කරන වඳවීයාමේ තර්ජනය ඇති රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] ලක්ව ඇති කුරුල්ලන්ය. කෙසේ වෙතත් මේ කුරුල්ලන් තිදෙනා ආවේණික කුරුල්ලන් නොව, සංචාරක කුරුල්ලන්වේ.

අපට ආවීණික පක්ෂි වර්ග තුනෙන්, වර්ග දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] ලයිස්තුගත කොට ඇති අතර තවත් කුරුළු වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින සතුන්වේ. එමෙන්ම තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන්වේ. කෙසේ වෙතත් දැඩි තර්ජනයට බඳුන්ව රතු ලයිස්තුවේ ඉහලින්ම සිටින පක්ෂීන් තිදෙනාම ශ්‍රී ළංකාවට ආවේණික පක්ෂීන් නොව, මෙහි පැමිණෙන සංක්‍රමණික කුරුළුවර්ග වේ.  මූලාශ්‍රය

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - සපිරි සටහන

මෙම සටහන සකස්කොට ඇත්තේ අපට ආවේණික කුරුල්ලන්ගේ දුර්ලභත්වය අනුව අවරෝහණ පිලිවලටය. ඉතාම දුර්ලභ, රතු ලැයිස්තුවේ Endangered (EN) ලෙස දැක්වෙන කුරුල්ලන් පලමුවෙන්ද, රතු ලැයිස්තුවේ ලෙස Vulnerable (VU) දැක්වෙන කුරුල්ලන් දෙවනුවද, Near Threatened (NT) ලෙස හඳුනාගෙන ඇති කුරුල්ලන් තෙවනුවද, වඳවීමේ තර්ජනයක් දැනට නොමැති සුලභ Least Concern (LC) කුරුල්ලන් සිවුවැනිවද දක්වා ඇත.

(1) ශ්‍රී ලංකා අරංගයා - Sri Lanka Whistling Thrush  
Myophonus blighi







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

පිරිමි කුරුල්ලා කළු-තද දුඹුරු පිහාටුවලින් යුක්තවන අතර දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින් යුතුය. කිරිල්ලිය දුඹුරුවන්ය. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුලෑටි හැසිරීමකින් යුතුය. මුහුදු මට්ටමේ සිට මීටර් 900කට වඩා ඉහලින් ඇති මධ්‍යම කඳුකරයේ ඝණ කැළෑවල වාසය කරයි. දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව විසීමට කැමැත්තක් දක්වයි.

ජනවාරි සිට මැයි දක්වා බිත්තර රැක පැටවුන් බිහිකරයි. හෝර්ටන් තැන්න, නුවර එලිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශවලදී දැකගත හැකිය. දැනට මෙම පක්ෂීන් 1000කට මදක් වැඩි ප්‍රමාණයක් පමණ සිටිතැයි ඇස්තමේන්තු කොට තිබේ.

මධ්‍යම කඳුකරයේ වනවිනාශය, ස්වාභාවික කැලෑ, දැව ලබාගැනීම සඳහා වනවන වාණිජ කැලෑ බවට පරිවර්තනය කිරීම, අධික කෘමිනාශක භාවිතය නිසා මොවුන් සැරිසරන ජල මූලාශ අපවිත්‍රවීම, මැණික් ගැරීම සඳහා සිදුකරන වන විනාශය වැනි කරුනු නිසා මෙම පක්ෂියා අප අතරින් තුරන්වීමේ තර්ජනයට මුහුණපා ඇත.

ශ්‍රී ලංකා අරංගයා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

ශ්‍රී ලංකා අරංගයා - පිරිමි කුරුල්ලා



ශ්‍රී ලංකා අරංගයා - පැටවුන් සහිත කැදැල්ල



























(2) Serendib Scops Owl : ශ්‍රී ලංකා පඬු කන් බස්සා
Otus thilohoffmanni







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

පඬු කන් බස්සා ශ්‍රී ලංකාව තුලින් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස සැළකේ. මෙම පක්ෂියාව මුල්වරට නිරීක්ශණය කරන ලද්දේ පක්ශි විද්‍යාඥ දීපාල් වරකාගොඩ මහතා විසින් 2001 වසරේදී සිංහරාජ වනාන්තරයේදීය. 2004 වසරේදී පඬුවන් බස්සා මෙතෙක් විද්‍යාඥයින් දැන නොසිටි නවතම පක්ෂි විශේෂයක් ලෙස හඳුනාගන්නා ලදී. මීට පෙර අලුත් පක්ෂි විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද්දේ 1868 වසරේදී ශ්‍රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush) පක්ෂියා නව පක්ෂි වර්ගයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගෙන නම් කිරීමත් සමගය.

ශ්‍රී ලංකා පඬු කන් බස්සා සෙ. මී. 17 ක් පමණ වන කුඩා පක්ෂි විශේෂයක් වේ. ප්‍රධාන ශරීර වර්ණය පඬු පැහැ එනම් කහ දුඹුරු වන අතර කළු පැහැ තිත් ශරීරය පුරා විසිරී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වර්ෂා වනාන්තර කිහිපයකින් වාර්තා වී ඇත. වර්ෂා වනාන්තරවල යටි රෝපණයේ ජීවත්වන අතර වනාන්තරවල වාසය කරන කෘමි විශේෂ ප්‍රධාන ආහාර වේ.

සිංහරාජ අඩවිය, කන්නෙලිය රක්ශිතය, කිතුල්ගල, මොරපිටිය-රුනකන්ද වනප්‍රදේශය, එරත්න-ගිලීමලේ රක්ශිත ප්‍රදේශව පැතිරී ඇත. පඬු කන් බස්සන් ඉතා විරල අතර දැනට ගණනින් 200කටත් අඩු බව ඇස්තමේන්තු කොට ඇත. ශ්‍රී ලංකා පඬු කන් බස්සා ප්‍රධාන තර්ජනය තෙත් කලාපීය වනාන්තර විනාශ වීම වන අතර තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම සහ මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදකලාව වෙමින් පැවතීම ද මෙම පක්ෂි විශේෂයේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.

පඬු කන් බස්සා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




(


(3) Red Faced Malkoha : වත රතු මල්කොහා
phaenicophaeus pyrrhocephalus







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)


පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය.

උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි.

සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වතරතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ. පහතරට තෙත්කලාපීය ඝණ වනාන්තරවල දැකිය හැකි මේ පක්ෂියා වනයේ යටිවියනේ සැරිසැරීමට ප්‍රියකරයි. වැඩිවශයෙන් වාර්තාවී ඇත්තේ යාල, ලාහුගල, උඩවලව, ගල්ඔය වැනි වනෝද්‍යාන ආශ්‍රිතවයි.
වත රතු මල්කොහා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

























(
(4) Green-billed Coucal : ශ්‍රී ලංකා බට ඇටිකුකුළා 
Centropus chlororhynchus







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)



නිරිතදිග තෙත්කලාපය වාසභූමිය කරගත් බට ඇටිකුකුළා දැන් විරල ගණයේ පක්ෂියෙකු බවට පත්ව ඇත. සිංහරාජ-මෝර්නින් සයිඩ්, හඳපාන් ඇල්ල, නාකියාදෙනිය, කන්නෙලිය, දෙදියවල රක්ශිත වන භූමිවලදී හමුවී ඇත. සෙන්ටිමීටර් 43ක් පමණ දිගින් යුතු මොහු කලු පැහැති හිසකින් හා පෙඳයකින් යුතුය.

දුඹුරට හුරු රතු පැහැයෙන් යුතු අත්තටු යුගලක් ඇත. සාමාන්‍ය ඇටිකුකුලාට (Greater Caucal) සමාන පෙනුමකින් යුතු බට ඇටි කුකුලාගේ අත්තටුවල දුඹුරු-රතු වර්ණය, සාමාන්‍ය ඇටිකුකුලාගේ අත්තටුවල වර්ණයට වඩා තද පැහැයක් ගනී. එමෙන්ම සාමාන්‍ය ඇටිකුකුලාට වඩා ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 5ක් පමණ කුඩාය.

මෙම පක්ෂීන් 3500-4000ත් අතර ප්‍රමාණයක් වනගතව සැරිසරන බවට අනුමාන කෙරේ. තෙත්කලාපයේ අනවසර කැලෑ කැපීම් මෙම කුරුල්ලාගේ පැවැත්ම අණතුරේ හෙලා ඇත. මීටර් 750ට වඩා උසින් අඩු ඝණ කැලෑවල යටිවනයේ වාසය ප්‍රිය කරයි. ජනවාරියේ සිට ජූලි මස දක්වා බිත්තර දමන මොවුන් කුඩා සතුන් ආහාරයට ගනී.

බට ඇටිකුකුළා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 


o
(

(5) Sri Lanka Wood Pegion : ශ්‍රී ලංකා මයිල පරෙවියා (මයිලගොයා)
Columba torringtoniae








IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)

මධ්‍යම කඳුකරයේ සදාහරිත තෙත් වනාන්තර වාස භූමිය කරගත් මයිලගොයා ශ්‍රී ලංකාවට ආවේණිකය. පරෙවි ගණයට අයත් මොහු සෙන්ටිමීටර් 36ක් පමණ දිගින් යුතු අඳුරු පැහැතිය. හිස පිටුපස කළු-සුදු ඉරි සහිත ප්‍රදේශයක් ඇත.

දැනට මෙම පක්ෂි ගහණය 2000-3000ක් අතර ප්‍රමාණයක් ඇතැයි ගණන් බලා ඇත. මධ්‍යම කඳුකරයේ පවා මෙම පක්ෂින් දැකීම දැන් දැන් විරල බව වාර්තාවේ.

මීටර් 900ට ඉහල කඳුකර වනාන්තර ප්‍රිය කරයි. උස් ගස් මුදුන්වල කූඩු සාදන මොවුන් ජනවාරි-මාර්තු කාලයේ සුදු පැහැති තනි බිජුවක් දමයි.

හෝර්ටන් තැන්න, පට්ටිපොල, අඹේවෙල, හක්ගල, කඳපොල, සීතාඑලිය, සිංහරාජ, නමුණුකුළ, ශ්‍රී පාද රක්ශිතය ආදී කඳුකර ප්‍රදේශවලදී පර්යේෂකයින් හට දැකගැනීමට හැකිවී ඇත.


මයිල පරෙවියා (මයිලගොයා) දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(6) Sri Lanka Blue Magpie : කැහිබෙල්ලා
Urocissa ornata








IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)

සෙ.මි. 43 පමණ වන මෙම කුරුල්ලා ආවේණික කුරුල්ලෙකි. දිලෙන තැඹිලි - රතු පැහැති හොට, පියකරු නිල් ගතද, රතු - දුඹුරු පැහැති හිස සහ දිගු වලිගය කැහිබෙල්ලාට අලංකාරය ගෙන දෙයි. මෙම කුරුල්ලා මිනිසුන්ට එතරම් බියක් නොදක්වන අතර කුතුහලයකින් යුතුව ලඟට පැමිණේ.

දියපාරක් අසල හෝ කැළෑවේ එළිමහන් තැනක මීටර 5 - 7 පමණ උසැති කුඩා ගසක කරුවක කූඩුව තනන්නේ කෝටු වලිනි. තරමින් මි.මී 3 -5 අතර ප්‍රමාණයේ යුත් දුඹුරු පැහ පුල්ලි සහිත සුදුවන් බිත්තර 3 - 5 ක් දමයි.

අඩි 7000 (මීටර් 2100) දක්වා ඉහළ කඳුකරයේ සිට අඩි 500 දක්වා පහළ වූ තෙත් කලාපීය වනාන්තරවලද  දැකිය හැකිය.වනාන්තර විනාශය හා කපුටන් වනාන්තරවලට පැමිණීම කැහිබෙල්ලාට ඇති ප්‍රධානතම තර්ජනය වේ.

සිංහරාජය, කන්නෙලිය-නාකියාදෙනිය-දෙදියගල රක්ශිත වනාන්තර, නකල්ස් වනාන්තර ප්‍රදේශය් කැහිබෙල්ලාගේ ප්‍රධාන වාසභූමි බවට හඳුනාගෙන ඇත. මීට අමතරව හෝර්ටන් තැන්න, පට්ටිපොල, අඹේවෙල, හක්ගල, කඳපොල, සීතාඑලිය, සිංහරාජ, නමුණුකුළ, ශ්‍රී පාද රක්ශිතය ආදී කඳුකර ප්‍රදේශවලදී පර්යේෂකයින් හට දැකගැනීමට හැකිවී ඇත. ගණනින් 10,000ක පමණ පක්ෂි ප්‍රමාණයක් ඇතැයි විශේෂඥයින් ඇස්තමේන්තු කොට ඇත.

කැහිබෙල්ලා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(7) White-faced Starling : වත සුදු සැරිකාවා / හිස සුදු සැරිකාවා
Sturnus albofrontatus








IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)


සැළලිහිණි කුළයට නෑකම් කියන සැරිකාවුන් ඉංග්‍රීසි බසින් ස්ටාර්ලිං ලෙස හඳුන්වයි. සෙ.මී 22ක් පමණ දිගු කුඩා පක්ෂියෙකු වන වත සුදු සැරිකාවා ගේ සිරුරේ ඉහල කොටස දිලිසෙන කොළ පැහැයකට හුරු තද අළු පැහැයකින් යුතුවන අතර පහත පෙදෙස් සුදට හුරුය.

හිස සුදු පැහැති නිසා "මුහුණ සුදු" හෙවත් "වත සුදු"  යන විශේෂණය ලබාදී ඇත.

 පහතරට නිරිත දිග තෙත්කලාපීය වනාන්තරවල වාසය කරයි. වනාන්තරයේ ඉහල ස්ථරය ප්‍රිය කරන වත සුදු සැරිකාවා කුඩා ගෙඩිවර්ග මෙන්ම සතුන්ද ආහාරයට ගනී.

ගහණය 3000ක් පමණ ප්‍රමාණයක් බවට ඇස්තමේන්තු කොට ඇත. ප්‍රධාන වශයෙන්ම සිංහරාජය, කන්නෙලිය-නාකියාදෙනිය-දෙදියගල රක්ශිත වනාන්තර, නකල්ස් වනාන්තර ප්‍රදේශය, ශ්‍රී පාද අඩවිය ප්‍රධාන වාසභූමි බවට හඳුනාගෙන ඇත. නුවර එලිය ප්‍රදේශයෙන්ද වාර්තාවී ඇත.


වත සුදු සැරිකාවා / හිස සුදු සැරිකාවා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 










(8) Ashy-headed Laughing thrush : හිස කළු උප-දෙමලිච්චා
Garrulax cinereifrons









IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)



දෙමලිච්චා නාමයෙන් හැඳින්වුවද, තිරාසිකයින් (thrush) වර්ගයක් වන හිස කළු උප දෙමලිච්චා සෙන්ටිමීටර් 23ක් පමණ දිගු සිහින් සිරුරක් ඇත්තෙකි. මළබැඳුනු යකඩවලින් දිස්වෙන දුඹුරට හුරු රතුවර්ණයකින් යුතුවන අතර හිස කළු හෝ තද අළු පැහැතිය. පෙඳය දිගටිය. සමාන්‍ය දෙමලිච්චන් මෙන්  ඝෝෂාකාරී නාද රටාවක් ඇත.

ඊසාන දිග තෙත්කළාපීය වර්ෂා වනාන්තරවල පැතිරී ඇත. ගහණය වැඩුනු සතුන් 2000-3000ත් අතර ප්‍රමාණයක් බවට ඇස්තමේන්තු කොට ඇත. කුඩා පළතුරු හා කුඩා සතුන් ආහාරයට ගන්නා සර්ව භක්ශකයෙකි. ඝණ වනාන්තර වල මෙන්ම දැව සඳහා විශාල ගස් කපාදැමූ ප්‍රදේශවලින්ද පර්යේෂකයින්හට මොවුන් හමු වී තිබේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා අභි ජනනය සිදුකරයි. තෙත්කලාපීය වනාන්තර විනාශය මොවුන්ගේ ගහණය අඩුවීමට ප්‍රධාන හේතුවයි.

ප්‍රධාන වශයෙන්ම සිංහරාජය, කන්නෙලිය-නාකියාදෙනිය-දෙදියගල රක්ශිත වනාන්තර,  ප්‍රධාන වාසභූමි බවට හඳුනාගෙන ඇත. නුවර එලිය ප්‍රදේශයෙන්ද වාර්තාවී ඇත.

හිස කළු උප-දෙමලිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 



 



(9) Chestnut-backed Owlet : පිට තඹල උප බස්සා \ පිට තඹල වන බස්සා
Glaucidium castanonotum

I




IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)



තෙත් කලාපීය ඝණ වනාන්තර වල මෙන්ම වියලිකලාපීය වනානතරවලද දැකිය හැකි මේ බස්සා, රබර් වතුවලද දකින්නට ලැබී ඇත. පක්ශි විද්‍යාඥයින් පවසන අන්දමට මෙම බස්සන් කිතුල්ගල වනයේදී එතරම් අපහසුවකින් තොරව දැකගත හැකිය.
සාමාන්‍යයෙන් කුලෑටි හැසීරීමක් පෙන්වන තඹල බස්සා විශාල ගස් මුදුන්වල ලැගීමට කැමැත්තක් දක්වයි. කෘමිසතුන් ප්‍රධාන ආහාරය වුවත් වෙනත් කුඩා සතුන්ද කෑමට ප්‍රියවේ. මාර්තු හා මැයි අතර අභිජනනය සිදුකරයි.

10,000 සිට 20,000 දක්වා වැඩිහිටි සත්ව ගහණයක් ඇති බව ඇස්තමේන්තු කොට් ඇත. වන විනාශය මෙම සත්ව ගහණය අඩුවීමට ප්‍රධානම හේතුවයි.

ගසක බෙනයක වරකට බිත්තර දෙකක් දමනු ලැබේ. මොහු දිවා කල සැරිසරන බස්සෙකු වන අතර නාදය බොහෝ ඈතට ඇසෙන නාදයකි.තරංගාකාර ආකාරයට [undulating] පියාසැරියේ යෙදෙයි. මෙම බස්සා පිලිබඳව මුලින්ම නිරීක්ශණ සටහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත පිලිබඳ බොහෝ පරීක්ශණ නිරීක්ශණ සිදුකල ඔස්ට්‍රේලියානු ජාතික කර්නල් විලියම් ලෙග් (1841-1918) විසිනි. ඔහු විසින් 1878දී රචිත "A history of the birds of Ceylon" ග්‍රන්ථයේ මෙම බස්සා පිලිබඳ සටහන් තබා ඇත.

පිට තඹල උප බස්සා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 





























(10) Spot-winged Thrush : තිත් පිය තිරාසිකයා / පුල්ලි වල් අවිච්චියා
Zoothera spiloptera









IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)



සටහන : මෙම රූ සටහනේ කුරුළු වර්ග දෙකක් දැක්වෙයි. මින් වම් පසින් සිටින්නේ තිත් පිය තිරාසිකයාය. දකුණු පස සිටින්නේ කායුරු තිරාසිකයාය (අංක 16)

"ත්‍රෂ්" යනු පැරණි ඉංග්‍රීසියේ එන පදයකි. එහි තේරුම "ජන ගී ගයන කාන්තාව" යන්නයි. ත්‍රෂ් කුරුල්ලන්ද ගී ගැයීමට හපන් බැවින් එනමින් හඳුන්වනවා විය හැකිය. ත්‍රෂ් වර්ගයේ කුරුල්ලන්ට තිරාසික යන සිංහල යෙදුම භාවිතා කෙරේ.

තිරාසික හෙවත් ත්‍රෂ් (thrush) පවුලට අයත් තිත් පිය තිරාසිකයාගේ ප්‍රධානම හඳුනාගැනීමේ ලක්ශණය වන්නේ අත්තටු දෙපස ඇති සුදු තිත් පෙලයි. උඩු කය දුඹුරු පැහැ වන අතර යටි පෙදෙස සුදු පැහැයෙන් දිස්වෙන අතර ලැම හා උදර පෙදෙසේ කළු තිත් වැටී තිබේ.

මයිනෙකුට වඩා මදක් විශාලය. නිතර වැසි වසින, මීටර් 1500කට වඩා උසින් අඩු තෙත් වර්ෂා වනාන්තරවල දැකිය හැකිය. මේ අතරින් සිංහරාජය හා කිතුල්ගල වනය ප්‍රධානය. වියලි කලාපයේ දුලභ වන අතර ගංගා අසබඩ වනාන්තරවල පමණක් අතරින් පතර දක්නට ලැබෙයි.

බොහෝ තිරාසිකයින් මෙන්ම තිත් පිය තිරාසිකයාද ආහාර ගැනීම සඳහා පොලොවේ වැටී ඇති කොල අවුස්සමින් කෘමිසතුන් හා පනුවන් සොයා යයි. පොලොවට අඩි 4-8 පමණ ඉහලින් කුඩා ගසක අතුබෙදී යන දෙබලක කූඩු තනන මොහු මාර්තු-අප්‍රේල් හා අගෝස්තු-නොවැම්බර් මාසවල බිත්තර දෙකක් දමයි.


තිත් පිය තිරාසිකයා / පුල්ලි වල් අවිච්චියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




























(11) Dull Blue Fly Catcher / Dusky Blue Fly Catcher : ශ්‍රී ලංකා අනු-මැසිමාරා / නිල් මාරාවා
Eumyias sordidus







IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)



සටහන : මෙම රූ සටහනේ කුරුළු වර්ග තුනක් දැක්වේ. මින් මැද සිටින්නේ සිටින්නේ අනු මැසිමාරාය. අනෙක් දෙදෙනාද වෙනස් මැසිමාරාවුන් වර්ග දෙකකි.

ප්‍රමාණයෙන් ගේ-කුරුල්ලෙකුට සමාන අනු මැසිමාරාට එම නම ලැබී ඇත්තේ මැස්සන්ගේ මාරයා හෙවත් මැස්සන් අල්ලන්නා යන අර්ථය ලබාදීමටය. මධ්‍යම කඳුකර වනාන්තරවල මීටර් 600කට ඉහල ප්‍රදේශය වාස භූමිය කරගත් අනු මැසිමාරාවා ඝණව වැඩුනු වන පෙදෙස් ප්‍රිය කරයි.

අඳුරු නිල් පැහැයක් ගන්නා මොහුගේ ලය හා යටි ප්‍රදේශය උඩුකයට වඩා වරණයෙන් ලා පැහැතිය. ගස්වල පහතින් ඇති අතුපතර අතර සිටිමින් පියාසර කරන මැස්සන් හා වෙනත් කෘමිසතුන් අල්ලාගෙන කයි.

වියලි කොල, පෙඳ-පාසි ආදියෙන් පොලොවට මීටර් දෙකක් පමණ ඉහලින් කූඩු තනන මොවුන් මාර්තු-මැයි හා අගෝස්තු-සැප්තැම්බර් බිත්තර දෙකක් දමයි.

 අනු-මැසිමාරා / නිල් මාරාවා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(12) Yellow-eared Bulbul : කහකන් කොණ්ඩයා / කහ කොණ්ඩයා
Pycnonotus penicillatus







IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)


බුල්බුල් යන පදය පැරණි පර්සියානු වචනයකි. එහි තේරුම ගී ගයන කුරුල්ලා යන්නයි. එය ඉංග්‍රීසි භාශාවට එක්වූයේ 18වැනි ශතවර්ෂයේ කවියන් වන බයිරන්, මුවර් වැන්නවුන් එම පදය සිය කාව්‍යයන් සඳහා යොදාගැනීමත් සමගය. එනම් බුල්බුල් යනු ගී ගයන කුරුල්ලා යන්නයි.

බුල්බුල් ලෙස හැඳින්වෙන පක්ෂි වර්ගයට ශ්‍රී ලාංකික පක්ශි විද්‍යාඥයින් "කොණ්ඩයින්" යන නාමය ලබාදී ඇත. මෙයට හේතුව බුල්බුල් වර්ගයේ පක්ෂීන් බොහෝ දෙනෙකුගේ හිසෙහි යම් ආකාරයක කොණ්ඩයක් වැනි පිහාටු සැකැස්මක් දැකගත හැකි බැවිනි.

හිසෙහි කළු-සුදු රටාවන් හා, ඇස් දෙපසින් විහිදෙන, කන් මෙන් පෙනෙන කහ පැහැති පිහාටු රොදවල් හඳුනාගැනීමේ ලක්ශණ වේ. ලැම හා යටි ප්‍රදේශය දීප්තිමත් කහපැහැයක් ගන්නා අතර පියාපත් හා උඩුකොටස දුර්වර්ණ කහපැහැයක් ගනී.

කඳුකර තෙත් වනාන්තර වල ජීවත්වන කහකන් කොණ්ඩයා මුහුදු මට්ටමේ සිට මීටර් 1000කට ඉහල කඳුකර වනාන්තර ප්‍රිය කරයි. නිතරම ජෝඩු වශයෙන් සැරිසරතත් ආහාර බහුල ස්ථානවල රංචු දැකිය හැකිය. කඩිසර කුරුල්ලෙකු වන කහකන් කොණ්ඩයා කෘමිසතුන් හා කුඩා ගෙඩි වර්ග ආහාරයට ගනී.

ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනය සිදුවන අතර අගෝස්තු-ඔක්තෝම්බර් කාලයේදීද බිත්තර දැමීම සිදුකරයි. පොලවට මීටර් 3-5 පමණ ඉහලින් කුඩා ගසක කූඩු තනන මොහු වරකට බිත්තර දෙකක් පමණ දමයි.

කහකන් කොණ්ඩයා / කහ කොණ්ඩයා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




























(13) Bush Warbler : වනරැවියා
Bradypterus palliseri







IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)


රැවියන් ඉංග්‍රීසියෙන් "වාබ්ලර්" ලෙස හඳුන්වයි. වාබ්ලර් යෙදුම "ගී ගයන්නා" යන තේරුම දෙයි. ශ්‍රී ලංකා වනරැවියා අයත් වන්නේ "old world warblers" හෙවත් "පැරණි ලොව වනරැවියන්" කාණ්ඩයටයි.

මධ්‍යම කඳුකරයේ මීටර් 1200කට ඉහල ප්‍රදේශ නිජබිම කරගත් වනරැවියා ඝණව වැඩුනු කැලෑවල යටිවනයේ [under growth] ජීවත්වේ. බොහෝ විට දියපාරවල් අසල ගැවසෙනු දැකිය හැකිය.

සෙන්ටිමීටර් 14ක් පමණ වන කුඩා පක්ෂියෙකු වන මොහු දුඹුරු-අළු මිශ්‍ර පැහැයක් ගනී. උඩු ප්‍රදේශයට වඩා යටු ප්‍රදේශය ලා පැහැතිය. යටි වනයේ පඳුරු අතර ගැවසෙන බැවින් නිරීක්ශණය අපහසුය. කෘමිසතුන් ප්‍රධාන ආහාරයයි.

පෙබරවාරියේ සිට මාර්තු දක්වා අභිජනනය සිදුකරන අතර වරකට බිත්තර දෙකක් දමයි. යටිවනයේ පඳුරු අතර කූඩුව සාදාගනී.

මෙම රැවියන් විශාල ප්‍රමාණයක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙයි. එබැවින් දැකගැනීමට අපහසු වනරැවියා දැකැගැනීමට කැමතිනම් හොඳම ප්‍රදේශය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයයි.

වනරැවියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(14) Orange Billed Babbler : රතු දෙමලිච්චා

Turdoides rufescens






IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)






බැබ්ලර් හෙවත් දෙමලිච්චන් වර්ගයක් වන රතු දෙමලිච්චා නිරිතදිග තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට හෝර්ටන් තැන්න දක්වා ප්‍රදේශයක පැතිරී සිටියි. ප්‍රමාණයෙන් සාමාන්‍ය දෙමලිච්චෙකුට සමානවන රතු දෙමලිච්චා, රංචු වශයෙන් හැසිරෙනු දකින්නට පුලුවන. දුඹුරට හුරු රතුපැහැ පිහාටුවලින් හා තද තැඹිලි පැහැ හොට හා පාද නිසා අලංකාර කුරුල්ලෙකි.

සර්ව භක්ශකයෙකු වන රතු දෙමලිච්චා කැලෑවේ ඉහල ගස් මුදුන්වල සිට පොලව දක්වා සියලුම ස්ථරවල ආහාර සොයමින් හැසිරෙයි. සාමාන්‍ය දෙමලිච්චන් මෙන්ම රතු දෙමලිච්චන් රංචුද ඉතා ඝෝෂාකාරී ලෙස කෑගසමින් හැසිරෙයි. මෙම පක්ෂීන්ට යෙදෙන බැබ්ලර් යන පොදු නාමයෙහි තේරුමද තොරතෝංචියක් නොමැතිව කෑගසන්නා යන්නයි.
රතු දෙමලිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

කර්නල් විලියම් ලෙග් 1878දී රචිත "A history of the birds of Ceylon" ග්‍රන්ථයේ රතු දෙමලිච්චා මාර්තු හා මැයි අතර බිත්තර දමන බවත්, එම බිත්තර තද කොළට හුරු නිල් පැහැයක් ගන්නා අතර බිත්තර දෙකක් හෝ තුනක් දමන බවත් සටහන් කොට ඇත. රතු දෙමලිච්චන්ගේ කූඩු හා අභිජනන ක්‍රියාවලිය පිලිබඳව එතරම් තොරතුරු සටහන්වී නොමැත. පක්ශි විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට රතු දෙමලිච්චා සිය කූඩු ඉතා සුපරික්ශාකාරීව, සිය කූඩු කිසිවෙකුටත් නෙත නොගැටෙන ස්ථානවල ඉතා රහසිගතව තනීම මෙයට හේතුවයි.

කිතුල්ගල හා සිංහරාජ වනය රතු දෙමලිච්චන් දැකගත හැකි වනාන්තර පෙදෙස් දෙකකි.
















(15) White-throated Flowerpecker / Legge's Flowerpecker : ශ්‍රී ලංකා පිළිලිච්චා
Dicaeum vincens









IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)

1987 වසරේ නිකුත්කරන ලද රුපියල් 1.00ක් වටිනා තැපැල් මුද්දරයේ සටහන්ව ඇති ශ්‍රී ලංකා පිළිලිච්චා, හඳුන්වාදී ඇත්තේ "ලෙග්ස් ෆ්ලවර්-පෙකර්" ලෙසටය. එහෙත් ආචාර්ය කොටගම හා අතුල විජයසිංහ සම්පාදනය කල "ශ්‍රී ලංකා කුරුල්ලෝ - අත්පොත" ග්‍රන්ථයේ මෙම කුරුල්ලාට ලබාදී ඇති ඉංග්‍රීසි නාමය "වයිට් ත්‍රෝටඩ් ෆ්ලවර්-පෙකර්" යන්නයි.

සෙන්ටිමීටර් 10ක් පමණ දිගැති පිළිලිච්චා කුඩා පක්ෂියෙකි. නිරිත දිග තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට මධ්‍යම කඳුකරය දක්වා පැතිර සිටින මොහු ඝණව වැඩුණු වනාන්තරවල මෙන්ම හොඳින් ගස් වැවී ඇති ගෙවතු වලද දැකිය හැකිය. 

මහත, කෙටි හොටක් ඇති පිළිලිච්චාගේ උඩු කොටස කළුපැහැ වන අතර බෙල්ල සුදු පැහැතිය. සිරුරේ යටි කොටස කහ පැහැතිය. ගැහැණු සතාගේ උඩු කොටස කොළ මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.


පිළිලිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 
හොර ගස්වල කූඩු සෑදීමට ප්‍රිය කරන පිළිලිච්චා හැඹිලියක් මෙන් එල්ලෙන කූඩුවක් තනා බිත්තර දෙකක් දමන අතර ප්‍රධාන අභිජනන කාලය ජනවාරි සිට අගෝස්තු දක්වාය. මෙම කූඩුවේ ඇතුළුවීමේ දොරටුව, කූඩුව ගසේ එල්ලෙන කෝටුකැබැල්ල අසලින් තිබේ. දං ගෙඩි හා එවැනි කුඩා පළතුරු මෙන්ම කෘමිසතුන් හා කුඩා මකුළුවන්ද ආහාරයට ගනී.

තනිව හෝ ජෝඩු වශයෙන් සැරිසරන පිළිලිච්චා ගස් මුදුන්වල සිටීමට කැමත්තක් දක්වයි.
























































(16) Sri Lanka Scaly Thrush : කායුරු (කොරල) තිරාසිකයා / පෙති ගෝමර වල් අවිච්චියා
Zoothera imbricata





IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)


තිරාසික හෙවත් ත්‍රෂ් පවුලට අයත්වන කායුරු (කොරල ) තිරාසිකයාට එම නම ලැබී ඇත්තේ සිරුරේ උඩ කොටසේ ඇති කොරල මෙන් පෙනෙන පුල්ලි රටා හේතුවෙනි. ගැහැණු පිරිමි දෙපක්ෂයම එක හැඩරුව ඇති මේ කුරුල්ලා නිරිත දිග තෙත් කලාපීය වනාන්තරවල දැකිය හැකිය. මීටර් 400-2200ක් පමණ උසක් දක්වා පැතිරී ඇත. මේ තිරාසිකයා, අනෙකුත් තිරාසිකයින් මෙන්ම මියුරු නාදයෙන් හඬනගයි.
කායුරු තිරාසිකයා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

සිංහරාජය හා කිතුල්ගල වනය ප්‍රධානය. වියලි කලාපයේ දුලභ වන අතර ගංගා අසබඩ වනාන්තරවල පමණක් අතරින් පතර දක්නට ලැබෙයි.

බොහෝ තිරාසිකයින් මෙන්ම කායුරු තිරාසිකයාද ආහාර ගැනීම සඳහා පොලොවේ වැටී ඇති කොල අවුස්සමින් කෘමිසතුන් හා පනුවන් සොයා යයි. පොලොවට අඩි 4-8 පමණ ඉහලින් කුඩා ගසක අතුබෙදී යන දෙබලක කූඩු තනන මොහු මාර්තු-අප්‍රේල් හා අගෝස්තු-නොවැම්බර් මාසවල බිත්තර දෙකක් දමයි.

සෙන්ටිමීටර් 24ක් පමණ වන මේ පක්ෂියා, ඉතා සුපරික්ශාකාරී සත්වයෙකු වන අතර හැසිරීම, රහසින් ක්‍රියා කරන්නෙකු (secretive) මෙන්ය. පොලොවේ කෑම සොයා නොයනවිට ඝණ අතුරුපතර තුල සැඟවී සිටීමට ප්‍රියකරයි. 































(17) Sri Lanka Myna : ශ්‍රි ලංකා මයිනා / සැළලිහිණියා
Gracula ptilogenys





IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)




අප කුඩාකල කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලදී පවා නිතර දැකගන්නට ලැබුණු, මයිනා හෙවත් සැළලිහිණියා අද වඳවීයාමේ තර්ජන සම්භාවිතාවය ඉහල සතෙකු ලෙස IUCN සංවිධානය ලයිස්තුගත කොට තිබීම සැබවින්ම ඛේදජනකය.

ප්‍රමානයෙන් සෙ.මී. 23 කි. තද කළුවන් දුඹුරු වලිගයකි. හොට, කකුල් , සහ ඇස් වටා කහ පාටය. හිස පෙදෙස කළුපාටට හුරුය. පියාසර කරන විට සුදුපාට පැල්ලමක් දක්නට ලැබේ. යුවල ලෙසින් හෝ කුඩා කණ්ඩායම් ලෙසින් ඇවිදිමින් ආහාර සොයා යාම සිරිත් වේ. 

සුරතල් සතෙකු ලෙස ඇතිකල හැකිය. සමහර කුරුල්ලන් මිනිස් වදන් සහ ගීත හොදින් අනුයති. අභිජනන  සමය මර්තු සිට සැප්තැම්බර් දක්වා විහිදේ. වැසුනු කුඩුවකි.ගසක බෙනයක් තුල කුඩුව සාදයි ගසක කුරුල්ලෙකු කොට්ටෝරු වෙකු තැනු කුහරයක් මේ සඳහා යොදාගනි. කෙදි වලින් බෙනය තුල කුඩුවක් තනා ගනි. තරමින් මි.මි.29-21 වු ලා නිල්පාට බිත්තර 3=4 දමයි .


මයිනා / සැළලිහිණියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




(18) Sri Lanka Spurfowl : හබන් කුකුළා
Galloperdix bicalcarata








IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)




හබන් කුකුළා බිම්වාසී කුරුල්ලෙකි. එහෙත් යම් ප‍්‍රමාණයක් පියෑඹීමට පුළුවන. ගස් මත ලැගුම් ගනී. රාති‍්‍රයෙහි දී ලැගීම සඳහා තෝරා ගන්නේ ගසක අත්තකි.පිරිමි සතුන් රතු දුඹුරුවන් උඩු කයකින් යුක්තය. යටි කය කළු සහ සුදු පාටින් යුක්තය. පාදයේ ඇඟිලි හතරට අමතරව පොර කටුවක් පවතී. මෙය පක්ෂියාගේ ආරක්ෂාවට ඉතා ප‍්‍රයෝජනවත්ය. ගැහැණු සතාගේ වර්ණය දුඹුරු මුසු කළු පාටකි.

විශාල වුවද, ඉතා කුළෑටි, රහසින් හැසිරෙන සත්වයෙකු බැවින් දැකීම අපහසුය.

හබන් කුකුළන් යුගල වශයෙන් දිවි ගෙවයි. ගැහැණු සතා හා පිරිමි සතා එක් වූ විට ජීවිත කාලය පුරාම එක්ව ජීවත්වන බව විශ්වාස කරයි. පැටවුන් ලොකු මහත් වන තුරු රංචුව වශයෙන් දිවි ගෙවයි. අනෙක් කුකුළන් මෙන් හබන් කුකුළා ද අලුයම නාද නගයි.
හබන් කුකුළා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

එහෙත් මොහුට හඬ විසිකිරීමට හැකියාවක් ඇති බව මහාචාර්ය සරත් කොටගම විසින් රචනා කරන ලද කෘතියක සඳහන් වෙයි. නාදය කොතනින් ඇසෙනවාද කියා නිශ්චිතව තේරුම් ගැනීමට නොහැකිවීම හඬ විසිකිරීමේ ලක්ෂණයයි. ජීවියාගේ ආරක්ෂාවටත් මෙය ඉතා ප‍්‍රයෝජනවත් වේ. කිරිල්ලියගේ බිත්තර දැමීම ඔක්තෝබර් සිට අප‍්‍රියෙල් දක්වා කාලය තුළ සිදු වේ. ඇතැම් විට ජුලි සැප්තැම්බර් දක්වා ද පවතී. ගසක පාමුල, පොළොව මත කැදැල්ල සාදයි. එහි බිත්තර දෙකේ සිට පහක් දකවා ප්‍රමාණයක් දමයි.










(

(19) Sri Lanka Hanging Parrot / Ceylon Lorikeet ගිරා මලිත්තා
Loriculus beryllinus








IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)



ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකු තරම් වේ. තෙත් කලාපයේත් කඳුකරයේ මීටර් 1500 දක්වා පමණ ඉහළටත් වන ආවරණ සහිත ප්‍රදේශ වල සුලභ පක්‍ෂියෙකි. කඳුකර කලාපය ආශ්‍රිත පහත රට වියළි කලාපයේද දක්නට ලැබෙන මුත් උතුරෙහි දුලභය. මෙම ගිරවා ප්‍රධාන වශයෙන් කොළ පැහැතිය. යුෂ සහිත ඵල වර්ග මධු සහ රා මදින්නන්ගේ මුට්ටිවල එකතුවන තෙලිජ්ජ වලට ප්‍රිය කරයි. 

මීට අමතරව මොහු කුඩා බීජ වර්ගද ආහාරයට ගනී. කෙටි පෙඳයක් සහිත මෙම කුඩා ගිරවා නිදන්නේ ගසක කුඩා අත්තක වවුලෙකු මෙන් යටිකුරුව එල්ලීය. එම නිසා මෙම ගිරවුන් වවුල් ගිරවුන් ලෙසද හඳුන්වනු ලැබේ. අභිජනනය කරන්නේ වසරේ මුල් භාගයේදීය. ඇතැම් විට යළිත් අගෝස්තු-සැප්තැම්බර් කාලයේද බිත්තර දමයි. බිත්තර දමනු ලබන්නේ ගසක කඳේ හෝඅත්තක පිහිටි කුහරයක් මත වේ.

 හිස මත ක්‍රිම්සන් රතු පැහැ වර්නයත් කෙටි චතුරස්‍රාකාර වල්ගයත් නිසා ඉතාම පහසුවෙන් හදුනා ගැනීමට හැක . පිරිමි සතුන් වර්ණවත් වන අතර ගැහැනු සතුන් ගේ වර්ණ සාපෙක්ෂව ඊට අඩුය . පැටවුන්ද ඊට සම ආකාරයක් ගනී . කැදැලි තනන්නේ ගස් වල ඇති බෙන වලය . ආහාර ගන්නා විට හෝ නිදහසේ සිටිනා විට දෙපා වලින් ගස් අතු මත සැරිසරයි . මෙය ඔවුන් හට ආවේණික විශේෂිත ලක්ෂණයකි . වෙනත් කිසිම ගිරා පවුලේ සාමජිකයන් එලස නොසිටි
  
වේගයෙන් පියෑඹීමට අපූරු හැකියාවක් ඇති මෙම පක්ෂියාගේ නාදය තියුණුය. රංචු වශයෙන් බහුලව දැකිය නොහැකි, තනි තනිවම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් නිසංසල තුරු මුදුන් වල දැකිය හැකි, රතු පැහැති හිස මුදුනකින් හා කුඩා වලිග කොටසකින් යුතු මෙම අලංකාර පක්ෂියාගේ වක් වූ හොටය රතු පැහැතිය. 


ගිරා මලිත්තා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 
ඉදුණු පළතුරු, මල්පැණි හා කුඩා ධාන්‍ය වර්ග ආහාරයට ගනී. හොදින් වැඩුණු කුරුල්ලෙකු සෙන්ටිමීටර් 20 ක් පමණ දිගින් යුතු වේ. කුරුල්ලා හා කිරිල්ලිය පෙනුමෙන් එක සමාන වුවත් කිරිල්ලියට වඩා කුරුල්ලා වර්ණවත් බැවින් වැඩිය. බොහෝ විට තුරු මුදුනක පිහිටි ගස් බෙනයක් බිත්තර දැමීම සදහා තෝරා ගනු ලබයි. වරෙකට බිත්තර 2-3 ප්‍රමාණයක් දමනු ලබනු බවද සැළකේ. 



(20) Emerald-collared Parakeet / Layard's parakeet අළු ගිරවා
Psittacula calthropae


IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)

කඳුකරයේ මීටර් 1700 දක්වා ඉහළටත් පහතරට කඳුකරය ආශ්‍රිත කලාපයේත් වනාන්තරවල හමුවන මෙම ගිරවා යුගල් වශයෙන් හෝ කුඩා රංචු ලෙස වාසය කරයි. වේගවත් පියාසරකරුවෙකි. විවිධ ඵල වර්ග,මල්,අංකුර,මල් පැණි ආදිය ආහාරයට ගනී. මාල ගිරවාට හා පණු ගිරවාට වඩා රුක්වාසී වේ. ලිංගික ද්විරූපතාවක් සහිතය. ජනවාරි-මැයි දක්වා සහ බොහෝ විට යළි ජුලි-සැප්තැම්බර් කාලයේත් අභිජනනය කරන මෙම ගිරවා බිත්තර දැමීමට වඩාත් ප්‍රිය කරන්නේ උස ගසක කඳේ බෙහෙවින් ඉහළ පිහිටි කුහරයකය. මාල ගිරවා සහ රෝස ගිරවා ගේ ශරීරයන්ට සමාන ශරීරයක් හිමිය .ගැහැණු සතා පිරිමි සතාට වඩා තද පාටය.ගෙල වටා කළු පැහැති පටියක් දක්නට ලැබේ .ගිරවියගේ හොට කළු පැහැතිය. පිරිමි සතාගේ හොට රතු පැහැතිය.පක්ෂියෙකු 30 cm පමණ දිගින් යුතුය .ප්‍රධාන වශයෙන් පලතුරු සහ මල් පැණි ආහාරය ලෙස ගනී .
නිරන්තරව නාද කරමින් හැසිරේ.ජෝඩු වශයෙන් හෝ කුඩා සමුහ වශයෙන් ජිවත් වීමට කැමතිය. ජනවාරි සිට මැයි, ජුලි සිට සැප්තැම්බර් අතර කුඩු තනයි. අදුරු සුදු පැහැ බිත්තර 2-3 වරකට දමයි. රිටිගල වනයේ හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බහුලව දැකිය හැකිය. අනෙකුත් ගිරවුන් වර්ග මෙන් නොව, අළු ගිරවාගෙන් වී වගාවට වන හානිය අවමය.

අළු ගිරවා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org



(21) Sri Lanka White-eye / Ceylon Hill White-eye : සිතැසියා / මල් කුරුල්ලා
Zosterops ceylonensis


IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)



සිතැසියා කඳුකර ප්‍රදේශවල දැකිය හැකි සුළබම කුරුල්ලා ලෙස සැළකිය හැකිය. කඳුකර ප්‍රදේශවල රංචුපිටින් සැරිසරන සිතැසියා, කඩිසරව ඔබ මොබ පියාසර කරමින්, අහර සොයායන අයුරු දැකගත හැකිය. කුඩා ගෙඩිවර්ග, මල්පැණි, කෘමිසතුන් හා දළඹුවන් ආහාරයට ගන්නා සිතැසියා අපට ඉතා ප්‍රයෝජනවත් කුරුල්ලෙකු වන්නේ හානිකර කෘමීන් හා දළඹුවන් විශාල ප්‍රමාණයක් මොවුන් විසින් දිනපතා කාදමන නිසාය. එබැවින් කඳුකරයේ වගාවන් ආරක්ශාව සඳහා සිතැසියාගෙන් විශාල මෙහෙයක් සිදුවේ.

හෝර්ටන් තැන්නේ නිතර දැකිය හැකි සිතැසියා, එහි වැවෙන "මහ රත්මල්" මලෙහි පැණිබීමට ඉමහත් ආශාවක් දක්වයි.හිස සහ ශරිරයේ පිට පැත්ත අඳුරු කොළ පාටයි. පියපත් අදුරු දුඹුරු පාටයි. උදරය සුදුපැහැ සහ පෙදයෙ යටි උදරය පෙදෙස කහපැහැයක් ගනි. 

කුරුල්ලගෙත් කිරිල්ලියගෙත් ඇසවටා සුදු රවුමකි. කුඩුව අතුගොමුවක පහතට එල්ලෙන ලෙස තනා ලානිල් පැහැබිත්තර 2 ක් දමයි.
සිතැසියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org






(22) Ceylon Scimitar Babbler : දෑකැති දෙමළිච්චා / ශ්‍රී ලංකා දෑ-දෙමළිච්චා
Pomatorhinus melanurus



IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)


සිමිටාර් බැබ්ලර් යනුවෙන් හැඳින්වෙන මෙම කුරුල්ලන් දෙමළිච්චන් වර්ගයකි. කලක් ඉන්දියානු සිමිටාර් බැබ්ලර් කුරුලුවර්ගයේ උප කුලයක් ලෙස ලංකා සිමිටාර් බැබ්ලර් හෙවත් දෑ දෙමළිච්චා වර්ග කොට තිබුණි. 

එහෙත් මෑතකදී කුරුල්ලන් වර්ගීකරණ ක්‍රමවේදයේ සිදුවූ වෙනස්කම් වලට අනුරූපව ලංකා දෑ දෙමළිච්චා ශ්‍රී ලංකාවට ආවේණික, වෙනත් රටක දකින්නට නොමැති කුරුළුවර්ගයක් ලෙස ලොව කුරුළු විද්‍යාඥයින් විසින් පිලිගෙන ඇත.
කෘමිසතුන්, මකුළුවන් මෙන්ම කුඩා ගෙඩිවර්ග හා මල්පැණි ආහාරයට ගන්නා දෑ දෙමළිච්චා කුඩා කණ්ඩායම් ලෙස හැසිරෙයි. වනයේ යටිවගාවේ වැඩිපුරම ගැවසෙන දෑ දෙමළිච්චා පඳුරක් මත කූඩු තනා වරකට බිත්තර 2-5 අතර ප්‍රමාණයක් දමයි. යාපනය අර්ධද්වීපයේ හැරුණු කොට මුලු දිවයින පුරාම පැතිර සිටියි.

ශ්‍රී ලංකා දෑ දෙමළිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org























(23) Sri Lanka Junglefowl: වළි කුකුළා
Gallus lafayetii



IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)

වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂානාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ.

කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නිල්ලු මෙන් වසර කිහිපයකට වතාවකි.

වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.

වළිකුකුළා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org























Related Posts Plugin for WordPress, Blogger...