Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 21 November 2015

Its a selfie selfie world! | සමාජ ජාලවල දෝරේ ගලන සෙල්ෆියේ ඉතිහාසය

ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව සෙල්ෆියක් යනු යමෙක්, තමන්ගේ ඡායාරූපයක් තමන් විසින්ම ලබාගැනීමයි. මේ සඳහා බොහෝවිට ස්මාර්ට් ෆෝනයක ඉදිරිපස කැමරාව යොදාගැනේ. සෙල්ෆී යන වචනය ජනප්‍රියවීම ඇරඹුනේ 2012 වසරේ සිට වුවද ලොව ප්‍රථම සෙල්ෆිය ලබාගෙන ඇත්තේ 1839දී අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කොර්නේලියස් විසිනි.
අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කෝර්නේලියස් ලබාගත් ලොව ප්‍රථම සෙල්ෆිය ලෙස සැළකෙන ඡායාරූපය. මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා කොර්නේලියස් කැමරාව ක්‍රියාත්මක කොට එය ඉදිරියට දිවගොස් සිටගත් බව පැවසේ. සේයා පට වෙනුවට සිල්වර් අයඩයිඩ් සේයා තැටි භාවිතා කල ඒ අවධියේ ඡායාරූප ගැනීම ඉතා අපහසු විය. (c) Wikimedia
1966දී අමෙරිකානු ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් අභ්‍යවකාශ යානයක පිටත ක්‍රියාකාරකමක (extra vehicular activity) යෙදෙන අතර අභ්‍යවකාශයේදී ගත් ප්‍රථම සෙල්ෆිය සිය කැමරාවේ සටහන් කරගත්තේය.
අභ්‍යවකාශයේදී ලබාගත් ප්‍රථම සෙල්ෆිය, සඳමත පාතැබූ දෙවැනි මානවයා වීමේ වාසනාව ලද එඩ්වින් "Buzz" ඕල්ඩ්‍රින් විසින් සිය කැමරාවේ සටහන් කරගන්නා ලදී. (c) Wikimedia
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2013 වසරේ ජනප්‍රියම වචනය වූ "selfie" යන්න මුලින්ම භාවිතා කල පුද්ගලයා ලෙස සැලකෙන්නේ 2002 වසරේදී සිය මුඛයේ ඡායාරූපයක් පලකරමින් එය "සෙල්ෆියක්" ලෙස විස්තර කල ඔස්ට්‍රේලියානු ජාතික තරුණයෙකි.

සිය මිතුරෙකුගේ 21වැනි උපන්දින සාදයේදී බීමත්ව පඩිපෙලක් මත ඇදවැටුනු ඔහුට, මුහුණ පඩිපෙලෙහි ඇනීම නිසා තොල් පුපුරා මැහුම් දමාගැනීමට සිදුවිය. දෙතොලෙහි මැහුම් දැක්වෙන ඡායාරූපයක් සිය කැමරාවෙන් තමාම ලබාගත් ඔහු, එය සමාජ ජාලයක පලකොට සිය අණතුර පිලිබඳව මිතුරන් දැනුවත් කලේ එම ඡායාරූපය අපහැදිලි වන්නේ එය "සෙල්ෆියක්" නිසා බවට සමාවද අයදිමිනි. ඒ අනුව සෙල්ෆී යන යෙදුම මුලින්ම භාවිතාකොට ඇත්තේ මෙම ඔස්ට්‍රේලියානු තරුණයා බව පිලිගැනෙනවා.

"සෙල්ෆී" යන වචනය භාවිතාකරමින් සමාජ ජාලයකට නිකුත් කරන ලද ප්‍රථම ඡායාරූපය හා එය පලකල ඔස්ට්‍රේලියානු තරුණයා කරන විස්තරය. (c) telegraph.co.uk
USA Today පුවත්පතට අනුව අද දිනකට සෙල්ෆී ඡායාරූප මිලියනයක් පමණ අන්තර්ජාලයට දිනපතා එක්වේ. සෙල්ෆි ඡායාරූප අරගන්නේ මිනිසුන් පමණක් නොවේ. අඟහරුවා වෙත යවනු ලැබූ කිව් රියෝසිටි රෝවරයද සිය රොබෝ හස්තයේ සවිකොට ඇති කැමරාවකින් සෙල්ෆි ලබාගෙන එවා තිබේ. පහත දැක්වෙන්නේ ඉන් එක් ඡායාරූපයකි.

කිව්රියෝසිටි රෝවරය ලබාගත් සෙල්ෆි වලින් එකක්. (c) Wikimedia Commons
සෙල්ෆී ගැනීමට වෙලාවක් කලාවක් නැත. සමහර සෙල්ෆී පුදුම සහගතය, සමහර ඒවා රැගෙන මොහොතකින් එය ගන්නා ලද පුද්ගලයාට විශාල අණතුරක් සිදුවේ. සමහර සෙල්ෆි ගැනීම සඳහා ඒවා ලබාගන්නන් ගත් අවදානම ඉතා විශාලය. එවැනි අපූරු සෙල්ෆි කිහිපයක් ඔබවෙත ගෙන එන්නම්....

මේ සෙල්ෆියේ පෙනී සිටින්නේ අමෙරිකානු මාෂල්වරයෙකි (United States Marshall). ඔහු මේ සෙල්ෆිය රැගෙන ඇත්තේ සිය ගුවන් යානය මුහුදට කඩාවැටී විනාඩි කිහිපයකිනි.
මෙම සෙල්ෆිය ගෙන ඇසිල්ලකින් බේස් බෝලය ඇයගේ හිසෙහි වැදී තදබල අණතුරක් සිදුවිය.

මෙම ඩෙන්මාර්ක් ජාතික ප්‍රහාරක ජෙට් නියමුවා මිසයිලයක් දියත්කරන මොහොතේම ගන්නා ලද සෙල්ෆිය රාජකීය ඩෙන්මාර්ක ගුවන් හමුදාව මගින් මාධ්‍ය වලට නිකුත් කරන ලදී.

Windsurfing ක්‍රීඩකයාගේ අපූරු සෙල්ෆිය
බැලූනයෙන් ඉවතට පැනගත් මොහෝතේම පැරිශුටය දිගහැරගන්නටත් කලින් ගත්ත සෙල්ෆිය
පියාසර කරන ග්ලයිඩරයෙන් සෙල්ෆි ස්ටික් එකක් එලියට දමා ගන්නා ලද අපූරු සෙල්ෆිය.



POSTS YOU MIGHT LIKE......

Recent Posts 



VISITORS ON විද්‍යා ගවේෂණ NOW!


Saturday, 14 November 2015

Blackberry Priv - අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝනය

 

Specs from: GSMArena.com
 මේ මස (නොවැම්බර්) මුලදී වෙළඳපොලට නිකුත්කල බ්ලැක්බෙරී සමාගමේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනය වන බ්ලැක්බෙරි ප්‍රිව් දැන් අමෙරිකාවේ හා කැනඩාවේ අලෙවි වන අතර ලඟදීම යුරෝපයේ හා ආසියාවේද අලෙවි වනු ඇත. GSM/HSPA/4G LTE තාක්ශණයෙන් එන බ්ලැක්පෙරි ප්‍රිව් ටච් ස්ක්‍රීනයක් හා බැල්ක්බෙරි දුරකථනවලට සුපුරුදු QWEර්‍ඨ්‍ය් යතුරුපුවරුවකින්ද සමන්විතය.

වර්ණ මිලියන 16ක විබේධනයකින් යුතු ඇමෝල්ඩ් වර්ගයේ LED තිරය අඟල් 5.4ක් විශාල වන අතර පික්සල 1440 x 2560 ක විබේධනයකින් යුතුය. Corning Gorilla Glass 4 වර්ගයේ සීරීම්වලට ඔරොත්තුදෙන ආරක්ශක වීදුරුවකින් ටච්-ස්ක්‍රීන් තිරය ආරක්ශාකොට ඇත.




Android  v5.1.1 Lollipop මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන එය Qualcomm MSM8992 Snapdragon 808 ප්‍රධාන පරිපථ කට්ටලයකින් ක්‍රියාත්මකවන අතර Dual-core 1.8 GHz Cortex-A57 & quad-core 1.44 GHz Cortex-A53 යන ප්‍රොසෙසර් දෙකකින් බලගැන්වේ. මීට අමතරව ඇඩ්‍රීනො 418 මාදිලියේ ග්‍රැෆිකල් ප්‍රොසෙසින් යුනිට් එකක් මගින් වීඩියෝ ක්‍රීඩා හා HD වීඩියෝ ක්ලිප් භාවිතයේදී අවශ්‍ය ග්‍රැෆික් රූපරාමු සැකසීමට අවශ්‍ය අමතර ජවය ලබාදේ.

ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 18ක විබේධනයකින් යුතු අතර එයට Schneider-Kreuznach මාදිලියේ ලෙන්ස පද්ධතියක් හා චලනයවීම් පාලනය කිරීමට oprical image stabilization පද්ධතියක්ද ලබාදී ඇත. මේ කැමරාවේ ස්වයංක්‍රීය නාභිගතකිරීමේ පද්ධතිය (auto-focus system) පේස් ඩිටෙක්ශන් මාදිලියේ නවීන කැමරාවල ඇති නාභිගතකිරීමේ තාක්ශණයකින් යුතු අතර ප්‍රභල LED ලාම්පු දෙකකින් ෆ්ලෑෂ් ආලෝකය ලබාදේ.

වීඩියෝ රූගතකිරීම් විබේධනයකින් සිදුකල හැකිය. මෙහි බැටරිය  3410 mAh ධාරිතාවයකින් යුතුවන අතර විනාඩි 30ක් ඇතුලත 60% දක්වා ප්‍රති-ආරෝපණයවීමේ වේගයකින්ද සමන්විතය.

අපගේ අලුත්ම ලිපි...........

Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!


WTF 1190F උල්කාපාතය පෘථිවි වායුගෝලයට ඇතුළුවීමේ ඡායාරූප



ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයට කඩාවැටීමට නියමිත බවට ප්‍රකාශ කර තිබූ WTF 1190F ආකාශ වස්තුව පෘතුවි පෘෂ්ඨයේ ගැටීම සිදු නොවී උඩුගුවනේ දීම දැවී විනාශ වී යාම ඊයේ දින (13) සිදු විය.

ආකාශ වස්තුවක් පෘතුවියේ වායුගෝලයට ඇතුළු වනවාත් සමගම එය අධික උෂ්ණත්වයකට පත් වී ගිණි ගැනීමට ලක් වන අතර ඊයේ ගොඩබිම සිටි නිරීක්ෂකයින්ට WTF 1190F ආකාශ වස්තුවේ පතිත වීම පිළිබඳ කිසිවක් දර්ශණය නොවිණි.

දකුණු වෙරළතීරයේ අපේ ආකාශවස්තු නිරීක්ශකයින් රැඳීසිටි ආකාරය : (C) Asia Mirror
වලාකුළින් බර අහස සහ අපේක්ෂා කළාට වඩා ඉක්මනින් ආකාශ වස්තුව දැවීයාම නිසා එය ගොඩබිම සිට නිරීක්ෂණය කිරීමට හැකි නොවූ නමුත් ඊයේ දින උඩුගුවනේ පියාසර කළ ගුවන් යානයක රැඳී සිටි විද්‍යාඥයින් පිරිසකට එය නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත් WTF 1190F ආකාශ වස්තුවේ බව කියන ව්‍යාජ වීඩියෝපට රැසක් අන්තර්ජාලයේ සංසරණය වන අතර ඊයේ දින ශ්‍රී ලංකාවට ඉහල අහසේ රැඳී සිටි විද්‍යාඥයින් ලබාගත් සැබෑ ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න. (Photographs from Asianmirror.lk)








Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!


Friday, 13 November 2015

අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස “සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් ” ගැන වෛරයකින් නොවේ [නෙළුම් යාය]

මෙම ලිපිය නෙළුම් යාය වෙබ් අඩවියෙන් උපුටාගෙන, එහි වැදගත් යයි සැළකෙන කොටස් පමණක් මෙහි පළකොට ඇත. සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න

......... දැන් අපි ඩිප්ලෝමා ගැන කතා කරමු. ප්‍රංශයේ අවුරුදු හතරක පාඨමාලා වලට ඩිප්ලෝම දෙන අතර ඒවා ඩිග්රි (උපාධි) වශයෙන් නම් කිරීමට නම් එහි අධ්‍යපාන අමාත්‍යංශයේ සහතිකය ගත යුතුය. රැකියා සඳහා එසේ සහතික කිරීම අනවශ්‍යය. ජර්මනියේද ඩිප්ලෝමා දෙන අතර අවුරුදු 4-5 දක්වා ඇති පාඨමාලා උපාධි හා සම තත්වයේ සැලකේ. ඇත්තේ නමේ වෙනස් වීමක් පමණි. ඩිග්රි හෙවත් උපාධි ඇත්තේ බොහෝ විට ඉංග්‍රීසි කතා කරන රටවල පමණි.ඒවායේ ඩිප්ලෝමා ප්‍රදානය කරන නමුත් ඩිප්ලෝමා උපාධි වලට වඩා අඩු තත්වයක ලා සැලකේ. නමුත් බොහෝවිට ඩිප්ලෝමාවට රැකියා ලැබෙන අතර උපාධියක් තිබීමම රැකියාවක් ලැබීමේ හේතුවක් නොවේ. මයික්‍රොසොෆ්ට්, සිස්කෝ වැනි ආයතන වල විභාග සමත් වී හා පරිගණක පාඨමාලා සම්පුර්න කර ඩිප්ලෝමා සහතික රැගත් ඉංජිනේරුවන් ඩිග්රි ඇති අය සමග සමව හෝ වඩා උසස් රැකියා කරනු මා දැක තිබේ.

ප්‍රංශය අනුව යමින් සාර් රුසියාවේ උසස් විද්‍යාල වල දුන්නේ ඩිප්ලෝමාය. සෝවියට් දේශයද එම ක්‍රමයම අනුගමනය කළේය. අපට ලැබුණු උපාධියේ රුසියානු භාෂාවෙන් හා (ප්‍රංශ බස කතා කරන අප්‍රිකානු සිසුන් හට එම ප්‍රංශ භාෂාවෙන්ද) උපාධි සහතිකය ඩිප්ලෝමා කියා නම් කෙරුණු අතර ඉංග්‍රීසියෙන් Master of Science degree කියා සඳහන් කර තිබුණි. මෙය ඉන්පසු ප්‍රංශයේ මෙන්ම සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය මගින් උපාධියක් ලෙස සහතික කරන ලදී. ලංකාවේ උපාධි ලැබූ බහුතරයකින් සමන්විත වෛද්‍ය වරුන්ගේ සංගමය මෙන්ම ඉංජිනේරු සංගමයද මේ සෝවියට් උපාධි වලට විරුද්ධ වු. ඔවුන්ගේ මුලික තර්කයන් වුයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අඩු අය මේ උපාධි ලබා පැමිණෙන බව හා මේවා ඩිප්ලෝමා බවයි. (කවුදෝ අර රුසියානු භාෂාවේ සඳහන් ඩිප්ලෝම වචනය අහුලාගෙන ඇත) ඒ දවස් වල අපේ සෝවියට් උපාධි ලැබුවෙක් “ලුමුම්බා උපාධිය කුරුම්බා කඩන්නද” යන මැයින් දිවයින් පුවත් පතට ලියු ලිපියක්ද දුටුවෙමි. මෙහිදී සෝවියට් උපාධිධාරීන් රජයට පැහැදිලි කලේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නමුත් ඉඩ නැතිවීම, දිස්ත්‍රික් ක්‍රමය නිසා අත්වුණු අසාධාරණය නිසාද සිසුන් නැගෙනහිර යුරෝපිය රටවලට හා චීනයට ගිය බවයි.

මා වැනි තවත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළුවීමට සුදුසුකම් ලබා (ලිපිත් නිවසට පැමිණ පසු) ඉගෙනීමට සෝවියට් දේශයට ගිය අයද බොහෝ විය. රුසියන් භාෂාවෙන් ඩිප්ලෝමා කියා කීවද එය ඩිග්රියක් බව ඔප්පු කරන්නට අපේ මුල් උපාධිධාරීන් විෂය නිර්දේශ ගෙනවිත් පෙන්වූහ. එසේම අපේ සෑම උපාධියක්ම Master of Science degree ලෙස නම් කර සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් වෙන්ව සහතික කර තිබුණි. මම සමස්ත සෝවියට් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වී සිටියදී විදුලි ඉංජිනේරු හා වෙනත් පාඨමාලා වල විෂය නිර්දේශ ඉංජිනේරු සංගමයට මෙන්ම අදාල අමාත්‍යවරයා ටද භාර දුනිමි. විෂය නිර්දේශ සන්සන්දනය කිරීමේදී සෝවියට් දේශයේ බොහෝ උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පාඨමාලා වලට වඩා වැඩියෙන් විෂයයන් උගන්වන බව මෙන්ම වඩා ගැඹුරට උගන්වන බවද පැහැදිලි විය. පුහුණුව අතින්ද සෝවියට් ක්‍රමයේ උසස් කම් දැකිය හැකි විය. මා උගත් මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ තමන්ගේම තාප විදුලි බලාගාරයක් තිබුණි. අප මුලික පුහුණුව ලැබුවේ එහිය. එවන් තමන්ගේම විදුලි බලාගාර තිබු විශ්ව විද්‍යාල ලෝකයේම ඇත්තේ අතලොස්සකි. සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු වැනි අනිත් පාඨමාලාද උසස් තත්වයේ විය. මා මේ කියන්නේ ශ්‍රී ලංකා වේ උපාධි පහතට දැමීමට නොවේ. ඒවායේ හොඳින් උගන්වන අතර සිසුන් මහන්සිවී ඉගෙන ගන්නා බවද පිලිගනිමි.

කෙසේ හෝ සෝවියට් උපාධිධාරීන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් එම උපාධි සම තත්වයේ ලා සලකන ලදී. සෝවියට් දේශයේ නමය පන්තියෙන් පාසල් හැර ගිය සිසුන් හා විශ්ව විද්‍යාලයකට යාමට සුදුසුකම් අඩුවූ සිසුන් සඳහා හෙද විදුහල්, කාර්මික විද්‍යාල ආදිය පිහිටුවා තිබුණි. නමුත් කාර්මික විද්‍යාලයක අවසන් කල කෙනෙක් කාර්මික නිලධාරියෙක් ලෙස විනා ඉංජිනේරුවකු ලෙස හඳුන්වනු නොලබයි. ඒවායේද ඩිප්ලෝමා දෙන නමුත් එහි තත්වය පහලය. ඒවායේ අවුරුදු හතර අවසන් කර රැකියාවකට යාමට හෝ අවශ්‍ය නම් විශ්ව විද්‍යාලයකට ඇතුලු වී තව අවුරුදු තුනක් හෝ දෙකක් (පාඨමාලාවට අනුව) උගෙන උපාධිය ලබා ගත හැකිය. ලංකාවේ කාර්මික විද්‍යාල හා වෙනත් පාඨමාලා බොහොමයක අපොස උසස් පෙළ සමතුන් උගනිති. ඔවුන්ගෙන් සමහරු විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නොගිය අයය. මේ පාඨමාලා වලට උපාධියක සම තත්වය දීමට නම් ඉගැන්වීමේ තත්වය, ලැබෙන රැකියාවට අදාල පුහුණුව ආදී නිර්ණායකයන් සොයා බලා, විෂයට අදාල වෘත්තිකයන් හා අධාපන වේදීන්ට තීරණයක් ගැනීමට ඉඩ හල හැකිය. සිසුන් පෙළපාලි ගොස් බල කල පලියට රජයකට එය කල නොහැක. එයින් බාල්දු වන්නේ එම රටේම අධ්‍යාපන ක්‍රමයයි. මොරටු විශ්ව විද්‍යාලයේ NDT නම් පාඨමාලාවක් තිබේ. මා දන්නා විධිහට එහි විදුලි අධිකාරී පාඨමාලාව හදාරා විදුලි අධිකාරී විය හැකිය. අවුරුදු 15 රැකියා කර ඉංජිනේරුවරයෙකු හා සම තත්වයට පත් විය හැකිය. එසේ නැතුව ඔවුන්ට ඉංජිනේරු උපාධියම දෙන්න යයි එම සිසුන් ඉල්ලීම් කරනවා දැයි මම නොදනිමි. එසේ ඉල්ලීමක් තිබේ නම් කල යුත්තේ එම වසර තුන හොඳින් අවසාන කල අයට අන්තිම අවුරුද්ද හෝ දෙක ඉංජිනේරු පාඨමාලාව කරන්නට අවසර දී උපාධිය ලබා දීමය. එච් එන් ඩි සිසුන් සඳහා වුවද එවැනි ක්‍රියා මාර්ගයක් ගත හැකිය.

පොලිසියට ගල් ගැසීමෙන් එවැනි තත්වයක් ලබා ගත හැකිවේ යයි සිතීම මිත්‍යාවකි. මේ තිබෙන්නේ ත්‍රිමා විතාන වැනි සිසුන් පුද්ගලික විද්‍යා විද්‍යාල වලට එරෙහි උද්ඝෝෂණ පෙලේ සිටියදී මරා දැමුණු පසු ඒවාට චෝදනා ලැබුවන් පසුව රජයන් කීපයකම අමාත්‍ය වරුන් වූ රටකය. එම චෝදනා පවා ඔප්පු කර ගැනීමට නොහැකිවී ඇත. විශ්ව විද්‍යාල යාමට නොහැකි වුනු සිසුන් බොහෝමයක අධ්‍යාපන තත්වය උසස්ය. ඔවුන්ට හැදෑරීමට කාර්මික විසුහල් හෙද විදුහල් පමණක් නොව පරිගණක පාඨමාලා ගණකාධිකරණ පාඨමාලා ආදියද තිබේ. මම පෞද්ගලිකව මුදල් අය කරන විශ්ව විද්‍යාල වලට කැමති නැත. මම බ්‍රිතානයේ කම්කරු පක්ෂයේ ජෙරෙමි කෝබින් ට සහ දෙන එක හේතුවක් නම් ඔහු විශ්ව විද්‍යාල වලින් මුදල් අයකිරීම අහෝසි කර නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට පොරොන්දු වීමයි. එසේ වතුදු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට මගේ නම් විරුද්ධත්වයක් නැත. සමාජවාදී ක්‍රමයක එවැනි විද්‍යාල රජයට පවරා ගත හැකි වුවත් දැනට ඇති යථාර්තය හමුවේ එවැන්නකට විරෝධය පෑමෙන් වෙන්නේ තවත් අතිරේක සිසුන් ප්‍රමාණයක් අතරමං කිරීමක් පමණකි.
අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස “සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් ” ගැන වෛරයකින් නොවේ. 

අඩු ලකුණු ගත් සිසුන් නොයෙකුත් ක්‍රම හරහා සෝවියට් දේශයටද පැමිණියහ. එය ශ්‍රී ලංකාවේ සමාජයේ වැරැද්ද මිස සිසුන්ගේ නොවේ. අනික වරක් එස් තුනක් ගත්තා කියා මේ කට පාඩම් කර පාස් වෙන විභාග වලින් දෙවනුව හෝ තෙවැනිව හොදින් සමත් වෙන අයද සිටිති.

කියුබාව වැනි රටවල දොස්තරවරුන්ට හොඳ පඩි ලැබෙන්නේ නැත. එවන් එක දොස්තර කෙනෙක් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන කඩයක් පවත්වා ගෙන යන බව රූපවාහිනී වාර්තාවක දුටුවෙමි. අවශ්‍යතාවයට වැඩියෙන් දොස්තර වරු හා ඉංජිනේරුවන් සිටින රටකි කියුබාව. කියුබාවේ ඒ තත්වය ළඟදීම වෙනස් වනු ඇත. කියුබාවේ හෝ වෙනිසියුලාවේ ඇති පරිදි සමාජවාදී රජයක් අද හෙටම නොඑළඹෙන නිසා අන්තරයට පවතින නීතියට යටත්ව දැනට කටයුතු කිරීමට සිදුවනු නොවැලැක්විය හැකිය. අන්තරේ ඉහත සිද්ධියේදී පොලිසියේ කිරිපල්ල අතගාන්නට සිසුන්ට පවරා තමන්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා ගත් බව මගේ හැඟීමයි.

සිසුහුද ඒ වෙනවට පොලිසියෙන් හොඳටම ගුටි කෑවෝය. පොලිසිය සුපුරුදු පරිදි හොඳටම අනා ගත්තේය. අවුරුදු ගණනක සිටම මෙලස හැසිරෙන ලංකාවේ පොලිසිය යහපාලන ආණ්ඩුවක් ඇවිත් මාස කීපයකින් වෙනත් විධිහකට හැසිරෙන්නේ යැයි බලා පොරොත්තු වීමම බොළඳ කමකි. ස්වාධින කොමිසම් ආවේ යන්තම් මාසයකට කලින්ය. මිට වඩා මර්දනකාරී ආණ්ඩුවක් පලවා හැරි යහපාලන ලැදි ජනතාවට කුමාරසිංහලා, රණතුන්ගලා දැන්මම තියා කොකා පෙන්වමින් සිටිති. සිසුන්ට පහර දීමට විරෝධය පාමින් ලිපියක් නිකුත් කළ මංගල සමරවීර මහතා මෙන්ම, කරුණාරත්න පරණවිතාන මහතාද යහපාලනයට සහය දුන් බොහෝ අයද ඉදිරියට පැමිණ පොලිස් පහරදීම හෙලා දැක ඇත. ඔවුන් විසින් මේ ප්‍රශ්නය සාකච්චාවෙන් විසඳා ගන්නා මෙන් දෙපාර්ශ්වයටම බල කල යුතුය. යහපාලන ලැද්දන්ට තවත් මර්දනකාරී ආණ්ඩුවක් අවශ්‍ය නැත.


Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!


Thursday, 12 November 2015

අයි ෆෝන් 6+ කැමරාව | iPhone 6 Plus Camera

CAMERA DETAILS


අයිෆෝනයේ අඩංගුකොට ඇති iSight කැමරාව ලෙන්ස පහකින් යුතු, මෙගාපික්සල් 8ක කැමරාවකි.


BASIC SPECS

  • 8MP camera
  • F2.2 maximum aperture
  • Five elements lens
  • Optical Image Stabilization
  • 1080p video
  • 120/240 fps slow motion

SHOOTING MODES

  • HDR mode
  • Panorama shooting 
  • Burst mode
  • Time-lapse
  • Real-time Photo Filters

HDR mode

HDR යනු High Dynamic Range ලෙසින් හැඳින්වෙන ඡායාරූපකරණ උපක්‍රමයකි. මෙහිදී ඡායාරූපය exposure සීරුමාරු සැකසුම් 3කින් ඡායාරූපගත කොට, ෆොටෝෂොප් වැනි මෘදුකාංගයකින් එම ඡායාරූප තුනම එකට එක්කොට (fusing) අවසන් ඡායාරූපය සකසා ගැනීම සිදුවේ. අයිෆෝන් 6 කැමරාවේ හා වෙනත් අලුත් point & shoot හා DSLR කැමරා මාදිලිවල, මෙම HDR ඡායාරූප ගැනීමේ හා අවසන් ඡායාරූපය සැකසීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවේ.

පහත දැක්වෙන ඡායාරූපය HDR ක්‍රමයට ගන්නා ලද එකක් වන අතර, ඒ සඳහා උපයෝගීකර ගන්නා ලද exposure තුනකින් ගන්න ලද ඡායාරූප තුන ඊට පහතින් දක්වා ඇත.



Panorama Mode (සර්වදිශාදර්ශක ඡායාරූප)


විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඡායාරූප ගැනීම සඳහා බොහෝ කැමරාවල ඇති උපක්‍රමයකි.

Time-lapse photography

Time-lapse photography යනු සාමාන්‍ය වේගයෙන් සිදුවන දෙයක නිශ්චිත කාළාණ්තරවලදී ඡායාරූප ගණනාවක් ලබාගෙන, එම ඡායාරූප රේඛීයව අමුණා වීඩියෝවක් ලෙස ධාවනය කොට පෙන්වීමයි.

iPhone 6 කැමරාවේ මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවන ආකාරයට සකසා ඇත. ටයිම් ලැප්ස් ආකාරය තෝරාගත්විට කැමරාව තත්පරයට රාමු (2fps) 2 බැගින් ඡායාරූපගත කොට, ඒවා එක් කොට 1080ප් ෆ්Hඪ් ආකාරයේ වීඩියෝවක් නිර්මාණය කරයි. එය නැවත ප්‍රතිධාවනයේදි (එනම් ටයිම් ලැප්ස් වීඩියෝව නැවත නැරඹීමේදී) එය සාමාන්‍ය වීඩියෝ ධාවන වේගය, එනම් තත්පරයට රාමු 30ක (30fps) වේගයෙන් ධාවනය කරවයි. නරඹන්නාට එය පෙනෙන්නේ වේගයෙන් ධාවනය වන වීඩියෝවක් ආකාරයෙනි.



Real-time Photo Filters


ඉන්ස්ටග්‍රෑම් සේවාව මගින් ජනප්‍රිය කරවන ලද ෆොටෝ-ෆිල්ටර් අයිෆෝන් 6 කැමරාවට ඇතුලත් කොට ඇත. ඡායරූපය ගන්නාවිටදීම ෆිල්ටර් යෝදාගෙන කැමති effect එකකින් ඡායාරූපය ගතහැකි නිසා, ඡායාරූපය පසුව ඇප්ස් භාවිතයෙන් ෆිල්ටර් යෙදීමේ අවශ්‍යතාවය පැන නොනගී.


RECENT POSTS ON විද්‍යා ගවේෂණ



Recent Posts Widget
---------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!


Monday, 9 November 2015

රුසියානුවන් අයිස් තට්ටුමත සැඟව තිබූ පිටසක්වල යානාවක් සොයා ගත්තාද? | Did Russians find a UFO under Antarctic Ice?




FACT OR FICTION? YOU DECIDE....

මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යන වාර්තා කිහිපියකට අනුව, රුසියානු ඇන්ටාර්ටික් ගවේෂණ කණ්ඩායමක්, ඇන්ටාර්ටිකාවට කඩාවැටුනු පිටසක්වල යානාවක් සොයාගෙන තිබෙනවා. ඉන් එක් වෙබ් අඩවියක පල කොට තිබූ ඡායාරූප දෙකක් මෙහි ඉදිරිපත් කොට තිබෙනවා.

ඇන්ටාර්ක්ටිකාව, පිටසක්වලයින්ගේ තිප්පොලක් බවට වාර්තා පලවන්නේ 1940 ගණන්වල සිටයි. 1945දී දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග ජර්මානු නට්සින්ගේ නායකත්වය ඇන්ටාර්ටිකාවේ ඔවුන් විසින් තනා තිබූ රහසිගත කඳවුරු වලට පසුබැස්ස බවට වාර්තා විශාල වශයෙන් පලවන්නට වුනා. ජර්මනියේ සිට දකුණු ඇමරිකාව බලා රහසින් පිටත්ව ගිය ජර්මානු සබ්මැරීම කිහිපයක් පිලිබඳව වාර්තා ලැබුණු අතර ඉන් U-977 හා U-530 යන කේතවලින් හැඳින්වුනු, යූ-බෝට් මාදිලියේ සබ්මැරීන පිලිබඳව වැඩියෙන් කතාබහ වුනා.

හිට්ලර් හා ඔහුගේ ලඟම නට්සි අනුගාමිකයේන් ජර්මනියේ යටත්වීමත් සමගම සබ්මැරීන මගින් ඇන්ටාර්ක්ටිකාවට ගිය බවට වාතා අදටත් පවතිනවා. ජර්මනියේ යටත්වීමත් සමග බර්ලිනයේ බංකරයකදී හිට්ලර් දිවිනසා ගත් බවට පලවන වාතා සත්‍ය බවත්, හිට්ලර්ගේ රුවට සමාන රුවක් ඇති පුද්ගලයින් කිහිපදෙනෙකුම හිට්ලර්ගේ පෞද්ගලික ආරක්ශක බලකායේ සිටි බවත් සියදිවි නසාගෙන සිය නායකයාට පැනගන්නට ඉන් එක් පුද්ගලයෙකු ඉදිරිපත්වූ බවත් පැවසෙනවා. බර්ලිනයේ බංකරයකදී පැටොරෙල් දමා පුලුස්සා දැමුවා යයි කියන සිරුව හිට්ලර්ගේ නොව මේ පුද්ගලයාගේ බව පැවසෙනවා.

මෙම වාර්තා එකල අමෙරිකානු රජයට විශාල බලපෑමක් එල්ල කල අතර මේ පිලිබඳව සොයාබැලීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා රියර් අද්මිරාල් රිචර්ඩ් බ්‍රයිඩ්ගේ ප්‍රධානත්වයෙන් බලකායක් පත්කොට ඇන්ටාර්ටිකාවට පිටත්කොට හැරියා. මෙම බලකාය යුධ නැව් 13කින්, ගුවන්යානා 33කින් හා 4300ක පිරිස් බලයකින් යුතුවුනා. රියර් අද්මිරාල් බ්‍රයිඩ් හට ලැබී තිබූ අණ වූයේ ඇන්ටාර්ටිකාවේ නට්සි මූලස්ථානයක් තිබේනම් එය විනාශකොට එහි සැඟව සිටින නට්සීන් අත් අඩංගුවට ගැනීම හෝ මරාදැමීමයි. 1946 දෙසැම්බර් 12 ඇන්ටාර්ටිකාවට ලඟාවුනු අද්මිරාල් බ්‍රයිඩ්ගේ නාව්කික බලකායට සිතාගත නොහැකිවූ සතුරෙකුට මුහුණ දෙන්නට වූ බව රහසිගත වාර්තාවල දැක්වෙනවා. බ්‍රයිඩ්ගේ නාවික යාත්‍රා වලින් පිටත්ව ගිය ඔත්ටූබලන යානා, තමන්ට හඳුනා නොගත් පියාසර වස්තූන් මගින් පහරදෙන බව වාර්තාකොට සිටියා. ප්‍රති ප්‍රහාර එල්ල කල බ්‍රයිඩ්ගේ නාවික බලකායට පිටසක්වල යානා වලින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ බවත්, නෞකා ගණනාවක් විනාශවී විශාල පිරිසක් මියගිය බවත් වාතා වුනා.

අමෙරිකානු රජය වහාම මෙම මෙහෙයුම රාජ්‍ය රහස් සුරැකීමේ පනත් යටතේ අතිශය රහසිගත ලෙස වර්ගීකරණය කොට එයට සහභාගීවූ සියල්ලන්ටම සිය මෙහෙයුම හෝ අත්දැකීම් පිලිබඳව කිසිවක් ප්‍රකාශ කිරීම තහනම් කලා. නූතන අමෙරිකානු වාර්තා අනුව අද්මිරාල් බ්‍රයිඩ් ගේ මෙම් ඇන්ටාර්ටික් මෙහෙයුම පුහුණු මෙහෙයුමක් ලෙස වර්ගීකරණය කොට තිබෙනවා.

ඒ අනුව ඇන්ටාර්ටිකාව කාළාන්තරයක් තිස්සේම පිටස්ක්වලයින්ගේ රහස් තිප්පොලක් බව පැවසෙන අතර, රුසියානුවන් හට හමුවූ ඇත්තේ කඩාවැටුනු පිටසක්වල යානයක් බවටයි වාර්තා වන්නේ.





COMMENTS

ඔබට පුලුවන්ද මො පිලිබද මුලශ්‍රර දාන්න එක ලොකු උදවුවක් on රුසියානුවන් අයිස් තට්ටුමත සැඟව තිබූ පිටසක්වල යානාවක් සොයා ගත්තාද? | Did Russians find a UFO under Antarctic Ice?

Pcworld Pcworld
on 11/11/15

Source :http://www.express.co.uk/news/weird/584625/wreckage-UFO-hidden-Antarctic-more-three-years-Google-Earth-viral-social-media

ඈ...? on රුසියානුවන් අයිස් තට්ටුමත සැඟව තිබූ පිටසක්වල යානාවක් සොයා ගත්තාද? | Did Russians find a UFO under Antarctic Ice?

ඩ්‍රැකී
on 09/11/15
Related Posts Plugin for WordPress, Blogger...