අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

US Special Forces strike in Afghanistan ....


ඉහත රූපසටහනෙන් දැක්වෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ අමෙරිකානු විශේෂ බළකා මෙහෙයුමක් ක්‍රියාත්මක වන ආකාරයයි. ඇෆ්ඝන් අහසේ නිරන්තරයෙන් සැරිසරන ඩ්‍රෝන යානා මගින් හෝ ඇෆ්ඝන් ඔත්තුකරුවන් මගින් ලැබෙන තොරතුරු මත මෙම මෙහෙයුම් ක්‍රියාවට නැගේ.

කුඩා කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වන විශේෂ බළකා භට කණ්ඩයන් චන්ද්‍රිකා හරහා එකිනෙකා සමගත් අහසේ ඔත්තු බලන ඩ්‍රෝන යානා හා ඒවායේ මෙහෙයුම් කරුවන් සමගත් නිරන්තර සබඳතා පවත්වයි. ඒ අනුව තලේබාන් සටන්කාමීන්ගේ යම් ගමනාගමනයක් නිරීක්ශණය වූ වහාම ඒ පිලිබඳව අවධානයෙන් සිටිමින් ලැබෙන පලමු අවස්ථාවේදීම ඔවුන් විනාශකොට දැමීමට පියවර ගනී.

ජනාධිපති ඔබාමාගේ සැළසුමට අනුව 2014 වසර අවසන්වීමට පෙර සියළු අමෙරිකානු පාබල හා ගුවන් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් පිටවිය යුතුය. එහෙත් මෙයින් අදහස් කෙරෙන්නේ අමෙරිකාව නැවතත් ඇෆ්ඝනිස්ථානය තලේබාන් හා අල්ඛයිඩා සටන්කාමීන්ට භාරදෙනවා යන්න නොවේ. ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් මූලස්ථානයේ (US Special Operations Command - SOCOM) අණදෙන නිළධාරී අද්මිරාල් විලියම් මැක්-රයන් ප්‍රකාශකර පරිදි අමෙරිකානු යුධ හා ගුවන් හමුදා ඇෆ්ඝනිස්ථානය හැර යන්නේ ඇෆ්ඝනිස්ථානයේ හමුදා මෙහෙයුම් සියල්ලම අමෙරිකානු විශේෂ බළකා බළඇණිවලට භාරදීමෙන් පසුවයි. ඒ අනුව 2013 වසර අවසන්වන විට ඇෆ්ඝනිස්ථානයට අමෙරිකානු විශේෂ බළකා හා කොමාන්ඩෝ සෙබළුන් 10,000කට අධික ප්‍රමාණයක් අනුයුක්ත කෙරෙනු ඇත.




Comments